loader image
Select Page

ශ්‍රී නන්දාරාම පුරාණ විහාරය

ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත ඡන්ද බල ප්‍රදේශයේ බෙලිඅත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් බෙලිඅත්තේ සිට වීරකැටිය පාරේ කි.මී 3 ½ ක් පමණ එන විට පහළ බෙලිගල්ල ග්‍රාමයේ පාර අද්දරම දකුණු පස මෙම ශ්‍රී නන්දාරාම පුරාණ විහාරය පිහිටා ඇත. 1775 දී පමණ ආරම්භ කර ඇති මෙම විහාරස්ථානය 2006 සැප්. 29 දින බෞ.කො./විහාදේ/09/30/008 අංකය යටතේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇත.

            මෙම විහාරස්ථානය බෙලිගල්ල දකුණ – 315 යන  ග්‍රාමසේවා වසමේ පිහිටා ඇති අතර බෙලිගල්ල උතුර – 314 ග්‍රාම සේවා වසමේ දායක පිංවතුනුත් ආගමික කටයුතු සඳහා දායකත්වය ලබා දෙති. 2011 නොවැම්බර් 04 දින බෞ‍.කො./ සං 8/ දාස /  හම් / බෙලි-29 යන අංකය යටතේ දායක සභාව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කොට ඇත. දායක සභාවේ ගරු සභාපති ලෙස පූජ්‍ය වාඩියේ අමරජෝති නාහිමි නිල වශයෙන් පත්ව ඇති අතර ගරු ලේකම් ධූරය හොබවනු ලබන්නේ ඩී.එස්.කේ. දේවසිරි මහත්මා ය.  ගරු භාණ්ඩාගාරික ධූරය සිසිර වඩුමේත්‍රිගේ මහත්මා විසින් හොබවනු ලබයි.

පුවත්  ~ News

මෙම විහාරස්ථානයේ  සිදුකරන ආගමික වැඩසටහන්, ආධාර අවශ්‍යතා සහ දහම් කරුණු පිළිබදව තොරතුරු පහතින් දක්වා ඇත. සම්පුර්ණ පුවත කියවන්න “වැඩිදුර කියවන්න” බොත්තම ඔබන්න.

කුසල් දහම් පුරන ගිහි පැවිදි දෙපිරිසටම ඉතා වැදගත් ‘වස් කාලය’

කුසල් දහම් පුරන ගිහි පැවිදි දෙපිරිසටම ඉතා වැදගත් ‘වස් කාලය’

පැරණි භාරතයේ ප‍්‍රධාන සෘතු තුනක් පැවතිණ. හේමන්ත, ගිම්හාන, වස්සාන වශයෙනි. හේමන්ත සෘතුව, අධික ලෙස ශීතලය. ගිම්හාන සෘතුව, අධික ලෙස උණුසුම්ය. වස්සාන...

read more
ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි

ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි

බ‍්‍රාහ්මණ තිස්ස බය පැවති කාලයේ සිතුල්පව්වේද තිස්ස මහා විහාරයේ ද දොලොස් දහස බැගින් භික්ෂූහු විසූහ. අවුරුදු තුනකට ප‍්‍රමාණවත් ධාන්‍ය විහාර දෙකෙම් මහ...

read more
හැඳින මෙහෙයවිය යුතු කර්මය

හැඳින මෙහෙයවිය යුතු කර්මය

බුදු දහමේ මූලික සංකල්පයක් වන කර්මය පිළිබඳ ඉතා පැහැදිලි විවරණයක් මේ ලිපිය මගින් දැක්වේ..කර්මය නම් චර්යාව පිළිබඳ හේතු-ප්‍රත්‍ය නියාමය යි. එහි සමගාමි...

read more
සුළුවෙන් කලද නැති නොවන පින්

සුළුවෙන් කලද නැති නොවන පින්

දානයෙන් මෙන් මැ ශීල භාවනාවන් හි අනුසස් බොහෝ ය. ශීලයෙහි යෙදෙනවාට වඩා බොහෝ දෙනා දන් දී මෙහි යුහුසුළු වෙති. එකල වැඩි දෙනෙක් බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා...

read more
මරණානුස්සති භාවනාව

මරණානුස්සති භාවනාව

ඉපදුණා වූ සියලූම සත්වයෝ මරණයට පත්වන්නේය. දෙව්ලොවෙහි දෙවියන් ද, බඹලොවෙහි බ‍්‍රහ්මයන් ද, සතර අපා වැසි සත්වයන් ද, සියලූ මනුෂ්‍යයන් ද මරණයට පත් වන්නේ ය....

read more
සතර සතිපට්ඨානය තුළ සප්ත බොජ්ඣංග

සතර සතිපට්ඨානය තුළ සප්ත බොජ්ඣංග

බුදුරජාණන් වහන්සේ වදාළ සතිපට්ඨාන භාවනාවේ ධම්මානුපස්සනාවේ අවසාන කොටස් දැන් අපි ඉගෙන ගනිමින් සිටින්නේ. මේකෙ තියෙනවා සප්ත බොජ්ඣංග කියල කොටසක්. බොජ්ඣංග...

read more

“මෙම පුණ්‍ය භූමිය සඳහා අවශ්‍ය දෑ පහත පරිදි දැක්විය හැකිය.”

මෙම විහාරස්ථානයේ අවශ්‍යතා සොයාබලා ඔබට හැකි අයුරින් ආධාර කරන්න. විහාරස්ථානයේ වර්තමාන තත්වය දැනගැනීමට සැමවිටම විහාරාධිපති ස්වාමින් වහන්සේ දුරකථනය ඔස්සේ හෝ චැට් පණිවිඩයක් ඔස්සේ සම්බන්ධ කරගන්න. මෙම තොරතුරු යාවත්කාලින කරන ලද්දේ 2020 ජනවාරි 23 වෙනි දිනදීය.

ආධාර අවශ්‍ය කාරණා

  • ඉදි කිරීමට යෝජිත කාමර 06කින් යුතු නව දෙමහල් සංඝාවාස ගොඩනැගිල්ලට ආධාර ලබා ගැනීම (මූල්‍යමය හා ද්‍රව්‍යමය ආධාර)
  • වන්දනා ගමන් යන බැතිමතුන්ට පැමිණ නවාතැන් ගැනීමට අවශ්‍ය ඉඩ පහසුකම් සැලසීම සඳහා කාමර දෙකක්, මුළුතැන් ගෙයක් සහිත ඊට යාබද වැසිකිලි කැසිකිලි කිහිපයකින් යුත් දිග ශාලාවක්  සහිත ගොඩනැගිල්ලක් ඉදි කර ගැනීමට මුල්‍යමය  සහ ද්‍රව්‍යමය ආධාර

ආධාර කරන්න 

පින්වත් ඔබගේ ආධාර පහත ගිණුමට බැරකළ හැකිය

ගිණුමේ නම – නන්දාරාම විහාරස්ථ දායක සභාව
ගිණුම් අංකය – 24420017000960
බැංකු ශාඛාව – බෙලිඅත්ත

ගිණුමේ නම – පහළ බෙලිගල්ල නන්දාරාම පුරාණ විහාර සංවර්ධන සමිතිය
ගිණුම් අංකය – 244200100018152
බැංකු ශාඛාව – බෙලිඅත්ත

ඔබ බැංකුවට මුදල් බැර කරන්නේ නම්, බැංකුවෙන් ලැබෙන රිසිට් පතෙහි පිටපතක් අප වෙත යෙමුකරන්න.

දහම් පාසල

අප විහාරස්ථානයේ පවත්වා ගෙන යන සිරි විමලජෝති ජයන්ති දහම් පාසල 1956.05.12 දින ආරම්භ කර ඇති අතර ප්‍රධානාචාර්යවරයා ලෙස වත්මන් විහාරාධිපති පූජ්‍ය වාඩියේ අමරජෝති නාහිමි කටයුතු සිදු කරයි. ගුරු භවතුන් 16 දෙනෙක් පමණ දහම් පාසල පවත්වා ගෙන යාමට දායකත්වය ලබා දෙන අතර සිසු දරුවන් 175 ක් පමණ දහම් අද්‍යාපනයෙහි නිරතව සිටිති. මෙම දහම් පාසල බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ 2003 සැප්. 24 වන දින  33/30/ද.පා./ලි./ 2542  යන අංකය යටතේ ලියාපදිංචි කර ඇත.

~ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ~

1969.02.26  දින ප්‍රවෘජ්‍ය භූමියට ඇතුළත්ව 1976  ජුනි මස  09 දින උපසම්පදාව ලබා කැළණිය විශ්ව විද්‍යාලයෙන් සිංහල විෂය පිළිබඳ ගෞරව ශාස්ත්‍රවේදී (දෙවන පෙළ – ඉහළ) උපාධිය ලබා කොළඹ 10, මාළිගාකන්ද මහා විද්‍යාලයේ (වත්මන් මහින්ද  විද්‍යාලය) උපගුරුවරයකු සහ නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු වශයෙන්ද කොළඹ 10, අසෝක විද්‍යාලයේ උප ගුරුවරයෙකු වශයෙන්ද, බෙලිඅත්ත, ඉහළ බෙලිගල්ල මහා විද්‍යාලයේ  උපගුරුවරයෙකු හා නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු වශයෙන්ද, ගුරු ක්ෂේත්‍රයේ සේවය කොට 2016.02.12 දින පූජ්‍ය වාඩියේ අමරජෝති නාහිමි විශ්‍රාම ලැබූහ.  අමරපුර සිරිසද්ධම්මවංස මහා නිකායේ  මාතර හම්බන්තොට දෙදිසාවේ උප ප්‍රධාන සංඝනායක සිරි සුම‍නජෝති වංසාවතාංස සිරි සුගතසාසන සෝභන විශ්‍රාමලත්  නි. විදුහල්පති ගෞරව ශාස්ත්‍රපති පූජ්‍ය වාඩියේ අමරජෝති  නාහිමියෝ පහළ බෙලිගල්ල ශ්‍රී නන්දාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති ධූරය හොබවමින් වැඩ සිටිති.

අපව සම්බන්ධ කරගන්න

පහත දුරකතන අංක ඔස්සේ විහාරස්ථානය සම්බන්ධ කරගත හැකි අතර, බොහොමයක් විහාරස්ථාන පිහිටා ඇත්තේ ඉතා දුෂ්කර ප්‍රදේශවල බැවින් ඊමේල් ඔස්සේ සම්බන්ධ කරගැනීමට අපහසු විය හැකි බව කරුණාවෙන් සළකන්න. 

ඊමේල් ලිපිනය

info@srinandaramapuranaviharaya.org.lk

දුරකතන අංකය

047-2243737 / 071-4475285 / 0777463542

ලිපිනය

ශ්‍රී නන්දාරාම පුරාණ විහාරය, පහළ බෙලිගල්ල, ඉහළ බෙලිගල්ල.

විහාරස්ථානයේ පිහිටීම 

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…