පැරණි භාරතයේ ප‍්‍රධාන සෘතු තුනක් පැවතිණ. හේමන්ත, ගිම්හාන, වස්සාන වශයෙනි. හේමන්ත සෘතුව, අධික ලෙස ශීතලය. ගිම්හාන සෘතුව, අධික ලෙස උණුසුම්ය. වස්සාන...
ශ්‍රී සාලරුක්ඛාරාම විහාරය
වර්ෂ 2942 දී අමරපුර සිරිසුමන දඩළු පාර්ශ්වයේ මහානායක අතිපූජනීය බූස්සේ ධම්මරක්ඛිත මහානායක හිමියන් පුහුදිවුල ග්‍රාමයට වැඩමක කර වැවයි දාගැබයි ගමයි පන්සලයි සංකල්පය තුළින් පුහුදිවුල වැව අසල කුටියක් සාදා පුහුදිවුල විහාරස්ථානය ඉදි කළේය. ඉන්පසුව ප්‍රධාන මාර්ගය අසල ඉඩම්හිමි දානපතියකුගේ පරිත්‍යාගයෙන් පූජා කළ අක්කර 10 ක ඉඩම් ප්‍රමාණය එළි පෙහෙළි කර එම ඉඩමෙන් හරි අඩක් පුහුදිවුල විදුහල හා ඒ අතර ඇති මාර්ගය සඳහා වෙන් කර ඉතිරි ප්‍රමාණයේ පුහුදිවුල පන්සල ඉදිකිරීමට අඩිතාලම යෙදීය. පසුව එම පාසල් භූමිය අතිපූජ්‍ය මාතර විමලරතන ස්වාමීන් වහන්සේගේ දැඩි උනන්දුව හා කැපවීම මත ගොඩනැගිල්ලක් ඉදි කර පුහුදිවුල විදුහල ආරම්භ කළහ. උන්වහන්සේගේ වීර්යත් දායක ශ්‍රමයත් සමග පුහුදිවුල විහාරස්ථානයේ ගොඩනැගීම් ද මේ සමග සිදු විය. ඉන්පසුව පුහුදිවුල ග්‍රාමයේම විජිතසිරි නමින් පැවිදි වී උන්වහන්සේ කලක් විහාරස්ථානයේ අභිවෘද්ධිය වෙනුවෙන් වැඩ වාසය කළද හදිසියේ අපවත් විය. විජිතසිරි හිමිගෙන් පසුව ස්වාමීන්වහන්සේලා කීප නමක් වැඩ සිටියද පැවති තත්ත්වය මත උන්වහන්සේලා රඳා නොසිටියහ. යුද්ධයෙන් පසුවද භික්ෂූන් වහන්සේ නමක් ස්ථිර ලෙස විහාරස්ථානයේ රඳවා ගැනීමට නොහැකි විය. එහෙත් දායකයන්ගේ උත්සාහය මත විහාරස්ථානය අකර්මන්‍ය වීමට නොදී ඉදිරියට පවත්වාගෙන ආහ.
එයින් පසුව දැනට වැඩ සිටින වලලියේ රතනපාල හිමියන් වැඩමකළ පසු දායකයන්ගේ උත්සාහය මත විහාරස්ථානයෙන් නව ඉදි කිරීම් කීපයක් සිදු කර ඇත.

පුවත් ~ News
මෙම විහාරස්ථානයේ සිදුකරන ආගමික වැඩසටහන්, ආධාර අවශ්‍යතා සහ දහම් කරුණු පිළිබදව තොරතුරු පහතින් දක්වා ඇත. සම්පුර්ණ පුවත කියවන්න “වැඩිදුර කියවන්න” බොත්තම ඔබන්න.
ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි
බ‍්‍රාහ්මණ තිස්ස බය පැවති කාලයේ සිතුල්පව්වේද තිස්ස මහා විහාරයේ ද දොලොස් දහස බැගින් භික්ෂූහු විසූහ. අවුරුදු තුනකට ප‍්‍රමාණවත් ධාන්‍ය විහාර දෙකෙම් මහ...
හැඳින මෙහෙයවිය යුතු කර්මය
බුදු දහමේ මූලික සංකල්පයක් වන කර්මය පිළිබඳ ඉතා පැහැදිලි විවරණයක් මේ ලිපිය මගින් දැක්වේ..කර්මය නම් චර්යාව පිළිබඳ හේතු-ප්‍රත්‍ය නියාමය යි. එහි සමගාමි...
සුළුවෙන් කලද නැති නොවන පින්
දානයෙන් මෙන් මැ ශීල භාවනාවන් හි අනුසස් බොහෝ ය. ශීලයෙහි යෙදෙනවාට වඩා බොහෝ දෙනා දන් දී මෙහි යුහුසුළු වෙති. එකල වැඩි දෙනෙක් බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා...
මරණානුස්සති භාවනාව
ඉපදුණා වූ සියලූම සත්වයෝ මරණයට පත්වන්නේය. දෙව්ලොවෙහි දෙවියන් ද, බඹලොවෙහි බ‍්‍රහ්මයන් ද, සතර අපා වැසි සත්වයන් ද, සියලූ මනුෂ්‍යයන් ද මරණයට පත් වන්නේ ය....
සතර සතිපට්ඨානය තුළ සප්ත බොජ්ඣංග
බුදුරජාණන් වහන්සේ වදාළ සතිපට්ඨාන භාවනාවේ ධම්මානුපස්සනාවේ අවසාන කොටස් දැන් අපි ඉගෙන ගනිමින් සිටින්නේ. මේකෙ තියෙනවා සප්ත බොජ්ඣංග කියල කොටසක්. බොජ්ඣංග...

“මෙම පුණ්‍ය භූමිය සඳහා අවශ්‍ය දෑ පහත පරිදි දැක්විය හැකිය.”
මෙම විහාරස්ථානයේ අවශ්‍යතා සොයාබලා ඔබට හැකි අයුරින් ආධාර කරන්න. විහාරස්ථානයේ වර්තමාන තත්වය දැනගැනීමට සැමවිටම විහාරාධිපති ස්වාමින් වහන්සේ දුරකථනය ඔස්සේ හෝ චැට් පණිවිඩයක් ඔස්සේ සම්බන්ධ කරගන්න. මෙම තොරතුරු යාවත්කාලින කරන ලද්දේ 2019 අගෝස්තු 17 වෙනි දිනදීය.
ආධාර අවශ්‍ය කාරණා
දහම් පාසල වෙනුවෙන් : දහම් පාසල් ගොඩනැගිල්ලක්, ඩෙස් බංකු, ගුරු පුටු සහ මේස, කළු ලෑලි, දරු දැරියන් සඳහා නිල ඇඳුම් සහ බැජ්
විහාරස්ථානය සඳහා : දැනට සූදානම් වෙමින් ඇති සිළුමිණි සෑය නිර්මාණ චෛත්‍යය හා පැරණි ධර්මශාලාව ප්‍රතිසංස්කරණය කිරීම, ලැගුම් ශාලාවේ ඇතුළත කාමර සඳහා පිඟන් ගඩොල් සවි කිරීම, විහාරයේ පිට මාලය ඉදි කිරීම

ආධාර කරන්න
පින්වත් ඔබගේ ආධාර පහත ගිණුමට බැරකළ හැකිය

ගිණුමේ නම – වලලියේ රතනපාල හිමි
ගිණුම් අංකය – 063200170019340
බැංකු ශාඛාව – වාරියපොළ
ඔබ බැංකුවට මුදල් බැර කරන්නේ නම්, බැංකුවෙන් ලැබෙන රිසිට් පතෙහි පිටපතක් අප වෙත යෙමුකරන්න.
~ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ~

~ දහම් පාසල ~
අභාවයට පත්ව ගොස් තිබූ දහම් පාසල ගුරු හිඟයක් නොමැතිව දැනට ක්‍රියාත්මක වෙමින් පවතී. දරුවන් 150කට ආසන්න සංඛ්‍යාවක් දැනට දහම් අධ්‍යාපනය ලබති. ධර්මාචාර්ය විභාගය දක්වාම විභාග දෙපාර්තමේන්තුවේ පවා ලියාපදිංචි වී ඇත. වලලියේ රතනපාල ස්වාමීන්වහන්සේගේ දැඩි කැපවීම මත මේ සියලු කටයුතු පවත්වාගෙන ගියද ප්‍රදේශයේ පවතින දුෂ්කරතාව මත විහාරස්ථානයේ දහම් පාසලටත් බොහෝ අවශ්‍යතා හා අඩුපාඩු ඇත.

අපව සම්බන්ධ කරගන්න
පහත දුරකතන අංක ඔස්සේ විහාරස්ථානය සම්බන්ධ කරගත හැකි අතර, බොහොමයක් විහාරස්ථාන පිහිටා ඇත්තේ ඉතා දුෂ්කර ප්‍රදේශවල බැවින් ඊමේල් ඔස්සේ සම්බන්ධ කරගැනීමට අපහසු විය හැකි බව කරුණාවෙන් සළකන්න.
ඊමේල් ලිපිනය
info@srisalarukkharamaya.org.lk
දුරකතන අංකය
0775990661
ලිපිනය
ශ්‍රී සාලරුක්ඛාරාමය, පුහුදිවුල
විහාරස්ථානයේ පිහිටීම
මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…
