loader image
Select Page

ශ්‍රී සද්ධර්ම ජෝතිකාරාමය

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලූණුඅටුලෑව නම් ගමේ පිහිටි මෙය  ශ්‍රී සද්ධර්මජෝතිකාරාමය නමින් හැඳින්වේ.1937 වර්ෂයේ පටන් ගෙන ඇති මෙම විහාරස්ථානයේ දායක සංඛ්‍යාව 170ක් පමණ වේ. ඒ අය ගොවිතැනින් ජීවත් වන දුප්පත් පිරිසකි.

දහම් පාසල

මෙම විහාරස්ථානයට සම්බන්ධ දහම් පාසල සිරි සදහම් දහම් පාසල නමින් හැඳින්වේ. 2005 වර්ශයේ ආරම්භ කල මෙම දහම්පාසලේ මේ වනවිට සිසු පිරිස 250ක් ඉක්මවා සිටී. ගුරු මණ්ඩලය 11ක් වේ. වාර්ෂිකව මෙම දහම්පාසලින් ධර්මාචාර්‍ය විභාගය සමත් වන පිරිසද ඇත.

පුවත්  ~ News

මෙම විහාරස්ථානයේ  සිදුකරන ආගමික වැඩසටහන්, ආධාර අවශ්‍යතා සහ දහම් කරුණු පිළිබදව තොරතුරු පහතින් දක්වා ඇත. සම්පුර්ණ පුවත කියවන්න “වැඩිදුර කියවන්න” බොත්තම ඔබන්න.

සතර සතිපට්ඨානය තුළ ඉරියාපථ භාවනාව

සතර සතිපට්ඨානය තුළ ඉරියාපථ භාවනාව

දැන් ඔබ මේ වෙන කොට ආනාපානසති භාවනාව පිළිබඳවත්, හොඳ සිහි නුවණින් යුක්තව සෑම කටයුත්තක්ම කිරීම ගැනත් ඔබ ඉගෙන ගෙන තියෙනවා. ඊළඟට ඉගෙන ගන්නේ සක්මන් භාවනාව...

read more
භාවනාවේ මූලික කරුණු

භාවනාවේ මූලික කරුණු

භාවනාව තුළින් ඔබේ මිනිස් ජීවිතය වඩාත්ම සුවපත් කරන අතර වඩාත්ම අර්ථවත් කරයි. භාවනා කිරීම කියන්නේ ඔබේ සිත දියුණු කරගන්නා සුවිශේෂී ක්‍රමයකටයි. අපට මේ...

read more
පෘථග්ජන පුද්ගලයා කවරෙක් ද?

පෘථග්ජන පුද්ගලයා කවරෙක් ද?

බෞද්ධයෝ බොහෝ කලක සිට නිවැරදි අර්ථය නොසළකා ‘පෘථග්ජන’ යන වචන ව්‍යවහාර කරන්නට පුරුදුව සිටිති. තමන්ගේ ඇතැම් දුර්වලතා සාධාරණීකරණය කරගැනීමට ද ‘අපි ඉතින්...

read more
ආයාචිතභත්ත ජාතකය ~ දෙවියන්ට භාරහාර වූ මිනිසුන්ගේ කථාව

ආයාචිතභත්ත ජාතකය ~ දෙවියන්ට භාරහාර වූ මිනිසුන්ගේ කථාව

අදටත් සමහර උදවිය තමන්ගේ කටයුතු සාර්ථක වෙන්න කියල දෙවියන්ට භාරහාර වෙනවා. දේවදාන දෙනවා. ඇතැම් ආගම්වල අදටත් භාර ඔප්පු කිරීම පිණිස සතුන් මරා බිලි දෙනවා....

read more
කණ්හ ජාතකය ~ කළු වෘෂභයාගේ කථාව

කණ්හ ජාතකය ~ කළු වෘෂභයාගේ කථාව

වගකීම් හැමෝටම දරන්ට බෑ. ඕනෑම වගකීමක් දරන්ට පුළුවන් අය ඉන්නවා. අපගේ භාග්‍යවතුන් වහන්සේ අන්න එබඳු උත්තමයෙක්. දවසක් අපගේ භාග්‍යවතුන් වහන්සේ අසවල් දවසේ...

read more
තේලපත්ත ජාතකය ~ තෙල් පාත්‍රය මුල් කොට වදාළ කථාව

තේලපත්ත ජාතකය ~ තෙල් පාත්‍රය මුල් කොට වදාළ කථාව

පින්වතුනේ, පින්වත් දරුවනේ, ජීවිතයේ බොහෝ ආරවුල්, අර්බුද, ගැටළු හටගන්නේ ඉන්ද්‍රියයන් අසංවර වීමෙනුයි. ඉන්ද්‍රිය සංවර නොකර ගැනීමෙන් පැවිදි ජීවිතය පවා...

read more

“මෙම පුණ්‍ය භූමිය සඳහා අවශ්‍ය දෑ පහත පරිදි දැක්විය හැකිය.”

මෙම විහාරස්ථානයේ අවශ්‍යතා සොයාබලා ඔබට හැකි අයුරින් ආධාර කරන්න. විහාරස්ථානයේ වර්තමාන තත්වය දැනගැනීමට සැමවිටම විහාරාධිපති ස්වාමින් වහන්සේ දුරකථනය ඔස්සේ හෝ චැට් පණිවිඩයක් ඔස්සේ සම්බන්ධ කරගන්න. මෙම තොරතුරු යාවත්කාලින කරන ලද්දේ 2019 සැප්තැම්බර් 4 වෙනි දිනදීය.

ආධාර අවශ්‍ය කාරණා

දැනට පවත්නා අප සංඝාරාමය අවුරුදු හැටකට වඩා පැරනිය. සමහර කොටස් දිරා පත් වෙමින් පවතී.

එය අලුතින් සංඝාරාම ගොඩනැගිල්ලක් ඉදි කිරීමට පටන්ගෙන තිබේ. එය පෙරට වඩා ඉඩකඩ සහිතව සැලසුම්කොට ඇත. දැනට ඉදිවන ගොඩනැගිල්ල කොටස් දෙකකට ඉදිකර පසුව ඒකාබද්ද කෙරේ. එක වර ඉදි කිරීමට ආර්ථික ශක්තියක් නැත. දුප්පත් ගොවිතැනින් ජීවත්වන පවුල් සංඛයාව 170 ක් වේ. සම්පූර්ණ වියදම ලක්ශ 40ක් පමන වෙතැයි විශ්වාස කෙරේ. පින්වත් ඔබටද මේ සදහා ආදාර කල හැක.

ආධාර කරන්න 

පින්වත් ඔබගේ ආධාර පහත ගිණුමට බැරකළ හැකිය

ගිණුමේ නම – පන්සලේ දායක සභාවේ ගිණුම
ගිණුම් අංකය –  150200180007773
බැංකු ශාඛාව – කැබිතිගොල්ලෑව 

ඔබ බැංකුවට මුදල් බැර කරන්නේ නම්, බැංකුවෙන් ලැබෙන රිසිට් පතෙහි පිටපතක් අප වෙත යෙමුකරන්න.

~ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ~

මෙම විහාරස්ථානයේ වර්ථමාන විහාරාධිපති ශ්‍රි ලංකා මහා රාමන්‍ය නිකායට අයිති පූජ්‍ය ලුනුඅටුලෑවේ සීලසොභන මහා ස්ථවීරයන් වහන්සේ‍ය. විශ්‍රාමික පාසල් ගුරුවරයකු වන වුන් වහන්සේ දැනට 76 වන වියේ පසුවේ.

අපව සම්බන්ධ කරගන්න

පහත දුරකතන අංක ඔස්සේ විහාරස්ථානය සම්බන්ධ කරගත හැකි අතර, බොහොමයක් විහාරස්ථාන පිහිටා ඇත්තේ ඉතා දුෂ්කර ප්‍රදේශවල බැවින් ඊමේල් ඔස්සේ සම්බන්ධ කරගැනීමට අපහසු විය හැකි බව කරුණාවෙන් සළකන්න. 

ඊමේල් ලිපිනය

info@jothikaramaya.org.lk

දුරකතන අංකය

0712599572

ලිපිනය

ශ්‍රි සද්ධර්මජෝතිකාරාමය, ලුනුඅටුලෑව, කැබිතිගොල්ලෑව

විහාරස්ථානයේ පිහිටීම 

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…