loader image
Select Page
මෙහෙණි ආරාමයකට වතුර ටැංකියක් පරිත්‍යාග කෙරූ ෆේස්බුක් මිතුරා – Project Water

මෙහෙණි ආරාමයකට වතුර ටැංකියක් පරිත්‍යාග කෙරූ ෆේස්බුක් මිතුරා – Project Water

දෙහිඅත්තකණ්ඩියේ, සමනල තැන්න පිහිටි මෙම මෙහෙණි ආරාමයට ජල ටැංකියක් පරිත්‍යාග කරමින් උපන්දිනය බොහෝමත්ම අර්ථාන්විත ලෙස සැමරීමට Samitha Senevirathne මිතුරා කටයුතු කළා. උපන්දිනය සැමරීමට සාදයකට වඩා වටින්නේ මෙවන් උතුම් පරිත්‍යාගයන් බව බොහෝම හොඳින් අවබෝධ කොට ගත් ඔහු විසින් මෙසේ ඔහුගේ දායකත්වය දක්වමින් අති දුෂ්කර ප්‍රදේශයක පිහිටි මෙහෙණි ආරාමයට මෙම පරිත්‍යාගය සිදු කළා. මෙහෙණින් වහන්සේලා හට මෙහි වටිනාකම කියා නිම කළ නොහැකි තරම්. දුෂ්කර ප්‍රදේශ වල ඉතාමත් අපහසුවෙන් ජල පහසුකම් සොයා ගන්නා මේ මෙහෙණින් වහන්සේලා මෙම ජීවිතයට හුරු වී සිටියත් ඒ දුෂ්කර බව යම් විටෙක පීඩාවක් බවටත් පත් වනවා. ජල පහසුකම් ලබා ගන්න තරම් දායකත්වයක් මෙම ආරාමයට නොලැබෙන නිසාවෙන්ම කළක පටන්ම මේ දුෂ්කරතාවන් මධ්‍යයේ වූවද ධර්මය ඇසුරු කරමින් මෙහි වෙසෙන්නට සිදු උනා. නමුත් මේ වන විට Samitha Senevirathne පිංවතාගේ නොමසුරු දායකත්වයෙන් මෙම මෙහෙණි ආරාමයට නව ජල ටැංකියක් ලැබුණා. අද පටන් පිරිසිදු පැන් පොදක සිහිළස ලබන්නට මේ මෙහෙණින් වහන්සේලාට හැකි වනවා.

ඔබ ඔබගේ උපන්දිනය වෙනුවෙන් වියදම් කරන මුදල ඔබටම ආයෝජනයක් වීමට නම් ඊට සුදුසුම ක්‍රමය මෙසේ උතුම් වූ වටිනා පරිත්‍යාගයන් සිදු කිරීමයි. එය යම් දිනෙක ඔබේ ජීවිතයට ආශිර්වාදයක්ම වන කිසිදා නිම නොවන ආයෝජනයක් වනවා. මෙසේ ඔක්තෝම්බර් මස 21 වන දිනට යෙදී තිබූ උපන්දිනය වෙනුවෙන් මෙහෙණි ආරාමයකට පිරිසිදු පානීය ජලය ලබා ගැනීම පිණිස ජල ටැංකියක් පරිත්‍යාග කර රැස් කරගත්තාවූ කුසලයේ ආනුභාවයෙන් ඔබට නිදුක් නීරෝගී සුවය ලැබේවා… කිසිදු කාය චිත්ත පීඩාවක් නොම වේවා…. සතුට සැනසුම සෞභාග්‍යය සපිරි අනාගතයක් උදා වේවා…. දීර්ඝායුෂ ලබත්වා…. අවසානයේ උතුම් වූ ධර්මාවබෝධය පිණිසද මෙම කුසලය හේතු වේවා….

ඔබට පින්වන්ත සුබ උපන්දිනයක් වේවා….

සෙනෙහෙබර වදන් පෙළගැස්ම – Nimasha Sewwandi

Birthday Inspire | Celebrate your Birthday with Samajasathkara.lk

Project Water | Water for Temples

An idea by Danesh Maduranga Edirisooriya & Danesh Maduranga Edirisooriya II
Project of SamajaSathkara.lk

පියාණන්ට වටිනා උපන්දින තිළිණයක් ලබා දුන් සෙනෙහෙබර බිරිඳ සහ දරුවෝ (Donating a Water Tank)

පියාණන්ට වටිනා උපන්දින තිළිණයක් ලබා දුන් සෙනෙහෙබර බිරිඳ සහ දරුවෝ (Donating a Water Tank)

ඔක්තෝම්බර් 11 වන දිනට යෙදී තිබෙන Mahen Mudalige මහතාගේ උපන්දිනයට ආශිර්වාද එක් කරමින් ඔහුගේ සෙනෙහෙබර බිරිඳ Swarna Mudalige විසින් Asantha, Malin, Mahesh, Hashini සහ Pavanee Nimesha යන දූ දරුවන් එක්ව විහාරස්ථානයකට ජල ටැංකියක් පූජා කරනු ලැබුවා. හඳපානාගල ශ්‍රී අභිනවාරාමය බොහෝ දුෂ්කරතා හමුවේ පවතින විහාරස්ථානයක්. මෙහි වැඩ වෙසෙන ස්වාමීන්වහන්සේලා හට අවශ්‍ය පානීය ජල පහසුකම් නොමැති වීම කලක පටන්ම පැවති මූලික අවශ්‍යතාවක්. නමුත් එය ඉටු කරදීමට තරම් යහපත් ආර්ථික තත්වයක් මේ පන්සලේ දායක පිරිසට හැකියාවක් නැහැ. ඔවුන් පවා බොහෝම දුෂ්කරතාවන් මධ්‍යයේ හැකි අයුරින් විහාරස්ථානය වෙත උපකාර කරනවා. ඉතින් අපිට හැකි වුනා මෙම විහාරස්ථානයට මූලික අවශ්‍යතාවක්ව පවතින මෙම ජල ටැංකිය පූජා කරන්න.

පිපාසය මෙන්ම පිරිසිදු ජල පහසුකමක් නොමැතිකම කෙතරම් බරපතල ගැටළුවක්ද බව ඔබ සැම දන්නවා. එසේම බෞද්ධ පින්වතුන් වශයෙන් අපේ රටේ දුෂ්කරතාවන් වලට ලක් වන විහාරස්ථාන වෙත අවශ්‍ය පහසුකම් ලබා දෙමින් ස්වාමීන්වහන්සේලාගේ සුවපහසුව උදෙසා කටයුතු කිරීම අපගේ වගකීමක්ද වනවා. උතුම් මහා සංඝරත්නය වෙනුවෙන් පුදන යමක් වේද ඉන් අත් වන ආනිසංසය මහත්ඵලයි. උපන්දිනය වෙනුවෙන් මහා සංඝරත්නය උදෙසා මෙවන් අගනා පූජාවක් කරමින් බොහෝමත්ම වටිනා තිළිණයක් පියාණන්ට ලබා දීමට කටයුතු කළ පවුලේ සියළු දෙනාම බොහෝමත්ම අගය කළ යුතුයි.

සෙනෙහෙබර බිරිඳ Swarna Mudalige විසින් Asantha, Malin, Mahesh, Hashini සහ Pavanee යන දූ දරුවන් එක්ව තම දයාබර ස්වාමිපුරුෂයාගේ උපන්දිනය වෙනුවෙන් මෙසේ සිදු කළ පිනෙන් අත්වන කුසලයේ ආශිර්වාදය අද දවසේ උපන්දිනය සමරන Mahen Mudalige මහතා හට අත් වනවා. ඒ ආශිර්වාද බලයෙන් නිදුක් නීරෝගී සුවය උදා වේවා…. දීර්ඝායුෂ ලබත්වා…. යම් කාය චිත්ත පීඩාවක් වේ නම් සියල්ල දුරු වේවා….. රැකී රක්ෂා කටයුතු මෙන්ම කරන්නට සිතන පතන යම් කටයුත්තක් වේ නම් ඒ සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා…. සතුට සැනසුම සෞභාග්‍යය උදා වේවා…. එමෙන්ම ස්වාමිපුරුෂයා වෙනුවෙන් දරුවන්ට ඒකරාශී කරගනිමින් මෙවන් උතුම් කටයුත්තක් සිදු කෙරූ පින්වන්ත මාතාවක් වන Swarna Mudalige මහත්මියටත් Asantha, Malin, Mahesh, Hashini සහ Pavanee යන දූ දරුවන් හටත් මේ සිදුකළ පින්කමේ ආශිර්වාද බලයෙන් නිදුක් නීරෝගී සුවය උදා වේවා…. යම් කාය චිත්ත පීඩාවන් වේ නම් සියල්ල දුරු වේවා…. සිතන පතන යම් කටයුත්තක් වේ නම් ඒ සියල්ලම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා…. අධ්‍යාපන කටයුතු මෙන්ම රැකීරක්ෂා කටයුතුද දිනෙන් දින දියුණුවට පත් වේවා…. සතුට සැනසුම සෞභාග්‍යය උදා වේවා….

දුෂ්කර පෙදෙසක පිහිටි පානිය ජල පහසුකම් නොමැති පුණ්‍යභූමියකට ජල ටැංකියක් පරිත්‍යාග කිරීම (Donating a Water Tank)

දුෂ්කර පෙදෙසක පිහිටි පානිය ජල පහසුකම් නොමැති පුණ්‍යභූමියකට ජල ටැංකියක් පරිත්‍යාග කිරීම (Donating a Water Tank)

ෆේස්බුක් මිතුරියක් වන Chandrika Thilakarathne නැන්දා විසින් යාල අභය භූමිය මායිමේ මහ ආරගම, ඇතිලිවැව පිහිටි පානීය ජල පහසුකම් නොමැති මෙම විහාරස්ථානයකට ජල ලීටර දහසක ධාරිතාවකින් යුත් ජල ටැංකියක් පරිත්‍යාග කරා. වැල්ලවායේ සිට කිලෝමීටර් 35ක් පමණ අති දුෂ්කර පාරක බඩී ලොරියකින් තමයි අපි වතුර ටැංකිය අරන් ගියේ. මෙම පන්සල නිතරම අලින් යන එන ස්ථානයක්. යම් අනතුරුදායක තත්වයක මෙන්ම දුෂ්කරතාවයන් හමුවේද වැඩ වෙසෙන මෙම විහාරස්ථානයේ ස්වාමීන්වහන්සේ හට අප විසින් සිදු කළ මෙම පරිත්‍යාගය බොහෝ සේ වටින බව උන්වහන්සේ බොහෝමත්ම කෘතවේදිව ප්‍රකාශ කළා. උතුම් සංඝරත්නය උදෙසා අවශ්‍ය වන පහසුකම් සොයා බලා ඉටු කරදීම මහත් ඵල මහානිසංස ගෙන දෙන උතුම් පුන්‍යකර්මයන් බවත් උන්වහන්සේ පැවසුවා. ජලය අත්‍යාවශ්‍ය වූවත් මෙම ප්‍රදේශයේ පවතින අලින්ගේ ගැටළු නිසාත් දුෂ්කරතාවයන් නිසාත් බොහෝ දුරක් ජලය සොයාගෙන යාමට සිදු වීම යම් තාක් දුරකට ජීවිත තර්ජනයක්ද වනවා. නමුත් දැන් උන්වහන්සේලා හට පහසුවෙන් ජලය භාවිතයට ගන්න හැකියාව ලැබෙනවා. ඒ ඔබ විසින් සොදු කෙරූ උතුම් පරිත්‍යාගය හේතුවෙනි.

මහා සංඝරත්නයේ පහසුව උදෙසා මෙසේ පානිය ජල පහසුකම් ලබා ගැනීමට ඔබ විසින් සිදු කරා වූ උතුම් පරිත්‍යාගය හේතුවන් ….. නැන්දාටත්, දයාබර ස්වාමිපුරුෂයා වන Rohana Thilakarathne මහතාටත්, සෙනෙහෙබර පුතුන් වන Sanjula Thilakarathne සහ Chandula Thilakarathne යන දෙදෙනාටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා… කිසිදු කාය චිත්ත පීඩාවක් නොම වේවා…. කරන කියන යම් කටයුත්තක් වේ නම් ඒ සියල්ල සිතන පතන අයුරින්ම සිදු වේවා…. රැකියා කටයුතු අධ්‍යාපන කටයුතු වේ නම් සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා…. අවසානයේ උතුම් වූ චතුරාර්‍ය සත්‍ය අවබෝධ වීම පිණිස මේ උතුම් පුණ්‍යකර්මය හේතු වේවා….