loader image
Select Page

ශ්‍රී රත්නගිරි රජමහා විහාරය

වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත මැතිවරණ බල ප්‍රදේශයේ ආනවිලුන්දන් පත්තුවේ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේක්ම් කොට්ඨාශය තුල පිහිටි නල්ලදරන්කට්ටුව නම් ග්‍රාමයේ පවතින ශ්‍රී රත්නගිරි රජමහා විහාරස්ථානය සහිත ප්‍රදේශය පිලිබඳව පුරාවිද්‍යාත්මකව මෙන්ම වංශකතා සාහිත්‍යට අයත් මහාවංශය මගිනුත් ජන වහර මගිනුත් සනාථ වන පරිදි රාජධානි කිහිපයක් යටතේ මෙම විහාරය හා බැදුනු ප්‍රදේශය පෝෂණය  වී ඇති අතර විශේෂ වශයෙන් මහා පරාක්‍රමභාහු රජතුමා , නිශ්ශංකමල්ල වැනි රජවරුන්ගේ ඍජු දායකත්වයක් ලැබී තිබේ. එසේම විහාරස්ථාන 14ක් සහිත මයියාව විහාර පරපුරට මූලස්ථාන විහාරය වන මෙම ශ්‍රී රත්නගිරි රාජමහා විහාරය මගින් ආගමික, සමාජීය, අධ්‍යාපනික, අධ්‍යාත්මික හා ජාතික ශාසනික යන සෑම පැතිකඩකින්ම ආවරණය වන අතර එම සේවාවන් වඩා වර්ධනය කිරීම අපගේ එකම අභිලාෂය වන බවද ප්‍රකාශ කරමු.

පුවත්  ~ News

මෙම විහාරස්ථානයේ  සිදුකරන ආගමික වැඩසටහන්, ආධාර අවශ්‍යතා සහ දහම් කරුණු පිළිබදව තොරතුරු පහතින් දක්වා ඇත. සම්පුර්ණ පුවත කියවන්න “වැඩිදුර කියවන්න” බොත්තම ඔබන්න.

කුසල් දහම් පුරන ගිහි පැවිදි දෙපිරිසටම ඉතා වැදගත් ‘වස් කාලය’

කුසල් දහම් පුරන ගිහි පැවිදි දෙපිරිසටම ඉතා වැදගත් ‘වස් කාලය’

පැරණි භාරතයේ ප‍්‍රධාන සෘතු තුනක් පැවතිණ. හේමන්ත, ගිම්හාන, වස්සාන වශයෙනි. හේමන්ත සෘතුව, අධික ලෙස ශීතලය. ගිම්හාන සෘතුව, අධික ලෙස උණුසුම්ය. වස්සාන...

read more
ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි

ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි

බ‍්‍රාහ්මණ තිස්ස බය පැවති කාලයේ සිතුල්පව්වේද තිස්ස මහා විහාරයේ ද දොලොස් දහස බැගින් භික්ෂූහු විසූහ. අවුරුදු තුනකට ප‍්‍රමාණවත් ධාන්‍ය විහාර දෙකෙම් මහ...

read more
හැඳින මෙහෙයවිය යුතු කර්මය

හැඳින මෙහෙයවිය යුතු කර්මය

බුදු දහමේ මූලික සංකල්පයක් වන කර්මය පිළිබඳ ඉතා පැහැදිලි විවරණයක් මේ ලිපිය මගින් දැක්වේ..කර්මය නම් චර්යාව පිළිබඳ හේතු-ප්‍රත්‍ය නියාමය යි. එහි සමගාමි...

read more
සුළුවෙන් කලද නැති නොවන පින්

සුළුවෙන් කලද නැති නොවන පින්

දානයෙන් මෙන් මැ ශීල භාවනාවන් හි අනුසස් බොහෝ ය. ශීලයෙහි යෙදෙනවාට වඩා බොහෝ දෙනා දන් දී මෙහි යුහුසුළු වෙති. එකල වැඩි දෙනෙක් බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා...

read more
මරණානුස්සති භාවනාව

මරණානුස්සති භාවනාව

ඉපදුණා වූ සියලූම සත්වයෝ මරණයට පත්වන්නේය. දෙව්ලොවෙහි දෙවියන් ද, බඹලොවෙහි බ‍්‍රහ්මයන් ද, සතර අපා වැසි සත්වයන් ද, සියලූ මනුෂ්‍යයන් ද මරණයට පත් වන්නේ ය....

read more
සතර සතිපට්ඨානය තුළ සප්ත බොජ්ඣංග

සතර සතිපට්ඨානය තුළ සප්ත බොජ්ඣංග

බුදුරජාණන් වහන්සේ වදාළ සතිපට්ඨාන භාවනාවේ ධම්මානුපස්සනාවේ අවසාන කොටස් දැන් අපි ඉගෙන ගනිමින් සිටින්නේ. මේකෙ තියෙනවා සප්ත බොජ්ඣංග කියල කොටසක්. බොජ්ඣංග...

read more

“මෙම පුණ්‍ය භූමිය සඳහා අවශ්‍ය දෑ පහත පරිදි දැක්විය හැකිය.”

මෙම විහාරස්ථානයේ අවශ්‍යතා සොයාබලා ඔබට හැකි අයුරින් ආධාර කරන්න. විහාරස්ථානයේ වර්තමාන තත්වය දැනගැනීමට සැමවිටම විහාරාධිපති ස්වාමින් වහන්සේ දුරකථනය ඔස්සේ හෝ චැට් පණිවිඩයක් ඔස්සේ සම්බන්ධ කරගන්න. මෙම තොරතුරු යාවත්කාලින කරන ලද්දේ 2019 සැප්තැම්බර් 29 වෙනි දිනදීය.

ආධාර අවශ්‍ය කාරණා

මෙම විහාරස්ථානය පිරිවෙන් විහාරස්ථානයක් වන බැවින් භික්ෂූන් 100 නමක් සදහා පහසුකම් සහිත දානශාලාවක්, කුඩා සාමණේර භික්ෂූන්ට නේවාසික පහසුකම් සහිතව ඉදි කිරීම සදහා.

දහම් පාසලේ දූ දරුවන්ට ප්‍රමාණවත් පරිදි ඩෙස් පුටු සපයා ගැනීම හා ගුරු භවතුන්ට අවශ්‍ය කාර්යාල උපකරණ , මේවා සකස් කර ගැනීම සදහා

දහම් පාසලේ ළමුන් හා පොහෝ දින උපාසක උපාසිකාවන් සදහා වැසිකිළි කැසිකිළි පහසුකම් ප්‍රමාණවත් නොවන හෙයින් ටොයිලට් පද්ධතියක් ඉදිකිරීම සදහා

කොළඹ අනුරාධපුර ප්‍රධාන මාර්ගය සමීපයේ පිහිටා ඇති බැවින් මාර්ගයට සමීපව විහාරයට පිවිසෙන මාර්ගයේ වාහල්කඩක් ඉදිකිරීම සදහා

විහාරස්ථානයට යාබද ඉඩම් කෑලි දෙකක් විකිණිමට ඇති බැවින් ඒවා මිලදී ගෙන ඒවායෙහි පෙර පාසලක් හා ළමා නිවාසයක් ඉදි කිරීම සදහා

පිරිවෙන්හි සාමණේර භික්ෂූන් බොහෝ දුෂ්කරතා සහිත පවුල්වල සාමාජිකයන් වන බැවින් නිවසක් (ස්ථිර ) නොමැති දිළිදු පවුල් වලට නිවාස සකස් කර දීම සඳහා

ප්‍රදේෂයේ දූ දරුවන්ට හා සාමණේර භික්ෂූන්ට ඉංග්‍රීසි, දෙමළ හා පරිගණක අධ්‍යාපනය නොමිලේ ලබා දීම වෙනුවෙන්

අබලන්ව ඇති දේවාල මංදිරය සැකසීමට හා ජය ශ්‍රී මහා බෝ අංකුරයක් වැඩමවා තැන්පත් කිරීමට උසින් යුතු බෝධි ප්‍රාකාරයක් සකසා ගැනීම වෙනුවන්.

ආධාර කරන්න 

පින්වත් ඔබගේ ආධාර පහත ගිණුමට බැරකළ හැකිය

ගිණුමේ නම – විල්පත පේමානන්ද හිමි 
ගිණුම් අංකය – 024-2-0021-0014542
බැංකු ශාඛාව – හලාවත

ගිණුමේ නම – විල්පත පේමානන්ද හිමි
ගිණුම් අංකය – 72149540
බැංකු ශාඛාව – ආනවිලුන්දාව

ඔබ බැංකුවට මුදල් බැර කරන්නේ නම්, බැංකුවෙන් ලැබෙන රිසිට් පතෙහි පිටපතක් අප වෙත යෙමුකරන්න.

ශ්‍රී රත්නගිරි දහම් පාසල

නම : ශ්‍රී රත්නගිරි දහම් පාසල

ආරම්භය : 60 දශකයේ මුල් භාගය තුල

ළමුන් සංඛ්‍යාව : 714ක් පමණ වේ

පංති ගනණ : 12ක් වන අතර ඒ,බී වශයෙන් සමාන්තර පංතිද තිබේ.

ගුරු සංඛ්‍යාව : 18ක් වන අතර ආධුනික ආචාර්යවරු 07ක්ද සේවයේ යෙදී සිටිති.

පිරිවෙන් ආයතනය

වැඩසිටි අපවත් වී වදාළ ශ්‍රී සද්ධාභිදාන උතුරු පිටිගල් කෝරළයේ ප්‍රධාන සංඝනායක මහතෙරුණ් වහන්සේගේ සංකල්පය  උන්වන්සේ 1976.07.01 දින අපවත් වීමෙන් පසු 2006 වසරේදී මයියාව ශ්‍රී ආනන්ද නාහිමියන්ගේ හා ආනවිලුන්දාවේ ශ්‍රී පියනන්දාභිධාන නා හිමියන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර මේ වන විට නේවාසික භික්ෂු පිරිස 29ක් පමණ වන අතර සියළු ශිෂ්‍ය ප්‍රජාව 51කි.

~ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ~

අපවත් වී වදාළ රාජකීය පණ්ඩිත මයියාවේ ශ්‍රී ආනන්දාභිධාන නාහිමියන් හා ආනවිලුන්දාවේ ශ්‍රී පියනන්දාභිධාන  හිමියන් ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලා ලෙස හිදුවාගෙන පැවදි හා උපසපන්  භාවයට පත්වූ අතර දැනට බී.ඒ හා එම්.ඒ උපාධි සහිතව ශ්‍රී රත්නගිරි විහාරස්ථානයේන්ම පිහිටුවා ඇති හලාවත/ශ්‍රී සද්ධානන්ද පිරිවෙන්හි පරිවෙණාධිපතීන් වහන්සේව කටයුතු කරන අතර ශ්‍රී රත්නගිරි දහම් පාසලේ ප්‍රධානාචාර්ය වරයා මෙන්ම විහාරස්ථාන දායක සභාවේ ප්‍රධාන සභාපතීන් වහන්සේ වශයෙන් කටයුතු කරන අතර සද්ධානන්ද මහා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ ගරු ලේකම් වශයෙන්ද ආන්විලුන්දන්පත්තු පරිසය සුරැකීමේ  සංවිධනයේ සම කැදවුම්කරු හා වයඹ පළාතේ ”පරිසර හඬ” සංවිධානයේ ප්‍රධාන සභාපතිවන පූජ්‍ය විල්පත පේමානන්ද ස්ථවර වශයෙන්ද හදුන්වනු ලබේ.

අපව සම්බන්ධ කරගන්න

පහත දුරකතන අංක ඔස්සේ විහාරස්ථානය සම්බන්ධ කරගත හැකි අතර, බොහොමයක් විහාරස්ථාන පිහිටා ඇත්තේ ඉතා දුෂ්කර ප්‍රදේශවල බැවින් ඊමේල් ඔස්සේ සම්බන්ධ කරගැනීමට අපහසු විය හැකි බව කරුණාවෙන් සළකන්න. 

ඊමේල් ලිපිනය

info@srirathanagirirajamahaviharaya.org.lk

දුරකතන අංකය

032-2259526 / 071-3496848

ලිපිනය

ශ්‍රී රත්නගිරි රාජමහා විහාරය, නල්ලදරන්කට්ටුව

විහාරස්ථානයේ පිහිටීම 

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…