loader image
Select Page
කිසිදා දෙනෙතින් නොදුටු හදවතින් දුටු සොයුරියකගේ ස්වාමිපුරුෂයා වෙනුවෙන් ආශිර්වාද පතා – සත් දිනක පින්කම් මාලාවේ සයවන දිනය – සිවුරු පූජා | දියතලාව

කිසිදා දෙනෙතින් නොදුටු හදවතින් දුටු සොයුරියකගේ ස්වාමිපුරුෂයා වෙනුවෙන් ආශිර්වාද පතා – සත් දිනක පින්කම් මාලාවේ සයවන දිනය – සිවුරු පූජා | දියතලාව

බොහෝ කලක පටන් සමාජසත්කාර හා එක්ව කටයුතු කරන මාගේම සොයුරියක් වැනි වූ ඉතා සමීප මෙන්ම සමාජසත්කාර ව්‍යාපෘති රැසකට සම්බන්ධ වූ මිතුරියකගේ ස්වාමිපුරුෂයාහට නිරෝගී සුවය පතා මා විසින් ඇගේ ඉල්ලිමකින් තොරවම හදෙහි බැඳි මිත්‍රත්වය වෙනුවෙන් දින හතක් පුරාවට සිදු කරන්නට අදිටන් කරගත්තාවූ පින්කම් පෙළෙහි සයවැන්න මෙයයි.

සයවන පිංකම ලෙස අපි ස්වාමින් වහන්සේ නමක් උදෙස වස්ත්‍ර පූජාවක් සිදු කලා. ඒ හපුතලේගම ශ්‍රී බිම්බාරාම විහාරාධිපති ගරු හපුතලේගම බුද්ධානන්ද ස්වාමින් වහන්සේ උදෙසායි. උන්වහන්සේට සිවුරක්, අඳනයක් හා බද පටියක් පූජා කිරීම සිදු කෙරුනා.

වස්ත්‍ර පූජාව මහත් ඵල මහානිසංස පූජාවක් බව උන් වහන්සේ දේශනා කර සිටියා. අප විසින් මේ වස්ත්‍ර පූජා කිරීමට හේතුව පැවසු පසු උන් වහන්සේ මාගේ මිතුරියගේ ආදරණීය ස්වාමි පුරුෂයාට එම පින් අනුමෝදන් වී ඉක්මන් සුවය ප්‍රාර්තනා කර සිටියා.

ඇගේ ස්වාමිපුරුෂයා දැනට 90%ක් පමණ සුව වී ඇති බව අද උදෑසන ඇය පැවසුවා. පෙර සිදු කළාවූ සියළුම පින්කම්හි ආශිර්වාදයෙන් තරමක් සුවය ලබා සිටින ඔබේ ස්වාමිපුරුෂයාගේ සෞඛ්‍යය තත්වය ඉතා ඉක්මනින් යහපත් අතට හැරී නිරෝගී සුවය ලැබේවා…. සියලු කාය චිත්ත පීඩාවන් දුරු වේවා…. සිදු කරන්නට යෙදුනාවූ සියලූම පින්කම්හි බලයෙන් සියලු කරදර දුක් පීඩා දුරු වී නැවතත් සතුට සැනසුම උදා වේවා….

සමාජසත්කාර හා එක්ව මේතාක් ඔබ විසින් සිදු කළා වූ සියලුම පින්කම්හි ආශිර්වාදයද අප විසින් සිදු කරන්නාවූ පින්කම්හි ආශිර්වාදයද නොඅඩුවම ඔබටත් ඔබේ ස්වාමිපුරුෂයාටත් ලැබේවා… නොබෝ දිනකින්ම ඔබේ ස්වාමිපුරුෂයාගේ සෞඛ්‍යය තත්වය යහපත් වී ඔබේ කැදැල්ලේ නැවතත් සතුට සැනසුම පිරී ඉතිරේවා… දෙදෙනාටම එක්ව තව තවත් පින්දහම් සිදු කරගැනීමට වාසනාව උදාවේවා….

මේ ඔබ සියලුම දෙනාගේ ආශිර්වාදය ඇයට මෙන්ම ඇයගේ ස්වාමිපුරුෂයාට අවශ්‍ය මොහොතයි…

සෙනෙහබර වදන් පෙළගැස්ම :
Nimasha Sewwandi (Public Relations Officer / Front End Developer, Technical Assistant – Samajasathkara.lk Social Innovations Lab)

Manoj Prasanna (Vice President, Director – Samajasathkara.lk)

An idea by Danesh Maduranga Edirisooriya
Project of SamajaSathkara.lk

ඔබ සැමගේ දායකත්වයෙන් පූජ්‍ය ඉද්දගොඩ පියරතන ස්වාමින්වහන්සේ නැවත ජීවිතය ලැබූ වගයි….

ඔබ සැමගේ දායකත්වයෙන් පූජ්‍ය ඉද්දගොඩ පියරතන ස්වාමින්වහන්සේ නැවත ජීවිතය ලැබූ වගයි….

හදවත් රෝගයක් හේතුවෙන් ජීවිතයත් මරණයත් අතර සටනක යෙදුනා වූ වැලිවේරිය අමතරතන විවේක සේනාසනයේ විහාරස්ථානයේ වැඩ විසූ පූජ්‍ය ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ අද දවසේදී සාර්ථක සැත්කමකින් අනතුරුව නැවත විහාරස්ථානය කරා වැඩම කරනවා. උන්වහන්සේ පිළිබඳ තොරතුරු පල කල දින ඉතා සුලු වේලාවක් ඇතුලත අවශ්‍ය මුදල් පොරොන්දු වී ඉන් අනතුරුවත් විටින් විට ඇමතුම් ඔස්සේ පවා ස්වාමීන්වහන්සේ පිළිබඳ විමසමින් උපස්ථාන කිරීමට ඉදිරිපත් වෙමින් දානය පිළියෙල කරමින් සැදැහැ සිතින් එක් වූ කරුණාබර දයාබර හදවත් බොහෝමයක් බලාපොරොත්තු සහගතව සිටියේ උන්වහන්සේ නැවත යහපත් සුවයෙන් සිටිනු දැකීමටයි. ඔබ සැම අද දිනයේ මේ අත් විදින්නේ ඔබේ දායකත්වයෙන් ඔබේ සහයෝගයෙන් ජිවිතය පිළිබඳ බලාපොරොත්තු මිලිනව සිටි ස්වාමින්වහන්සේ නමකට නැවතත් ජීවිතය ලබාදුන් කුසලයේ අප්‍රමාණ වූ සතුටයි.

බරපතල ලෙස රෝගාතුරව සිටි උන්වහන්සේ රෝහල් ගත කිරීමෙන් අනතුරුව උන්වහන්සේ පිළිබඳ නිරතුරුව සොයා බලමින් අසළින් රැදි උපස්ථාන කල පූජ්‍ය අකුරුමුල්ලේ රතන ස්වාමීන්වහන්සේටත් සැත්කම වෙනුවෙන් තම රුධිරය පරිත්‍යාග කළ මාගේ ෆේස්බුක් මිතුරු මිතුරියන් සැමටත්… සැත්කම සදහා අවශ්‍ය වූ සිවුරු සෝදා පවිත්‍ර කොට දුන් මිතුරියටත්… සැත්කමට පෙරාතුව උන්වහන්සේ වෙනුවෙන් බෝධි පූජා පවත්වා සැත්කම සාර්ථක වීමට ආශිර්වාද එක් කළ සියලු දෙනාටත්… රෝහලේ ආහාර වැළදීමට පිරියක් නැතැයි කී විට ඉතිරි දින කිහිපය පුරාවටම උන්වහන්සේට දානය පිළියෙල කොට සැදැහැ සිත් පෙරදරිව පූජා කරා වූ සියලුම මිතුරු මිතුරියන්ටත්… දානය පිළියෙල කිරීමට හා රැගෙන ඒමට වෙහෙස මහන්සි වූ උපකාර කල සියලුම දෙනාටත්… උපස්ථායක ස්වාමීන්වහන්සේ වෙනුවෙන් විවේකයක් ලබා දීම උදෙසා නිදිවරමින් උප්ස්ථානය කළ මිතුරාටත්… නිරතුරුවම ඇමතුම හා චැට් පණිවිඩ ඔස්සේ ස්වාමීන්වහන්සේගේ සෞඛ්‍යය තත්වය විමසා බැලූ සැමටත්…. ස්වාමීන්වහන්සේ බැහැදැකීමට රෝහල වෙත පැමිණි සියලු දෙනාටත…. ස්වාමීන්වහන්සේගේ සැත්කමින් පසු අවශ්‍ය වන ඖෂධ මිලදී ගැනීමට දායකත්වය ලබාදුන් මිතුරු මිතුරියන්ටත්…
ස්වාමීන්වහන්සේ හට අවශ්‍ය පිරිකර ද්‍රව්‍ය පූජා කළ මිතුරියටත්…. විශේෂයෙන්ම මේ කටයුත්ත මෙසේ සිදු කිරීමට අවශ්‍ය වූ මුදල වෙනුවෙන් කෙටි කාලයක් තුලදී දායකත්වය ලබා දුන් මාගේ ෆේස්බුක් මිතුරු මිතුරියන් සියලු දෙනාටමත්, ඒ මුදල් ලැබෙන තුරු සැත්කම සඳහා රෝහලට මුදල් ගෙවීමට මුදල් ලබාදුන් සහ හදිසියක් වුවහොත් ලබාදීමට පොරොන්දු වූ සියලුම මිතුරු මිතුරියන්ටත් මේ සිදු කළා වූ කුසලයේ අප්‍රමාණ වූ පින් බල මහිමයෙන් ඔබ සියලු දෙනාගේම යහපත් වූ ප්‍රාර්ථනාවන් සහ අරමුණු සියල්ල සිතන පතන අයුරින්ම ඉෂ්ඨ සිද්ධ වේවා… කිසිදු කාය චිත්ත පීඩාවක් නොම වේවා… යන එන මග අතුරු ආන්තරාවකින් තොර වේවා… නිදුක් නීරෝගී වාසනාවන්ත දිවියක් උරුම වේවා… ජිවිතය සතුටින් සැනසුමින් සෞභාග්‍යයෙන් පිරී ඉතිරේවා…

අප සැම විසින් එකට එක් වී සිදු කළා වූ මේ කුසලය ඔබ අප සැමට සසර කෙළවර උතුම් වූ නිර්වාණ සම්පත්තිය පිණිසම හේතු වේවා….

ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ වෙනුවෙන් කැපවෙන ෆේස්බුක් මිතුරු මිතුරියෝ (ප්‍රාර්ථනා Fund Project 05 – Day 08 – දහවල්)

ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ වෙනුවෙන් කැපවෙන ෆේස්බුක් මිතුරු මිතුරියෝ (ප්‍රාර්ථනා Fund Project 05 – Day 08 – දහවල්)

හෘද රෝගයක් හේතුවෙන් දැඩිලෙස ගිලන්ව සිටි පිංවත් ආරණ්‍යවාසී ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ පසුගිය අප්‍රේල් 27 උදෑසන 7.30ට හෘද උරස් ශල්‍ය දැඩි සත්කාර ඒකකයට (ITICU) සැත්කම සඳහා ගනු ලැබුවා. දින තුනක් උන්වහන්සේට ICU එකෙහි ප්‍රතිකාර කරනු ලැබුවා. පෙරේදා සවස උන්වහන්සේ නැවත වාට්ටුවට මාරු කලා.

අද දහවල් දානය Vijitha Weerasinghe නැන්දා විසින් ඉතා සැදැහැ සිතින් පිළියෙල කර පූජා කර තිබුණා. ඒ වගේම උන්වහන්සේට කිරිපිටි ආදියද පූජාකර තිබුණා. ඒ වගේම Kajini Sinduja නංගිත් ස්වාමීන්වහන්සේට දහවල් කාර්යාලීය වේලාවේ පැමිණ පළතුරු පූජා කර තිබුණා. ඔබ දෙපළටත් බොහොම පිං.

ඊයේ රාත්‍රී 1ට පමණ මම පෝස්ට් එකක් දැම්මා අද දහවල් කාලයේ උන්වහන්සේට ඇප උපස්ථාන කරන්න හැකිනම් කෙනෙක්ට පැමිණෙන්න කියා. Udara Lahiru මල්ලි උදේම මට ඇමතුමක් දීලා කීවා මම එන්නම් අයියේ කියලා. ඔහුගේත් මල්ලි කෙනෙක් රෝහලේලු දින කිහිපයක සිටම. හදිසි අනතුරක් නිසා සිහිය තවමත් නැතිලු. ඔහුට ඉක්මන් සුවය පතා අපේ ස්වාමීන්වහන්සේ වෙනුවෙන් ඇප උපස්ථාන කරන්න අවශ්‍යයි කියලා තමා මල්ලී කීවේ. ගොඩක් පිං මල්ලි ඔයාට. ඔයා මේ කරන කුසලයේ ආනුභාවයෙන් අනිවාර්යයෙන්ම ඔබේ මල්ලීට ඉක්මනටම සනීප වේවි. උදාර මල්ලිට දහවල් කෑම අවශ්‍ය නැහැ කීවා දානය වැඩියෙන් තියෙන නිසා, නමුත් හිස් අතින් යන්න බැරි නිසා මං පළතුරු යුෂ එකක් අරන් ගියා.

මා යන විට උපස්ථායක ස්වාමීන්වහන්සේ සැතපිලා හිටියේ. මොකද උදාර මල්ලි පියරතන ස්වාමීන්වහන්සේව බලාගන්නවා.

ස්වාමීන්වහන්සේ නහවල පිරිසිදු කරලා හිටියේ. නැවත සවස තුවාල වලට බෙහෙත් දමාවි.

පැය කාලක් පමණ මා රැඳි සිට නැවත එන්න පිටත් වුණා මොකද අද මගේ කාර්යාලයේ ඉන්න ගමන් දහවල් කෑම වේලාවේ ආවේ.

මේ වෙන තෙක් සහය වූ මාගේ සියලුම ෆේස්බුක් මිතුරු මිතුරියන්ට බොහොමත්ම පිං… ඒ කුසලය ඔබ සැමට නිවන් අවබෝධය පිණිසම හේතුවාසනා වේවා.

ඔබවහන්සේට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා…

ඔබ වහන්සේගේ සියලු පැතුම් ඉටුවේවා.
දීර්ඝායුෂ ලබා සියවසක්‌ ජීවත්වීමේ වාසනාව
උදාවේවා. තෙරුවණ් සරණයි…

An idea by Danesh Maduranga Edirisooriya
Project of SamajaSathkara.lk

ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ සැත්කමෙන් පසු නැවතත් වාට්ටුවට

ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ සැත්කමෙන් පසු නැවතත් වාට්ටුවට

හෘද රෝගයක් හේතුවෙන් දැඩිලෙස ගිලන්ව සිටි පිංවත් ආරණ්‍යවාසී ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ පසුගිය අප්‍රේල් 27 උදෑසන 7.30ට හෘද උරස් ශල්‍ය දැඩි සත්කාර ඒකකයට (ITICU) සැත්කම සඳහා ගනු ලැබුවා. දින තුනක් උන්වහන්සේට ICU එකෙහි ප්‍රතිකාර කරනු ලැබුවා.

උන්වහන්සේගේ භාරකාරිත්වය මා මත තිබෙන නිසා උන්වහන්සේ ICU එකෙන් වාට්ටුවට මාරු කිරීමට මාගේ පැමිණීම අවශ්‍ය වුණා. සවස 6ට මමත් නිමාෂා නංගිත් ආසිරි ශල්‍ය රෝහලට පැමිණ අවශ්‍ය කටයුතු සිදුකලා.

උන්වහන්සේව රෝහළේ නිළධාරීන් විසින් ICU එකෙහි සිට වාට්ටුවට එක්කරගෙන එන තෙක් මමත් නිමාෂා නංගිත් උන්වහන්සේගේ කාමරය පිළියෙල කිරීම සහ උන්වහන්සේ ශල්‍යාගාරය තුළදී භාවිතා නොකරන ලද සිවුරු ආදිය පිළිවෙලට ඇසිරීම සිදුකලා.

උන්වහන්සේ කාමරයට එක්කරගෙන ආවේ රෝද පුටුවකින්. බොහොම අපහසුවෙන් තමා හිටියේ. ඇඳේ තබනවාට වඩා වැඩිවේලාවක් පුටුවක වාඩි කර තබන්න කියල ඔවුන් උපදෙස් දුන්නා. උන්වහන්සේ “හරිම වේදනයි මහත්තයා, ඉන්න බෑ, අතත් කපලා, කකුලත් කපලා” කියනකොට ඇස් වලට කඳුළුත් ආවා.

අප පැමිණ සුළු මොහොතකින් උපස්ථායක ස්වාමීන්වහන්සේද වැඩම කලා. ස්වාමීන්වහන්සේට රෝහළෙන් ලබාදෙන දානය වළඳන්න වැඩි පිරියක් නැහැලු. ගොඩක් වෙලාවට ලුණු, මිරිස් වගේ දේවල් වල වෙනසක් වෙනවනේ රෝහලේ ආහාර වල. ඉතිං අපි හිතුවා ෆේස්බුක් එකේ ආසිරි රෝහලට කිට්ටුව ඉන්න මගේ යාලුවන්ගේ උදව්වෙන් ඉදිරි දින 2 තුළ ස්වාමීන්වහන්සේලා දෙනමට දානය පිළියෙල කර පූජාකිරීමට.

හෙට උදෑසන දානය මමත් නිමාෂා නංගිත් පිළියෙල කිරීමට තීරණය කලා. උන්වහන්සේට වළඳන්න පුලුවන් කීවේ රතු කැකුළු බත්, හාල්මැස්සෝ, කරෝල (මිරිස් අඩුවෙන්), කොස් ඇට ව්‍යංජනයක්, රොටී, සීනි කෙසෙල්, කිලෝ පේර වැනි ආහාර තමයි.

ඉතිං පැය 1 1/2ක පමණ කාලයක් උන්වහන්සේ සමඟ රැඳී සිට අපි එන්නට පිටත්වුනේ හෙට දානය පිළියෙල කිරීමට අවශ්‍ය කළමනා ගැනීමටයි. අපි පිටත් වෙන විට වේලාව රාත්‍රී 7.30ට පමණ ඇති.

ඇත්තෙන්ම අද ඉතා වෙහෙසකර දවසක්. ඊයේ පාන්දර නිදාගන්නකොට 2ට ඇති. ආපසු 5ට නැගිටලා දිවුලපිටිය අවුරුදු උත්සවයට පිටත් වුණා අපේ කණ්ඩායමේ අය. එය 2ට අවසන් වෙලා නැවත කොළඹට එනවිට සවස 4.30යි. ඒ ආ සැනින් තමා රෝහළට ගියේ.

මේ වෙන තෙක් සහය වූ මාගේ සියලුම ෆේස්බුක් මිතුරු මිතුරියන්ට බොහොමත්ම පිං… ඒ කුසලය ඔබ සැමට නිවන් අවබෝධය පිණිසම හේතුවාසනා වේවා.

ඔබවහන්සේට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා…

ඔබ වහන්සේගේ සියලු පැතුම් ඉටුවේවා.
දීර්ඝායුෂ ලබා සියවසක්‌ ජීවත්වීමේ වාසනාව
උදාවේවා. තෙරුවණ් සරණයි…

ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේගේ ජීවිතය වෙනුවෙන් රුධිරය පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරු මිතුරියෝ (ප්‍රාර්ථනා Fund Project 05 – Day 02 – උදෑසන/දහවල්)

ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේගේ ජීවිතය වෙනුවෙන් රුධිරය පරිත්‍යාග කල ෆේස්බුක් මිතුරු මිතුරියෝ (ප්‍රාර්ථනා Fund Project 05 – Day 02 – උදෑසන/දහවල්)

හෘද රෝගයක් හේතුවෙන් දැඩිලෙස ගිලන්ව සිටින පිංවත් ආරණ්‍යවාසී ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ ඊයේ (අප්‍රේල් 25) සවස ආසිරි ශල්‍ය රෝහලට බයිපාස් සැත්කමක් සිදුකිරීම සඳහා ඇතුලත් කිරීම සිදුකලා. ඊයේ දිනයේ සහ අද සියලුම පූර්ව පරීක්ෂණ සියල්ල සිදුකලා.

අද දිනයේ උන්වහන්සේ වෙනුවෙන් රුධිරය ලබාදෙන්න ෆේස්බුක් මිතුරු මිතුරියන් 4 දෙනෙක්ට ආරාධනා කලා. ඔවුන් උදෑසන 9.30 වන විට රෝහලට පැමිණියා.

Gangani Wanigasekara නංගීටත්, Gayan Shameera Gunasekara අයියා, Aravinda Rathnayake අයියා සහ Manjushri Illangaweera අයියාටත් බොහොම පිං කෙටි දැනුම් දීමකින් පැමිණීම සම්බන්ධව. ඔබ මේ සිදුකලා වූ පුණ්‍යකර්මය නිර්වාණ සම්පත්තියටම හේතුවාසනා වේවා. ඒ වගේම අපි රුධිරය අවශ්‍ය බව ෆේස්බුක් පෝස්ට් එකකින් පැවසූ පසු උදව් කරන්න පොරොන්දු වූ ඔබ සැමටද බොහොමත්ම පිං. අද දිනයේ මේ සිදුවීම නිසා ඇත්තෙන්ම කළ්‍යාණ මිතුරු මිතුරියන් කිහිප දෙනෙක් මුණ්ගැසුනා. එයද අප සියලුම දෙනා ලද භාග්‍යයක්.

පසු සටහන් : සැත්කම සිදු කිරීම ආරම්භ කරන්නේ හෙට (අප්‍රේල් 27) උදෑසන 7.30ට. හෙට සිට නැවත උන්වහන්සේ ICU එකෙන් වාට්ටුවට ඇතුලත් කරන තුරු ඡායාරූප පළනොකරන බව කරුණාවෙන් සළකන්න. දිනකට වරක් අපි උපරිම දින 4ක් යනතෙක් උන්වහන්සේගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව කෙටි විස්තරයක් පළකරන්නම්. සැත්කමෙන් පසුද වෛද්‍යවරයා පැවසුවේ විශබීජ ආදියට නිරාවරණය වීමට හැකියාව ඇති නිසා ස්වාමීන්වහන්සේ බැහැ දැකීමට පැමිණීම එක් අයෙකුට හෝ දෙදෙනෙක්ට සීමා කරන ලෙසයි.

ඔබ වහන්සේගේ සියලු රෝගයන් ද සියලු ශෝකයන් ද සියලු උවදුරු ද, සියලු දුක්‌ දොම්නස්‌ ද දුරුවේවා.

හදවත් සැත්මක සාර්ථක වේවා…

ඔබ වහන්සේගේ සියලු පැතුම් ඉටුවේවා.
දීර්ඝායුෂ ලබා සියවසක්‌ ජීවත්වීමේ වාසනාව
උදාවේවා. තෙරුවණ් සරණයි…

An idea by Danesh Maduranga Edirisooriya
Project of SamajaSathkara.lk