loader image
Select Page
Project Water | ශ්‍රාවස්තිපුර බෝධිරුක්ඛාරාමයට වතුර ටැංකියක් පූජා කිරීම

Project Water | ශ්‍රාවස්තිපුර බෝධිරුක්ඛාරාමයට වතුර ටැංකියක් පූජා කිරීම

Chamila Jeewani Adhikari අක්කා විසින් අද දිනයේදී පන්සලට වතුර ටැංකියක් පූජා කලා. පන්සලට ජලය ලැබෙන්නේ දවසක් හැර දවසක්. ඉතිං ජලය එක් රැස් කර තබාගන්න එය ඇත්තෙන්ම වටිනා දෙයක්. රාජාංගනේ සද්ධාරතන ස්වාමීන්වහන්සේ දායක වූ ඔබට බෙහෙවින් පිං දුන්නා. එහි වටිනාකම ගැන පහදලා දුන්නා.
ඔබට බොහොම පිං අක්කා… මේ කුසලය නිර්වාණයටද හේතු වාසනා වේවා… තෙරුවණ් සරණයි අක්කා…

Anuradhapura District – ශ්‍රාවස්තිපුර

Project Water | Donating a Water Tank

An idea by Danesh Maduranga Edirisooriya
Project of SamajaSathkara.lk

Distributing අටපිරිකර On the Go – කැබිතිගොල්ලෑව

Distributing අටපිරිකර On the Go – කැබිතිගොල්ලෑව

අපි ජීවිතේට අටපිරිකරක් පූජා කරගන්න හැකියාව නැති ආච්චි අම්මලාට අද අටපිරිකර ලබාදුන්නා. පුදුම විදිහට සතුටුවුනා. ජීවිතේට අටපිරිකරක් පූජා කරලා නැතිලු. ආච්චි අම්මා කීවා අද එයාගේ වාසනාව, පින නිසාලු කොහෙවත් යන්න වුනේ නැත්තේ.
අපි කීවා ලබන ආත්මේ මේ වගේ දුක් විඳින්නේ නැති වෙන්න මේ අටපිරිකර පූජා කරන්න කියලා.
ගෙවල් වල වැඩ කරලලු ජීවත් වෙන්නේ. අපි ගියේ 11ට විතර. උදේට කාලත් නැහැලු. මම අටපිරිකරක් දුන්නා ආච්චිට. අපේ ටීම් එකේ Dewsha Thilakarathna මිතුරිය ෆේස්බුක් එකේ තවත් මිතුරෙක් ලබාදුන්න රු.1,000ක මුදලක් මේ ආච්චි අම්මට ලබාදුන්නා. ගොඩක් පිං දුන්නා.
ඉවසිල්ලක් නෑ කිව්වා පන්සලට යනකම්….

Distributing අටපිරිකර On the Go
An idea by Danesh Maduranga Edirisooriya
Project of SamajaSathkara.lk

මසකට දානේ වේල් 5ක් පමණක් ලැබෙන, කන්දක් මුදුනක පිහිටි, අඩුපහසුකම් සහිත මෙහෙණි ආරණ්‍යය | ක්ෂේත්‍ර චාරිකාව (Join Now)

මසකට දානේ වේල් 5ක් පමණක් ලැබෙන, කන්දක් මුදුනක පිහිටි, අඩුපහසුකම් සහිත මෙහෙණි ආරණ්‍යය | ක්ෂේත්‍ර චාරිකාව (Join Now)

මේ මෙහෙණි ආරණ්‍යය තියෙන්නේ පොතුහැර, අල්ගම ගමේ කන්දක් මුදුනක. මාසෙට දානේ වේල් 5ක් වගේ තමා ලැබෙන්නේ. ඒකත් බොහෝ වෙලාවට එළවළු වර්ග. ඉතිං වැඩි දවසක් කල් තියාගන්න බැහැ. වෙළඳසැලක් තියෙන්නෙත් කිලෝමීටර් 3-4ක් දුරින්. ඉතිං එළවළු සහ අනෙකුත් ආහාර කල්තියාගැනීමට ශීතකරණයක් තිබීම ඇත්තෙන්ම වටිනවා. මෑණීවරු මස් මාංස වළඳන්නෙත් නැහැ. මේ ආරණ්‍යයට ශීතකරණයක් පූජා කරන මේ මහත්පල මහානිසංස පිංකම අපි සතියකට උඩදි ආරම්භ කලා. නමුත් අද තමයි මට අවස්ථාව ලැබුණේ ආරණ්‍යයට යන්න.

අපි මුලින්ම ගිහින් පහල ආරණ්‍යයක වැඩ සිටින ලොකු මෑණීයෝ මුණගැසුනා. කකුලේ අස්ථි බිඳවැටීමක් නිසා මෑණීයෝ දැනට වැඩසිටින්නේ පහළ ආරණ්‍යයක. අපි තවත් මෙහෙණින් වහන්සේ නමක් සමඟ කන්දක් මුදුනක පිහිටි මේ අල්ගම කන්ද පුරාණ ගල්ලෙන් විහාරය (මෙහෙණි ආරණ්‍යය) බලන්න ගියා. වාහනය අපි කුඹුරක් මැද කිලෝමීටරයක් පමණ මෙහායින් නවත්වා පයින් තමා ගියේ. පඩිපෙළ 100කට වඩා ගලක් උඩට නගින්න වුණා අඩි 200ක් පමණ. දහවල් 2කට පමණ තමා අපි කන්ද නගින්න ආරම්භ කලේ. මේ විහාරය වළගම්බා රජ දවස ආරම්භ කල එකක්ලු. දැනට මෙහෙණින් වහන්සේලා දෙනමක් වැඩ ඉන්නා අතර තනියට නැන්දා කෙනෙක්ද සිටිනවාලු.

මිනිසුන් මේ ආරණ්‍යයට දානේ නොගෙන එන එක හිතාගන්න පුලුවන්. ඒ තරමටම අපහසුයි මෙයට ලඟා වෙන එක. අනික සමහර අවස්ථාවලදී කෙනෙක්ට තනියම එන්නත් බෑ රිලව්ගෙන් කරදර වෙනවලු. අද දහවල් මම සජීවීව ෆේස්බුක් ඔස්සේ වීඩියෝ පෙන්වූවේ මේ පන්සලේ තමයි.

අපි තව ටික දවසකින් මේ පන්සලට ශීතකරණයක් අරන් එනවා පූජා කරන්න. නමුත් ලේසි වෙන එකක් නැහැ එය කන්ද මුදුනට ගේන එක. බෑ කියලා දෙයක් නෑනේ. මං උත්සාහ කරනවා.

ඒත් එක්කම 2016-2017 වසර සඳහා දානය භාරගන්නත් ඔබට අවස්ථාව සලසා දෙන්නයි දැන් සූදානම් වෙන්නේ. අපිට දානේ ගිහින් දෙන්න හැමෝටම යන්න අවස්ථාවක් නැහැ. එම නිසා මම හිතුවා මාසෙකට දානේ වේල් ප්‍රමාණයට යන වියදම් දැනට අවුරුද්දක් දක්වා විහාරයේ දායක සභාවේ ගිණුමට බැර කරන්න අවස්ථාව හදන්න. එවිට ඕනෑම රටක සිට ඔබට මේ මහඟු පිංකමට දායක වෙන්න පුලුවන්.

දිනක් සඳහා වියදම : රු.215
සතියක් සඳහා යන වියදම : රු.1,500
මාසයක් සඳහා වියදම : රු.6,000

සති – 48 (මාස 12/දින 365)

උපරිම එක් අයෙක් මාසයක් භාරගන්න පුලුවන්. කමෙන්ට් කර පහත ගිණුමට මුදල් බැරකරන්න කාරුණික වන්න. හැකිනම් පන්සලට ගොස් දානය ලබාදෙන්න ඔබට පුලුවන්.

ගිණුම් හිමියාගේ නම : M/S Ekamuthu Viharastha
ගිණුම් අංකය : 4307642
බැංකුව සහ ශාඛාව : BOC පොතුහැර

ලොකු මෙහෙණින් වහන්සේගේ අංකය : 0783163243

Location : අල්ගම කන්ද පුරාණ ගල්ලෙන් රජමහා විහාරය, අල්ගම, පොතුහැර
Status : Personally Visited & Verified

Algama Kanda Ancient Cave Temple lies in the District of Kurunegala in the village of Algama. Although this cave temple has not caught the public eye, it has been found that this temple goes back to the time of King Walagamba (89-77 BC) and probably built by him.

The king Walagamba (aka Vattagamini Abaya) spent 14 years in exile hiding from South Indian invaders before he finally manage to chase them away them.

During this time he took refuge in number of caves through out the country hiding from spies and gathering forces to defeat the invaders. After he re instated himself as the rightful king of the country, it is said that he built cave temples in every cave he took refuge during his exile.

Archaeology department has found that this temple shows work during the periods of Walagamba (89-77 BC), Kithsiri Mevan (303-311) and Kandyan periods. About 200 feet above the cave temple is a rock and a tunnel has been in existence between the cave temple and this rock. But with time, it has been sealed off. It is said that this rock has been used as a watch point the king.

A rock inscription in Kothmale Viharaya states Theraputthabaya thero who was one of the 10 worriers of the King Dutugemunu (161-131 BC) lived in this temple after he joined the monkhood. One of the rock caves shows inscriptions written is siam (Thai) language. It is believed that this cave was used by a siamese priest who traveled to Sri Lanka with Upali Maha Thero, who brought upasampada from Siam (now Thailand) to form the Siam Nikkaya during the reign of King Kirti Sri Rajasinghe (1747 – 1781).

Primary Source : Budusarana

Reported by Damayanthi Amarakoon

An idea by Danesh Maduranga Edirisooriya
Project of Samajasathkara.lk

අටවිසි බෝධීන් වහන්සේලා වැඩම කරවීමේ සහ රෝපණය කිරීමේ පිංකම – පාදම් ගොඩනැගීම සහ පෝච්චි නිර්මාණය

අටවිසි බෝධීන් වහන්සේලා වැඩම කරවීමේ සහ රෝපණය කිරීමේ පිංකම – පාදම් ගොඩනැගීම සහ පෝච්චි නිර්මාණය

(සමාජසත්කාර.lk නිකිණි පොහෝදින පිංකම 2016)

මාතලේ දිස්ත්‍රික්කයේ පලාපත්වල ප්‍රදීපාරාම කන්දේ විහාරයට අටවිසි බෝධීන්වහන්සේලා වැඩම කර රෝපණය කිරීමේ පිංකමක් නිකිණි පොහොය වෙනුවෙන් පවත්වන්නට අපි බලාපොරොත්තු වෙනවා කියලා පසුගිය ජූනි 6 වෙනිදා අපි ඔයාලට කීවනේ. අපි එදිනම ආරම්භ කලා බෝධීන්වහන්සේලා සොයන්න සහ පෝච්චි හදවන්න. අපි දැන් සියලුම බෝධීන්වහන්සේලා සොයාගෙන අවසන්. 
මේ බෝධින් වහන්සේලා රෝපණය කිරීමට විශාල ප්‍රමාණයේ පෝච්චි අවශ්‍ය අතර ඒවා අපගේ අවශ්‍යතාවය අනුව සැකසීමට එකකට දින 2 බැගින් දින 56ක් ගතවුණා. පන්සලේ ඉඩකඩ නොමැති නිසා ගල් තලාවක සිමෙන්ති පාදම් සකස් කර ඒ මත පෝච්චි තැන්පත් කර මේ බෝධීන් වහන්සේලා රෝපණය කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒවාගේ පාදම්ද තරමක් දුරට සදලා අවසන්. අපහසුම කාර්යය තමා මේ පෝච්චි කන්ද උඩ ගල් තලාවට අරන් යන එක. 6 දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමක සේවය මේ සඳාහා අපි මුදල් ගෙවා ලබාගත්තා…
මේ සඳහා අපේ කණ්ඩායමේ Kumudini Basnayaka අක්කා සහ Saman Kulathunga අයියා ලොකු සහයෝගයක් ලබාදෙනවා.
ස්වාමීන්වහන්සේගේ ආශිර්වාදයද අපිට ලබාදුන්නා.

වැඩි දුරටත්…

බුදුදහමේ සඳහන් තොරතුරු අනුව බුදුරජාණන් වහන්සේලා බුද්ධත්වයට පත් වීමේදී වෘක්ෂයන්ගේ සෙවණ ලබා ගෙන ඇත. බුදුරජාණන් වහන්සේලා විසි අට නමක් බුද්ධත්වයට පත් වීමේදී සෙවණ ලබා දී ඇති බැවින් මෙම බෝධි වෘක්ෂ අට “අට විසි බෝධි වෘක්ෂ” නමින් හැඳින්වේ.

ශාක විශේෂ වශයෙන් සැලකීමේදී, අටවිසි බුදුරජාණන් වහන්සේලා විසින් ශාක විශේෂ විසි දෙකක් උපයෝගී කරගෙන ඇත. එනම්, බුදුන් වහන්සේලා කිහිප නමක් එකම ශාක විශේෂය භාවිත කර ඇත. මංගල බුදුහිමි, සුමන බුදු හිමි, රේවත බුදු හිමි සහ සෝභිත බුදු හිමි නාග බෝධිය (නා ගස) ද පදුම බුදු හිමි සහ නාරද බුදු හිම මහාසෝණ බෝධිය (මුරුත ගස) ද කොණ්ඩඤ්ඤ බුදු හිමි සහ වෙස්සභු බුදු හිමි සාල කළ්‍යාණ බෝධිය (ඉන්දියානු සල් ගස) ද සරණංකර බුදු හිමි සහ විපස්සි බුදුහිම පාඨලී බෝධිය (පලොල් ගස) ද භාවිත කර ඇත.

පහත සඳහන් කර ඇති බෝධි වෘක්ෂ අතරින් ඉන්දියානු සල් සහ අසන වෘක්ෂ පමණක් ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතිවල දැකිය නොහැකි අතර විශේෂයෙන් රෝපණය කර ඇති විහාරස්ථාන සහ උද්හිද උද්‍යානවල ඇත. මෙම ශාක ඉන්දියාවේ සහ නේපාලයේ ස්වභාවික වනාන්තරවල පවතී.

අටවිසි බෝධීන් වහන්සේලා…

01) තණ්හංකර බුදුහිමි – රුකත්තන බෝධිය
02) මේධංකර බුදුහිමි – පත්කැළ බෝධිය
03) සරණංකර බුදුහිමි – පුලිල බෝධිය
04) දීපංකර බුදුහිමි – නෙරළු බෝධිය
05) කොණ්ඩජ්ජ්ය බුදුහිමි – සල්කලන බෝධිය
06) මංගල බුදුහිමි – නා බෝධිය
07) සුමන බුදුහිමි – නා බෝධිය
08) රේවත බුදුහිමි – නා බෝධිය
09) සෝභිත බුදුහිමි – නා බෝධිය
10) අනෝමදස්සී බුදුහිමි – කුබුක් බෝධිය
11) පදුම බුදුහිමි – මුරුත බෝධිය
12) නාරද- මුරුත බෝධිය
13) පදුමුත්තර බුදුහිමි – සල් බෝධිය
14) සුමේධ බුදුහිමි – බක්මී බෝධිය
15) සුජාත බුදුහිමි – උණ බෝධිය
16) පියදස්සි බුදුහිමි – කුබුක් බෝධිය 
17) අත්තදස්සි බුදුහිමි – සපු බෝධිය
18) ධම්මදසසි බුදුහිමි – රත්කරව් බෝධිය 
19) සිද්ධාර්ථ බුදුහිමි – කිනිහිරි බෝධිය
20) තිස්ස බුදුහිමි – ගම්මාලු බෝධිය
21) පුස්ස බුදුහිමි – නෙල්ලි බෝධිය
22) විපස්සි බුදුහිමි – පලොල් බෝධිය
23) සිඛි බුදුහිමි – ඇටබ බෝධිය
24) වෙස්සබු බුදුහිමි – සල් බෝධිය
25) කකුසද බුදුහිමි – මාරා බෝධිය 
26) කොණාගම බුදුහිමි – දිබුල් බෝධිය
27) කස්සප බුදුහිමි – නුග බෝධිය
28) ගෞතම බුදුහිමි – ඇසතු බෝධිය