loader image
Select Page

ජයසුන්දර පුරාණ විහාරය

හම්බන්තොට දිස්ත්‍රික්කයේ  තංගල්ල පුරවරයට  නුදුරුව කදුරුපොකුණ නම් සුන්දර ගම්මානයේ පිහිටි පෞරාණික විහාරස්ථානයක් වූ කදුරුපොකුණ ජයසුන්දර පුරාණ විහාරස්ථානය ඓතිහාසික මෙන්ම විවිධ අංශයන්ගෙන් දසත කීර්තිය පතුරුවන සිද්ධස්ථානයකි. මෙම විහාරස්ථානයේ පෞරාණිකත්වය පිළිබඳව ක්‍රි.ව. 165 පමණ සිට ලිඛිත සාධක ඇති අතර කාවන්තිස්ස රජු විසින් කරවන ලද සූසැට විහාරයන්ගෙන් එකක් බව ජනප්‍රවාදයේ පවතී. කෙසේ වුවත් විහාරස්ථානයේ ඇති බ්‍රාහ්මී අක්ෂර සහිත සෙල්ලිපිය විහාරස්ථානයේ පෞරාණිකත්වය සනාථ කරන ප්‍රබල සාධකයකි. පුරාණයේ පටන් යෝගාවචර භික්ෂූන්වහන්සේලාට තපෝවනයක් ලෙස මේ විහාරස්ථානය පැවති බව පැරණි ලේඛනවලින් පෙන්නුම් කෙරේ.

පුවත්  ~ News

මෙම විහාරස්ථානයේ  සිදුකරන ආගමික වැඩසටහන්, ආධාර අවශ්‍යතා සහ දහම් කරුණු පිළිබදව තොරතුරු පහතින් දක්වා ඇත. සම්පුර්ණ පුවත කියවන්න “වැඩිදුර කියවන්න” බොත්තම ඔබන්න.

කුසල් දහම් පුරන ගිහි පැවිදි දෙපිරිසටම ඉතා වැදගත් ‘වස් කාලය’

කුසල් දහම් පුරන ගිහි පැවිදි දෙපිරිසටම ඉතා වැදගත් ‘වස් කාලය’

පැරණි භාරතයේ ප‍්‍රධාන සෘතු තුනක් පැවතිණ. හේමන්ත, ගිම්හාන, වස්සාන වශයෙනි. හේමන්ත සෘතුව, අධික ලෙස ශීතලය. ගිම්හාන සෘතුව, අධික ලෙස උණුසුම්ය. වස්සාන...

read more
ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි

ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි

බ‍්‍රාහ්මණ තිස්ස බය පැවති කාලයේ සිතුල්පව්වේද තිස්ස මහා විහාරයේ ද දොලොස් දහස බැගින් භික්ෂූහු විසූහ. අවුරුදු තුනකට ප‍්‍රමාණවත් ධාන්‍ය විහාර දෙකෙම් මහ...

read more
හැඳින මෙහෙයවිය යුතු කර්මය

හැඳින මෙහෙයවිය යුතු කර්මය

බුදු දහමේ මූලික සංකල්පයක් වන කර්මය පිළිබඳ ඉතා පැහැදිලි විවරණයක් මේ ලිපිය මගින් දැක්වේ..කර්මය නම් චර්යාව පිළිබඳ හේතු-ප්‍රත්‍ය නියාමය යි. එහි සමගාමි...

read more
සුළුවෙන් කලද නැති නොවන පින්

සුළුවෙන් කලද නැති නොවන පින්

දානයෙන් මෙන් මැ ශීල භාවනාවන් හි අනුසස් බොහෝ ය. ශීලයෙහි යෙදෙනවාට වඩා බොහෝ දෙනා දන් දී මෙහි යුහුසුළු වෙති. එකල වැඩි දෙනෙක් බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා...

read more
මරණානුස්සති භාවනාව

මරණානුස්සති භාවනාව

ඉපදුණා වූ සියලූම සත්වයෝ මරණයට පත්වන්නේය. දෙව්ලොවෙහි දෙවියන් ද, බඹලොවෙහි බ‍්‍රහ්මයන් ද, සතර අපා වැසි සත්වයන් ද, සියලූ මනුෂ්‍යයන් ද මරණයට පත් වන්නේ ය....

read more
සතර සතිපට්ඨානය තුළ සප්ත බොජ්ඣංග

සතර සතිපට්ඨානය තුළ සප්ත බොජ්ඣංග

බුදුරජාණන් වහන්සේ වදාළ සතිපට්ඨාන භාවනාවේ ධම්මානුපස්සනාවේ අවසාන කොටස් දැන් අපි ඉගෙන ගනිමින් සිටින්නේ. මේකෙ තියෙනවා සප්ත බොජ්ඣංග කියල කොටසක්. බොජ්ඣංග...

read more

“මෙම පුණ්‍ය භූමිය සඳහා අවශ්‍ය දෑ පහත පරිදි දැක්විය හැකිය.”

මෙම විහාරස්ථානයේ අවශ්‍යතා සොයාබලා ඔබට හැකි අයුරින් ආධාර කරන්න. විහාරස්ථානයේ වර්තමාන තත්වය දැනගැනීමට සැමවිටම විහාරාධිපති ස්වාමින් වහන්සේ දුරකථනය ඔස්සේ හෝ චැට් පණිවිඩයක් ඔස්සේ සම්බන්ධ කරගන්න. මෙම තොරතුරු යාවත්කාලින කරන ලද්දේ 2020 ජනවාරි 6 වෙනි දිනදීය.

ආධාර අවශ්‍ය කාරණා

දැනට ඉදි කිරීමට යෝජිත සිරිපාද මහා විහාරය  සහ ගොඩනැගීමට යෝජිත තට්ටු 03 ක ගොඩනැගිල්ලද දෙමහල් සංඝාවාසය හා ධර්ම ශාලාවෙහි ඉදිරි වැඩ කටයුතු අවසන් කිරීම සඳහා ආධාර උපකාර බලාපොරොත්තු වේ.

ආධාර කරන්න 

පින්වත් ඔබගේ ආධාර පහත ගිණුමට බැරකළ හැකිය

ගිණුමේ නම – කදුරුපොකුණ ජයසුන්දර පුරාණ විහාරස්ථ කාර්ය සාධක සමිතිය
ගිණුම් අංකය – 067-2-001-1-0021212
බැංකු ශාඛාව – තංගල්ල

ඔබ බැංකුවට මුදල් බැර කරන්නේ නම්, බැංකුවෙන් ලැබෙන රිසිට් පතෙහි පිටපතක් අප වෙත යෙමුකරන්න.

~ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ~

ශාස්ත්‍රපති විතාරණ්දෙනිය ඥාණරතන හිමි 1984 මැයි මස 24 වන දින පැවිදි දිවියට ඇතුලත්ව කදුරුපොකුණ සිරි ධම්මතිලක පිරිවෙනින් මූලික අධ්‍යාපනය ලබා ද්විතියික අධ්‍යාපනය ගාල්ල ශ්‍රී රේවත විද්‍යාභිවර්ධන පිරිවෙනින් ලබාගන්නා ලදී. ඉන් පසුව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් පළමු උපාධිය ලබා කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලැබීය. අනතුරුව කොළඹ විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපන ඩිප්ලෝමාවද ලබා ගන්නා ලදී. 1997 වසරේදී සිරි ධම්මතිලක  නියෝජ්‍ය පරිවේණාධිපති ලෙස කටයුතු කර උන්වහන්සේ දැනට පරිවේණාධිපති ලෙස කටයුතු කරයි. 2002 වසරේ සිට විහාරාධිපති ලෙස කටයුතු කරනු ලබයි.

දහම් පාසල, පිරිවෙන සහ පෙර පාසල

සිරි ධම්මතිලක දහම් පාසල

සිසු දරුවන් 450 ක් පමණ දහම් අධ්‍යාපනය ලබයි. ආචාර්ය මණ්ඩලය 20 ක් පමණ වේ. 1965 ජනවාරි 09 වන දින ආරම්භ කර ඇත.

සිරි ධම්මතිලක පිරිවෙන, කදුරුපොකුණ, තංගල්ල.

සාමනේර භික්ෂූන් වහන්සේලා 20 ක් පමණ අධ්‍යාපනය ලබයි.

ධම්මතිලක පෙර පාසල :   සිසු දරුවන් 30 ක් පමණ අධ්‍යාපනය ලබන අතර ගුරු මණ්ඩලය තිදෙනෙකි. (03)

අපව සම්බන්ධ කරගන්න

පහත දුරකතන අංක ඔස්සේ විහාරස්ථානය සම්බන්ධ කරගත හැකි අතර, බොහොමයක් විහාරස්ථාන පිහිටා ඇත්තේ ඉතා දුෂ්කර ප්‍රදේශවල බැවින් ඊමේල් ඔස්සේ සම්බන්ධ කරගැනීමට අපහසු විය හැකි බව කරුණාවෙන් සළකන්න. 

ඊමේල් ලිපිනය

info@jayasundarapuranaviharaya.org.lk

දුරකතන අංකය

0718354408

ලිපිනය

ජයසුන්දර පුරාණ විහාරය, කදුරුපොකුණ, තංගල්ල

විහාරස්ථානයේ පිහිටීම 

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…