loader image
Select Page

ශ්‍රී පන්ථාරාමය

ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ පුදබිමකි. සත්ගුණවත් – පොල්කොරටුවේ මහහාමිනේ නම් මහ උපාසිකාව විසින් මෙම පුදබිම ඉදි කිරීමට අක්කර දෙකක ඉඩම පූජා කරන ලදී.1952 වර්ෂයේ මෙම පුදබිම ආරම්භ කරන ලදී. තලුන්න ශ්‍රී පන්ථාරාම විහාරය නමින් ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ බුද්ධ පුත්‍රයාණන් වහන්සේ වූ තිරුවාගම් දොළොස්දහස් රට ප්‍රධාන සංඝනායක විනයාචාර්ය දොඩම්පහල ශ්‍රී රතනජෝති නායක මාහිමිපාණන් වහන්සේ මෙම පුදබිම ආරම්භ නිර්මාතෘවරයාණන් වහන්සේය. මේ උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේගේ ශිෂ්‍ය වූ කලුන්න මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති වූ ශාස්ත්‍රපති කුඹුක්වැවේ පඤ්ඤාකිර්ති මාහිමිපාණන් වහන්සේ ය.

වර්තමාන විහාරාධිපති ධූරය දරනුයේ බැරගම උදිත හිමිපාණන් වහන්සේ ය.කුඩා සාමණේර හිමිවරු දෙදෙනෙක් සිටී. විහාරස්ථානයට ස්ථිර ආදායම්මාර්ගයක් නැත.විහාරස්ථ දායක සභාව විසින් භික්ෂූන් වහන්සේලා පෝෂණය කරයි.

දහම් පාසල

දූ දරුවන් 170 ක්  දැනට දහම් අධ්‍යාපනය ලබයි. ගුරු භවතුන් 14 දෙනෙක් සිටී.

පුවත්  ~ News

මෙම විහාරස්ථානයේ  සිදුකරන ආගමික වැඩසටහන්, ආධාර අවශ්‍යතා සහ දහම් කරුණු පිළිබදව තොරතුරු පහතින් දක්වා ඇත. සම්පුර්ණ පුවත කියවන්න “වැඩිදුර කියවන්න” බොත්තම ඔබන්න.

කුසල් දහම් පුරන ගිහි පැවිදි දෙපිරිසටම ඉතා වැදගත් ‘වස් කාලය’

කුසල් දහම් පුරන ගිහි පැවිදි දෙපිරිසටම ඉතා වැදගත් ‘වස් කාලය’

පැරණි භාරතයේ ප‍්‍රධාන සෘතු තුනක් පැවතිණ. හේමන්ත, ගිම්හාන, වස්සාන වශයෙනි. හේමන්ත සෘතුව, අධික ලෙස ශීතලය. ගිම්හාන සෘතුව, අධික ලෙස උණුසුම්ය. වස්සාන...

read more
ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි

ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි

බ‍්‍රාහ්මණ තිස්ස බය පැවති කාලයේ සිතුල්පව්වේද තිස්ස මහා විහාරයේ ද දොලොස් දහස බැගින් භික්ෂූහු විසූහ. අවුරුදු තුනකට ප‍්‍රමාණවත් ධාන්‍ය විහාර දෙකෙම් මහ...

read more
හැඳින මෙහෙයවිය යුතු කර්මය

හැඳින මෙහෙයවිය යුතු කර්මය

බුදු දහමේ මූලික සංකල්පයක් වන කර්මය පිළිබඳ ඉතා පැහැදිලි විවරණයක් මේ ලිපිය මගින් දැක්වේ..කර්මය නම් චර්යාව පිළිබඳ හේතු-ප්‍රත්‍ය නියාමය යි. එහි සමගාමි...

read more
සුළුවෙන් කලද නැති නොවන පින්

සුළුවෙන් කලද නැති නොවන පින්

දානයෙන් මෙන් මැ ශීල භාවනාවන් හි අනුසස් බොහෝ ය. ශීලයෙහි යෙදෙනවාට වඩා බොහෝ දෙනා දන් දී මෙහි යුහුසුළු වෙති. එකල වැඩි දෙනෙක් බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා...

read more
මරණානුස්සති භාවනාව

මරණානුස්සති භාවනාව

ඉපදුණා වූ සියලූම සත්වයෝ මරණයට පත්වන්නේය. දෙව්ලොවෙහි දෙවියන් ද, බඹලොවෙහි බ‍්‍රහ්මයන් ද, සතර අපා වැසි සත්වයන් ද, සියලූ මනුෂ්‍යයන් ද මරණයට පත් වන්නේ ය....

read more
සතර සතිපට්ඨානය තුළ සප්ත බොජ්ඣංග

සතර සතිපට්ඨානය තුළ සප්ත බොජ්ඣංග

බුදුරජාණන් වහන්සේ වදාළ සතිපට්ඨාන භාවනාවේ ධම්මානුපස්සනාවේ අවසාන කොටස් දැන් අපි ඉගෙන ගනිමින් සිටින්නේ. මේකෙ තියෙනවා සප්ත බොජ්ඣංග කියල කොටසක්. බොජ්ඣංග...

read more

“මෙම පුණ්‍ය භූමිය සඳහා අවශ්‍ය දෑ පහත පරිදි දැක්විය හැකිය.”

මෙම විහාරස්ථානයේ අවශ්‍යතා සොයාබලා ඔබට හැකි අයුරින් ආධාර කරන්න. විහාරස්ථානයේ වර්තමාන තත්වය දැනගැනීමට සැමවිටම විහාරාධිපති ස්වාමින් වහන්සේ දුරකථනය ඔස්සේ හෝ චැට් පණිවිඩයක් ඔස්සේ සම්බන්ධ කරගන්න. මෙම තොරතුරු යාවත්කාලින කරන ලද්දේ 2019 නොවැම්බර් 27 වෙනි දිනදීය.

ආධාර අවශ්‍ය කාරණා

විහාරස්ථානයේ බුදු මැදුර, බෝධි ප්‍රාකාරය, චෛත්‍යරාජයාණන් වහන්සේ ස්ථිරව ඉදි කර ඇත. සංඝාවාසය අබලන් තත්ත්වයේ ඇත. අභිනව  සංඝාවාසයකට මුල්ගල තබා ඇත.

විහාරස්ථානය වැඩි දියුණු කර ගැනීමට හා දහම්පාසල දියුණු කර ගැනීමට හා භික්ෂූන් වහන්සේලාගේ පහසුව සඳහා ආධාර උපකාර  ලබා දීමට ඉදිරිපත් වන ලෙස මෙත් සිතින් ඉල්ලා සිටිමි.

ආධාර කරන්න 

පින්වත් ඔබගේ ආධාර පහත ගිණුමට බැරකළ හැකිය

ගිණුමේ නම – බැරගම උදිත හිමි
ගිණුම් අංකය – 072200150025648
බැංකු ශාඛාව – 

ඔබ බැංකුවට මුදල් බැර කරන්නේ නම්, බැංකුවෙන් ලැබෙන රිසිට් පතෙහි පිටපතක් අප වෙත යෙමුකරන්න.

~ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ~

වර්තමාන විහාරාධිපති ධූරය දරනුයේ බැරගම උදිත හිමිපාණන් වහන්සේ ය.

අපව සම්බන්ධ කරගන්න

පහත දුරකතන අංක ඔස්සේ විහාරස්ථානය සම්බන්ධ කරගත හැකි අතර, බොහොමයක් විහාරස්ථාන පිහිටා ඇත්තේ ඉතා දුෂ්කර ප්‍රදේශවල බැවින් ඊමේල් ඔස්සේ සම්බන්ධ කරගැනීමට අපහසු විය හැකි බව කරුණාවෙන් සළකන්න. 

ඊමේල් ලිපිනය

info@sripantharamaya.org.lk

දුරකතන අංකය

0771429694

ලිපිනය

ශ්‍රී පන්ථාරාමය, තලුන්න, රන්න

විහාරස්ථානයේ පිහිටීම 

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…