loader image
Select Page

ශ්‍රි රංමුතු මහා විහාරස්ථානය

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවිලච්චිය ප්‍රාදේශිය මහ ලේකම්  කොට්ඨාශයේ  371 නවෝදාගම ග්‍රාම නිලධාරි තුලානයේ ඉදිකර ඇති ශ්‍රි රංමුතු මහා   විහාරස්ථානය බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ බෞ.කො/විහාදේ/16/12/023 අංකය යටතේ ලියාපදිංචි කර ඇත.ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටා ඇති ශ්‍රි රංමුතු විහාරස්ථානයේ  සිට ඓතිහාසික තන්තිරිමලය රාජ මහා  විහාරස්ථානයට දුර   කිලෝ මිටර් 13 කි. භික්ෂුන් වහන්සේලා දෙනමක් වැඩ සිටින මෙම විහාරස්ථානයේ බෝහෝ අඩුපාඩු ඇත. භික්ෂුන් වහන්සේලාට හා ගිහි පින්වතුන්ට අවශ්‍යය නේවාසික පහසුකම්/සනිපාරක්ෂක පහසුකම් ආදි මුලික පහසුකම්වත් නැති තරම්ය.

දහම් පාසල

ශ්‍රි  රංමුතු විහාරස්ථයේ පිහිටුවා ඇති ශ්‍රි ජිනරතන දහම් පාසලේ සියයකට ආසන්නව සිසු සිසුවියන් අධ්‍යාපනය ලබන අතර බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ  76/12/දපාලි/9306     යටතේ ලියා පදිංචි කර ඇත. 01 ශ්‍රේණියේ සිට 12 ශ්‍රේණිය දක්වා  දහම් අධ්‍යාපන කටයුතු සිදු කරන ශ්‍රි ජිනරතන දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය දස (10) දෙනකුගෙන් සමන්විතය. අධ්‍යාපන කටයුතු නිසි ආකාරව සිදු කරගෙන යාම සඳහා දහම් පාසල් ගොඩනැගිල්ලක දැඩි අවශ්‍යතාවය ඇත. එමෙන්ම ඩෙස්, පුටු, බංකු, ගුරු මේස, ගුරු පුටු  සහ  ශබ්ධවාහිනි යන්ත්‍රයක අවශ්‍යතාවයක් ද ඇත.

පුවත්  ~ News

මෙම විහාරස්ථානයේ  සිදුකරන ආගමික වැඩසටහන්, ආධාර අවශ්‍යතා සහ දහම් කරුණු පිළිබදව තොරතුරු පහතින් දක්වා ඇත. සම්පුර්ණ පුවත කියවන්න “වැඩිදුර කියවන්න” බොත්තම ඔබන්න.

කුසල් දහම් පුරන ගිහි පැවිදි දෙපිරිසටම ඉතා වැදගත් ‘වස් කාලය’

කුසල් දහම් පුරන ගිහි පැවිදි දෙපිරිසටම ඉතා වැදගත් ‘වස් කාලය’

පැරණි භාරතයේ ප‍්‍රධාන සෘතු තුනක් පැවතිණ. හේමන්ත, ගිම්හාන, වස්සාන වශයෙනි. හේමන්ත සෘතුව, අධික ලෙස ශීතලය. ගිම්හාන සෘතුව, අධික ලෙස උණුසුම්ය. වස්සාන...

read more
ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි

ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි

බ‍්‍රාහ්මණ තිස්ස බය පැවති කාලයේ සිතුල්පව්වේද තිස්ස මහා විහාරයේ ද දොලොස් දහස බැගින් භික්ෂූහු විසූහ. අවුරුදු තුනකට ප‍්‍රමාණවත් ධාන්‍ය විහාර දෙකෙම් මහ...

read more
හැඳින මෙහෙයවිය යුතු කර්මය

හැඳින මෙහෙයවිය යුතු කර්මය

බුදු දහමේ මූලික සංකල්පයක් වන කර්මය පිළිබඳ ඉතා පැහැදිලි විවරණයක් මේ ලිපිය මගින් දැක්වේ..කර්මය නම් චර්යාව පිළිබඳ හේතු-ප්‍රත්‍ය නියාමය යි. එහි සමගාමි...

read more
සුළුවෙන් කලද නැති නොවන පින්

සුළුවෙන් කලද නැති නොවන පින්

දානයෙන් මෙන් මැ ශීල භාවනාවන් හි අනුසස් බොහෝ ය. ශීලයෙහි යෙදෙනවාට වඩා බොහෝ දෙනා දන් දී මෙහි යුහුසුළු වෙති. එකල වැඩි දෙනෙක් බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා...

read more
මරණානුස්සති භාවනාව

මරණානුස්සති භාවනාව

ඉපදුණා වූ සියලූම සත්වයෝ මරණයට පත්වන්නේය. දෙව්ලොවෙහි දෙවියන් ද, බඹලොවෙහි බ‍්‍රහ්මයන් ද, සතර අපා වැසි සත්වයන් ද, සියලූ මනුෂ්‍යයන් ද මරණයට පත් වන්නේ ය....

read more
සතර සතිපට්ඨානය තුළ සප්ත බොජ්ඣංග

සතර සතිපට්ඨානය තුළ සප්ත බොජ්ඣංග

බුදුරජාණන් වහන්සේ වදාළ සතිපට්ඨාන භාවනාවේ ධම්මානුපස්සනාවේ අවසාන කොටස් දැන් අපි ඉගෙන ගනිමින් සිටින්නේ. මේකෙ තියෙනවා සප්ත බොජ්ඣංග කියල කොටසක්. බොජ්ඣංග...

read more

“මෙම පුණ්‍ය භූමිය සඳහා අවශ්‍ය දෑ පහත පරිදි දැක්විය හැකිය.”

මෙම විහාරස්ථානයේ අවශ්‍යතා සොයාබලා ඔබට හැකි අයුරින් ආධාර කරන්න. විහාරස්ථානයේ වර්තමාන තත්වය දැනගැනීමට සැමවිටම විහාරාධිපති ස්වාමින් වහන්සේ දුරකථනය ඔස්සේ හෝ චැට් පණිවිඩයක් ඔස්සේ සම්බන්ධ කරගන්න. මෙම තොරතුරු යාවත්කාලින කරන ලද්දේ 2019 සැප්තැම්බර් 25 වෙනි දිනදීය.

ආධාර අවශ්‍ය කාරණා

  • අඩක් නිම කර ඇති විහාර මන්දිරයේ වැඩ අවසන් කර ගැනිම.
  • අත්තිවාරම් යොදා ඇති තෙමහල් සංඝාවහ ගොඩනැගිල්ලේ වැඩ අවසන් කර ගැනිම.
  • දහම් පාසල් ගොඩනැගිල්ලක් ඉදි කර ගැනිම
  • වැසිකිළි කැසිකිළි පද්ධතියක් ඉදිකර ගැනිම.
  • විහාරස්ථානය වටා ආරක්ෂක වැට (තාප්පය) ඊදි කර ගැනිම.

ආධාර කරන්න 

පින්වත් ඔබගේ ආධාර පහත ගිණුමට බැරකළ හැකිය

ගිණුමේ නම – පුජ්‍ය පේරමණ්ඩියේ  ධම්මපාල හිමි
ගිණුම් අංකය – 6591214
බැංකු ශාඛාව – පේමඩුව

ඔබ බැංකුවට මුදල් බැර කරන්නේ නම්, බැංකුවෙන් ලැබෙන රිසිට් පතෙහි පිටපතක් අප වෙත යෙමුකරන්න.

~ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ~

නම –  පුජ්‍ය පේරමණ්ඩියේ  ධම්මපාල හිමි.

උපන් දිනය –  1972.03.22

දුරකථන අංකය – 0722509984/0710358097

පදවි – විහාරාධිපති/සමස්ත ලංකා සාමදාන විනිශ්චකාර/ බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරි/  ගෞරව ශාස්ත්‍රවේදි  උපාධි

අපව සම්බන්ධ කරගන්න

පහත දුරකතන අංක ඔස්සේ විහාරස්ථානය සම්බන්ධ කරගත හැකි අතර, බොහොමයක් විහාරස්ථාන පිහිටා ඇත්තේ ඉතා දුෂ්කර ප්‍රදේශවල බැවින් ඊමේල් ඔස්සේ සම්බන්ධ කරගැනීමට අපහසු විය හැකි බව කරුණාවෙන් සළකන්න. 

ඊමේල් ලිපිනය

info@sriranmuthumahaviharaya.org.lk

දුරකතන අංකය

0722509984 / 0710358097

ලිපිනය

නවෝදාගම, කටුකැලියාව, ඇලයාපත්තුව

විහාරස්ථානයේ පිහිටීම 

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…