loader image
Select Page

ශ්‍රී සුදර්ශනාරාමය

ශ‍්‍රී ලංකාවේ දකුණු පලාතේ හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ තංගල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ විතාරන්දෙණියේ ශ‍්‍රී සුදර්ශනාරාම විහාරස්ථානය පිහිටා ඇත. 1910 දී පමණ ආරම්භ කරන ලද විහාරස්ථානයකි. ආරම්භක විහාරාධිපත් මාතර හම්බන්තොට දෙපලාතේ ප‍්‍රධාන අධිකරණ සංඝ නායක පූජ්‍ය විතාරන්දෙණියේ ගුනානන්ද නාහිමිය., ඉන්පසු පූජ්‍ය කිරින්දේ දේවානන්ද මිහි, පූජ්‍ය පණ්ඩිත සලපොත ධම්මානන්ද හිමි, කොළඹ නව කෝරලයේ ප‍්‍රධාන අධිකරන සංඝ නායක පූජ්‍ය පණ්ඩිත විතාරන්දෙණියේ චන්ද්‍රජෝති නා හිමි, කොළඹ සල්පිටි කොරලයේ උප ප‍්‍රධාන සංඝ නායක පූජ්‍ය ශාස්ත‍්‍රවේදී මිද්දෙණියේ පේමානන්ද නා හිමි විහාරාධිපති ධූරයන් පිළිවෙලින් දරා ඇත.

දැනට විහාරාධිපතිධූර දරණු ලබන්නේ පූජ්‍ය කිරින්දේ ගුණසිරි හිමියන්ය. දැනට චෛත්‍යය, බෝධි ප‍්‍රකාරයේ, විහාරමන්දිරයේ, ධර්මශාලාව, දානශාලාව යන විහාරාංග ඉදිකර ඇති දර්ශනීය විහාරස්ථානයකි. ග‍්‍රාමසේවා වසම් හතරක ආගමික කටයුතු, සාමාජික කටයුතු සිදු කරන පලාතේ ප‍්‍රධාන විහාරස්ථානයකි. විතාරන්දෙණිය ශ‍්‍රී සුදර්ශිනාරාමය සියම් මහානිකායට අයත් විහාරස්ථානයකි.

විතාරන්දෙණිය සිරි ගුණානන්ද දහම් පාසල

ශ‍්‍රී සුදර්ශිනාරාම විහාරස්ථානයේ 1973 දී විහාරාධිපති පණ්ඩිත පූජ්‍ය සලපොත ධම්මානන්ද හිමියන් විසින් සිරි ගුණානන්ද දහම් පාසල ආරම්භ කරන ලදී. පලාතේ දරුවන්ගේ දහම් දැනුම හා ගුණ දහම් වැඩිදියුණු කිරීම සදහා දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයෙන් සිදුවන සේවාව අගය කල යුතුය. ආරම්භයේ පටන් ඉතා උසස් මට්ටමෙන් පවත්වාගෙන යන මෙම දහම් පාසල මගින් ප‍්‍රාදේශීය තරග, දිස්ත‍්‍රික් තරග, සමස්ත ලංකා තරග ආදියට ශිෂ්‍යයන් ඉදිරිපත් කර ජයග‍්‍රහනයන් ලබා ඇත. දහම් පාසල් ශීෂ්‍යයන් සීල සමාදාන කටයුතු, ශ‍්‍රමදාන කටයුතු, සමාජ සේවා කටයුතු සදහාද විශාල දායකත්වයක් දරමින් ක‍්‍රියාකරයි.

1980 වර්ෂයේ සිට වත්මන් විහාරාධිපති පූජ්‍ය කිරින්දේ ගුණසිරි හිමි ප‍්‍රධානාචාර්ය ධූරය දරණ අතර ආචාර්්‍යය මණ්ඩලය 14 දෙනෙකුගෙන් සමන්විත වන අතර ශිෂ්‍ය ශිෂ්‍යාවන් 300 ක් පමණ දහම් අධ්‍යාපනය ලබන දහම් පාලසකි. විතාරන්දෙණිය ශ‍්‍රී සුදර්ශිනාරාම විහාරස්ථ සිරි ගුණානන්ද දහම් පාසල ද.පා.ලි.ප.අංකය බෞ.කො.33/33/ද/ත/ලි/2464

පුවත්  ~ News

මෙම විහාරස්ථානයේ  සිදුකරන ආගමික වැඩසටහන්, ආධාර අවශ්‍යතා සහ දහම් කරුණු පිළිබදව තොරතුරු පහතින් දක්වා ඇත. සම්පුර්ණ පුවත කියවන්න “වැඩිදුර කියවන්න” බොත්තම ඔබන්න.

කුසල් දහම් පුරන ගිහි පැවිදි දෙපිරිසටම ඉතා වැදගත් ‘වස් කාලය’

කුසල් දහම් පුරන ගිහි පැවිදි දෙපිරිසටම ඉතා වැදගත් ‘වස් කාලය’

පැරණි භාරතයේ ප‍්‍රධාන සෘතු තුනක් පැවතිණ. හේමන්ත, ගිම්හාන, වස්සාන වශයෙනි. හේමන්ත සෘතුව, අධික ලෙස ශීතලය. ගිම්හාන සෘතුව, අධික ලෙස උණුසුම්ය. වස්සාන...

read more
ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි

ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි

බ‍්‍රාහ්මණ තිස්ස බය පැවති කාලයේ සිතුල්පව්වේද තිස්ස මහා විහාරයේ ද දොලොස් දහස බැගින් භික්ෂූහු විසූහ. අවුරුදු තුනකට ප‍්‍රමාණවත් ධාන්‍ය විහාර දෙකෙම් මහ...

read more
හැඳින මෙහෙයවිය යුතු කර්මය

හැඳින මෙහෙයවිය යුතු කර්මය

බුදු දහමේ මූලික සංකල්පයක් වන කර්මය පිළිබඳ ඉතා පැහැදිලි විවරණයක් මේ ලිපිය මගින් දැක්වේ..කර්මය නම් චර්යාව පිළිබඳ හේතු-ප්‍රත්‍ය නියාමය යි. එහි සමගාමි...

read more
සුළුවෙන් කලද නැති නොවන පින්

සුළුවෙන් කලද නැති නොවන පින්

දානයෙන් මෙන් මැ ශීල භාවනාවන් හි අනුසස් බොහෝ ය. ශීලයෙහි යෙදෙනවාට වඩා බොහෝ දෙනා දන් දී මෙහි යුහුසුළු වෙති. එකල වැඩි දෙනෙක් බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා...

read more
මරණානුස්සති භාවනාව

මරණානුස්සති භාවනාව

ඉපදුණා වූ සියලූම සත්වයෝ මරණයට පත්වන්නේය. දෙව්ලොවෙහි දෙවියන් ද, බඹලොවෙහි බ‍්‍රහ්මයන් ද, සතර අපා වැසි සත්වයන් ද, සියලූ මනුෂ්‍යයන් ද මරණයට පත් වන්නේ ය....

read more
සතර සතිපට්ඨානය තුළ සප්ත බොජ්ඣංග

සතර සතිපට්ඨානය තුළ සප්ත බොජ්ඣංග

බුදුරජාණන් වහන්සේ වදාළ සතිපට්ඨාන භාවනාවේ ධම්මානුපස්සනාවේ අවසාන කොටස් දැන් අපි ඉගෙන ගනිමින් සිටින්නේ. මේකෙ තියෙනවා සප්ත බොජ්ඣංග කියල කොටසක්. බොජ්ඣංග...

read more

“මෙම පුණ්‍ය භූමිය සඳහා අවශ්‍ය දෑ පහත පරිදි දැක්විය හැකිය.”

මෙම විහාරස්ථානයේ අවශ්‍යතා සොයාබලා ඔබට හැකි අයුරින් ආධාර කරන්න. විහාරස්ථානයේ වර්තමාන තත්වය දැනගැනීමට සැමවිටම විහාරාධිපති ස්වාමින් වහන්සේ දුරකථනය ඔස්සේ හෝ චැට් පණිවිඩයක් ඔස්සේ සම්බන්ධ කරගන්න. මෙම තොරතුරු යාවත්කාලින කරන ලද්දේ 2019 නොවැම්බර් 12 වෙනි දිනදීය.

ආධාර අවශ්‍ය කාරණා

විහාරස්ථානයේ ගොඩනැගිලි වාර්ෂිකව ප‍්‍රතිසංස්කරණය සදහා

දහම් පාසල සදහා ශාලාවක් ඉදිකල යුතුව ඇත. (20*60)

දහම් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ හා උපාසක උපාසිකාවන්ගේ සනීපාරක්ෂක කටයුතු සදහා (වැසිකිලි හා කැසිකිසි)

වතුරබිල, ලයිට් බිල ආදියට ආධාර

ආධාර කරන්න 

පින්වත් ඔබගේ ආධාර පහත ගිණුමට බැරකළ හැකිය

ගිණුමේ නම – විහාරාධිපති හිමි ගිණුම
ගිණුම් අංකය –3396298
බැංකු ශාඛාව – තංගල්ල

ගිණුමේ නම – පූජ්‍ය කිරින්දේ ගුණසිරි හිමි
ගිණුම් අංකය – 067-2-001-6-5543242
බැංකු ශාඛාව – 

ඔබ බැංකුවට මුදල් බැර කරන්නේ නම්, බැංකුවෙන් ලැබෙන රිසිට් පතෙහි පිටපතක් අප වෙත යෙමුකරන්න.

~ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ~

මාතර කිරින්ද ග‍්‍රාමයේ දී 1953.03.14 දින උපත ලබා 1968.09.09 දින පැවිදි දිවියට පත්ව විසිවසක් සම්පූර්ණ වීමෙන් උපසම්පදාවට පත ්‍යාපන කටයුතුවල නිරත වෙමින් සිටියදී 1979 දී ගුරු හිමියන්ගේ අපවත් වීමෙන් පසු විහාරස්ථානය භාරගෙන කටයුතු කිරීමට සිදුවිය. තංගල්ල කදුරුපොකුණ සිරිධම්මතිලක පිරිවෙන් ආචාර්්‍යය වරයෙකු මෙන්ම පරිවේනාධිපතිධූරය දරමින් වසර 21 ක් භික්ෂු අධ්‍යාපනය සදහා විශාල සේවාවක් කර ඇත. දහම් පාසලේ ප‍්‍රධානාචාර්්‍යයධූරයට 1980 දි පත්ව දහම් පාසලේ අධ්‍යාපන කටයුතු වන නිරත වෙමින් අද දක්වා සේවය කරමි. විහාරස්ථ දායක පිංවතුන්ගේ ආගමික, සාමිජික කටයුතු වල මෙන්ම සමිති සමාගම්වල නිලතල දරමින් භික්ෂු සමාජයට මෙන්ම ගිහි ජනතාවට ද සේවාව කරමින් ක‍්‍රියාකරන හිමි කැමති පූජ්‍ය කිරින්දේ ගුණසිරි හිමි. විහාරාධිපතිධූරයට පත්වීමත් සමග විතාරන්දෙණිය ශ‍්‍රී සුදර්ශිනාරාමය සියලූ විහාරාංගයන් සම්පූර්ණ කරලීමට කිරින්දේ ගුණසිරි හිමි සමත් වී ඇත. 

අපව සම්බන්ධ කරගන්න

පහත දුරකතන අංක ඔස්සේ විහාරස්ථානය සම්බන්ධ කරගත හැකි අතර, බොහොමයක් විහාරස්ථාන පිහිටා ඇත්තේ ඉතා දුෂ්කර ප්‍රදේශවල බැවින් ඊමේල් ඔස්සේ සම්බන්ධ කරගැනීමට අපහසු විය හැකි බව කරුණාවෙන් සළකන්න. 

ඊමේල් ලිපිනය

info@srisudarshanaramaya-vitarandeniya.org.lk

දුරකතන අංකය

047 2242402 / 077 3903447

ලිපිනය

ශ‍්‍රී සුදර්ශනාරාමය, විතාරන්දෙණිය

විහාරස්ථානයේ පිහිටීම 

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…