loader image
Select Page

ෆේස්බුක් මිතුරියක් වන Chandrika Thilakarathne නැන්දා විසින් යාල අභය භූමිය මායිමේ මහ ආරගම, ඇතිලිවැව පිහිටි පානීය ජල පහසුකම් නොමැති මෙම විහාරස්ථානයකට ජල ලීටර දහසක ධාරිතාවකින් යුත් ජල ටැංකියක් පරිත්‍යාග කරා. වැල්ලවායේ සිට කිලෝමීටර් 35ක් පමණ අති දුෂ්කර පාරක බඩී ලොරියකින් තමයි අපි වතුර ටැංකිය අරන් ගියේ. මෙම පන්සල නිතරම අලින් යන එන ස්ථානයක්. යම් අනතුරුදායක තත්වයක මෙන්ම දුෂ්කරතාවයන් හමුවේද වැඩ වෙසෙන මෙම විහාරස්ථානයේ ස්වාමීන්වහන්සේ හට අප විසින් සිදු කළ මෙම පරිත්‍යාගය බොහෝ සේ වටින බව උන්වහන්සේ බොහෝමත්ම කෘතවේදිව ප්‍රකාශ කළා. උතුම් සංඝරත්නය උදෙසා අවශ්‍ය වන පහසුකම් සොයා බලා ඉටු කරදීම මහත් ඵල මහානිසංස ගෙන දෙන උතුම් පුන්‍යකර්මයන් බවත් උන්වහන්සේ පැවසුවා. ජලය අත්‍යාවශ්‍ය වූවත් මෙම ප්‍රදේශයේ පවතින අලින්ගේ ගැටළු නිසාත් දුෂ්කරතාවයන් නිසාත් බොහෝ දුරක් ජලය සොයාගෙන යාමට සිදු වීම යම් තාක් දුරකට ජීවිත තර්ජනයක්ද වනවා. නමුත් දැන් උන්වහන්සේලා හට පහසුවෙන් ජලය භාවිතයට ගන්න හැකියාව ලැබෙනවා. ඒ ඔබ විසින් සොදු කෙරූ උතුම් පරිත්‍යාගය හේතුවෙනි.

මහා සංඝරත්නයේ පහසුව උදෙසා මෙසේ පානිය ජල පහසුකම් ලබා ගැනීමට ඔබ විසින් සිදු කරා වූ උතුම් පරිත්‍යාගය හේතුවන් ….. නැන්දාටත්, දයාබර ස්වාමිපුරුෂයා වන Rohana Thilakarathne මහතාටත්, සෙනෙහෙබර පුතුන් වන Sanjula Thilakarathne සහ Chandula Thilakarathne යන දෙදෙනාටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා… කිසිදු කාය චිත්ත පීඩාවක් නොම වේවා…. කරන කියන යම් කටයුත්තක් වේ නම් ඒ සියල්ල සිතන පතන අයුරින්ම සිදු වේවා…. රැකියා කටයුතු අධ්‍යාපන කටයුතු වේ නම් සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා…. අවසානයේ උතුම් වූ චතුරාර්‍ය සත්‍ය අවබෝධ වීම පිණිස මේ උතුම් පුණ්‍යකර්මය හේතු වේවා….