පැරණි භාරතයේ ප‍්‍රධාන සෘතු තුනක් පැවතිණ. හේමන්ත, ගිම්හාන, වස්සාන වශයෙනි. හේමන්ත සෘතුව, අධික ලෙස ශීතලය. ගිම්හාන සෘතුව, අධික ලෙස උණුසුම්ය. වස්සාන...
ශ්‍රී නිග්‍රෝධාරාමය
අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කැබිතිගොල්ලෑව පාරේ ඉහළ තම්මැන්නාව නම් දුෂ්කර පිටිසර ගම්මානයක පිහිටි පංසලකි.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අංක 58 තුලාන ඉහළතම්මැන්නාව ලිපිනයෙහි ඇති අප විහාරස්ථානය මැදවච්චියේ සිට කැබිතිගොල්ලෑව පාරෙන් පැමිණෙන විට කි.මී. 3 පමණ පසුකල විට දකුණු පසට හැරී මී. 400 පමණ පැමිණීමෙන් හමුවන දුෂ්කර ප්‍රදේශයක පිහිටා ඇති විහාරස්ථානයකි.
අපවත් වී වදාල අමරපුර සිරිසුමන දඹුලු පාර්ශ්වයේ අනුනායක පූජ්‍යපාද ආනෙකට්ටිය කවිධජ අනුනාමිහිපාණන් වහන්සේ විසින් 1960 වර්ෂයේ ආරම්භ කළ වෙහෙර විහාරස්ථානවලින් එක පන්සලකි. පසුකලෙක අපවත් වී වදාළ අපගේ ආචාර්යන් වහන්සේ වන පූජ්‍යපාද නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද විරාගන්නොරුවේ අනුරුද්ධ නාහිමිපාණන් වහන්සේ විසින් විහාරස්ථානය යම්තාක් දුරට සංවර්ධනයක් සිදු කර ඇති මුත් තවමත් වැඩ අවසන් නොවූ සංඝාවාස ගොඩනැගිල්ල, බෝධිප්‍රාකාරය, විහාර මන්දිරය සහ ධර්මශාලාව ආදී වැඩ කටයුතු රාශියක් ඇත. දායක පවුල් 130කින් පමණ යුක්ත වන අප විහාරස්ථානය දැනට වසර 40කට පමණ පැරණි දහම් පාසලක් පවත්වාගෙන යනු ලබයි. එහි ළමුන් 100කට අධික පිරිසක් අධ්‍යාපනය හදාරන අතර ගමෙන් වැඩි දායක පවුල් සංඛ්‍යාවක් දුෂ්කරව දිවි ගෙවන පිරිස වෙති. අප ප්‍රදේශයේ වැලඳී ඇති රුදුරු වකුගඩු රෝගයෙන් අප ගමෙහි දායක පවුල්වල මේ වන විට 20කට අධික පිරිසකට වකුගඩු රෝගය වැලඳී පීඩාවට පත්වී ඇත.
තවද විහාරස්ථානයේ ඉදිකර වැඩ අවසන් නොකළ ගොඩනැගිලි රාශියක් ඇති, අතර යටිතල පහසුකම් සහ අනිකුත් අඩුපාඩුකම් රාශියකින් යුත් විහාරස්ථානයක් වන අතර පිංවත් ඔබගේ ආධාර උපකාර බලාපොරොත්තු වෙමි.
පුවත් ~ News
මෙම විහාරස්ථානයේ සිදුකරන ආගමික වැඩසටහන්, ආධාර අවශ්‍යතා සහ දහම් කරුණු පිළිබදව තොරතුරු පහතින් දක්වා ඇත. සම්පුර්ණ පුවත කියවන්න “වැඩිදුර කියවන්න” බොත්තම ඔබන්න.
ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි
බ‍්‍රාහ්මණ තිස්ස බය පැවති කාලයේ සිතුල්පව්වේද තිස්ස මහා විහාරයේ ද දොලොස් දහස බැගින් භික්ෂූහු විසූහ. අවුරුදු තුනකට ප‍්‍රමාණවත් ධාන්‍ය විහාර දෙකෙම් මහ...
හැඳින මෙහෙයවිය යුතු කර්මය
බුදු දහමේ මූලික සංකල්පයක් වන කර්මය පිළිබඳ ඉතා පැහැදිලි විවරණයක් මේ ලිපිය මගින් දැක්වේ..කර්මය නම් චර්යාව පිළිබඳ හේතු-ප්‍රත්‍ය නියාමය යි. එහි සමගාමි...
සුළුවෙන් කලද නැති නොවන පින්
දානයෙන් මෙන් මැ ශීල භාවනාවන් හි අනුසස් බොහෝ ය. ශීලයෙහි යෙදෙනවාට වඩා බොහෝ දෙනා දන් දී මෙහි යුහුසුළු වෙති. එකල වැඩි දෙනෙක් බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා...
මරණානුස්සති භාවනාව
ඉපදුණා වූ සියලූම සත්වයෝ මරණයට පත්වන්නේය. දෙව්ලොවෙහි දෙවියන් ද, බඹලොවෙහි බ‍්‍රහ්මයන් ද, සතර අපා වැසි සත්වයන් ද, සියලූ මනුෂ්‍යයන් ද මරණයට පත් වන්නේ ය....
සතර සතිපට්ඨානය තුළ සප්ත බොජ්ඣංග
බුදුරජාණන් වහන්සේ වදාළ සතිපට්ඨාන භාවනාවේ ධම්මානුපස්සනාවේ අවසාන කොටස් දැන් අපි ඉගෙන ගනිමින් සිටින්නේ. මේකෙ තියෙනවා සප්ත බොජ්ඣංග කියල කොටසක්. බොජ්ඣංග...
“මෙම පුණ්‍ය භූමිය සඳහා අවශ්‍ය දෑ පහත පරිදි දැක්විය හැකිය.”
මෙම විහාරස්ථානයේ අවශ්‍යතා සොයාබලා ඔබට හැකි අයුරින් ආධාර කරන්න. විහාරස්ථානයේ වර්තමාන තත්වය දැනගැනීමට සැමවිටම විහාරාධිපති ස්වාමින් වහන්සේ දුරකථනය ඔස්සේ හෝ චැට් පණිවිඩයක් ඔස්සේ සම්බන්ධ කරගන්න. මෙම තොරතුරු යාවත්කාලින කරන ලද්දේ 2019 අගෝස්තු 18 දිනදීය.
ආධාර අවශ්‍ය කාරණා
- අටවිසි බුදුකුටි සහිත බෝධි ප්‍රාකාරයට
- අඩක් වැඩ නිමකොට ඇති බුද්ධ මන්දිරය
- වැසිකිලි සහ නානකාමර පෙළක්
- වැඩ අවසන් නොකළ සංඝාවාස ගොඩනැගිල්ලට
- වැඩ අවසන් නොකළ ධර්මශාලාව
- භාවනායෝගී ස්වාමීන්වහන්සේලා සඳහා අංගසම්පූර්ණ කුටියක්
ආධාර කරන්න
පින්වත් ඔබගේ ආධාර පහත ගිණුමට බැරකළ හැකිය
ගිණුමේ නම –ශ්‍රී නිග්‍රෝධාරාම විහාරය
ගිණුම් අංකය – 143020029924
බැංකු ශාඛාව –බැංකුව හා බැංකු ශාඛාව
ඔබ බැංකුවට මුදල් බැර කරන්නේ නම්, බැංකුවෙන් ලැබෙන රිසිට් පතෙහි පිටපතක් අප වෙත යෙමුකරන්න.
~ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ~
අපව සම්බන්ධ කරගන්න
පහත දුරකතන අංක ඔස්සේ විහාරස්ථානය සම්බන්ධ කරගත හැකි අතර, බොහොමයක් විහාරස්ථාන පිහිටා ඇත්තේ ඉතා දුෂ්කර ප්‍රදේශවල බැවින් ඊමේල් ඔස්සේ සම්බන්ධ කරගැනීමට අපහසු විය හැකි බව කරුණාවෙන් සළකන්න.
ඊමේල් ලිපිනය
info@srinigrodharamaya.org.lk
දුරකතන අංකය
0252245966 / 0778767899 / 0713158282
ලිපිනය
ශ්‍රී නිග්‍රෝධාරාමය, ඉහළතම්මැන්නාව, මැදවච්චිය.
විහාරස්ථානයේ පිහිටීම
මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…