loader image
Select Page

කසාගල රජමහා විහාරය

කසාගල රජමහා විහාරයේ මුලාරම්භය සිදු වු බවට පුරාවෘත්තය දිගහැරෙන්නේ ක්‍රි.පූ. 03 වන සියවසේ දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ සිදු වු දෙතිස්ඵල බෝධිරුක්ෂ රෝපණයක් සමගයි. මෙම විහාරස්ථානය පිළිබඳ මහාවංශය, දිපවංශය හා බෝධිවංශය ආදී සාහිත්‍යගත මුලාශ්‍ර තොරතුරු පුරාවිද්‍යා මූලාශ්‍ර තුළින් තවදුරටත් තහවුරු කර ගැනිමට හැකියාව ලැබි තිබෙනවා.

 සිංහලබෝධි වංශයෙහි  සඳහන් වන පරිදි ‘කසාගල්ල වෙහෙරෙහි‘ දෙතිස්ඵල බෝෂධි රෝපණයෙන් එක් බෝධි වෘක්ෂයක් රෝපනය කළ බව අනාවරණය  වෙනවා. මෙහි ‘කසාගල්ල වෙහෙර‘ යනුවෙන් හදුන්වන්නේ දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇති කසාගල රජමහා විහාරය බවට සැලකෙනවා.   බෞද්ධාගමික පුජනිය අංගයක් බවට පත්ව ඇති බෝධි වෘක්ෂය ආවරණය වන පරිදි බෝධිය වටා  බෝධිඝර සහ ප්‍රාකාර බැම්ම ඉදිකිරිම    බෞද්ධ වාස්තු විද්‍යාවේ සුවිශේෂි අංගයක් බවට පත් වුනා.මෙම විහාරස්ථානයේ බෝධි වෘක්ෂය  වටා ඇති නවින ප්‍රාකාර බැම්මට ඇතුලතින් ක්‍රි.පූ. 03 වන සියවසට පමණ අයත් යැයි සැලකෙන ගල්, ගඩොල් සහ හුණු බදාමෙන් ඉදිකළ පැරණි ප්‍රාකාර බැම්මෙහි නටබුන් දැකගත හැකි වෙනවා. මේ කරුණු සියල්ලම සාධනය කර බලන විට අපට පැහැදිලි වෙන්නේ කසාගල රජමහා විහාරයේ මූලාරම්භය මෙරට බුදුදහම පිහිටවු අවධියට සමකාලින බවයි.

පුවත්  ~ News

මෙම විහාරස්ථානයේ  සිදුකරන ආගමික වැඩසටහන්, ආධාර අවශ්‍යතා සහ දහම් කරුණු පිළිබදව තොරතුරු පහතින් දක්වා ඇත. සම්පුර්ණ පුවත කියවන්න “වැඩිදුර කියවන්න” බොත්තම ඔබන්න.

කුසල් දහම් පුරන ගිහි පැවිදි දෙපිරිසටම ඉතා වැදගත් ‘වස් කාලය’

කුසල් දහම් පුරන ගිහි පැවිදි දෙපිරිසටම ඉතා වැදගත් ‘වස් කාලය’

පැරණි භාරතයේ ප‍්‍රධාන සෘතු තුනක් පැවතිණ. හේමන්ත, ගිම්හාන, වස්සාන වශයෙනි. හේමන්ත සෘතුව, අධික ලෙස ශීතලය. ගිම්හාන සෘතුව, අධික ලෙස උණුසුම්ය. වස්සාන...

read more
ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි

ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි

බ‍්‍රාහ්මණ තිස්ස බය පැවති කාලයේ සිතුල්පව්වේද තිස්ස මහා විහාරයේ ද දොලොස් දහස බැගින් භික්ෂූහු විසූහ. අවුරුදු තුනකට ප‍්‍රමාණවත් ධාන්‍ය විහාර දෙකෙම් මහ...

read more
හැඳින මෙහෙයවිය යුතු කර්මය

හැඳින මෙහෙයවිය යුතු කර්මය

බුදු දහමේ මූලික සංකල්පයක් වන කර්මය පිළිබඳ ඉතා පැහැදිලි විවරණයක් මේ ලිපිය මගින් දැක්වේ..කර්මය නම් චර්යාව පිළිබඳ හේතු-ප්‍රත්‍ය නියාමය යි. එහි සමගාමි...

read more
සුළුවෙන් කලද නැති නොවන පින්

සුළුවෙන් කලද නැති නොවන පින්

දානයෙන් මෙන් මැ ශීල භාවනාවන් හි අනුසස් බොහෝ ය. ශීලයෙහි යෙදෙනවාට වඩා බොහෝ දෙනා දන් දී මෙහි යුහුසුළු වෙති. එකල වැඩි දෙනෙක් බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා...

read more
මරණානුස්සති භාවනාව

මරණානුස්සති භාවනාව

ඉපදුණා වූ සියලූම සත්වයෝ මරණයට පත්වන්නේය. දෙව්ලොවෙහි දෙවියන් ද, බඹලොවෙහි බ‍්‍රහ්මයන් ද, සතර අපා වැසි සත්වයන් ද, සියලූ මනුෂ්‍යයන් ද මරණයට පත් වන්නේ ය....

read more
සතර සතිපට්ඨානය තුළ සප්ත බොජ්ඣංග

සතර සතිපට්ඨානය තුළ සප්ත බොජ්ඣංග

බුදුරජාණන් වහන්සේ වදාළ සතිපට්ඨාන භාවනාවේ ධම්මානුපස්සනාවේ අවසාන කොටස් දැන් අපි ඉගෙන ගනිමින් සිටින්නේ. මේකෙ තියෙනවා සප්ත බොජ්ඣංග කියල කොටසක්. බොජ්ඣංග...

read more
සතර සතිපට්ඨානය තුළ ඉරියාපථ භාවනාව

සතර සතිපට්ඨානය තුළ ඉරියාපථ භාවනාව

දැන් ඔබ මේ වෙන කොට ආනාපානසති භාවනාව පිළිබඳවත්, හොඳ සිහි නුවණින් යුක්තව සෑම කටයුත්තක්ම කිරීම ගැනත් ඔබ ඉගෙන ගෙන තියෙනවා. ඊළඟට ඉගෙන ගන්නේ සක්මන් භාවනාව...

read more
භාවනාවේ මූලික කරුණු

භාවනාවේ මූලික කරුණු

භාවනාව තුළින් ඔබේ මිනිස් ජීවිතය වඩාත්ම සුවපත් කරන අතර වඩාත්ම අර්ථවත් කරයි. භාවනා කිරීම කියන්නේ ඔබේ සිත දියුණු කරගන්නා සුවිශේෂී ක්‍රමයකටයි. අපට මේ...

read more
පෘථග්ජන පුද්ගලයා කවරෙක් ද?

පෘථග්ජන පුද්ගලයා කවරෙක් ද?

බෞද්ධයෝ බොහෝ කලක සිට නිවැරදි අර්ථය නොසළකා ‘පෘථග්ජන’ යන වචන ව්‍යවහාර කරන්නට පුරුදුව සිටිති. තමන්ගේ ඇතැම් දුර්වලතා සාධාරණීකරණය කරගැනීමට ද ‘අපි ඉතින්...

read more
ආයාචිතභත්ත ජාතකය ~ දෙවියන්ට භාරහාර වූ මිනිසුන්ගේ කථාව

ආයාචිතභත්ත ජාතකය ~ දෙවියන්ට භාරහාර වූ මිනිසුන්ගේ කථාව

අදටත් සමහර උදවිය තමන්ගේ කටයුතු සාර්ථක වෙන්න කියල දෙවියන්ට භාරහාර වෙනවා. දේවදාන දෙනවා. ඇතැම් ආගම්වල අදටත් භාර ඔප්පු කිරීම පිණිස සතුන් මරා බිලි දෙනවා....

read more
කණ්හ ජාතකය ~ කළු වෘෂභයාගේ කථාව

කණ්හ ජාතකය ~ කළු වෘෂභයාගේ කථාව

වගකීම් හැමෝටම දරන්ට බෑ. ඕනෑම වගකීමක් දරන්ට පුළුවන් අය ඉන්නවා. අපගේ භාග්‍යවතුන් වහන්සේ අන්න එබඳු උත්තමයෙක්. දවසක් අපගේ භාග්‍යවතුන් වහන්සේ අසවල් දවසේ...

read more
තේලපත්ත ජාතකය ~ තෙල් පාත්‍රය මුල් කොට වදාළ කථාව

තේලපත්ත ජාතකය ~ තෙල් පාත්‍රය මුල් කොට වදාළ කථාව

පින්වතුනේ, පින්වත් දරුවනේ, ජීවිතයේ බොහෝ ආරවුල්, අර්බුද, ගැටළු හටගන්නේ ඉන්ද්‍රියයන් අසංවර වීමෙනුයි. ඉන්ද්‍රිය සංවර නොකර ගැනීමෙන් පැවිදි ජීවිතය පවා...

read more

වීඩියෝ ගැලරිය ~ Video Gallery

කසාගල රජමහා විහාරය

ඓතිහාසික කසාගල රජ මහා විහාරය

අඟුණකොළපෑලැස්ස ප්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයට අයත් කසාගල රජ මහා විහාරය රන්න වීරකැටිය මහා මාර්ගයේ රන්න හන්දියේ සිට කි.මි.9.6ක්  පමණ දුරින් පිහිටා ඇත. අනුරාධපුර යුගයේ සිට ඉදිවී ඇති මෙම විහාරස්ථානය රාජ රාජ මහාමාත්‍යාධීන්ගේ නොමද පැසසුමට හා අනුග‍්‍රයට යොමු වූ සේම විහාරය වෙත අක්කර පන්දහසක පමණ නින්දගම් ලබා දී ඇති බව පවසයි. විහාරයේ නාමය පිළිබඳ නිරුක්ති දක්වන්නන් සඳහන් කරන්නනේ මෙම ආරාමයේ වැඩ හුන් භික්ෂූන් වහන්සේලාගේ සිවුරු වියළීමට  නිතර විහාර භූමියේ ගල් මත එලා තිබූ නිසා ඒ අරුතින් කසාගල වූ බවයි. විහාර භූමියෙහි සෑම තැනම භූගෝලීය වශයෙන් පාෂාණ උද්ගත පිහිටා ඇත. නාම නිරුක්තිය අර්ථ ගැන්වෙන ශිලා ලේඛණයක් ද මෙම විහාර භූමියෙහි වෙයි.

රුහුණේ ගිරුවාපත්තුවට අයත් තංගලු විහාරයට කිරිවෙභෙර විහාරස්ථානයට හා කහඳාව පුරාණ විහාරස්ථානයට ඥාති බවක් ඇකි මෙම විහාර පරිශ‍්‍රය තුළ සිදු කරනු ලද පුරා විද්‍යාත්මක කටයුතු මඟින් ඓතිහාසික අවධි කිහිපයකට අයත් වැදගත් සාධක රැසක් හඳුනාගෙන ඇත. පෞරාණික ස්මාරක සහ ස්ථාන සම්බන්ධ සියළු පුරා විද්‍යාත්මක කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් සිදුකෙරේ.

කසාගල රජ මහා විහාරයේ ඓතිහාසිකත්වය

කි‍්‍රස්තු පූර්ව තුන්වන සියවසේ දේවානම් පියතිස්ස රජුගේ අනුග‍්‍රහයෙන් “දෙතිස්එලරුහ” බෝධීන් වහන්සේ රෝපණයෙන් පසු කසාගල විහාරයෙහි මූලාරම්භය සිදුවී ඇති බවට මතයක් පවති. ක‍්‍රිස්තු වර්ෂ දෙවන සියවසට අයත් සෙල්ලිපියක කහගල් විහාරය “කචගල පබ්බත” යනුවෙන් සඳහන් වන අතර, රහතන් වහන්සේලා මෙම ස්ථානයේ වැඩ සිටි බවත්, දළදා වහන්සේ වඩා හිඳුවා සිටි බවත්,සඳහන්වේ. කාවන්තිස්ස රජු විසින් (ක‍්‍රිස්තු පූර්ව 200-160) මෙම ස්ථානයෙහි ගොඩනැඟිලි කරවන ලද අතර, ඉන් පසුව 1වන දප්පුල (කි‍්‍රස්තු වර්ෂ 659)හා 1වන විජයබාහු (ක‍්‍රිස්තු වර්ෂ 1055-1110)යන රජ වරුන් විසින් එම ගොඩනැඟිලි ප‍්‍රථිසංස්කරණය කරනු ලැබේ.

කිර්ති ශ‍්‍රී රාජසිංහ රජු විසින් (ක‍්‍රිස්තු වර්ෂ 1747-1780)මෙම විහාරයට රන් පිළිමන් පරිත්‍යාග කර ඇති අතර මෙම කාලය තුළ දළදා පෙරහැර පවත්වා ඇත. අක්කර එක් දහසක් වූ සුවිශාල නින්දගමක් රජතුමාගෙන් ලැබීම හේතුවෙන් මෙය රජමහා විහාරයක් ලෙස ප‍්‍රසිද්ධිය උසුලයි. රුහුණු නැගෙනහිර ගිරුවාපත්තුවේ පිහිටි මෙම විහාරය අවට ප‍්‍රදේශයේ අනෙකුත් වෙභෙර  විහාර අතුරින් අද්විතිය ස්ථානයක් හිමිවෙයි. සියම් නිකායේ පූජ්‍ය වේහැල්ල ධම්මදින්න හිමියන් වර්තමාන නවෝදයේ නිර්මාතෘ වේ.

කසාගල විහාර සිතුවම්

මහනුවර සම්ප‍්‍රදායේ දකුණු ගුරුකුලයට අයත් ශිල්පීන්ගේ අනගි ප‍්‍රකාශනයන්ගෙන් යුක්ත වූ සිතුවම් සහ මූර්ති කසාගල ප‍්‍රතිමා ගෘහයෙහි ප‍්‍රවේශ මණ්ඩපය ප‍්‍රදක්ෂිණා පථය හා ගෘහය යන කොටස් තුනකින් සෑදුණු අවකාශය තුළ දක්නට ලැබේ. දක්ෂිණ ශෛලය සහ සංක‍්‍රාන්තින ශෛලය යන විශේෂ ශෛලීන් දෙකකට අයත් සිතුවම් මෙහිදි හඳුනා ගත හැකිය.

 මෙහි ප‍්‍රවේශ මණ්ඩපයෙහි ඇති සිතුවම් මඟින් බුදු සිරිත නිරූපණය කෙරේ. දක්ෂිණ සම්ප‍්‍රදායේ සංක‍්‍රාන්තික සිතුවම් ශෛලය නියෝජනය කරන මෙම සිතුවම් වල වර්ණ, රේඛා, හැඩතල භාවිතා කර ඇති ආකාරය අනුව විහාර සිතුවම් පිළිබඳ විස්තරාත්මක සංරචනයක් ඉදිරිපත් කෙරේ. ගර්භ ගෘහය තුළ දක්නට ලැබෙන බුදු පිළිම සහ සිතුවම් ද ප‍්‍රවේශ ද්වාරය සහ ප‍්‍රදක්ෂිණා පථය ආශ‍්‍රිතව දක්නට ලැබෙන ද්වාර පාල මූර්ති, සම්ප‍්‍රදායික සැරසිලි සහ ජාතක කතා සිතුවම් ද මහනුවර සම්ප‍්‍රදායේ දක්ෂිණ ශෛලිය නියෝජනය කරයි. යුරෝපීය සංස්කෘතික ලක්ෂණ සහ නව කලා ශෛලීන්හි ආභාෂය මෙම සිතුවම් වෙත ලැබී ඇත.

ඓතිහාසික කසාගල රජ මහා විහාරය

No Results Found

The page you requested could not be found. Try refining your search, or use the navigation above to locate the post.

“මෙම පුණ්‍ය භූමිය සඳහා අවශ්‍ය දෑ පහත පරිදි දැක්විය හැකිය.”

මෙම විහාරස්ථානයේ අවශ්‍යතා සොයාබලා ඔබට හැකි අයුරින් ආධාර කරන්න. විහාරස්ථානයේ වර්තමාන තත්වය දැනගැනීමට සැමවිටම විහාරාධිපති ස්වාමින් වහන්සේ දුරකථනය ඔස්සේ හෝ චැට් පණිවිඩයක් ඔස්සේ සම්බන්ධ කරගන්න. මෙම තොරතුරු යාවත්කාලින කරන ලද්දේ 2019 නොවැම්බර් 10 වෙනි දිනදීය.

ආධාර අවශ්‍ය කාරණා

පන්සලේ ඉදිරි සංවර්ධන කටයුතු වෙනුවෙන් ආධාර උපකාර බලාපොරොත්තු වේ.

ආධාර කරන්න 

පින්වත් ඔබගේ ආධාර පහත ගිණුමට බැරකළ හැකිය

ගිණුමේ නම – විහාර කාර්යය සාධක සමිතිය
ගිණුම් අංකය – 205200170051231
බැංකු ශාඛාව – අඟුණුකොළපැලැස්ස

ඔබ බැංකුවට මුදල් බැර කරන්නේ නම්, බැංකුවෙන් ලැබෙන රිසිට් පතෙහි පිටපතක් අප වෙත යෙමුකරන්න.

~2600 ශ්‍රී සම්බුද්ධ ජයන්ති මූලික පිරිවෙන සහ දහම්පාසල~

“2600 ශ්‍රී සම්බුද්ධ ජයන්ති මූලික පිරිවෙණ’, කසාගල රජ මහා විහාරය, උඩයාල, හකුරුවෙල.

‘2016  වසරේ ආරම්භ කරන ලද මෙම පිරිවෙන කුඩා සාමනේර හිමිවරුන් සඳහා ආරම්භ කරන ලදී. දැනට 30කට ආසන්න ශිෂ්‍ය පිරිසක් අධ්‍යාපනය  හදාරයි. ආචාර්ය මණ්ඩලය 5 දෙනෙකි. (පැවිදි – 3 ගිහි – 2)

  • පරිවේණාධිපති : ශාස්ත්‍රපති ඇත්ගාල්මුල්ලේ රතනසිරි සුමන හිමි
  • නියෝජ්‍ය පරිවේණාධිපති : ශාස්ත්‍රපති බූකෙන්දයායේ ගුණතිස්ස හිමි
  • කෘත්‍යාධිකාරී : මුරුංගස්යායේ හේමසිරි හිමි

 

දහම්පාසල (ශ්‍රී සුමනතිස්ස දහම්පාසල,  රජමහා විහාරය, කසාගල)

සිසුන් 450-500 පමණ දහම් අධ්‍යාපනය ලබයි. ගුරුවරුන් 20 පමණ දහම් අධ්‍යාපනය ලබා දේ.

~ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ~

දකුණු පළාතේ විහාරස්ථාන පිළිබඳව  කථිකා කිරිමේදී නිතැතින් ස්මරණය වන   පෞරාණික  විහාරස්ථානයනක් වන කසාගල නම් වූ පූජනිය වුත්, සුවිශිෂ්ටවුත්  පුදබිම ගැන  ගතක් ලිවීමේ කාර්යය සඳහා අනුශාසකත්වයක් ලබා දුන්නේ සද්ධර්ම කිර්ති ශ්‍රි විමලසිරි ගෞරව නාම සහිත රුහුණු මාගම්පත්තුව  ඇතුළු ගිරුවාගම් දොළොස් දහස් රට ප්‍රධාන අධිකරණ සංඝනායක. කසාගල රජමහ විහාරාධිපති හම්බන්තොට දිස්ත්‍රික් කෘත්‍යාධිකාරි පරිවේණාධිපති  සංගමයේ ගරු සභාපති  බැදිගම විද්‍යානන්ද පිරිවෙන් පරිවේනාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය තලම්පෝරුවෙ ඉන්දසිරි සුමන  නා හිමියන් විසිනි.

අපව සම්බන්ධ කරගන්න

පහත දුරකතන අංක ඔස්සේ විහාරස්ථානය සම්බන්ධ කරගත හැකි අතර, බොහොමයක් විහාරස්ථාන පිහිටා ඇත්තේ ඉතා දුෂ්කර ප්‍රදේශවල බැවින් ඊමේල් ඔස්සේ සම්බන්ධ කරගැනීමට අපහසු විය හැකි බව කරුණාවෙන් සළකන්න. 

ඊමේල් ලිපිනය

info@mahaviharayakasagala.org.lk

දුරකතන අංකය

0472246329

ලිපිනය

කසාගල රජමහා විහාරය, උඩයාල, හකුරුවෙල

විහාරස්ථානයේ පිහිටීම 

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…