කෑමට ඇති අධික ලොල් බව නිසා බොහෝ දෙනෙක් ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා. අඩු ආයුෂයෙන් මැරෙන අවස්ථා තියෙනවා. සමහරුන් සොරකමට පෙළඹෙනවා. හොරෙන් කනවා. අධික ලොල්...
ශ්‍රී සද්ධර්ම ජෝතිකාරාමය
අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලූණුඅටුලෑව නම් ගමේ පිහිටි මෙය ශ්‍රී සද්ධර්මජෝතිකාරාමය නමින් හැඳින්වේ.1937 වර්ෂයේ පටන් ගෙන ඇති මෙම විහාරස්ථානයේ දායක සංඛ්‍යාව 170ක් පමණ වේ. ඒ අය ගොවිතැනින් ජීවත් වන දුප්පත් පිරිසකි.
දහම් පාසල
මෙම විහාරස්ථානයට සම්බන්ධ දහම් පාසල සිරි සදහම් දහම් පාසල නමින් හැඳින්වේ. 2005 වර්ශයේ ආරම්භ කල මෙම දහම්පාසලේ මේ වනවිට සිසු පිරිස 250ක් ඉක්මවා සිටී. ගුරු මණ්ඩලය 11ක් වේ. වාර්ෂිකව මෙම දහම්පාසලින් ධර්මාචාර්ය විභාගය සමත් වන පිරිසද ඇත.
පුවත් ~ News
මෙම විහාරස්ථානයේ සිදුකරන ආගමික වැඩසටහන්, ආධාර අවශ්‍යතා සහ දහම් කරුණු පිළිබදව තොරතුරු පහතින් දක්වා ඇත. සම්පුර්ණ පුවත කියවන්න “වැඩිදුර කියවන්න” බොත්තම ඔබන්න.
“මෙම පුණ්‍ය භූමිය සඳහා අවශ්‍ය දෑ පහත පරිදි දැක්විය හැකිය.”
මෙම විහාරස්ථානයේ අවශ්‍යතා සොයාබලා ඔබට හැකි අයුරින් ආධාර කරන්න. විහාරස්ථානයේ වර්තමාන තත්වය දැනගැනීමට සැමවිටම විහාරාධිපති ස්වාමින් වහන්සේ දුරකථනය ඔස්සේ හෝ චැට් පණිවිඩයක් ඔස්සේ සම්බන්ධ කරගන්න. මෙම තොරතුරු යාවත්කාලින කරන ලද්දේ 2019 සැප්තැම්බර් 4 වෙනි දිනදීය.
ආධාර අවශ්‍ය කාරණා
දැනට පවත්නා අප සංඝාරාමය අවුරුදු හැටකට වඩා පැරනිය. සමහර කොටස් දිරා පත් වෙමින් පවතී.
එය අලුතින් සංඝාරාම ගොඩනැගිල්ලක් ඉදි කිරීමට පටන්ගෙන තිබේ. එය පෙරට වඩා ඉඩකඩ සහිතව සැලසුම්කොට ඇත. දැනට ඉදිවන ගොඩනැගිල්ල කොටස් දෙකකට ඉදිකර පසුව ඒකාබද්ද කෙරේ. එක වර ඉදි කිරීමට ආර්ථික ශක්තියක් නැත. දුප්පත් ගොවිතැනින් ජීවත්වන පවුල් සංඛයාව 170 ක් වේ. සම්පූර්ණ වියදම ලක්ශ 40ක් පමන වෙතැයි විශ්වාස කෙරේ. පින්වත් ඔබටද මේ සදහා ආදාර කල හැක.
ආධාර කරන්න
පින්වත් ඔබගේ ආධාර පහත ගිණුමට බැරකළ හැකිය
ගිණුමේ නම – පන්සලේ දායක සභාවේ ගිණුම
ගිණුම් අංකය – 150200180007773
බැංකු ශාඛාව – කැබිතිගොල්ලෑව
ඔබ බැංකුවට මුදල් බැර කරන්නේ නම්, බැංකුවෙන් ලැබෙන රිසිට් පතෙහි පිටපතක් අප වෙත යෙමුකරන්න.
~ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ~
මෙම විහාරස්ථානයේ වර්ථමාන විහාරාධිපති ශ්‍රි ලංකා මහා රාමන්ය නිකායට අයිති පූජ්‍ය ලුනුඅටුලෑවේ සීලසොභන මහා ස්ථවීරයන් වහන්සේය. විශ්‍රාමික පාසල් ගුරුවරයකු වන වුන් වහන්සේ දැනට 76 වන වියේ පසුවේ.
අපව සම්බන්ධ කරගන්න
පහත දුරකතන අංක ඔස්සේ විහාරස්ථානය සම්බන්ධ කරගත හැකි අතර, බොහොමයක් විහාරස්ථාන පිහිටා ඇත්තේ ඉතා දුෂ්කර ප්‍රදේශවල බැවින් ඊමේල් ඔස්සේ සම්බන්ධ කරගැනීමට අපහසු විය හැකි බව කරුණාවෙන් සළකන්න.
ඊමේල් ලිපිනය
info@jothikaramaya.org.lk
දුරකතන අංකය
0712599572
ලිපිනය
ශ්‍රි සද්ධර්මජෝතිකාරාමය, ලුනුඅටුලෑව, කැබිතිගොල්ලෑව
විහාරස්ථානයේ පිහිටීම
මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…