loader image
Select Page

ගුරුගොඩ විහාරය

මෙම විහාරය වලගම්බා රජු දවස ක්‍රි.පූ.103 ඉදි කරන ලද බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්තා වල සදහන් වේ. එකල  මෙම විහාරය චෛත්‍ය බෝධිය විහාර මන්දිර සංඝාවාස ගිනිහල් ගෙවල් පොහොය ගෙය හා පැං පොකුණු ආදියෙන් යුතු අංග සම්පුර්ණ විහාරස්ථානයකනි. දැනට ඒවායේ නටබුන් දක්නට ඇත. යාපහුව රාජධානි යුගයේ විහාරස්ථානය අවට ගම්මානවලින් දළදා පූජාව සඳහා කොමඩු සැපයු බව සදහන් සිලා ලිපියක් විහාරය ආසන්නයෙන් හමු වි ඇත.

පසු කලක වනගතව පැවති මෙම විහාරය මහනුවර යුගයේ කිර්ති ශ්‍රි රාජසිංහ රජු දවස (ක්‍රි.ව. 1747) යළි පිළිසකර කොට නැවතුම් කරවා ඇත. අද දක්නට ඇති පැරණි විහාර ගෙය සහ පිලිම ඒ කාලයේ නිර්මාණය විය. මැතක චෛත්‍ය ප්‍රතිසංස්කරණය  කොට සංඝාවාසය සහ බෝධි ප්‍රාකාරය ආදිය ඉදිකරවන ලදි.

සුන්දර වන ලැහැබකින් වට වු සුවිශාල ගල්තලාවක පිහිටි මේ විහාරය ඉපැරණි විහාරස්ථානයක පිහිටිම දක්වන කදිම ආදර්ශයකි. ගම, කුඹුරුයාය. වැව, පන්සල, දාගැබ පිලිවෙලින් පිහිටා තිබේ. පර්වතය  මත  ඇති දසාගැබ වැවට  කුඹුරු යායට හා මුළු ගමටම දර්ශනනය වේ.

ශ්‍රි රතනපාල දහම් පාසල

ශ්‍රි රතනපාල දහම්පාසල නමින් විහාරයෙහි දහම් පාසලක් පවත්වාගෙන යනු ලැබේ. අවට ගම්වල දරුවන් මේ දහම්පාසලේ අධ්‍යාපනය  ලබති. එකසිය පනහක් පමණ දරු පිරිසක් මෙහි ඉගෙනුම ලබන අතර ස්වේච්ඡා ගුරුවරුන් පහලොස් දෙනෙක්  සේවය කරති. දහම්පාසල් දරුවන්ට බෞද්ධ සිරිත් විරිත් හා බුදු  දහම උගන්වන අතර ඔවුන්ට ධර්මය පිලිබඳ ප්‍රායෝගික පුහුණු ද ලබා දෙනු ලැබේ.

පුවත්  ~ News

මෙම විහාරස්ථානයේ  සිදුකරන ආගමික වැඩසටහන්, ආධාර අවශ්‍යතා සහ දහම් කරුණු පිළිබදව තොරතුරු පහතින් දක්වා ඇත. සම්පුර්ණ පුවත කියවන්න “වැඩිදුර කියවන්න” බොත්තම ඔබන්න.

කුසල් දහම් පුරන ගිහි පැවිදි දෙපිරිසටම ඉතා වැදගත් ‘වස් කාලය’

කුසල් දහම් පුරන ගිහි පැවිදි දෙපිරිසටම ඉතා වැදගත් ‘වස් කාලය’

පැරණි භාරතයේ ප‍්‍රධාන සෘතු තුනක් පැවතිණ. හේමන්ත, ගිම්හාන, වස්සාන වශයෙනි. හේමන්ත සෘතුව, අධික ලෙස ශීතලය. ගිම්හාන සෘතුව, අධික ලෙස උණුසුම්ය. වස්සාන...

read more
ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි

ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි

බ‍්‍රාහ්මණ තිස්ස බය පැවති කාලයේ සිතුල්පව්වේද තිස්ස මහා විහාරයේ ද දොලොස් දහස බැගින් භික්ෂූහු විසූහ. අවුරුදු තුනකට ප‍්‍රමාණවත් ධාන්‍ය විහාර දෙකෙම් මහ...

read more
හැඳින මෙහෙයවිය යුතු කර්මය

හැඳින මෙහෙයවිය යුතු කර්මය

බුදු දහමේ මූලික සංකල්පයක් වන කර්මය පිළිබඳ ඉතා පැහැදිලි විවරණයක් මේ ලිපිය මගින් දැක්වේ..කර්මය නම් චර්යාව පිළිබඳ හේතු-ප්‍රත්‍ය නියාමය යි. එහි සමගාමි...

read more
සුළුවෙන් කලද නැති නොවන පින්

සුළුවෙන් කලද නැති නොවන පින්

දානයෙන් මෙන් මැ ශීල භාවනාවන් හි අනුසස් බොහෝ ය. ශීලයෙහි යෙදෙනවාට වඩා බොහෝ දෙනා දන් දී මෙහි යුහුසුළු වෙති. එකල වැඩි දෙනෙක් බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා...

read more
මරණානුස්සති භාවනාව

මරණානුස්සති භාවනාව

ඉපදුණා වූ සියලූම සත්වයෝ මරණයට පත්වන්නේය. දෙව්ලොවෙහි දෙවියන් ද, බඹලොවෙහි බ‍්‍රහ්මයන් ද, සතර අපා වැසි සත්වයන් ද, සියලූ මනුෂ්‍යයන් ද මරණයට පත් වන්නේ ය....

read more
සතර සතිපට්ඨානය තුළ සප්ත බොජ්ඣංග

සතර සතිපට්ඨානය තුළ සප්ත බොජ්ඣංග

බුදුරජාණන් වහන්සේ වදාළ සතිපට්ඨාන භාවනාවේ ධම්මානුපස්සනාවේ අවසාන කොටස් දැන් අපි ඉගෙන ගනිමින් සිටින්නේ. මේකෙ තියෙනවා සප්ත බොජ්ඣංග කියල කොටසක්. බොජ්ඣංග...

read more

“මෙම පුණ්‍ය භූමිය සඳහා අවශ්‍ය දෑ පහත පරිදි දැක්විය හැකිය.”

මෙම විහාරස්ථානයේ අවශ්‍යතා සොයාබලා ඔබට හැකි අයුරින් ආධාර කරන්න. විහාරස්ථානයේ වර්තමාන තත්වය දැනගැනීමට සැමවිටම විහාරාධිපති ස්වාමින් වහන්සේ දුරකථනය ඔස්සේ හෝ චැට් පණිවිඩයක් ඔස්සේ සම්බන්ධ කරගන්න. මෙම තොරතුරු යාවත්කාලින කරන ලද්දේ 2019 ඔක්තොම්බර් 28 වෙනි දිනදීය.

ආධාර අවශ්‍ය කාරණා

  1. පැරණි දාගැබ් මළුව සංවර්ධනය කිරිම

ඉතා  පැරණි දාගැබ පර්වතය මත පිහිටා තිබේ. මෑතක දි දාගැබ සංරක්ෂණය කරන ලදී. නමුත් මළුව සංරක්ෂණය කළ නොහැකි විය. මළුව අඩි (125 X 125 ) (දිග අඩි 125 පළල අඩි 125 ක් වේ.) කලුගලින් පදනම බැඳ වලාකුල් බැම්මක් සාදා විදුලි ආලෝකය සපයා ගත යුතුය. මේ නිම කිරිම සඳහා රුපියල් මිලියන 2 ක් පමණ වැය වේ.

  1. වකුගඩු හා පිලිකා රෝගින් සඳහා සුභසාධන වැඩ සටහන් දියුණු කිරිම

කෘෂිකාර්මික ප්‍රදේශයක් වන අප ප්‍රදේශයේ බහුල  වශයෙන් වකුගඩු  රෝගින් සිටිත්. ඇතැම් පවුල්වල වකුගඩු රෝගීන් කිහිප දෙනෙක් සිටින අතර ඔවුහු අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇත. වකුගඩු රෝගය පාලනය කිරීමට රාජ්‍ය මැදිහත්වීම ඇතත් රෝගි වු පුද්ගලයන් සඳහා සුභසාධන වැඩ පිලිවෙලක් නැත. මේ නිසා රෝගීන්ට බෙහෙත් ආහාරපාන ඇඳුම් පැලඳුම් ලබා ගැනීමට උපකාර කිරිමත් එම පවුල්වල දරුවන්ට අධ්‍යාපන උපකාර කිරිමත් සඳහා මෙම වැඩසටහන ආරම්භ කොට ඇත. මේ වැඩසටහන දියුණු කිරීම අත්‍යවශ්‍ය සමාජ සුභසාධනයකි.

  1.  පුස්තකාලය සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ මධ්‍යස්තානයක් පවත්වාගෙන යාම

දරුවන් හා වැඩිහිටියන් සඳහා මෙම ගම්මානවල පුස්තකාලයක් හා තොරතුරු මධ්‍යස්ථානයක් නොමැති විම බලවත් අඩුපාඩුවකි. මේ නිසා දැනට ඇති කුඩා පුස්තකාලය සංවර්ධනය කොට  තොරතුරු හා තාක්ෂණ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම අරමුණයි . මේ සඳහා සුදුසු ගොඩනැගිල්ලක් සෑදිමට බලාපොරොත්තු වේ. ඒ සඳහා රුපියල් මිලියන තුනක් (03) පමන අවශ්‍යව ඇත. මධ්‍යස්ථානයට අවශ්‍ය උපකරන, පොත්පත්, තාක්ෂණ මෙවලම් සඳහා රුපියල් මිලියන හතරක් (04) අවශ්‍ය බව  ගණන් බලා ඇත. මේ මධ්‍යස්ථානය  පවත්වාගෙන යාමෙන් ළමුන් හා වැඩිහිටියන් දහසකට පමණ සෙතක් සැලසේ.

ආධාර කරන්න 

පින්වත් ඔබගේ ආධාර පහත ගිණුමට බැරකළ හැකිය

ගිණුමේ නම – විහාරාධිපති හිමි ගිණුම
ගිණුම් අංකය – 226200260008099
බැංකු ශාඛාව – කුරුණෑගල

ඔබ බැංකුවට මුදල් බැර කරන්නේ නම්, බැංකුවෙන් ලැබෙන රිසිට් පතෙහි පිටපතක් අප වෙත යෙමුකරන්න.

~ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ~

මෙම විහාරස්ථානයේ විහාරාධිපති හිමි වලස්වැවේ ඥාණරතන නා හිමියන්ය.උන්වහන්සේ වයස අවුරුදු 9 දී පැවිදි භුමියට පත් වු අතර දැන් අවුරුදු 65 වියේ පසුවෙති. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන අධිකරණ සංඝනායක තනතුර දරන උන්වහන්සේ ශ්‍රි ලංකාවේ සියළුම පිරිවෙන් අධ්‍යාපන භාර අධ්‍යාපන අධ්‍යක්ෂ  ජනරාල් ලෙස සේවය  කොට විශ්‍රාම ලබා සිටිති. රාජකිය පණ්ඩිත, ශාස්ත්‍රපති, ත්‍රිපිටකවේදි, පුස්තකාල, විද්‍යා ආදි උපාධි  ලබා ඇති උන්වහන්සේ සාරිපුත්ත අධ්‍යාපන විද්‍යා පීඨයේ ප්‍රමුඛාචාර්යවරයෙකු ලෙස ද ජාතික අධ්‍යාපන ආයතනයේ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙසද සේවය කොට ඇත. කුරුණෑගල ප්‍රදේශයේ විහාරාධිපති සංගමයේ සභාපති වන්නේ ද මුන් වහන්සේය.

අපව සම්බන්ධ කරගන්න

පහත දුරකතන අංක ඔස්සේ විහාරස්ථානය සම්බන්ධ කරගත හැකි අතර, බොහොමයක් විහාරස්ථාන පිහිටා ඇත්තේ ඉතා දුෂ්කර ප්‍රදේශවල බැවින් ඊමේල් ඔස්සේ සම්බන්ධ කරගැනීමට අපහසු විය හැකි බව කරුණාවෙන් සළකන්න. 

ඊමේල් ලිපිනය

info@gurugodaviharaya.org.lk

දුරකතන අංකය

0766389550

ලිපිනය

ගුරුගොඩ විහාරය,  හාතිගමුව, පොල්පිතිගම

විහාරස්ථානයේ පිහිටීම 

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…