loader image
Select Page

මේ මෙහෙණි ආරණ්‍යය තියෙන්නේ පොතුහැර, අල්ගම ගමේ කන්දක් මුදුනක. මාසෙට දානේ වේල් 5ක් වගේ තමා ලැබෙන්නේ. ඒකත් බොහෝ වෙලාවට එළවළු වර්ග. ඉතිං වැඩි දවසක් කල් තියාගන්න බැහැ. වෙළඳසැලක් තියෙන්නෙත් කිලෝමීටර් 3-4ක් දුරින්. ඉතිං එළවළු සහ අනෙකුත් ආහාර කල්තියාගැනීමට ශීතකරණයක් තිබීම ඇත්තෙන්ම වටිනවා. මෑණීවරු මස් මාංස වළඳන්නෙත් නැහැ. මේ ආරණ්‍යයට ශීතකරණයක් පූජා කරන මේ මහත්පල මහානිසංස පිංකම අපි සතියකට උඩදි ආරම්භ කලා. නමුත් අද තමයි මට අවස්ථාව ලැබුණේ ආරණ්‍යයට යන්න.

අපි මුලින්ම ගිහින් පහල ආරණ්‍යයක වැඩ සිටින ලොකු මෑණීයෝ මුණගැසුනා. කකුලේ අස්ථි බිඳවැටීමක් නිසා මෑණීයෝ දැනට වැඩසිටින්නේ පහළ ආරණ්‍යයක. අපි තවත් මෙහෙණින් වහන්සේ නමක් සමඟ කන්දක් මුදුනක පිහිටි මේ අල්ගම කන්ද පුරාණ ගල්ලෙන් විහාරය (මෙහෙණි ආරණ්‍යය) බලන්න ගියා. වාහනය අපි කුඹුරක් මැද කිලෝමීටරයක් පමණ මෙහායින් නවත්වා පයින් තමා ගියේ. පඩිපෙළ 100කට වඩා ගලක් උඩට නගින්න වුණා අඩි 200ක් පමණ. දහවල් 2කට පමණ තමා අපි කන්ද නගින්න ආරම්භ කලේ. මේ විහාරය වළගම්බා රජ දවස ආරම්භ කල එකක්ලු. දැනට මෙහෙණින් වහන්සේලා දෙනමක් වැඩ ඉන්නා අතර තනියට නැන්දා කෙනෙක්ද සිටිනවාලු.

මිනිසුන් මේ ආරණ්‍යයට දානේ නොගෙන එන එක හිතාගන්න පුලුවන්. ඒ තරමටම අපහසුයි මෙයට ලඟා වෙන එක. අනික සමහර අවස්ථාවලදී කෙනෙක්ට තනියම එන්නත් බෑ රිලව්ගෙන් කරදර වෙනවලු. අද දහවල් මම සජීවීව ෆේස්බුක් ඔස්සේ වීඩියෝ පෙන්වූවේ මේ පන්සලේ තමයි.

අපි තව ටික දවසකින් මේ පන්සලට ශීතකරණයක් අරන් එනවා පූජා කරන්න. නමුත් ලේසි වෙන එකක් නැහැ එය කන්ද මුදුනට ගේන එක. බෑ කියලා දෙයක් නෑනේ. මං උත්සාහ කරනවා.

ඒත් එක්කම 2016-2017 වසර සඳහා දානය භාරගන්නත් ඔබට අවස්ථාව සලසා දෙන්නයි දැන් සූදානම් වෙන්නේ. අපිට දානේ ගිහින් දෙන්න හැමෝටම යන්න අවස්ථාවක් නැහැ. එම නිසා මම හිතුවා මාසෙකට දානේ වේල් ප්‍රමාණයට යන වියදම් දැනට අවුරුද්දක් දක්වා විහාරයේ දායක සභාවේ ගිණුමට බැර කරන්න අවස්ථාව හදන්න. එවිට ඕනෑම රටක සිට ඔබට මේ මහඟු පිංකමට දායක වෙන්න පුලුවන්.

දිනක් සඳහා වියදම : රු.215
සතියක් සඳහා යන වියදම : රු.1,500
මාසයක් සඳහා වියදම : රු.6,000

සති – 48 (මාස 12/දින 365)

උපරිම එක් අයෙක් මාසයක් භාරගන්න පුලුවන්. කමෙන්ට් කර පහත ගිණුමට මුදල් බැරකරන්න කාරුණික වන්න. හැකිනම් පන්සලට ගොස් දානය ලබාදෙන්න ඔබට පුලුවන්.

ගිණුම් හිමියාගේ නම : M/S Ekamuthu Viharastha
ගිණුම් අංකය : 4307642
බැංකුව සහ ශාඛාව : BOC පොතුහැර

ලොකු මෙහෙණින් වහන්සේගේ අංකය : 0783163243

Location : අල්ගම කන්ද පුරාණ ගල්ලෙන් රජමහා විහාරය, අල්ගම, පොතුහැර
Status : Personally Visited & Verified

Algama Kanda Ancient Cave Temple lies in the District of Kurunegala in the village of Algama. Although this cave temple has not caught the public eye, it has been found that this temple goes back to the time of King Walagamba (89-77 BC) and probably built by him.

The king Walagamba (aka Vattagamini Abaya) spent 14 years in exile hiding from South Indian invaders before he finally manage to chase them away them.

During this time he took refuge in number of caves through out the country hiding from spies and gathering forces to defeat the invaders. After he re instated himself as the rightful king of the country, it is said that he built cave temples in every cave he took refuge during his exile.

Archaeology department has found that this temple shows work during the periods of Walagamba (89-77 BC), Kithsiri Mevan (303-311) and Kandyan periods. About 200 feet above the cave temple is a rock and a tunnel has been in existence between the cave temple and this rock. But with time, it has been sealed off. It is said that this rock has been used as a watch point the king.

A rock inscription in Kothmale Viharaya states Theraputthabaya thero who was one of the 10 worriers of the King Dutugemunu (161-131 BC) lived in this temple after he joined the monkhood. One of the rock caves shows inscriptions written is siam (Thai) language. It is believed that this cave was used by a siamese priest who traveled to Sri Lanka with Upali Maha Thero, who brought upasampada from Siam (now Thailand) to form the Siam Nikkaya during the reign of King Kirti Sri Rajasinghe (1747 – 1781).

Primary Source : Budusarana

Reported by Damayanthi Amarakoon

An idea by Danesh Maduranga Edirisooriya
Project of Samajasathkara.lk