loader image
Select Page

ශ්‍රී සාලරුක්ඛාරාම විහාරය

වර්ෂ 2942 දී අමරපුර  සිරිසුමන දඩළු පාර්ශ්වයේ මහානායක අතිපූජනීය බූස්සේ ධම්මරක්ඛිත මහානායක හිමියන් පුහුදිවුල ග්‍රාමයට වැඩමක කර වැවයි දාගැබයි ගමයි පන්සලයි සංකල්පය තුළින් පුහුදිවුල වැව අසල කුටියක් සාදා පුහුදිවුල විහාරස්ථානය ඉදි කළේය. ඉන්පසුව ප්‍රධාන මාර්ගය අසල ඉඩම්හිමි දානපතියකුගේ පරිත්‍යාගයෙන් පූජා කළ අක්කර 10 ක ඉඩම් ප්‍රමාණය එළි පෙහෙළි කර එම ඉඩමෙන් හරි අඩක් පුහුදිවුල විදුහල හා ඒ අතර ඇති මාර්ගය සඳහා වෙන් කර ඉතිරි ප්‍රමාණයේ පුහුදිවුල පන්සල ඉදිකිරීමට අඩිතාලම යෙදීය. පසුව එම පාසල් භූමිය අතිපූජ්‍ය මාතර විමලරතන ස්වාමීන් වහන්සේගේ දැඩි උනන්දුව හා කැපවීම මත ගොඩනැගිල්ලක් ඉදි කර පුහුදිවුල විදුහල ආරම්භ කළහ. උන්වහන්සේගේ වීර්යත් දායක ශ්‍රමයත් සමග පුහුදිවුල විහාරස්ථානයේ ගොඩනැගීම් ද  මේ සමග සිදු විය. ඉන්පසුව පුහුදිවුල ග්‍රාමයේම විජිතසිරි නමින් පැවිදි වී උන්වහන්සේ කලක් විහාරස්ථානයේ අභිවෘද්ධිය වෙනුවෙන් වැඩ වාසය කළද හදිසියේ  අපවත් විය. විජිතසිරි හිමිගෙන් පසුව ස්වාමීන්වහන්සේලා කීප නමක් වැඩ සිටියද පැවති තත්ත්වය මත උන්වහන්සේලා රඳා නොසිටියහ. යුද්ධයෙන් පසුවද භික්ෂූන් වහන්සේ නමක් ස්ථිර ලෙස විහාරස්ථානයේ රඳවා ගැනීමට නොහැකි විය. එහෙත් දායකයන්ගේ උත්සාහය මත විහාරස්ථානය අකර්මන්‍ය වීමට නොදී ඉදිරියට පවත්වාගෙන ආහ.

එයින් පසුව දැනට වැඩ සිටින වලලියේ රතනපාල හිමියන් වැඩමකළ පසු දායකයන්ගේ උත්සාහය මත විහාරස්ථානයෙන් නව ඉදි කිරීම් කීපයක් සිදු කර ඇත. 

පුවත්  ~ News

මෙම විහාරස්ථානයේ  සිදුකරන ආගමික වැඩසටහන්, ආධාර අවශ්‍යතා සහ දහම් කරුණු පිළිබදව තොරතුරු පහතින් දක්වා ඇත. සම්පුර්ණ පුවත කියවන්න “වැඩිදුර කියවන්න” බොත්තම ඔබන්න.

සතර සතිපට්ඨානය තුළ ඉරියාපථ භාවනාව

සතර සතිපට්ඨානය තුළ ඉරියාපථ භාවනාව

දැන් ඔබ මේ වෙන කොට ආනාපානසති භාවනාව පිළිබඳවත්, හොඳ සිහි නුවණින් යුක්තව සෑම කටයුත්තක්ම කිරීම ගැනත් ඔබ ඉගෙන ගෙන තියෙනවා. ඊළඟට ඉගෙන ගන්නේ සක්මන් භාවනාව...

read more
භාවනාවේ මූලික කරුණු

භාවනාවේ මූලික කරුණු

භාවනාව තුළින් ඔබේ මිනිස් ජීවිතය වඩාත්ම සුවපත් කරන අතර වඩාත්ම අර්ථවත් කරයි. භාවනා කිරීම කියන්නේ ඔබේ සිත දියුණු කරගන්නා සුවිශේෂී ක්‍රමයකටයි. අපට මේ...

read more
පෘථග්ජන පුද්ගලයා කවරෙක් ද?

පෘථග්ජන පුද්ගලයා කවරෙක් ද?

බෞද්ධයෝ බොහෝ කලක සිට නිවැරදි අර්ථය නොසළකා ‘පෘථග්ජන’ යන වචන ව්‍යවහාර කරන්නට පුරුදුව සිටිති. තමන්ගේ ඇතැම් දුර්වලතා සාධාරණීකරණය කරගැනීමට ද ‘අපි ඉතින්...

read more
ආයාචිතභත්ත ජාතකය ~ දෙවියන්ට භාරහාර වූ මිනිසුන්ගේ කථාව

ආයාචිතභත්ත ජාතකය ~ දෙවියන්ට භාරහාර වූ මිනිසුන්ගේ කථාව

අදටත් සමහර උදවිය තමන්ගේ කටයුතු සාර්ථක වෙන්න කියල දෙවියන්ට භාරහාර වෙනවා. දේවදාන දෙනවා. ඇතැම් ආගම්වල අදටත් භාර ඔප්පු කිරීම පිණිස සතුන් මරා බිලි දෙනවා....

read more
කණ්හ ජාතකය ~ කළු වෘෂභයාගේ කථාව

කණ්හ ජාතකය ~ කළු වෘෂභයාගේ කථාව

වගකීම් හැමෝටම දරන්ට බෑ. ඕනෑම වගකීමක් දරන්ට පුළුවන් අය ඉන්නවා. අපගේ භාග්‍යවතුන් වහන්සේ අන්න එබඳු උත්තමයෙක්. දවසක් අපගේ භාග්‍යවතුන් වහන්සේ අසවල් දවසේ...

read more
තේලපත්ත ජාතකය ~ තෙල් පාත්‍රය මුල් කොට වදාළ කථාව

තේලපත්ත ජාතකය ~ තෙල් පාත්‍රය මුල් කොට වදාළ කථාව

පින්වතුනේ, පින්වත් දරුවනේ, ජීවිතයේ බොහෝ ආරවුල්, අර්බුද, ගැටළු හටගන්නේ ඉන්ද්‍රියයන් අසංවර වීමෙනුයි. ඉන්ද්‍රිය සංවර නොකර ගැනීමෙන් පැවිදි ජීවිතය පවා...

read more

“මෙම පුණ්‍ය භූමිය සඳහා අවශ්‍ය දෑ පහත පරිදි දැක්විය හැකිය.”

මෙම විහාරස්ථානයේ අවශ්‍යතා සොයාබලා ඔබට හැකි අයුරින් ආධාර කරන්න. විහාරස්ථානයේ වර්තමාන තත්වය දැනගැනීමට සැමවිටම විහාරාධිපති ස්වාමින් වහන්සේ දුරකථනය ඔස්සේ හෝ චැට් පණිවිඩයක් ඔස්සේ සම්බන්ධ කරගන්න. මෙම තොරතුරු යාවත්කාලින කරන ලද්දේ 2019 අගෝස්තු 17 වෙනි දිනදීය.

ආධාර අවශ්‍ය කාරණා

දහම් පාසල වෙනුවෙන් : දහම් පාසල් ගොඩනැගිල්ලක්, ඩෙස්  බංකු, ගුරු පුටු සහ මේස, කළු ලෑලි, දරු දැරියන් සඳහා නිල ඇඳුම් සහ බැජ්

විහාරස්ථානය සඳහා : දැනට සූදානම් වෙමින් ඇති සිළුමිණි සෑය නිර්මාණ චෛත්‍යය හා පැරණි ධර්මශාලාව ප්‍රතිසංස්කරණය කිරීම, ලැගුම් ශාලාවේ ඇතුළත කාමර සඳහා පිඟන් ගඩොල් සවි කිරීම, විහාරයේ පිට මාලය ඉදි කිරීම

ආධාර කරන්න 

පින්වත් ඔබගේ ආධාර පහත ගිණුමට බැරකළ හැකිය

ගිණුමේ නම – වලලියේ රතනපාල හිමි
ගිණුම් අංකය – 063200170019340
බැංකු ශාඛාව – වාරියපොළ

ඔබ බැංකුවට මුදල් බැර කරන්නේ නම්, බැංකුවෙන් ලැබෙන රිසිට් පතෙහි පිටපතක් අප වෙත යෙමුකරන්න.

~ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ~

~ දහම් පාසල ~

අභාවයට පත්ව ගොස් තිබූ දහම් පාසල ගුරු  හිඟයක් නොමැතිව දැනට ක්‍රියාත්මක වෙමින් පවතී. දරුවන් 150කට ආසන්න සංඛ්‍යාවක් දැනට දහම් අධ්‍යාපනය ලබති. ධර්මාචාර්ය විභාගය දක්වාම විභාග දෙපාර්තමේන්තුවේ පවා ලියාපදිංචි වී ඇත. වලලියේ රතනපාල ස්වාමීන්වහන්සේගේ දැඩි කැපවීම මත මේ සියලු කටයුතු පවත්වාගෙන ගියද ප්‍රදේශයේ පවතින දුෂ්කරතාව මත විහාරස්ථානයේ දහම් පාසලටත් බොහෝ අවශ්‍යතා හා අඩුපාඩු ඇත.

අපව සම්බන්ධ කරගන්න

පහත දුරකතන අංක ඔස්සේ විහාරස්ථානය සම්බන්ධ කරගත හැකි අතර, බොහොමයක් විහාරස්ථාන පිහිටා ඇත්තේ ඉතා දුෂ්කර ප්‍රදේශවල බැවින් ඊමේල් ඔස්සේ සම්බන්ධ කරගැනීමට අපහසු විය හැකි බව කරුණාවෙන් සළකන්න. 

ඊමේල් ලිපිනය

info@srisalarukkharamaya.org.lk

දුරකතන අංකය

0775990661

ලිපිනය

ශ්‍රී සාලරුක්ඛාරාමය, පුහුදිවුල

විහාරස්ථානයේ පිහිටීම 

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…