loader image
Select Page

ශ්‍රී විජය සුන්දරාරාමය ~ ශ්‍රී විජය සුන්දරාරාම පිරිවෙන

හොරපාවිට ශ්‍රී විජය සුන්දරාරාම පිරිවෙන් විහාරස්ථානය පිහිටා ඇත්තේ මාතර දිස්ත්‍රික්කයේ කන්දබඩ පත්තුවේ මුලටියන ලේකම් කොට්ඨාශයේ හොරපාවිට නම් ග්‍රාමයේය. ඈත අතීතයේ හැඳින්වූයේ රුන්සෑගොඩ යන නමිනි. කඹුරුපිටිය නගරයේ සිට රදාවෙල මාර්ගයේ කි.මී. 05 ක්  යන තැන මහා මාර්ගය අසලය. රදාවෙලට මෙම ස්ථානයේ සිට කි.මී. පහමාරක් පමණ ඇත.

මෙම විහාරස්ථානයේ ආයුෂත් ශ්‍රී ලංකා රාමඤ්ඤ  මහා නිකායේත් ආයුෂ එක සමාන කළ හැකිය. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය පිහිටුවීමේ ආදි කතෘවරයෙක් වන පුවක් දණ්ඩාවේ ශ්‍රී පඤ්ඤානන්ද ස්වාමීන්වහන්සේ මෙම විහාරස්ථානයට ආසන්නයේ ඊරියතොට ආරණ්‍යයේ (අද ඇල්හේන්දෙනිය නමින් හදුන්වන) සිට වැඩ සිටින විට පිණ්ඩපාතයේ වැඩම කර ඇත්තේ මෙම විහාර භූමියේ තනා තිබූ දාන ශාලාවටය. පසුව එය නිමිති කර ගෙන මෙහි විහාරස්ථානයක් ඇති විය. එදා එම ස්ථානයේ රෝපණය කළ බෝධීන්වහන්සේ අද දක්වා නිරුපද්‍රිතව වැඩ සිටියි.

පුවත්  ~ News

මෙම විහාරස්ථානයේ  සිදුකරන ආගමික වැඩසටහන්, ආධාර අවශ්‍යතා සහ දහම් කරුණු පිළිබදව තොරතුරු පහතින් දක්වා ඇත. සම්පුර්ණ පුවත කියවන්න “වැඩිදුර කියවන්න” බොත්තම ඔබන්න.

කුසල් දහම් පුරන ගිහි පැවිදි දෙපිරිසටම ඉතා වැදගත් ‘වස් කාලය’

කුසල් දහම් පුරන ගිහි පැවිදි දෙපිරිසටම ඉතා වැදගත් ‘වස් කාලය’

පැරණි භාරතයේ ප‍්‍රධාන සෘතු තුනක් පැවතිණ. හේමන්ත, ගිම්හාන, වස්සාන වශයෙනි. හේමන්ත සෘතුව, අධික ලෙස ශීතලය. ගිම්හාන සෘතුව, අධික ලෙස උණුසුම්ය. වස්සාන...

read more
ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි

ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි

බ‍්‍රාහ්මණ තිස්ස බය පැවති කාලයේ සිතුල්පව්වේද තිස්ස මහා විහාරයේ ද දොලොස් දහස බැගින් භික්ෂූහු විසූහ. අවුරුදු තුනකට ප‍්‍රමාණවත් ධාන්‍ය විහාර දෙකෙම් මහ...

read more
හැඳින මෙහෙයවිය යුතු කර්මය

හැඳින මෙහෙයවිය යුතු කර්මය

බුදු දහමේ මූලික සංකල්පයක් වන කර්මය පිළිබඳ ඉතා පැහැදිලි විවරණයක් මේ ලිපිය මගින් දැක්වේ..කර්මය නම් චර්යාව පිළිබඳ හේතු-ප්‍රත්‍ය නියාමය යි. එහි සමගාමි...

read more
සුළුවෙන් කලද නැති නොවන පින්

සුළුවෙන් කලද නැති නොවන පින්

දානයෙන් මෙන් මැ ශීල භාවනාවන් හි අනුසස් බොහෝ ය. ශීලයෙහි යෙදෙනවාට වඩා බොහෝ දෙනා දන් දී මෙහි යුහුසුළු වෙති. එකල වැඩි දෙනෙක් බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා...

read more
මරණානුස්සති භාවනාව

මරණානුස්සති භාවනාව

ඉපදුණා වූ සියලූම සත්වයෝ මරණයට පත්වන්නේය. දෙව්ලොවෙහි දෙවියන් ද, බඹලොවෙහි බ‍්‍රහ්මයන් ද, සතර අපා වැසි සත්වයන් ද, සියලූ මනුෂ්‍යයන් ද මරණයට පත් වන්නේ ය....

read more
සතර සතිපට්ඨානය තුළ සප්ත බොජ්ඣංග

සතර සතිපට්ඨානය තුළ සප්ත බොජ්ඣංග

බුදුරජාණන් වහන්සේ වදාළ සතිපට්ඨාන භාවනාවේ ධම්මානුපස්සනාවේ අවසාන කොටස් දැන් අපි ඉගෙන ගනිමින් සිටින්නේ. මේකෙ තියෙනවා සප්ත බොජ්ඣංග කියල කොටසක්. බොජ්ඣංග...

read more

“මෙම පුණ්‍ය භූමිය සඳහා අවශ්‍ය දෑ පහත පරිදි දැක්විය හැකිය.”

මෙම විහාරස්ථානයේ අවශ්‍යතා සොයාබලා ඔබට හැකි අයුරින් ආධාර කරන්න. විහාරස්ථානයේ වර්තමාන තත්වය දැනගැනීමට සැමවිටම විහාරාධිපති ස්වාමින් වහන්සේ දුරකථනය ඔස්සේ හෝ චැට් පණිවිඩයක් ඔස්සේ සම්බන්ධ කරගන්න. මෙම තොරතුරු යාවත්කාලින කරන ලද්දේ 2019 නොවැම්බර් 9 වෙනි දිනදීය.

ආධාර අවශ්‍ය කාරණා

  1. ධාතු මන්දිරය
  2. දහම් පාසල් ගොඩනැගිල්ල

ආධාර කරන්න 

පින්වත් ඔබගේ ආධාර පහත ගිණුමට බැරකළ හැකිය

ගිණුමේ නම – පන්සලේ ගිණුම් අංකය
ගිණුම් අංකය –0004441866
බැංකු ශාඛාව – කඹුරුපිටිය ලංකා 

ඔබ බැංකුවට මුදල් බැර කරන්නේ නම්, බැංකුවෙන් ලැබෙන රිසිට් පතෙහි පිටපතක් අප වෙත යෙමුකරන්න.

දහම්පාසල

හොරපාවිට ගමට ඉතා අවශ්‍යව තිබූ දහම්පාසල 1966 ජනවාරි 06 දිනට එවකට පෝය නිවාඩුව නිමිති කරගෙන දායක සභාවේ මූලිකත්වයෙන් පණ්ඩිත නාරන්දෙනියේ පඤ්ඤාරතන ස්වාමින්වහ්නසේ ළමයි කීප දෙනෙකුගේ සහභාගිත්වයෙන් ආරම්භ කර ප්‍රදේශයේ උසස් දහම්පාසල බවට වසරින් වසර පත් විය. අද වන විිට ළමයි 500 ඉක්මවා ඇත. 1986 දක්වා මූලිකත්වය ගෙන කටයුතු කළ අතර එයින් පසු හොරපාවිට පඤ්ඤාතිලක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් 2014 දක්වා පවත්වාගෙන අවුත් දැනට ප්‍රධානාචාර්ය ධූරය කැටියපේ පේමරතන හිමියන් සිදු කරනු ලබයි.

ශ්‍රී විජය සුන්දර පිරිවෙන

හොරපාවිට ශ්‍රී විජය සුන්දර පිරිවෙන ආරම්භ කරන ලද්දේ 1991 ජනවාරි 01 දින සිටයි. මුල්ම කෘත්‍යාධිකාරීන්වහන්සේ වශයෙන් රන්සෑගොඩ සෝරත ස්වාමීන්වහන්සේගේ කෘත්‍යාධිකාරිත්වයෙන් ගැසට් කරන ලදී. මුල්ම පරිවේණාධිපති රන්සෑගොඩ පඤ්ඤාසේකර ස්වාමීන්වහන්සේය.  එයින් පසු 1993 වසරේ සිට හොරපාවිට පඤ්ඤාතිලක ස්වාමීන්වහන්සේ සේවය කළ අතර වර්තමානයේ ලිකොලවැව විමලරතන හිමියන් පරිවේණාධිපතිත්වය දරයි.

~ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ~

හොරපාටිව ශ්‍රී විජය සුන්දර පිරිවෙන් විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික හොරපාවිට ශ්‍රී විජය සුන්දර පිරිවෙන්හි කෘත්‍යාධිකාරී මූලටියන ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නි. සභාපති සමථ මණ්ඩලයේ ගරු සභික විශ්‍රාමලත් පරිවේණාධිපති දිවයිනට ම සාම විනිසුරු සිරි සද්ධම්ම වාගීෂ්වාරාචාර්ය ධර්ම විශාරද පණ්ඩිත ජනසරණ කීර්ති ශ්‍රී ත්‍රිපිටකවේදී අතිපූජ්‍ය හොරපාවිට පඤ්ඤාතිලක මහා ස්වාමින්වහන්සේගේ ජීවන චරිතයෙන් බිඳක් රචනා කිරීමට මම කල්පනා කළෙමි.

            මුන්වහන්සේගේ   ගිහි නම නන්දසේන මලවර ආරච්චි නමයි. මුන්වහන්සේගේ පියා හොරපාවිට ප්‍රසිද්ධ නිවසක් වන හොරපාවිට පොහොනගොඩ ධර්මදාස මලවරආරච්චි මහතා ය. මාතර මහතා නමින් ප්‍රසිද්ධව ඇත. උන්වහන්සේගේ මව කැටියපේ කටුඉඹුල්ගහ  කොරටුවේ ගිමාරා හෙට්ටිආරච්චි මහත්මියයි. මුන්වහන්සේ 1953 ඔක්තෝබර් 12 වන දින උපත ලබා ඇත. කුඩා කල සිට පැවිද්දට හිමිකම් ලැබූ මුන්වහන්සේට පරම්පරාවෙන්ම මහනකම උරුමව පැවතුණි.

අපව සම්බන්ධ කරගන්න

පහත දුරකතන අංක ඔස්සේ විහාරස්ථානය සම්බන්ධ කරගත හැකි අතර, බොහොමයක් විහාරස්ථාන පිහිටා ඇත්තේ ඉතා දුෂ්කර ප්‍රදේශවල බැවින් ඊමේල් ඔස්සේ සම්බන්ධ කරගැනීමට අපහසු විය හැකි බව කරුණාවෙන් සළකන්න. 

ඊමේල් ලිපිනය

info@sriwijayasundararamapirivena.org.lk

දුරකතන අංකය

0412292295

ලිපිනය

ශ්‍රී විජයසුන්දරාරාම පිරිවෙන, හොරපාවිට, කඹුරුපිටිය 

විහාරස්ථානයේ පිහිටීම 

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…