loader image
Select Page

ශ්‍රී සුභද්‍රාරාමය

මාතර දිස්ත්‍රික්කයේ මුලටියන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කැටියපේ නම් සොදුරු ග‍්‍රාමය තු‍ළ අප විහාරස්ථානය පිහිටා ඇත. සාමාන්‍ය ජීවන වෘත්තීන් සිය ජීවිකාව කරගත් බහුතරයක් ජනයා මෙහි දායකයෝ වෙති. 1941 වසරේ ආරම්භ කළ මෙම විහාරස්ථානය භික්ෂූන් වහන්සේලාගේ දැඩි උත්සාහයත් දායක පිංවතුන්ගේ කැපවීමත් මත මෙම විහාරස්ථානය ක්‍රමයෙන් සංවර්ධනය කරමින් පවතී. ලොකු ස්වාමීන් වහන්සේ සමග භික්ෂූන් වහන්සේලා 05 නමක් මෙහි වැඩ වාසය කරති. කිරම ආර අභියස මෙම විහාරස්ථානය පිහිටා ඇති නිසාම නිතර ගංවතුර උවදුරට ලක් වේ. මේ වන විට අවස්ථා කිහිපයක්ම මෙම විහාරස්ථානය ජල ගැල්මට ලක් වූ අතර වාර 05 කදීම විහාරස්ථානයේ විහාරාංග ජල ගැල්මෙන් විනාශයට පත්වී ඇත.

දහම් පාසල

කැටියපේ විහාරස්ථානයට අනුබද්ධ  ප්‍රදේශයේ දූ දරුවන්ගේ නැණ ගුණ පෝෂණය කරන දහම් පාසල ලෙස ශ්‍රී සුභද්‍රාරාම දහම් පාසල පවත්වාගෙන යනු ලැබේ. වසර 05කට වඩා ඉතිහාසයක් මෙම දහම් පාසල සතු වේ. වර්තමානය තුල ආචාර්ය මණ්ඩලය 13 දෙනෙකු ගෙන් හා සිසුන් 155 කගෙන් සමන්විත වේ. මුලටියන ශාසනාරක්ෂක බල මණ්ඩල තරග වලින් වරෙක සමස්ථ දහම් පාසල් අතරින් 4 වන ස්ථානයද හිමි කරගෙන ඇත. 2019 වසරේ මෙම තරග වලින් 10 වන ස්ථානය හිමි කරගෙන ඇත. 2018 වන වසරේ මුලටියන ශාසනාරක්ෂන බල මණ්ඩලයේ විවාද කණ්ඩායම් අතරින් පළමු තැන දිනා ගැනීමටද අප දරුවන් සමත් වී ඇත.

පුවත්  ~ News

මෙම විහාරස්ථානයේ  සිදුකරන ආගමික වැඩසටහන්, ආධාර අවශ්‍යතා සහ දහම් කරුණු පිළිබදව තොරතුරු පහතින් දක්වා ඇත. සම්පුර්ණ පුවත කියවන්න “වැඩිදුර කියවන්න” බොත්තම ඔබන්න.

කුසල් දහම් පුරන ගිහි පැවිදි දෙපිරිසටම ඉතා වැදගත් ‘වස් කාලය’

කුසල් දහම් පුරන ගිහි පැවිදි දෙපිරිසටම ඉතා වැදගත් ‘වස් කාලය’

පැරණි භාරතයේ ප‍්‍රධාන සෘතු තුනක් පැවතිණ. හේමන්ත, ගිම්හාන, වස්සාන වශයෙනි. හේමන්ත සෘතුව, අධික ලෙස ශීතලය. ගිම්හාන සෘතුව, අධික ලෙස උණුසුම්ය. වස්සාන...

read more
ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි

ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි

බ‍්‍රාහ්මණ තිස්ස බය පැවති කාලයේ සිතුල්පව්වේද තිස්ස මහා විහාරයේ ද දොලොස් දහස බැගින් භික්ෂූහු විසූහ. අවුරුදු තුනකට ප‍්‍රමාණවත් ධාන්‍ය විහාර දෙකෙම් මහ...

read more
හැඳින මෙහෙයවිය යුතු කර්මය

හැඳින මෙහෙයවිය යුතු කර්මය

බුදු දහමේ මූලික සංකල්පයක් වන කර්මය පිළිබඳ ඉතා පැහැදිලි විවරණයක් මේ ලිපිය මගින් දැක්වේ..කර්මය නම් චර්යාව පිළිබඳ හේතු-ප්‍රත්‍ය නියාමය යි. එහි සමගාමි...

read more
සුළුවෙන් කලද නැති නොවන පින්

සුළුවෙන් කලද නැති නොවන පින්

දානයෙන් මෙන් මැ ශීල භාවනාවන් හි අනුසස් බොහෝ ය. ශීලයෙහි යෙදෙනවාට වඩා බොහෝ දෙනා දන් දී මෙහි යුහුසුළු වෙති. එකල වැඩි දෙනෙක් බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා...

read more
මරණානුස්සති භාවනාව

මරණානුස්සති භාවනාව

ඉපදුණා වූ සියලූම සත්වයෝ මරණයට පත්වන්නේය. දෙව්ලොවෙහි දෙවියන් ද, බඹලොවෙහි බ‍්‍රහ්මයන් ද, සතර අපා වැසි සත්වයන් ද, සියලූ මනුෂ්‍යයන් ද මරණයට පත් වන්නේ ය....

read more
සතර සතිපට්ඨානය තුළ සප්ත බොජ්ඣංග

සතර සතිපට්ඨානය තුළ සප්ත බොජ්ඣංග

බුදුරජාණන් වහන්සේ වදාළ සතිපට්ඨාන භාවනාවේ ධම්මානුපස්සනාවේ අවසාන කොටස් දැන් අපි ඉගෙන ගනිමින් සිටින්නේ. මේකෙ තියෙනවා සප්ත බොජ්ඣංග කියල කොටසක්. බොජ්ඣංග...

read more

“මෙම පුණ්‍ය භූමිය සඳහා අවශ්‍ය දෑ පහත පරිදි දැක්විය හැකිය.”

මෙම විහාරස්ථානයේ අවශ්‍යතා සොයාබලා ඔබට හැකි අයුරින් ආධාර කරන්න. විහාරස්ථානයේ වර්තමාන තත්වය දැනගැනීමට සැමවිටම විහාරාධිපති ස්වාමින් වහන්සේ දුරකථනය ඔස්සේ හෝ චැට් පණිවිඩයක් ඔස්සේ සම්බන්ධ කරගන්න. මෙම තොරතුරු යාවත්කාලින කරන ලද්දේ 2019 නොවැම්බර් 10 වෙනි දිනදීය.

ආධාර අවශ්‍ය කාරණා

  • පන්සල ඉදිරි පිට ගේට්ටුවක් ඉදි කිරීම. ( දිග අඩි 14  උස අඩි 17 )                         
  • ගං වතුරෙන් සිදුවන හානිය අවම කර ගැනීමට පැති බැම්මක් ඉදි කිරීම.  ( දිග අඩි 180 උස අඩි 25 )
  • බුදු මැදුර ප්‍ර‍තිසංස්කරනය කිරීම. ( අඩියයි අඩියෙ ටයිල් කැට 580 ක්)
  • බුදු මැදුර ඉදිරි පස ඇත් පවුර සහිත තාප්පය ඉදි කිරීම. ( අඩි 4 ක් උස අඩි 80 ක් දිග වළාකුළු සහිත ඇත් පවුර )
  • දේවාලය ප්‍ර‍තිසංස්කරණය හෝ අලුතින් ඉදි කිරීම.
  • ධාතු මන්ධිරයක් අලුතින් ඉදි කිරීම.

ආධාර කරන්න 

පින්වත් ඔබගේ ආධාර පහත ගිණුමට බැරකළ හැකිය

ගිණුමේ නම – විහාරාධිපති හිමි ගිණුම
ගිණුම් අංකය – 130200190043952
බැංකු ශාඛාව – හක්මන

ඔබ බැංකුවට මුදල් බැර කරන්නේ නම්, බැංකුවෙන් ලැබෙන රිසිට් පතෙහි පිටපතක් අප වෙත යෙමුකරන්න.

~ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ~

මුලටියන ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති, සමථමූල මණ්ඩලයේ හිටපු සභාපති,කැටියපේ විද්‍යාලයේ හිටපු විදුහල්පති, ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ කඹුරුපිටිය දිසා පාලක දූරන්ධර, ශාස්ත්‍ර‍පති, පූජ්‍යපාද කැටියපේ පේමසාර මහා නාහිමි.

උන්වහන්සේ මේවන විටද ප්‍රදේශයේ ජාතික ආගමික හා ශාසනික කටයුතු වලදී නායකත්වය ලබාදෙමින් ක්‍රියා කරන අතර තුන් නිකායික මහා සංඝ රත්නයේ ගෞරවය හිමිකර ගනිමින් ක්‍රියා කරයි. මේ වනවිට උන්වහන්සේ 77 වන වියේ පසු වෙති.

අපව සම්බන්ධ කරගන්න

පහත දුරකතන අංක ඔස්සේ විහාරස්ථානය සම්බන්ධ කරගත හැකි අතර, බොහොමයක් විහාරස්ථාන පිහිටා ඇත්තේ ඉතා දුෂ්කර ප්‍රදේශවල බැවින් ඊමේල් ඔස්සේ සම්බන්ධ කරගැනීමට අපහසු විය හැකි බව කරුණාවෙන් සළකන්න. 

ඊමේල් ලිපිනය

info@srisubadraramaya.org.lk

දුරකතන අංකය

0413416367 / 0718584070

ලිපිනය

කැටියපේ, දෙයියන්දර

විහාරස්ථානයේ පිහිටීම 

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…