loader image
Select Page

ශ්‍රී සම්බෝධි විහාරය

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මධ්‍යම නුවරගම්පලාත් ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාශයේ ඇලයාපත්තුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මානින්ගමුව ගමේ පිහිටි ශ්‍රී සම්බෝධි විහාරය වසර 100 කට එහා පැරණිය. නමුත් පැරණි බවට සරිලන අන්දමට සංවර්ධනයද නොමැත. දායක පිරිසද 150 ක් පමණ ඇත. නමුත් ඒ අයද දුප්පත් බව හා දිලිඳු බවින් පීඩා විඳින අය වේ. ආර්ථික තත්වයෙන් පීඩා විඳින මෙම අයගේ දරුවන්ද අධ්‍යාපනය ලැබීම බොහොම අඩුය. විහාරස්ථානයේ සංවර්ධනයට මෙම කරුණු ඉවහල් වේ.

තවද මෙම බිමට ස්ථීර ලෙස ස්වාමින් වහන්සේ නමක් වැඩ නොසිටීම තවත් හේතුවකි. වරින් වර ස්වාමින් වහන්සේලා වැඩිය නමුත් මාස 02 ක 03 ක කාලයකට පසු ඒ අය ගොස් ඇත. දායක අයගේ අඩුපාඩු හා දුර්වලතා නිසා වර්ථමාන විහාරාධිපති නිසා දැනට සංවර්ධන කටයුතු ක්‍රමක්‍රමයෙන් සිදු වෙමින් පවතී. ගම් දනව්වටම නව ආලෝකයක් ද වැටෙමින් පවතී.

පුවත්  ~ News

මෙම විහාරස්ථානයේ  සිදුකරන ආගමික වැඩසටහන්, ආධාර අවශ්‍යතා සහ දහම් කරුණු පිළිබදව තොරතුරු පහතින් දක්වා ඇත. සම්පුර්ණ පුවත කියවන්න “වැඩිදුර කියවන්න” බොත්තම ඔබන්න.

කුසල් දහම් පුරන ගිහි පැවිදි දෙපිරිසටම ඉතා වැදගත් ‘වස් කාලය’

කුසල් දහම් පුරන ගිහි පැවිදි දෙපිරිසටම ඉතා වැදගත් ‘වස් කාලය’

පැරණි භාරතයේ ප‍්‍රධාන සෘතු තුනක් පැවතිණ. හේමන්ත, ගිම්හාන, වස්සාන වශයෙනි. හේමන්ත සෘතුව, අධික ලෙස ශීතලය. ගිම්හාන සෘතුව, අධික ලෙස උණුසුම්ය. වස්සාන...

read more
ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි

ත්‍රිපිටකය රැකගත්තේ මෙහෙමයි

බ‍්‍රාහ්මණ තිස්ස බය පැවති කාලයේ සිතුල්පව්වේද තිස්ස මහා විහාරයේ ද දොලොස් දහස බැගින් භික්ෂූහු විසූහ. අවුරුදු තුනකට ප‍්‍රමාණවත් ධාන්‍ය විහාර දෙකෙම් මහ...

read more
හැඳින මෙහෙයවිය යුතු කර්මය

හැඳින මෙහෙයවිය යුතු කර්මය

බුදු දහමේ මූලික සංකල්පයක් වන කර්මය පිළිබඳ ඉතා පැහැදිලි විවරණයක් මේ ලිපිය මගින් දැක්වේ..කර්මය නම් චර්යාව පිළිබඳ හේතු-ප්‍රත්‍ය නියාමය යි. එහි සමගාමි...

read more
සුළුවෙන් කලද නැති නොවන පින්

සුළුවෙන් කලද නැති නොවන පින්

දානයෙන් මෙන් මැ ශීල භාවනාවන් හි අනුසස් බොහෝ ය. ශීලයෙහි යෙදෙනවාට වඩා බොහෝ දෙනා දන් දී මෙහි යුහුසුළු වෙති. එකල වැඩි දෙනෙක් බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා...

read more
මරණානුස්සති භාවනාව

මරණානුස්සති භාවනාව

ඉපදුණා වූ සියලූම සත්වයෝ මරණයට පත්වන්නේය. දෙව්ලොවෙහි දෙවියන් ද, බඹලොවෙහි බ‍්‍රහ්මයන් ද, සතර අපා වැසි සත්වයන් ද, සියලූ මනුෂ්‍යයන් ද මරණයට පත් වන්නේ ය....

read more
සතර සතිපට්ඨානය තුළ සප්ත බොජ්ඣංග

සතර සතිපට්ඨානය තුළ සප්ත බොජ්ඣංග

බුදුරජාණන් වහන්සේ වදාළ සතිපට්ඨාන භාවනාවේ ධම්මානුපස්සනාවේ අවසාන කොටස් දැන් අපි ඉගෙන ගනිමින් සිටින්නේ. මේකෙ තියෙනවා සප්ත බොජ්ඣංග කියල කොටසක්. බොජ්ඣංග...

read more

“මෙම පුණ්‍ය භූමිය සඳහා අවශ්‍ය දෑ පහත පරිදි දැක්විය හැකිය.”

මෙම විහාරස්ථානයේ අවශ්‍යතා සොයාබලා ඔබට හැකි අයුරින් ආධාර කරන්න. විහාරස්ථානයේ වර්තමාන තත්වය දැනගැනීමට සැමවිටම විහාරාධිපති ස්වාමින් වහන්සේ දුරකථනය ඔස්සේ හෝ චැට් පණිවිඩයක් ඔස්සේ සම්බන්ධ කරගන්න. මෙම තොරතුරු යාවත්කාලින කරන ලද්දේ 2019 සැප්තැම්බර් 26 වෙනි දිනදීය.

ආධාර අවශ්‍ය කාරණා

මෙම විහාරස්ථානයේ දුශ්කරතාවයන් හා අඩු පාඩු බොහෝය. ඒ අතර විහාරය, චෛත්‍යය, ධර්ම ශාලාව, සංඝාවාසය, කැසිකිලි වැසිකිලි ආදිය වේ. අටවිසි බුදුවරු සහිත බෝධි ප්‍රාකාරය නිර්මානය කර ඇත.

  • ධර්ම ශාලාව – අත්තිවාරම් දමා ඇත.
  • විහාර ගෙය 
  • චෛත්‍යය 
  • වැසිකිලි 
  • සංඝාවාසය 

ඉහත දෑ වෙනුවෙන් පිංවත් දෙස් විදෙස් දායක දායිකාවන්ගේ උදවු උපකාර පතමි.

ආධාර කරන්න 

පින්වත් ඔබගේ ආධාර පහත ගිණුමට බැරකළ හැකිය

ගිණුමේ නම – කවුඩාවේ ධීරානන්ද හිමි
ගිණුම් අංකය – 010020398184
බැංකු ශාඛාව – අනුරාධපුර

ඔබ බැංකුවට මුදල් බැර කරන්නේ නම්, බැංකුවෙන් ලැබෙන රිසිට් පතෙහි පිටපතක් අප වෙත යෙමුකරන්න.

~ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ~

නම :- කවුඩාවේ ධීරානන්ද හිමි.

ලිපිනය :- ශ්‍රී සම්බෝධි විහාරය , මානින්ගමුව, ඇලයාපත්තුව, අනුරාධපුරය

ස්වාමින් වහන්සේ හට සෞන්දර්ය නැටුම් විශය සම්බන්ධයෙන් හසල දැනුමක් ඇති අතර කාව්‍ය ධර්ම දේශක, විචිත්‍ර භාෂිණී, කාලීන ධර්ම දේශක හා කාව්‍ය ශ්‍රී යනාදී තත්වයන්ගෙන් පෝෂිතය.

අපව සම්බන්ධ කරගන්න

පහත දුරකතන අංක ඔස්සේ විහාරස්ථානය සම්බන්ධ කරගත හැකි අතර, බොහොමයක් විහාරස්ථාන පිහිටා ඇත්තේ ඉතා දුෂ්කර ප්‍රදේශවල බැවින් ඊමේල් ඔස්සේ සම්බන්ධ කරගැනීමට අපහසු විය හැකි බව කරුණාවෙන් සළකන්න. 

ඊමේල් ලිපිනය

info@srisambodhiviharaya.org.lk

දුරකතන අංකය

077-8648604 / 178-9913165 / 071-1785483

ලිපිනය

ශ්‍රී සම්බෝධි විහාරය , මානින්ගමුව, ඇලයාපත්තුව, අනුරාධපුරය

විහාරස්ථානයේ පිහිටීම 

මෙම වෙබ් අඩවිය සමාජජාල මාධ්‍ය ඔස්සේ බෙදාහරින්න…