loader image
Select Page

දෙහිඅත්තකණ්ඩියේ, සමනල තැන්න පිහිටි මෙම මෙහෙණි ආරාමයට ජල ටැංකියක් පරිත්‍යාග කරමින් උපන්දිනය බොහෝමත්ම අර්ථාන්විත ලෙස සැමරීමට Samitha Senevirathne මිතුරා කටයුතු කළා. උපන්දිනය සැමරීමට සාදයකට වඩා වටින්නේ මෙවන් උතුම් පරිත්‍යාගයන් බව බොහෝම හොඳින් අවබෝධ කොට ගත් ඔහු විසින් මෙසේ ඔහුගේ දායකත්වය දක්වමින් අති දුෂ්කර ප්‍රදේශයක පිහිටි මෙහෙණි ආරාමයට මෙම පරිත්‍යාගය සිදු කළා. මෙහෙණින් වහන්සේලා හට මෙහි වටිනාකම කියා නිම කළ නොහැකි තරම්. දුෂ්කර ප්‍රදේශ වල ඉතාමත් අපහසුවෙන් ජල පහසුකම් සොයා ගන්නා මේ මෙහෙණින් වහන්සේලා මෙම ජීවිතයට හුරු වී සිටියත් ඒ දුෂ්කර බව යම් විටෙක පීඩාවක් බවටත් පත් වනවා. ජල පහසුකම් ලබා ගන්න තරම් දායකත්වයක් මෙම ආරාමයට නොලැබෙන නිසාවෙන්ම කළක පටන්ම මේ දුෂ්කරතාවන් මධ්‍යයේ වූවද ධර්මය ඇසුරු කරමින් මෙහි වෙසෙන්නට සිදු උනා. නමුත් මේ වන විට Samitha Senevirathne පිංවතාගේ නොමසුරු දායකත්වයෙන් මෙම මෙහෙණි ආරාමයට නව ජල ටැංකියක් ලැබුණා. අද පටන් පිරිසිදු පැන් පොදක සිහිළස ලබන්නට මේ මෙහෙණින් වහන්සේලාට හැකි වනවා.

ඔබ ඔබගේ උපන්දිනය වෙනුවෙන් වියදම් කරන මුදල ඔබටම ආයෝජනයක් වීමට නම් ඊට සුදුසුම ක්‍රමය මෙසේ උතුම් වූ වටිනා පරිත්‍යාගයන් සිදු කිරීමයි. එය යම් දිනෙක ඔබේ ජීවිතයට ආශිර්වාදයක්ම වන කිසිදා නිම නොවන ආයෝජනයක් වනවා. මෙසේ ඔක්තෝම්බර් මස 21 වන දිනට යෙදී තිබූ උපන්දිනය වෙනුවෙන් මෙහෙණි ආරාමයකට පිරිසිදු පානීය ජලය ලබා ගැනීම පිණිස ජල ටැංකියක් පරිත්‍යාග කර රැස් කරගත්තාවූ කුසලයේ ආනුභාවයෙන් ඔබට නිදුක් නීරෝගී සුවය ලැබේවා… කිසිදු කාය චිත්ත පීඩාවක් නොම වේවා…. සතුට සැනසුම සෞභාග්‍යය සපිරි අනාගතයක් උදා වේවා…. දීර්ඝායුෂ ලබත්වා…. අවසානයේ උතුම් වූ ධර්මාවබෝධය පිණිසද මෙම කුසලය හේතු වේවා….

ඔබට පින්වන්ත සුබ උපන්දිනයක් වේවා….

සෙනෙහෙබර වදන් පෙළගැස්ම – Nimasha Sewwandi

Birthday Inspire | Celebrate your Birthday with Samajasathkara.lk

Project Water | Water for Temples

An idea by Danesh Maduranga Edirisooriya & Danesh Maduranga Edirisooriya II
Project of SamajaSathkara.lk