loader image
Select Page

ශ්‍රී පුර්වාරාමය 

මෙම විහාරස්ථානයේ 1900 වර්ෂයේදී ආරම්භ කරන ලද විහාරස්ථානයකි. 

මෙම විහාරස්ථානයේ දායක පවුල් සංඛ්‍යාව 190 පමණි. වීරකැටිය නගරයේ සියලූ ආරම්භක, ජාතික කටයුතු සිදු කරනු ලබන්නේ මෙම විහාරස්ණානය මගිනි. ශ‍්‍රී ලංකා රාමඥ නිකායට අයත් පොත්පත්වල සග පරපුරට අයත් විහාරස්ථානකි. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංකය බෞ:කො/විහාදේ 09/21/008 වේ.

පුවත්  ~ News

මෙම විහාරස්ථානයේ  සිදුකරන ආගමික වැඩසටහන්, ආධාර අවශ්‍යතා සහ දහම් කරුණු පිළිබදව තොරතුරු පහතින් දක්වා ඇත. සම්පුර්ණ පුවත කියවන්න “වැඩිදුර කියවන්න” බොත්තම ඔබන්න.

සතර සතිපට්ඨානය තුළ ඉරියාපථ භාවනාව

සතර සතිපට්ඨානය තුළ ඉරියාපථ භාවනාව

දැන් ඔබ මේ වෙන කොට ආනාපානසති භාවනාව පිළිබඳවත්, හොඳ සිහි නුවණින් යුක්තව සෑම කටයුත්තක්ම කිරීම ගැනත් ඔබ ඉගෙන ගෙන තියෙනවා. ඊළඟට ඉගෙන ගන්නේ සක්මන් භාවනාව...

read more
භාවනාවේ මූලික කරුණු

භාවනාවේ මූලික කරුණු

භාවනාව තුළින් ඔබේ මිනිස් ජීවිතය වඩාත්ම සුවපත් කරන අතර වඩාත්ම අර්ථවත් කරයි. භාවනා කිරීම කියන්නේ ඔබේ සිත දියුණු කරගන්නා සුවිශේෂී ක්‍රමයකටයි. අපට මේ...

read more
පෘථග්ජන පුද්ගලයා කවරෙක් ද?

පෘථග්ජන පුද්ගලයා කවරෙක් ද?

බෞද්ධයෝ බොහෝ කලක සිට නිවැරදි අර්ථය නොසළකා ‘පෘථග්ජන’ යන වචන ව්‍යවහාර කරන්නට පුරුදුව සිටිති. තමන්ගේ ඇතැම් දුර්වලතා සාධාරණීකරණය කරගැනීමට ද ‘අපි ඉතින්...

read more
ආයාචිතභත්ත ජාතකය ~ දෙවියන්ට භාරහාර වූ මිනිසුන්ගේ කථාව

ආයාචිතභත්ත ජාතකය ~ දෙවියන්ට භාරහාර වූ මිනිසුන්ගේ කථාව

අදටත් සමහර උදවිය තමන්ගේ කටයුතු සාර්ථක වෙන්න කියල දෙවියන්ට භාරහාර වෙනවා. දේවදාන දෙනවා. ඇතැම් ආගම්වල අදටත් භාර ඔප්පු කිරීම පිණිස සතුන් මරා බිලි දෙනවා....

read more
කණ්හ ජාතකය ~ කළු වෘෂභයාගේ කථාව

කණ්හ ජාතකය ~ කළු වෘෂභයාගේ කථාව

වගකීම් හැමෝටම දරන්ට බෑ. ඕනෑම වගකීමක් දරන්ට පුළුවන් අය ඉන්නවා. අපගේ භාග්‍යවතුන් වහන්සේ අන්න එබඳු උත්තමයෙක්. දවසක් අපගේ භාග්‍යවතුන් වහන්සේ අසවල් දවසේ...

read more
තේලපත්ත ජාතකය ~ තෙල් පාත්‍රය මුල් කොට වදාළ කථාව

තේලපත්ත ජාතකය ~ තෙල් පාත්‍රය මුල් කොට වදාළ කථාව

පින්වතුනේ, පින්වත් දරුවනේ, ජීවිතයේ බොහෝ ආරවුල්, අර්බුද, ගැටළු හටගන්නේ ඉන්ද්‍රියයන් අසංවර වීමෙනුයි. ඉන්ද්‍රිය සංවර නොකර ගැනීමෙන් පැවිදි ජීවිතය පවා...

read more

“මෙම පුණ්‍ය භූමිය සඳහා අවශ්‍ය දෑ පහත පරිදි දැක්විය හැකිය.”

මෙම විහාරස්ථානයේ අවශ්‍යතා සොයාබලා ඔබට හැකි අයුරින් ආධාර කරන්න. විහාරස්ථානයේ වර්තමාන තත්වය දැනගැනීමට සැමවිටම විහාරාධිපති ස්වාමින් වහන්සේ දුරකථනය ඔස්සේ හෝ චැට් පණිවිඩයක් ඔස්සේ සම්බන්ධ කරගන්න. මෙම තොරතුරු යාවත්කාලින කරන ලද්දේ 2019 නොවැම්බර් 27 වෙනි දිනදීය.

චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිකිරීමෙහි මූලික කටයුතු සිදු කොට ඇත. චෛත්‍යයේ ආසනය ඉදිකොට චෛත්‍ය මලූව වට කොට අඩි 3 පමණ උස තාප්පයක් බැද ඇත. එහි ඉදිරි කටයුතු සිදු කිරීම සදහා ආධාර අවශ්‍ය වේ.

වීරකැටිය නගර මධ්‍යයේ පවතින විහාස්ථානයක් බැවින් පන්සල වටා ආරක්ෂිත තාප්පයක් ඉදි කර ගැනීමට අවශය කර ඇත.

පන්සල ඉදිරිපස ප‍්‍රවේශ මාර්ගයේ වාහල්කඩ ඉදිකර ගැනීම සදහා ආධාර අවශ්‍යව ඇත.

භික්ෂූන් වහන්සේලාගේ නේවාසික පහසුකම් සදහා අංගසම්පූර්ණ පහසුකම් සහිත සංඝාවාසයක් ඉදිකර ගැනීමට ආධාර අවශ්‍යව ඇත.

ආධාර කරන්න 

පින්වත් ඔබගේ ආධාර පහත ගිණුමට බැරකළ හැකිය

ගිණුමේ නම – පූර්වාරාම විහාරස්ථ දායක සභාව
ගිණුම් අංකය – 76774460
බැංකු ශාඛාව – වීරකැටිය

ගිණුමේ නම – විහාරාධිපති චන්දානන්ද හිමි
ගිණුම් අංකය – 5699158
බැංකු ශාඛාව – වීරකැටිය

ඔබ බැංකුවට මුදල් බැර කරන්නේ නම්, බැංකුවෙන් ලැබෙන රිසිට් පතෙහි පිටපතක් අප වෙත යෙමුකරන්න.

අපව සම්බන්ධ කරගන්න

පහත දුරකතන අංක ඔස්සේ විහාරස්ථානය සම්බන්ධ කරගත හැකි අතර, බොහොමයක් විහාරස්ථාන පිහිටා ඇත්තේ ඉතා දුෂ්කර ප්‍රදේශවල බැවින් ඊමේල් ඔස්සේ සම්බන්ධ කරගැනීමට අපහසු විය හැකි බව කරුණාවෙන් සළකන්න. 

ඊමේල් ලිපිනය

info@sripurwaramaya.org.lk

දුරකතන අංකය

047 2257700 / 071 3924651

ලිපිනය

රන්න පාර, වීරකැටිය.

විහාරස්ථානයේ පිහිටීම 

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…