loader image
Select Page
සර්වඥ ධාතූන් වහන්සේලාගේ ධාතු තැන්පත් කිරීමට කරඬුවක් සැරසීම (Final Day)

සර්වඥ ධාතූන් වහන්සේලාගේ ධාතු තැන්පත් කිරීමට කරඬුවක් සැරසීම (Final Day)

සමාජ සත්කාර කණ්ඩායමේ අපි කවදත් විවිධාකාරයෙන් යුත් පිංකම් සිදු කරනවා. ඔබට මතක ඇති අපි විසින් පසුගිය වසරේ ධාතූන් වහන්සේලා තැම්පත් කරන ලද කරඩුන් වහන්සේ නමක් අඩු ආදායම් සහිත දුෂ්කර ප්‍රදේශයක විහාරස්ථානයකට පූජා කරනු ලැබුවා. මේ වසරේද අපි එලෙසම ධාතූන් වහන්සේලා සහිත කරඩුන් වහන්සේ නමක් පූජා කිරීමට බලාපොරොත්තු වෙනවා. (මෙම පිංකම 2018 වසරේ ආරම්භ කරන ලද්දකි)

අඩි 3 ක් පමණ උසැති රන් සහ රිදී ආලේපිත කරඬු 2ක් අප විසින් මේ ආකාරයට සැරසීම සිදු කරනු ලැබුවා. එය මහත් ඵල මහානිසංස ගෙනද පුණ්‍යකර්මයක් වෙනවා. අපගේ මහන්සියෙන් නිමවුනු කරඬුවක් නිසා හිතට දැනෙන්නේ පුදුමාකාර සතුටක්. මාස කිහිපයක් තිස්සේ දිනෙන් දින එය ක්‍රම ක්‍රමයෙන් මිතුරන්ගේ ශ්‍රම දායකත්වයෙන් අලංකාර වුණා. අද එහි වැඩ සම්පූර්ණයෙන්ම අවසන් කලා.

මධුශංක පුෂ්පකුමාර මල්ලීත්, අජිත් ප්‍රියංකර අයියාත්, ලහිරු නුවන් මල්ලීත් ඔවුන්ට නිදහස් වේලාවන්හීදී පැමිණ මේ කරඬුව සැරසීමට විශාල දායකත්වයක් දැක්වූවා. ඔබ සියලුම දෙනාට බොහොමත්ම පිං.

අපි මෙයින් එක් කරඬුවක් අප්‍රේල් මාසයේදීත්, අනෙක් කරඬුව මැයි වලින් පසුවත් (එය පූජා කිරීමට බලාපොරොත්තු වන පන්සලේ ධාතු මන්දිරය තවම ගොඩනංවමින් පවතී. අවසන් වීමට මාස 2ක් පමණ ගත විය හැක) පූජා කිරීමට බලාපොරොත්තු වනවා.

තවමත් අපට අප්‍රේල් පූජා කරන්නට බලාපොරොත්තු වන කරඬුව සඳහා ධාතූන් වහන්සේලා සොයාගැනීමට අපහසු වූ අතර ඔබ දන්නා තැනක් තිබෙනවානම් කරුණාකර අපට දැනුම් දෙන්න.

අප්‍රේල් මාසයේ පිංකමට පමණක් නන් අයුරින් ඔබට සම්බන්ධ විය හැකි අතර, ඒ සඳහා ඔබගේ කැමැත්තක් ඇත්නම් ෆේස්බුක් පණිවිඩයක් එවන්න.

කරඬුව සැරසීමට ගත් Silver සහ Gold Stones, Glue බොහොමයක් ඉතිරිව පවතින අතර මෙවැනි පිංකමක් සිදු කරන්නට බලාපොරොත්තු වෙන කෙනෙක් වෙත ඒවා නොමිළයේ පරිත්‍යාග කිරීමට කැමතිය. අවශ්‍යයි නම් කතා කරන්න.

Helping Everyone | Everyday | Everywhere
© සමාජසත්කාර.lk | www.Samajasathkara.lk

An idea by Danesh Maduranga Edirisooriya, Danesh Maduranga Edirisooriya II & Danesh Maduranga Edirisooriya III
Project of SamajaSathkara.lk

අටමහා කුසලයක් සිදුකරගත් ෆේස්බුක් මිතුරෝ – මදුරන්කුලිය අඩුපහසුකම් සහිත විහාරස්ථානයකට වැසිකිළියක් ගොඩනැගීම (වැසිකිළිය සඟ සතුකොට පූජා කිරීම – Visit 04)

අටමහා කුසලයක් සිදුකරගත් ෆේස්බුක් මිතුරෝ – මදුරන්කුලිය අඩුපහසුකම් සහිත විහාරස්ථානයකට වැසිකිළියක් ගොඩනැගීම (වැසිකිළිය සඟ සතුකොට පූජා කිරීම – Visit 04)

අටමහා කුසල් යන නමින් විශේෂ පින්කම් අටක් පිළිබඳව බුදු දහමේ ඉගැන්වේ.
එම අටමහා කුසල් දැක්වෙන ගාථාව මෙසේය.
“කඨිනං ච පරික්ඛාරං – වාස දානංච උත්තමං
බුද්ධප්පමුඛසංඝස්ස – දානං ධම්මස්ස ලේඛනං
ඛෙත්ත දානංච සංඝස්ස – පටිමා කරණං පි ච
කරණං වච්ච කුටියා – අට්ඨ පුඤ්ඤානි වුච්චරේ”

මෙහි දැක්වෙන අටමහා කුසල් මෙසේය.

1.කඨින සිවුරක් පූජා කිරීම
2.අටපිරිකර පූජාකිරීම
3.ආවාස ගෙයක් තනවා සඟසතුකර පූජා කිරීම
4.බුදුපාමොක් මහ සඟනට සඟ සතු කර දන්දීම.
5.බුද්ධ ධර්මය ලිවීම හා ලියවීම දහම් පොත්පත් මුද්‍රණය කරදීම බෙදා හැරීම.
6.සඟ සතු කර හෝ බුද්ධ පූජා වශයෙන් කෙත් වතු පිදීම
7.බුදු පිළිම සෑදවීම, චෛත්‍ය විහාරගෙවල් මුලසුන් ආදිය සෑදවීම
8.වැසිකිළි තනවා සඟසතු කර පිදීම.
යන මේ පිංකම් අට අටමහා කුසල් නම්වේ.

මේ පිංකම් අට අනෙක් පිංකම් වලට වඩා සුවිශේෂී වන්නේ විශේෂ හේතුවක් ඇති බැවිනි. අකුසල් සිත් යටපත් කර කුසල් සිත් උපදවා ගෙන මෙම අටමහා කුසල් කරන අය හට සසර තමා විසින් මව මැරීම ආදී පංචානන්තරීය අකුසල් සිදුකර නොමැති අයට වෙනත් යම් යම් අකුසල් දැන හෝ නොදැන කර තිබුණහොත් ඒවා තාවකාලිකව යටපත් කොට අකුසලයේ විපාකය විඳීන්නට නොදී අටමහා කුසලයක් ඉදිරිපත්වී එයින් සැප විපාක ලබාදීමට සමත් වන බව දහමෙහි දැක්වේ.

අටමහා කුසල් අතර අටවන මහා කුසලය වශයෙන් සඳහන් වෙන්නේ වැසිකිළි සාදවා මහ සඟනට සඟසතු කොට පූජා කිරීම හෝ පොදු ජනතාවගේ ප්‍රයෝජනයට අවස්ථාව උදාකිරීම මෙම පිංකමට දායක විය හැකිය.
ශිෂ්ට සම්පන්න ජන සමාජයක් තුළ වැසිකිළි භාවිතා කිරීම අවශ්‍යම කාරණයකි. එවිට බාහිර පරිසරය දූෂණය නොවේ. ලෙඩරෝග බෝවීම වැළකේ. නීරෝගී ජන සමාජයක් බිහි කිරීමට මෙම කරුණුද විශේෂ හේතුවකි.

මේ පුත්තලම, මදුරන්කුලිය, වේලාසිය දකුණ පන්සල. අති දුෂ්කර පන්සලක්. මේ ප්‍රදේශයට කාලෙකින් වර්ෂාවවත් නැහැ. ස්වාමීන්වහන්සේලාට පරිහරණයට හරිහමන් වැසිකිළියක්වත් නැහැ. ඉතිං අපි තීරණය කලා මේ පන්සලට වැසිකිළියක් සාදවා පූජා කරන්න. ඒ සඳහා අවශ්‍ය කටයුතු සති කිහිපයකට උඩදී ආරම්භ කලා.

මේ පිංකමට දායකත්වය දැක්වූයේ Kaveenda Gayan සහ Gayan TK යන ෆේස්බුක් මිතුරන් දෙදෙනා.

මදුරන්කුලිය නගරයේ සිට කිලෝමීටර් කිහිපයක් ගම ඇතුලට වෙන්න අති දුෂ්කර මාර්ගයක ගිය පසුයි මේ පන්සල මුණගැහෙන්නේ. බුදු මැදුරක්වත්, ඝන්ඨාර කුළුණක්වත්, අටවිසි බෝධි ප්‍රාකාරයක්වත්, හරි හමන් වැසිකිළියක්වත් මේ පන්සලට නැහැ. කොළඹ එක් ධානපතියෙක් විසින් චෛත්‍යයක් සාදවා පූජා කර ඇති අතර ස්වාමීන්වහන්සේ දැනට සිටින්නේ කුඩා ආවාස ගෙයකය.

කිලෝමීටර් 300කට ආසන්න දුරක් ගෙවාගෙන තමයි අපි මේ පන්සල සොයාගෙන ආවේ. දැඩි හිරු රෂ්මිය නිසා දහවල් කාලයේ පන්සල් භූමියේ සිටීම ඉතාමත් අපහසුයි. මෙය ගොඩනගන්න කටයුතු කරන බාසුන්නැහැලා ගිණි කාෂ්ටක අව්වේ තමයි වැඩකටයුතු සිදුකලේ.

සමාජසත්කාර කණ්ඩායම දින කිහිපයක් නතර වී මේ සඳහා දායකත්වය දැක්වූ අතර වැඩ අවසන් වන තෙක් සිව් වරක් නිරීක්ෂණ චාරිකා පැමිණියා.

සති කිහිපයක මහන්සියක ප්‍රථිපලයක් ලෙස අපගේ අනෙක් නිර්මාණ/ගොඩනැගීම් ලෙසටම අලංකාර එමෙන්ම චාම් ලෙස වැසිකිළිය ගොඩනැගීමට අපට හැකිවුණා.

මේ පිංකම සම්බන්ධයෙන් පන්සලේ විහාරාධිපති ස්වාමීන්වහන්සේ බෙහෙවින්ම පිං දුන්නා. කාවින්ද අයියාටත්, ගයාන් අයියාටත් මේ සිදුකලා වූ කුසලයෙන් අප්‍රමාණ පිං ලැබෙන බව ප්‍රකාශ කර සිටියා. ඒ වගේම පන්සලේ ආරම්භ කල වැඩක් ප්‍රථම වරට හරියාකාරව ඉක්මනින් අවසන් වූ බව උන්වහන්සේ සතුටින් දන්වා සිටියා.

මේ සිදු කළා වූ කුසලය මිතුරන් වූ ඔබ දෙපළට ආශිර්වාදයක් වේවා… මේ රැස් කරගත්තා වූ කුසලයේ ආනිසංසයෙන් නිදුක් නීරෝගී ලාභය ලැබේවා… ඔබලා විවාහ වී සිටීනම් ඔබලා දෙදෙනාගේම පුංචි කැදැලිවල සතුට සෙනෙහස නිබඳව රැඳේවා…. ඔබලාගේ සියලු සිතුම් පැතුම් ඉටු වී කරන කියන කටයුතු සියල්ලක්ම සාර්ථක වේවා… දරුවන් සිටීනම් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ද ජීවිතය ද සාර්ථක වේවා… පවුලේ සෑම සියලු දෙනාටම නීරෝගි සුවය සතුට සැනසුම වාසනාව නිරන්තරයෙන්ම උදා වේවා…. ඔබ දෙපළ නමින් මියගිය සියලුම නෑදැයින්ටත් මේ පිං අනුමෝදන් වෙත්වා. කෙළවර උතුම් වූ නිර්වාණ සම්පත්තිය අවබෝධයටම මේ කුසලය හේතුවාසනා වේවා.

මේ පිංකම ආරම්භ කල දිනයේ සිට ශ්‍රම දායකත්වය දැක්වූ සමාජසත්කාර කණ්ඩායමේ Chathura Prasanga මල්ලිටත්, ලහිරු මල්ලිටත්, මහේෂ් අයියාටත්, සම්බන්ධිකරණ කටයුතු සිදුකල සඳුන් අයියාටත් බොහොමත්ම පිං.

Project Code : 2019-FEB-0067
Donors : Kaveenda Gayan / Gayan TK

ප.ලි : අප මීට පෙර වෙනත් අඩුපහසුකම් සහිත පන්සලක වැසිකිළියක් ගොඩනැගීමට ආරම්භ කලත් එම විහාරස්ථානය සම්බන්ධ කරගැනීමේ අපහසුව නිසා එය නවතා දමන ලදි.

An idea by Danesh Maduranga Edirisooriya, Danesh Maduranga Edirisooriya II & Danesh Maduranga Edirisooriya III
Project of SamajaSathkara.lk