loader image
Select Page

ශ්‍රී නිග්‍රෝධාරාමය

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කැබිතිගොල්ලෑව පාරේ ඉහළ තම්මැන්නාව නම් දුෂ්කර පිටිසර ගම්මානයක පිහිටි පංසලකි.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අංක 58 තුලාන ඉහළතම්මැන්නාව ලිපිනයෙහි ඇති අප විහාරස්ථානය මැදවච්චියේ සිට කැබිතිගොල්ලෑව පාරෙන් පැමිණෙන විට කි.මී. 3 පමණ පසුකල විට දකුණු පසට හැරී මී. 400 පමණ පැමිණීමෙන්  හමුවන දුෂ්කර ප්‍රදේශයක පිහිටා ඇති විහාරස්ථානයකි.

අපවත් වී වදාල අමරපුර සිරිසුමන දඹුලු පාර්ශ්වයේ අනුනායක පූජ්‍යපාද  ආනෙකට්ටිය කවිධජ අනුනාමිහිපාණන් වහන්සේ විසින් 1960 වර්ෂයේ ආරම්භ කළ වෙහෙර විහාරස්ථානවලින්  එක පන්සලකි. පසුකලෙක අපවත් වී වදාළ අපගේ ආචාර්යන් වහන්සේ වන පූජ්‍යපාද නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද විරාගන්නොරුවේ  අනුරුද්ධ නාහිමිපාණන් වහන්සේ විසින් විහාරස්ථානය යම්තාක් දුරට සංවර්ධනයක් සිදු කර ඇති මුත් තවමත් වැඩ අවසන් නොවූ සංඝාවාස ගොඩනැගිල්ල, බෝධිප්‍රාකාරය, විහාර මන්දිරය සහ ධර්මශාලාව ආදී වැඩ කටයුතු රාශියක් ඇත. දායක පවුල් 130කින් පමණ යුක්ත වන අප විහාරස්ථානය දැනට වසර 40කට පමණ පැරණි දහම් පාසලක් පවත්වාගෙන යනු ලබයි. එහි ළමුන් 100කට අධික පිරිසක් අධ්‍යාපනය හදාරන අතර ගමෙන් වැඩි දායක පවුල් සංඛ්‍යාවක් දුෂ්කරව දිවි ගෙවන පිරිස වෙති.  අප ප්‍රදේශයේ වැලඳී ඇති රුදුරු වකුගඩු  රෝගයෙන් අප ගමෙහි දායක පවුල්වල මේ වන විට 20කට අධික පිරිසකට වකුගඩු රෝගය වැලඳී පීඩාවට පත්වී ඇත.

තවද විහාරස්ථානයේ ඉදිකර වැඩ අවසන් නොකළ ගොඩනැගිලි රාශියක් ඇති, අතර යටිතල පහසුකම් සහ අනිකුත් අඩුපාඩුකම් රාශියකින් යුත් විහාරස්ථානයක් වන අතර පිංවත් ඔබගේ ආධාර උපකාර බලාපොරොත්තු වෙමි.

පුවත්  ~ News

මෙම විහාරස්ථානයේ  සිදුකරන ආගමික වැඩසටහන්, ආධාර අවශ්‍යතා සහ දහම් කරුණු පිළිබදව තොරතුරු පහතින් දක්වා ඇත. සම්පුර්ණ පුවත කියවන්න “වැඩිදුර කියවන්න” බොත්තම ඔබන්න.

සතර සතිපට්ඨානය තුළ ඉරියාපථ භාවනාව

සතර සතිපට්ඨානය තුළ ඉරියාපථ භාවනාව

දැන් ඔබ මේ වෙන කොට ආනාපානසති භාවනාව පිළිබඳවත්, හොඳ සිහි නුවණින් යුක්තව සෑම කටයුත්තක්ම කිරීම ගැනත් ඔබ ඉගෙන ගෙන තියෙනවා. ඊළඟට ඉගෙන ගන්නේ සක්මන් භාවනාව...

read more
භාවනාවේ මූලික කරුණු

භාවනාවේ මූලික කරුණු

භාවනාව තුළින් ඔබේ මිනිස් ජීවිතය වඩාත්ම සුවපත් කරන අතර වඩාත්ම අර්ථවත් කරයි. භාවනා කිරීම කියන්නේ ඔබේ සිත දියුණු කරගන්නා සුවිශේෂී ක්‍රමයකටයි. අපට මේ...

read more
පෘථග්ජන පුද්ගලයා කවරෙක් ද?

පෘථග්ජන පුද්ගලයා කවරෙක් ද?

බෞද්ධයෝ බොහෝ කලක සිට නිවැරදි අර්ථය නොසළකා ‘පෘථග්ජන’ යන වචන ව්‍යවහාර කරන්නට පුරුදුව සිටිති. තමන්ගේ ඇතැම් දුර්වලතා සාධාරණීකරණය කරගැනීමට ද ‘අපි ඉතින්...

read more
ආයාචිතභත්ත ජාතකය ~ දෙවියන්ට භාරහාර වූ මිනිසුන්ගේ කථාව

ආයාචිතභත්ත ජාතකය ~ දෙවියන්ට භාරහාර වූ මිනිසුන්ගේ කථාව

අදටත් සමහර උදවිය තමන්ගේ කටයුතු සාර්ථක වෙන්න කියල දෙවියන්ට භාරහාර වෙනවා. දේවදාන දෙනවා. ඇතැම් ආගම්වල අදටත් භාර ඔප්පු කිරීම පිණිස සතුන් මරා බිලි දෙනවා....

read more
කණ්හ ජාතකය ~ කළු වෘෂභයාගේ කථාව

කණ්හ ජාතකය ~ කළු වෘෂභයාගේ කථාව

වගකීම් හැමෝටම දරන්ට බෑ. ඕනෑම වගකීමක් දරන්ට පුළුවන් අය ඉන්නවා. අපගේ භාග්‍යවතුන් වහන්සේ අන්න එබඳු උත්තමයෙක්. දවසක් අපගේ භාග්‍යවතුන් වහන්සේ අසවල් දවසේ...

read more
තේලපත්ත ජාතකය ~ තෙල් පාත්‍රය මුල් කොට වදාළ කථාව

තේලපත්ත ජාතකය ~ තෙල් පාත්‍රය මුල් කොට වදාළ කථාව

පින්වතුනේ, පින්වත් දරුවනේ, ජීවිතයේ බොහෝ ආරවුල්, අර්බුද, ගැටළු හටගන්නේ ඉන්ද්‍රියයන් අසංවර වීමෙනුයි. ඉන්ද්‍රිය සංවර නොකර ගැනීමෙන් පැවිදි ජීවිතය පවා...

read more

“මෙම පුණ්‍ය භූමිය සඳහා අවශ්‍ය දෑ පහත පරිදි දැක්විය හැකිය.”

මෙම විහාරස්ථානයේ අවශ්‍යතා සොයාබලා ඔබට හැකි අයුරින් ආධාර කරන්න. විහාරස්ථානයේ වර්තමාන තත්වය දැනගැනීමට සැමවිටම විහාරාධිපති ස්වාමින් වහන්සේ දුරකථනය ඔස්සේ හෝ චැට් පණිවිඩයක් ඔස්සේ සම්බන්ධ කරගන්න. මෙම තොරතුරු යාවත්කාලින කරන ලද්දේ 2019 අගෝස්තු 18 දිනදීය.

ආධාර අවශ්‍ය කාරණා

  1. අටවිසි බුදුකුටි සහිත බෝධි ප්‍රාකාරයට
  2. අඩක් වැඩ නිමකොට ඇති බුද්ධ මන්දිරය
  3. වැසිකිලි සහ නානකාමර පෙළක්
  4. වැඩ අවසන් නොකළ සංඝාවාස ගොඩනැගිල්ලට
  5. වැඩ අවසන් නොකළ ධර්මශාලාව
  6. භාවනායෝගී ස්වාමීන්වහන්සේලා සඳහා අංගසම්පූර්ණ කුටියක්

ආධාර කරන්න 

පින්වත් ඔබගේ ආධාර පහත ගිණුමට බැරකළ හැකිය

ගිණුමේ නම –ශ්‍රී නිග්‍රෝධාරාම විහාරය
ගිණුම් අංකය – 143020029924
බැංකු ශාඛාව –බැංකුව හා බැංකු ශාඛාව

ඔබ බැංකුවට මුදල් බැර කරන්නේ නම්, බැංකුවෙන් ලැබෙන රිසිට් පතෙහි පිටපතක් අප වෙත යෙමුකරන්න.

~ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ~

අපව සම්බන්ධ කරගන්න

පහත දුරකතන අංක ඔස්සේ විහාරස්ථානය සම්බන්ධ කරගත හැකි අතර, බොහොමයක් විහාරස්ථාන පිහිටා ඇත්තේ ඉතා දුෂ්කර ප්‍රදේශවල බැවින් ඊමේල් ඔස්සේ සම්බන්ධ කරගැනීමට අපහසු විය හැකි බව කරුණාවෙන් සළකන්න. 

ඊමේල් ලිපිනය

info@srinigrodharamaya.org.lk

දුරකතන අංකය

0252245966  / 0778767899 / 0713158282

ලිපිනය

ශ්‍රී නිග්‍රෝධාරාමය, ඉහළතම්මැන්නාව, මැදවච්චිය.

විහාරස්ථානයේ පිහිටීම 

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…