loader image
Select Page

ශ්‍රී බෝධිරුක්ඛාරාමය – කෝන්ගොල්ලෑව

මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොඨාසයට අයත් මායිම් ගම්මානයක් වන කොන්ගොල්ලෑව නම් දුෂ්කර ගම්මානයේ අප විහාරස්ථානය පිහිටා ඇත. වැවයි දාගැබයි ගමයි පන්සලයි යන ඉපැරැණි සංකල්පය මනාව පසක් කරන ලෙස පන්සල පිහිටා තිබුනද දාගැබ අපේ පුංචි පංසලට නොමැත. පවුල් 300ක් පමණ ජීවත් වන මෙම ගම්මානයේ අහිංසක පින්වතුන්ගේ උත්සාහයෙන් තරමක් දුරට මෙම විහාරස්ථානය සංවර්ධනය කර ඇත.මහා සංඝ රත්නය ලෙස අපගේ ද එකම අරමුණ ශාසනයේ උන්නතිය වෙනුවෙන් සියලු දුෂ්කරතා පසෙකලා ආගමික ප්‍රබෝධය මෙවැනි ගම්මාන වල ඇති කිරීමයි.
කෝණ්ගොල්ලෑවේ ශ්‍රී බෝධිරුක්ඛාරාමය විහාරස්ථානයේ පවත්වාගෙන යනු ලබන ශ්‍රී සංඝමිත්තා දහම් පාසලේ දැනට ළමුන් සියයකට ආසන්න සිසු සිසුවියන් අධ්‍යාපනය ලබයි.සියයකට අධික ලමුන් ප්‍රමාණයක් අධ්‍යාපනය ලැබු අතර ඩෙස්,බංකු ආදිය ප්‍රමාණවත් ලෙස නොමැති හෙයින් ලමුන්ගෙ පැමිණිමද අඩු වෙමින් පවතී.දහම් පාසල් ගොඩනැගිල්ලක් මෙන්ම ඩෙස්,පුටු,බංකු,ගුරු මේස,ගුරු පුටු සහ ශබ්ද වාහීනි යන්ත්‍රයක අවශ්‍යතාවයක්ද ඇත.

පුවත්  ~ News

මෙම විහාරස්ථානයේ  සිදුකරන ආගමික වැඩසටහන්, ආධාර අවශ්‍යතා සහ දහම් කරුණු පිළිබදව තොරතුරු පහතින් දක්වා ඇත. සම්පුර්ණ පුවත කියවන්න “වැඩිදුර කියවන්න” බොත්තම ඔබන්න.

කුසල් දහම් පුරන ගිහි පැවිදි දෙපිරිසටම ඉතා වැදගත් ‘වස් කාලය’

කුසල් දහම් පුරන ගිහි පැවිදි දෙපිරිසටම ඉතා වැදගත් ‘වස් කාලය’

පැරණි භාරතයේ ප‍්‍රධාන සෘතු තුනක් පැවතිණ. හේමන්ත, ගිම්හාන, වස්සාන වශයෙනි. හේමන්ත සෘතුව, අධික ලෙස ශීතලය. ගිම්හාන සෘතුව, අධික ලෙස උණුසුම්ය. වස්සාන...

read more
ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි

ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි

බ‍්‍රාහ්මණ තිස්ස බය පැවති කාලයේ සිතුල්පව්වේද තිස්ස මහා විහාරයේ ද දොලොස් දහස බැගින් භික්ෂූහු විසූහ. අවුරුදු තුනකට ප‍්‍රමාණවත් ධාන්‍ය විහාර දෙකෙම් මහ...

read more
හැඳින මෙහෙයවිය යුතු කර්මය

හැඳින මෙහෙයවිය යුතු කර්මය

බුදු දහමේ මූලික සංකල්පයක් වන කර්මය පිළිබඳ ඉතා පැහැදිලි විවරණයක් මේ ලිපිය මගින් දැක්වේ..කර්මය නම් චර්යාව පිළිබඳ හේතු-ප්‍රත්‍ය නියාමය යි. එහි සමගාමි...

read more
සුළුවෙන් කලද නැති නොවන පින්

සුළුවෙන් කලද නැති නොවන පින්

දානයෙන් මෙන් මැ ශීල භාවනාවන් හි අනුසස් බොහෝ ය. ශීලයෙහි යෙදෙනවාට වඩා බොහෝ දෙනා දන් දී මෙහි යුහුසුළු වෙති. එකල වැඩි දෙනෙක් බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා...

read more
මරණානුස්සති භාවනාව

මරණානුස්සති භාවනාව

ඉපදුණා වූ සියලූම සත්වයෝ මරණයට පත්වන්නේය. දෙව්ලොවෙහි දෙවියන් ද, බඹලොවෙහි බ‍්‍රහ්මයන් ද, සතර අපා වැසි සත්වයන් ද, සියලූ මනුෂ්‍යයන් ද මරණයට පත් වන්නේ ය....

read more
සතර සතිපට්ඨානය තුළ සප්ත බොජ්ඣංග

සතර සතිපට්ඨානය තුළ සප්ත බොජ්ඣංග

බුදුරජාණන් වහන්සේ වදාළ සතිපට්ඨාන භාවනාවේ ධම්මානුපස්සනාවේ අවසාන කොටස් දැන් අපි ඉගෙන ගනිමින් සිටින්නේ. මේකෙ තියෙනවා සප්ත බොජ්ඣංග කියල කොටසක්. බොජ්ඣංග...

read more

“මෙම පුණ්‍ය භූමිය සඳහා අවශ්‍ය දෑ පහත පරිදි දැක්විය හැකිය.”

මෙම විහාරස්ථානයේ අවශ්‍යතා සොයාබලා ඔබට හැකි අයුරින් ආධාර කරන්න. විහාරස්ථානයේ වර්තමාන තත්වය දැනගැනීමට සැමවිටම විහාරාධිපති ස්වාමින් වහන්සේ දුරකථනය ඔස්සේ හෝ චැට් පණිවිඩයක් ඔස්සේ සම්බන්ධ කරගන්න. මෙම තොරතුරු යාවත්කාලින කරන ලද්දේ 2019 අගෝස්තු 18 වෙනි දිනදීය.

ආධාර අවශ්‍ය කාරණා

  • ඉදිකිරීමට යෝජිත නව දෙමහල් සංඝාවාසය  ඉදි කර ගැනිම.
  • අඩුපාඩුවක්ව පවතින චේතිය ඉදිකර ගැනිමට.
  • වැසිකිළි පද්ධතියක් ඉදිකර ගැනිමට.
  • විහාර මන්දිරය ප්‍රතිසංස්කරණ කිරීමට.
  • දහම් පාසල් ගොඩනැගිල්ලක් මෙන්ම ඩෙස්, පුටු, බංකු, ගුරු මේස, ගුරු පුටු සහ ශබ්ද වාහීනි යන්ත්‍රයක අවශ්‍යතාවයක්ද ඇත.

ආධාර කරන්න 

පින්වත් ඔබගේ ආධාර පහත ගිණුමට බැරකළ හැකිය

ගිණුමේ නම – විහාරාධිපති හිමි ගිණුම
ගිණුම් අංකය – 096200240026291
බැංකු ශාඛාව – මැදවච්චිය

ඔබ බැංකුවට මුදල් බැර කරන්නේ නම්, බැංකුවෙන් ලැබෙන රිසිට් පතෙහි පිටපතක් අප වෙත යෙමුකරන්න.

~ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ~

පූජ්‍ය ඉහලගම සුමන නන්ද හිමි.
උපන්දිනය-1994.08.17
පදවි-විහාරාධිපති

අපව සම්බන්ධ කරගන්න

පහත දුරකතන අංක ඔස්සේ විහාරස්ථානය සම්බන්ධ කරගත හැකි අතර, බොහොමයක් විහාරස්ථාන පිහිටා ඇත්තේ ඉතා දුෂ්කර ප්‍රදේශවල බැවින් ඊමේල් ඔස්සේ සම්බන්ධ කරගැනීමට අපහසු විය හැකි බව කරුණාවෙන් සළකන්න. 

ඊමේල් ලිපිනය

info@bodhirukkharamaya.org.lk

දුරකතන අංකය

0719978588 / 0702767225 / 0763261760

ලිපිනය

කෝන්ගොල්ලෑව, ඇටවීරගොල්ලැව, මැදවච්චිය

විහාරස්ථානයේ පිහිටීම 

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…