loader image
Select Page

ශ්‍රී සුමංගලාරාම පුරාණ විහාරය

63 තුලාන  තම්මැන්නා ඇලවක නේරියකුලම ග්‍රාමයේ ශ්‍රී සුමංගලාරාම මහ විහාරය වසර 70කට ඉපැරණි විහාර ස්ථානයකි. මෙම විහාරස්ථානයේ අෂ්ඨපල බෝධීන් වහන්සේ නමක් තන්තිරිමලේ බෝධින් වහන්සේගේ පැන නැගුණු ශාකයක් වැඩ හිඳින අතර  විහාර  අංග, උපාංගවලින් බෝධින් වහන්සේලා දෙනමක්ද ධර්ම ශාලාවක්ද  චෛත්‍යයක්ද පවතී.  මෙම විහාරස්ථානය. 1990 රුදුරු ත්‍රස්තාවදින්ගේ ගොදුරට ලක් වී විනාශයට පත් වු ස්ථානයකි.  ඒ තෙක් මේ දක්වා ම අබලන් වු බුද්ධ මන්දිරයක් ද පවති.

ශ්‍රි සුමංගල දහම් පාසල

මෙම දහම්පාසලේ නාමය ශ්‍රි සුමංගල දහම් පාසල.   මෙම දහම් පාසලේ දැනට ඉගෙනුම ලබන ළමුන් සංඛ්‍යාව 70 ක් පමණ මෙම ළමුන් සඳහා හරි හමන් ධර්ම ශාලාවක්ද නොමැත. ඒ වගේ ම ළමුන්ට ඉගෙනුම ලබන පුටු ඩෙස් නොමැත.  ඉතා ම දිළිඳු භාවයකින් කටුක පරිසරයකින් ඉගෙනුම ලබන දහම් පාසලක් යැයි කිව හැකිය.

පුවත්  ~ News

මෙම විහාරස්ථානයේ  සිදුකරන ආගමික වැඩසටහන්, ආධාර අවශ්‍යතා සහ දහම් කරුණු පිළිබදව තොරතුරු පහතින් දක්වා ඇත. සම්පුර්ණ පුවත කියවන්න “වැඩිදුර කියවන්න” බොත්තම ඔබන්න.

කුසල් දහම් පුරන ගිහි පැවිදි දෙපිරිසටම ඉතා වැදගත් ‘වස් කාලය’

කුසල් දහම් පුරන ගිහි පැවිදි දෙපිරිසටම ඉතා වැදගත් ‘වස් කාලය’

පැරණි භාරතයේ ප‍්‍රධාන සෘතු තුනක් පැවතිණ. හේමන්ත, ගිම්හාන, වස්සාන වශයෙනි. හේමන්ත සෘතුව, අධික ලෙස ශීතලය. ගිම්හාන සෘතුව, අධික ලෙස උණුසුම්ය. වස්සාන...

read more
ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි

ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි

බ‍්‍රාහ්මණ තිස්ස බය පැවති කාලයේ සිතුල්පව්වේද තිස්ස මහා විහාරයේ ද දොලොස් දහස බැගින් භික්ෂූහු විසූහ. අවුරුදු තුනකට ප‍්‍රමාණවත් ධාන්‍ය විහාර දෙකෙම් මහ...

read more
හැඳින මෙහෙයවිය යුතු කර්මය

හැඳින මෙහෙයවිය යුතු කර්මය

බුදු දහමේ මූලික සංකල්පයක් වන කර්මය පිළිබඳ ඉතා පැහැදිලි විවරණයක් මේ ලිපිය මගින් දැක්වේ..කර්මය නම් චර්යාව පිළිබඳ හේතු-ප්‍රත්‍ය නියාමය යි. එහි සමගාමි...

read more
සුළුවෙන් කලද නැති නොවන පින්

සුළුවෙන් කලද නැති නොවන පින්

දානයෙන් මෙන් මැ ශීල භාවනාවන් හි අනුසස් බොහෝ ය. ශීලයෙහි යෙදෙනවාට වඩා බොහෝ දෙනා දන් දී මෙහි යුහුසුළු වෙති. එකල වැඩි දෙනෙක් බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා...

read more
මරණානුස්සති භාවනාව

මරණානුස්සති භාවනාව

ඉපදුණා වූ සියලූම සත්වයෝ මරණයට පත්වන්නේය. දෙව්ලොවෙහි දෙවියන් ද, බඹලොවෙහි බ‍්‍රහ්මයන් ද, සතර අපා වැසි සත්වයන් ද, සියලූ මනුෂ්‍යයන් ද මරණයට පත් වන්නේ ය....

read more
සතර සතිපට්ඨානය තුළ සප්ත බොජ්ඣංග

සතර සතිපට්ඨානය තුළ සප්ත බොජ්ඣංග

බුදුරජාණන් වහන්සේ වදාළ සතිපට්ඨාන භාවනාවේ ධම්මානුපස්සනාවේ අවසාන කොටස් දැන් අපි ඉගෙන ගනිමින් සිටින්නේ. මේකෙ තියෙනවා සප්ත බොජ්ඣංග කියල කොටසක්. බොජ්ඣංග...

read more

“මෙම පුණ්‍ය භූමිය සඳහා අවශ්‍ය දෑ පහත පරිදි දැක්විය හැකිය.”

මෙම විහාරස්ථානයේ අවශ්‍යතා සොයාබලා ඔබට හැකි අයුරින් ආධාර කරන්න. විහාරස්ථානයේ වර්තමාන තත්වය දැනගැනීමට සැමවිටම විහාරාධිපති ස්වාමින් වහන්සේ දුරකථනය ඔස්සේ හෝ චැට් පණිවිඩයක් ඔස්සේ සම්බන්ධ කරගන්න. මෙම තොරතුරු යාවත්කාලින කරන ලද්දේ 2019 සැප්තැම්බර් 27 වෙනි දිනදීය.

ආධාර අවශ්‍ය කාරණා

රුදුරු ත්‍රස්තවාදින්ගෙන් විනාශයට පත් වී දැනට ඉදි කරමින් පවතින බුද්ධ ප්‍රතිමා වහන්සේලා සඳහා

දහම් පාසලේ ඉගෙනුම ලබන ළමුන්ට හරි හමන් ධර්මශාලාවක් නොමැත.

පන්සලට ළිඳක් ද නොමැත. මාගේ දිනපතා වැඩ කටයුතු කර ගැනීමට අවශ්‍ය ළිඳක් නොමැත‍

ආධාර කරන්න 

පින්වත් ඔබගේ ආධාර පහත ගිණුමට බැරකළ හැකිය

ගිණුමේ නම – මීපාවල සිරි සුමන හිමි
ගිණුම් අංකය – 096-2-001-8-0083831
බැංකු ශාඛාව – මැදවච්චිය

ගිණුමේ නම – මීපාවල සිරි සුමන හිමි
ගිණුම් අංකය – 71233022
බැංකු ශාඛාව – මැදවච්චිය

ඔබ බැංකුවට මුදල් බැර කරන්නේ නම්, බැංකුවෙන් ලැබෙන රිසිට් පතෙහි පිටපතක් අප වෙත යෙමුකරන්න.

~ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ~

අමරපුර පාර්ශ්වයේ අමරපුර මහා නිකායේ සිරි සුමන හිමි වශයෙන් මෙම විහාරස්ථානයේ වසර 09කට අධික කාලයක් විහාරාධිපති වශයෙන් කටයුතු කරන අතර ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා සිවු නමකට ගුරුවරයෙක් වශයෙන් කටයුතු කරන අතර මාගේ උපන් ගම දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රිකක්යේ මීපාවල බද්දේගම ග්‍රාමයේ සිටින අතර දැනට මා තම්මන්නා ඇලවක ශ්‍රි සුමංගලාරාමයේ මහ විහාරස්ථානයේ වැඩ විසින අතර මා හට හරි හමන් ආදායමක් ද නොමැති අතර රුදුරු ත්‍රස්තවාදින්ගේ ග්‍රහණයට ලක් වි විනාශ  වී තිබෙන මෙම පන්සලේ දැනට මා වැඩ විසින බව කාරුණිකවම ඔබතුමන්ලාට දන්වා සිටමි

අපව සම්බන්ධ කරගන්න

පහත දුරකතන අංක ඔස්සේ විහාරස්ථානය සම්බන්ධ කරගත හැකි අතර, බොහොමයක් විහාරස්ථාන පිහිටා ඇත්තේ ඉතා දුෂ්කර ප්‍රදේශවල බැවින් ඊමේල් ඔස්සේ සම්බන්ධ කරගැනීමට අපහසු විය හැකි බව කරුණාවෙන් සළකන්න. 

ඊමේල් ලිපිනය

info@srisumangalaramapuranaviharaya.org.lk

දුරකතන අංකය

0774452605 / 0769310557

ලිපිනය

ශ්‍රී සුමංගලාරාම මහ විහාරය, තම්මැන්නා ඇලවක, නේරියකුලම

විහාරස්ථානයේ පිහිටීම 

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…