පැරණි භාරතයේ ප‍්‍රධාන සෘතු තුනක් පැවතිණ. හේමන්ත, ගිම්හාන, වස්සාන වශයෙනි. හේමන්ත සෘතුව, අධික ලෙස ශීතලය. ගිම්හාන සෘතුව, අධික ලෙස උණුසුම්ය. වස්සාන...
සිරි විජයාරාමය
මෙම විහාරස්ථානය ආරම්භ කොට ඇත්තේ ශි‍්‍ර බුද්ධ වර්ෂ 2435 – කි‍්‍ර ව 1891 වර්ෂයේ දීය
විහාරස්ථානයේ වර්තමාන ලියාපදිංචි අංකය – බෞ. කො. සං /08 /දා. ස/ හම් /බෙලි. 23
ඓතිහාසික ලේඛනයකින් උපුටා ගැනීමකි.
මෙම විහාරස්ථානයේ ආදි කතීෘවරයාණෝ නම් බෙලිඅත්තේ සිරි සුනන්ද මහා විහාරාධිපතිවැ වැඩ සිට ලෝක ශාසන දෙකට ඉමහත් සේවයක් සිදු කළ අපගේ ප‍්‍රාචාර්ය වූ සපුගොඩවෙල සිරි ඛේමානන්දතිස්ස මහා ස්ථවිර ස්වාමීන්ද්‍රයෝය.
මෙහිමියන් ඇතුලූ තවත් කීප නමක් බෙලිඅත්තේ සිට මෙහි බෝරුක අසල පිහිටි අම්බලමට ( දැනට නැහැ ) පිඩු පිණිස වැඩිය බවත්, ඒ පිණ්ඩපාත සතිය තුළ දී රැස් වූ මහජනයාට කරන ලද ධර්මානුශාසනා නිසා පැහැදුණු පළාත් වාසීහු මෙහි කුඩා ඉඩම් කැබැල්ල පන්සලක් සෑදවීමට පූජා කළෙන් මෙහි ආවාසය ආරම්භ වූ බවත් ඇසී
ඉන් පසු ඔවිලානේ බදුවත්තේ පේමානන්ද හිමියන් සහ තව නමක් වස් විසීමෙන් ආවාසයේ ස්ථිර වැඩ පිළිවෙලක් පටන් ගැනිණි.
එයින්ද පසු කලෙක බෙලිඅත්තේ සිරි සුනන්ද විහාරාධිපතිව සිට අපවත් වී වදාළ හක්මණ සිරි ගුණානන්ද මහෝපාධ්‍යාය ස්වාමීන්ද්‍රයන්වහන්සේ වස් වසා වැඩ සිට සංඝාවාසයක් සාදවන ලදී.
එයට පසු සපුගොඩවෙල සිරි ඛේමානන්දතිස්ස මහා ස්වාමීන්වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වූ අපාචාර්ය තාරපේරියේ බුද්ධසෝම ස්වාමීන්ද්‍රයන් වහන්සේ වැඩ සිටිමින් විහාර මන්දිරයක් ද බොජුන් හලක් ද සෑදවීමෙන් විහාරස්ථානයේ දියුණුවට වැඩ කරවන ලදී.

පුවත් ~ News
මෙම විහාරස්ථානයේ සිදුකරන ආගමික වැඩසටහන්, ආධාර අවශ්‍යතා සහ දහම් කරුණු පිළිබදව තොරතුරු පහතින් දක්වා ඇත. සම්පුර්ණ පුවත කියවන්න “වැඩිදුර කියවන්න” බොත්තම ඔබන්න.
ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි
බ‍්‍රාහ්මණ තිස්ස බය පැවති කාලයේ සිතුල්පව්වේද තිස්ස මහා විහාරයේ ද දොලොස් දහස බැගින් භික්ෂූහු විසූහ. අවුරුදු තුනකට ප‍්‍රමාණවත් ධාන්‍ය විහාර දෙකෙම් මහ...
හැඳින මෙහෙයවිය යුතු කර්මය
බුදු දහමේ මූලික සංකල්පයක් වන කර්මය පිළිබඳ ඉතා පැහැදිලි විවරණයක් මේ ලිපිය මගින් දැක්වේ..කර්මය නම් චර්යාව පිළිබඳ හේතු-ප්‍රත්‍ය නියාමය යි. එහි සමගාමි...
සුළුවෙන් කලද නැති නොවන පින්
දානයෙන් මෙන් මැ ශීල භාවනාවන් හි අනුසස් බොහෝ ය. ශීලයෙහි යෙදෙනවාට වඩා බොහෝ දෙනා දන් දී මෙහි යුහුසුළු වෙති. එකල වැඩි දෙනෙක් බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා...
මරණානුස්සති භාවනාව
ඉපදුණා වූ සියලූම සත්වයෝ මරණයට පත්වන්නේය. දෙව්ලොවෙහි දෙවියන් ද, බඹලොවෙහි බ‍්‍රහ්මයන් ද, සතර අපා වැසි සත්වයන් ද, සියලූ මනුෂ්‍යයන් ද මරණයට පත් වන්නේ ය....
සතර සතිපට්ඨානය තුළ සප්ත බොජ්ඣංග
බුදුරජාණන් වහන්සේ වදාළ සතිපට්ඨාන භාවනාවේ ධම්මානුපස්සනාවේ අවසාන කොටස් දැන් අපි ඉගෙන ගනිමින් සිටින්නේ. මේකෙ තියෙනවා සප්ත බොජ්ඣංග කියල කොටසක්. බොජ්ඣංග...

“මෙම පුණ්‍ය භූමිය සඳහා අවශ්‍ය දෑ පහත පරිදි දැක්විය හැකිය.”
මෙම විහාරස්ථානයේ අවශ්‍යතා සොයාබලා ඔබට හැකි අයුරින් ආධාර කරන්න. විහාරස්ථානයේ වර්තමාන තත්වය දැනගැනීමට සැමවිටම විහාරාධිපති ස්වාමින් වහන්සේ දුරකථනය ඔස්සේ හෝ චැට් පණිවිඩයක් ඔස්සේ සම්බන්ධ කරගන්න. මෙම තොරතුරු යාවත්කාලින කරන ලද්දේ 2019 නොවැම්බර් 29 වෙනි දිනදීය.
ආධාර අවශ්‍ය කාරණා
01 චෛත්‍යරාජයාණන්වහන්සේ
2019 වසර වන විට විහාරස්ථානය ආරම්භ කොට වසර එකසිය විසි අටක් වුවත් මේ දක්වා මෙහි චෛත්‍යරාජයාණන්වහන්සේ නමක් ඉදි කර ගන්නට නොහැකි වී ඇත.
මේ සදහා අප දායක සභාවේ විශේෂ අවධානය යොමු කලත් අඩු ආදායම් ලාභී පවුල් වල සාමාජිකයන් වන ඔවුන් හට පමණක් මේ කාර්ය ඉටු කර ගැනීමට නොහැකි හෙයින් දෙස් විදෙස් ධානපති පරිත්‍යාගශීලින්ගේ උපකාරය ලැබුණ හොත් ති‍්‍රවිධ චෛත්‍යයන්ගෙන් සමන්විත වූ විහාරස්ථානයක් බවට අප විහාරස්ථානය ද පත් කර ගන්නට හැකි වනු ඇත.
මේ සදහා ඇස්තමේන්තු ගත මුදල රුපියල් ලක්ෂ තිස් අටකි. රු. 3800000. 00
02 පොහොය ගෙය හෙවත් සීමා මාලකය
1973 වසරේ ඔක්තෝබර් මස 12 වන දින මෙම විහාරස්ථානයේ පොහොය ගෙය හෙවත් සීමා මාලකය පිහිටුවීම සිදු කොට ඇතත් මේ දක්වා එහි ගොඩනැගිල්ලක් ඉදි කර ගැනීමට නොහැකි වී ඇත.
මේ නිසා වර්ෂා දිනයන්හි දී භික්ෂූන්වහන්සේලාගේ විනය කර්ම සිදු කර ගැනීමට වෙනත් විහාරස්ථානයකට යාමට සිදුව ඇත.
මේ සදහා ඇස්තමේන්තු ගත මුදල රු ලක්ෂ තිස් දෙකකි. රු 3200000. 00
03 ප‍්‍රධාන මාවත දෙපස වාහල්කඩ සහිත ප‍්‍රාකාරය
විහාරස්ථානයට අලංකාරයක් මෙන්ම ආලෝකයක් ලැබෙනුයේ ප‍්‍රධාන මාවත දෙපස ප‍්‍රාකාරයක් මෙන්ම වාහල්කඩක් ඉදි කර ගැනීමෙන්ය.
ඉතා කඩිනමින් සිදු කර ගත යුතු මෙම කාර්ය සදහා ඇස්තමේන්තු ගත මුදල රු ලක්ෂ විසි අටකි. රු 2800000 00
04 ධර්මශාලා මන්දිරයක්
1975 වසරේ ඉදි කර ඇති ධර්ම ශාලාව මේ වන විට වහලය දිරා පත්ව ඇති අතර විශාල බෝ මුල් යාම හේතුවෙන් ඇතුළත බිත්ති හා පොළව ද ඉරි තලාගොස් ඇත.
මේ නිසා වර්තමානයට ගැලපෙන අයුරින් ප‍්‍රමාණවත් නව ධර්මශාලාවක් ඉදි කර ගැනීමට අපේක්ෂා කරන අතර ඒ සදහා ද දෙස් විදෙස් ධානපතීන්ගේ උපකාරය අප බලාපොරොතේතු වෙමු.
05 දේවාල මන්දිරයක්
විහාර මන්දිරය තුළම විශ්ණු කතරගම දෙවියන්ගේ ඡුායාරූප දෙකක් තබා වන්දනා කිරිම් සිදු කරන මෙම විහාරස්ථානයේ දායක පින්වතුන්ට බෝධි පූජා පිංකමක් සිදු කර ගත්ත ද සෙත් කවි කියවා ගැනීමට හා විභාගයට යන දරුවනට රෝගී වූ දෙමාපිය්නට දේව ආශීර්වාදය ලබා ගැනීමට දුර බැහැට යාමය සිදුව ඇත.
මේ පිළිබද අපගේ අවධානය යොමුව ඇති අතර දානපතියෙකු හෝ ආයතනයක් ඉදිරිපත් වන්නේ නම් මෙහි දේව මන්දිරයක් ඉදි කොට බැතිමතුන්ට වන්දනා කර ගැනීමට අවස්ථාව සළසා දිය හැකිය.
ඒ සදහා ඇස්තමේන්තු ගත මුදල රු ලක්ෂ විසි දෙකකි රු. 2200000. 00

ආධාර කරන්න
පින්වත් ඔබගේ ආධාර පහත ගිණුමට බැරකළ හැකිය

ගිණුමේ නම – විහාරාධිපති හිමි ගිණුම
ගිණුම් අංකය – 7200259
බැංකු ශාඛාව – බෙලිඅත්ත

ගිණුමේ නම – දායක සභාව
ගිණුම් අංකය – 84679923
බැංකු ශාඛාව – බෙලිඅත්ත
ඔබ බැංකුවට මුදල් බැර කරන්නේ නම්, බැංකුවෙන් ලැබෙන රිසිට් පතෙහි පිටපතක් අප වෙත යෙමුකරන්න.
~ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ~
2003 වසරේ එවකට දායක සභාවේ ගරු සභාපති විශ‍්‍රාමලත් විදුහල්පති නන්දදාස සුදුසිංහ මහතා ප‍්‍රධාන දායක පින්වතුන් ඒකරාශීව විහාරස්ථානය සංවර්ධනය කිරිම උදෙසා ස්ථිර වැඩපිළිවෙලක් තිබිය යුතු බවත් පෙන්වා දෙමින් ඒ සදහා මෙම විහාරස්ථානය බෙලිඅත්ත සිරි සුනන්ද මහා විහාරාධිපති පූජ්‍යපාද ගැටමාන්නේ සාසනරතන නාහිමිපාණන්වහන්සේට බාර කළහ.
වසරක් තුළ දායක සභාව සකී‍්‍රය කළ උන්වහන්සේ තම ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය රත්නය වූ පූජ්‍යපාද ශාස්ත‍්‍රපති නලගම ධම්මවංස ස්ථවිරයන් වහන්සේට මෙහි විහාරාධිපතිත්වය පවරා තම අධීක්ෂණය යටතේ සීඝ‍්‍ර දියුණුවකට ලක් කළේය.
ගරා වැටුණු ධර්ම ශාලාව වෙනුවට නව ධර්ම ශාලා මන්දිරයක් නව විහාර මන්දිරයක් තෙමහල් දාන ශාලාව සහිත සංඝාවාසයක් වාහල්කඩ සහිත දෙපස ප‍්‍රාකාර මලසුන් ගෙවල් වැනි විහාරස්ථානයට අවශ්‍ය සියළු අංග නැවතත් ඉදි කරමින් වසර 15 ක වැනි කෙටි කාලයක් තුළ මහත් දියුණුවකට පත් කරන මෙම විහාරස්ථානය ප‍්‍රදේශයේ ජනතාවගේ ඉමහත් ගෞරවයට හා වන්දනාවට පාත‍්‍ර වු පුණ්‍ය භූමියක් බවට මේ වන විට පත්ව ඇත.
එහි පුරෝගාමි නියමුවාණන් වනුයේ වත්මන් විහාරාධිපති ශි‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභික, බෙලිඅත්ත ප‍්‍රාදේශිය ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු සභාපති නලගම ධම්මවංස නාහිමිපාණන්වහන්සේය

අපව සම්බන්ධ කරගන්න
පහත දුරකතන අංක ඔස්සේ විහාරස්ථානය සම්බන්ධ කරගත හැකි අතර, බොහොමයක් විහාරස්ථාන පිහිටා ඇත්තේ ඉතා දුෂ්කර ප්‍රදේශවල බැවින් ඊමේල් ඔස්සේ සම්බන්ධ කරගැනීමට අපහසු විය හැකි බව කරුණාවෙන් සළකන්න.
ඊමේල් ලිපිනය
info@siriwijayaramaya.org.lk
දුරකතන අංකය
0718009170 / 0473483959
ලිපිනය
සිරි විජයාරාමය, පලපොත, බෙලිඅත්ත
විහාරස්ථානයේ පිහිටීම
මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…
