by Danesh Edirisooriya | Nov 15, 2018 | සමාජසත්කාර පිංකම්
අනුරාධපුර මැදවච්චිය, හිරල්ලුගම විජේරත්න ස්වාමීන්වහන්සේ වම් ඇසෙහි කාලයක් තිස්සේ පෙනීමේ අඩුවක් තිබූ අතර පසුව මීට කලකට ඉහතදී උදෑසන අවදිවන විට ඇස් දෙකෙහිම පෙනීම නැතිවී තිබුණා. ඇසෙහි අභ්‍යන්තරයේ සියුම් ස්නායුවක් පිපිරීමෙන් ලේ ගැලීම නිසා මෙම තත්වය හටගෙන ඇතැයි වෛද්‍යවරු ප්‍රකාශ කලා.
උන්වහන්සේට නැවත පෙනීම ලබාදීම සඳහා ඇස් දෙකටම සැත්කම් කිරීමට සිදු වූ අතර ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් අපි ඒ සඳහා දායකත්වය දැක්වූවා.
මැදවච්චිය සිට උන්වහන්සේ ප්‍රථමයෙන්ම කොළඹට වැඩමවූ අතර, ඉන්පසු රාගම සහ හංවැල්ල ප්‍රදේශයේ පන්සල් දෙකක සිට තමා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට වත්තල හේමාස් රෝහල වෙත වැඩම කලේ.
ප්‍රථම දිනයේ අපි උන්වහන්සේ සමඟ රෝහලට ගොස් සැත්කම සඳහා උන්වහන්සේව රෝහලට ඇතුලත් කරනු ලැබුවා. ඉන්පසු සැත්කම අවසන් කර උන්වහන්සේ වාට්ටුවට ඇතුලත් කර අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා ගැනීමද, ඊලඟ සැත්කම පිලිබඳව විස්තරද වෛද්‍යවරුන් සමඟ සාකච්ඡා කලා.
ඉන්පසු නැවත උන්වහන්සේ නතර වී සිටි රාගම විහාරස්ථානයට වැඩම කලේ ඊලඟ දින උදෑසනද වෛද්‍ය පරික්ෂාව සඳහා නැවත රෝහලට වැඩම කරවීමේ බලාපොරොත්තුවෙන්.
දිවා රෑ පිං වැඩෙන පිංකමකට දායක වුණ ඔබ සැමට මේ කුසලය නිර්වාණ අවබෝධය පිණිසම හේතුවාසනා වේවා.
තෙරුවණ් සරණයි !
Project Code : 2018-A-OCT-0028
Project Vision 2 | Financial Aid for Eye Surgeries
අඩු ආදායම්ලාභී, අසරණ පවුල් වල වැඩිහිටියන් සඳහා අක්‍ෂි ශල්‍යකර්ම (Eye Surgeries) වලට අවශ්‍ය මූල්‍යමය ආධාර ලබාදීම.
An Idea by Danesh Maduranga Edirisooriya, Danesh Maduranga Edirisooriya II & Danesh Maduranga Edirisooriya III
Project of SamajaSathkara.lk
by Danesh Edirisooriya | Aug 21, 2018 | සමාජසත්කාර පිංකම්
අටමහා කුසල් යන නමින් විශේෂ පින්කම් අටක් පිළිබඳව බුදු දහමේ ඉගැන්වේ.
එම අටමහා කුසල් දැක්වෙන ගාථාව මෙසේය.
“කඨිනං ච පරික්ඛාරං – වාස දානංච උත්තමං
බුද්ධප්පමුඛසංඝස්ස – දානං ධම්මස්ස ලේඛනං
ඛෙත්ත දානංච සංඝස්ස – පටිමා කරණං පි ච
කරණං වච්ච කුටියා – අට්ඨ පුඤ්ඤානි වුච්චරේ”
මෙහි දැක්වෙන අටමහා කුසල් මෙසේය.
1.කඨින සිවුරක් පූජා කිරීම
2.අටපිරිකර පූජාකිරීම
3.ආවාස ගෙයක් තනවා සඟසතුකර පූජා කිරීම
4.බුදුපාමොක් මහ සඟනට සඟ සතු කර දන්දීම.
5.බුද්ධ ධර්මය ලිවීම හා ලියවීම දහම් පොත්පත් මුද්‍රණය කරදීම බෙදා හැරීම.
6.සඟ සතු කර හෝ බුද්ධ පූජා වශයෙන් කෙත් වතු පිදීම
7.බුදු පිළිම සෑදවීම, චෛත්‍ය විහාරගෙවල් මුලසුන් ආදිය සෑදවීම
8.වැසිකිළි තනවා සඟසතු කර පිදීම.
යන මේ පිංකම් අට අටමහා කුසල් නම්වේ.
මේ පිංකම් අට අනෙක් පිංකම් වලට වඩා සුවිශේෂී වන්නේ විශේෂ හේතුවක් ඇති බැවිනි. අකුසල් සිත් යටපත් කර කුසල් සිත් උපදවා ගෙන මෙම අටමහා කුසල් කරන අය හට සසර තමා විසින් මව මැරීම ආදී පංචානන්තරීය අකුසල් සිදුකර නොමැති අයට වෙනත් යම් යම් අකුසල් දැන හෝ නොදැන කර තිබුණහොත් ඒවා තාවකාලිකව යටපත් කොට අකුසලයේ විපාකය විඳීන්නට නොදී අටමහා කුසලයක් ඉදිරිපත්වී එයින් සැප විපාක ලබාදීමට සමත් වන බව දහමෙහි දැක්වේ.
අටමහා කුසල් අතර අටවන මහා කුසලය වශයෙන් සඳහන් වෙන්නේ වැසිකිළි සාදවා මහ සඟනට සඟසතු කොට පූජා කිරීම හෝ පොදු ජනතාවගේ ප්‍රයෝජනයට අවස්ථාව උදාකිරීම මෙම පිංකමට දායක විය හැකිය.
ශිෂ්ට සම්පන්න ජන සමාජයක් තුළ වැසිකිළි භාවිතා කිරීම අවශ්‍යම කාරණයකි. එවිට බාහිර පරිසරය දූෂණය නොවේ. ලෙඩරෝග බෝවීම වැළකේ. නීරෝගී ජන සමාජයක් බිහි කිරීමට මෙම කරුණුද විශේෂ හේතුවකි.
මේ අනුරාධපුර, පේමඩුව, උලුක්කුලම ප්‍රදේශයේ අති දුෂ්කර පන්සලක්. මේ ප්‍රදේශයට වසර 4කින් පමණ වර්ෂාවවත් නැහැ. ස්වාමීන්වහන්සේලාට පරිහරණයට හරිහමන් වැසිකිළියක්වත් නැහැ. ඉතිං අපි තීරණය කලා මේ පන්සලට වැසිකිළියක් සාදවා පූජා කරන්න. අපි ඒ සඳහා මුල්ගල තැබීම සිදුකලා. සති කිහිපයක් තුළ අප වැඩ අවසන් කර මෙම වැසිකිළිය සඟ සතුකර පූජා කිරීමට බලාපොරොත්තු වෙනවා.
මේ පිංකමට දායකත්වය දැක්වූයේ Ruchiranga Premathilake අයියා, ඔහුගේ ආදරණීය බිරිඳ වන Jayani Madhi Prasadika අක්කගේ අද දිනට එනම් අගෝස්තු 21 වන දිනට යෙදිලා තියෙන උපන්දිනය වෙනුවෙනුයි.
පන්සලේ විහාරාධිපති ස්වාමීන්වහන්සේ බෙහෙවින්ම පිං දුන්නා. පැමිණ සිටි පිරිසට ඔබ දෙපළ පිළිබඳව සහ ඔබේ උපන්දිනය වෙනුවෙන් මෙම පිංකම සිදුකරන බවත් එය මහත්පල මහානිසංස ගෙනදෙන පිංකමක් බවත් දේශනා කර සිටියා.
අක්කේ මේ මහාර්ඝ වූ පිංකමට ඔබේ ආදරණීය ස්වාමිපුරුෂයා සම්පූර්ණ දායකත්වයක් දැක්වූවා. ඔබ සැබැවින්ම වාසනාවන්තයි මෙවන් පින්වන්ත කුසලයට ලැදි ස්වාමියෙක් ලබන්නට. ඔහු මේ ලබා දුන් උපන්දින ත්‍යාගයට ඔබත් කැමති ඇති කියලා අපි හිතනවා අක්කා. ඡායාරූප අප්ලෝඩ් කිරීමට ප්‍රමාදවීම පිළිබඳව සමාව අයදිනවා. සමහර විට ඔබ අයියා සමග අමනාපයෙන් ඉන්නත් ඇති උපන්දිනයට ත්‍යාගයක් නොදීම සම්බන්ධව. නමුත් මමත් අයියාත් සතියක පමණ සිටයි මේ පිංකමට සූදානම් වුයේ. ඔහුට අවශ්‍ය වුනේ ඔබට මෙළොවටත්, පරළොවටත් වටිනා වූ ආනිසංස ගෙන දෙන ත්‍යාගයක් ලබාදීමටයි. ඔබව පුදුමයට පත් කිරීමටයි.
මේ සිදු කළා වූ කුසලය ඔබ දෙපළටම ආශිර්වාදයක් වේවා… මේ රැස් කරගත්තා වූ කුසලයේ ආනිසංසයෙන් නිදුක් නීරෝගී ලාභය ලැබේවා… පුංචි කැදැල්ලේ සතුට සෙනෙහස නිබඳව රැඳේවා…. ඔබේ සියලු සිතුම් පැතුම් ඉටු වී කරන කියන කටයුතු සියල්ලක්ම සාර්ථක වෙන වාසනාවන්ත දිවියකට මෙය ආශිර්වාදයක්ම වේවා… දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ද ජීවිතය ද සාර්ථක වේවා… ගුණ දහමින් හෙබි වාසනාවන්ත දරුවන් දැයට දායාද කිරීමට ඔබ දෙපළටම හැකි වේවා… පවුලේ සෑම සියලු දෙනාටම නීරෝගි සුවය සතුට සැනසුම වාසනාව නිරන්තරයෙන්ම උදා වේවා….
අයියේ, මේ භවයේ මෙන්ම නිවන් දක්නා තුරා ඈ ඔබේම සෙනෙහෙබර බිරිඳ ලෙසත් ඔබ ඇගේම දයාබර ස්වාමිපුරුෂයා ලෙසත් හමු වී මෙසේ එකට එක්ව කුසල් රැස් කොට පාරමී පුරා අවසානයේ උතුම් වූ නිර්වාණ සම්පත්තිය උදා කර ගැනීම පිණිස මේ කුසලට ඔබ දෙපළටම හේතු වේවා….
සුභ උපන්දිනයක් අක්කා…
මේ පිංකමට සමාජසත්කාර කණ්ඩායමේ Chathura Prasanga මල්ලිත්, Shakuna Perera අයියාත් ශ්‍රම දායකත්වය දැක්වූවා. ඔබ දෙපළටද බොහොමත්ම පිං..
Birthday for a Cause | Celebrating birthday with Samajasathkara.lk
An idea by Danesh Maduranga Edirisooriya, Danesh Maduranga Edirisooriya II & Danesh Maduranga Edirisooriya III
Project of SamajaSathkara.lk
by Danesh Edirisooriya | Apr 7, 2018 | සමාජසත්කාර පිංකම්, සාමාන්‍ය පුවත්
ලොව උතුම්ම දානයට සම්බන්ධ වුණ ෆේස්බුක් මිතුරු මිතුරියෝ…
අද දින අපි ෆේස්බුක් මිතුරන්ගේ දායකත්වයෙන් අරලගංවිල, කුඩා සීගිරිය, ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයට ත‍්‍රිපිටකය සහ ත්‍රිපිටකය තැන්පත් කිරීමට පොත් කබඩ් එකක් සඟ සතු කර පූජා කරනු ලැබුවා.
මේ පිංකමට ප‍්‍රධාන මූල්‍යමය දායකත්වය දැක්වූයේ Kumosha Abeyweera අක්කා සහ ඇගේ සොහොයුරිය Gayashi මිතුරියයි. ඇගේ ආදරණීය පුතනුවන් දෙදෙනා වන Senusha Abeyweera සහ Sadev Abeyweera ගේ පසුගිය ජූලි මාසයේ පැවති උපන්දින වෙනුවෙන් ඔවුන්ට ආශිර්වාද පතා තමයි මේ පිංකම සිදුකලේ.
ත්‍රිපිටකය තැන්පත් කිරීමට කබඩ් එක පරිත්‍යාග කිරීමට ෆේස්බුක් මිතුරු මිතුරියන් රාශියක් එකතු වුණා.
වැඩම්මවීම සඳහා මුතුකුඩය Nimasha Sewwandi ඇය විසින්ම නිර්මාණය කර පූජා කරනු ලැබුවා.
මෙම ත්‍රිපිටක පොත් වහන්සේලා 2017 නොවැම්බර් මස 26 වෙනි දින පන්සලට පූජා කල අතර එදින පැවති අයහපත් කාළගුණය නිසා පෙරහැරකින් වැඩම කරවීම අප විසින් කල් දැමුවා. එදින සංකේතාත්මකව පූජා කිරීම සිදු කර අද පූජා කිරීම උත්සවශ්‍රීයෙන් සිදු කරන ලදි.
පන්සලේ ස්වාමීන්වහන්සේ Seewali Podi Hamuduruwo මේ පිංකමේ වටිනාකම ගැන අපට පහදා දුන්නා. සම්බන්ධ වූ සැමට පුණ්‍යානුමෝදනාවක්ද සිදුකලා.
මේ පිංකමේ කුසලානුභාවය සකල ලෝවැසි සියළු සත්වයින් හට අනුමෝදන් වී අවසානයේ අමාමහ නිවන් සාක්‍ෂාත් කරගැනීමට හේතුවාසනා වේවායැයි සතුටු සිතින් යුතුව ප‍්‍රාර්ථනා කරන්නෙමු.
සමාජසත්කාර “ත්‍රිපිටක පූජා 2017”
by Danesh Edirisooriya | Dec 5, 2017 | සමාජසත්කාර පිංකම්
ෆේස්බුක් හරහා හමු වූ Chamila අක්කා විසින් ඇගේ ආදරණීය සැමියා වන Randil අයියාගේ උපන්දිනය සහ ඔවුන් දෙපළගේ විවාහ සංවත්සරය බොහෝමත්ම අර්ථාන්විත ලෙස සැමරුවා. සොඳුරු සැමරුම් දෙකම වෙනුවෙන් පිංකම් කිහිපයක් සිදුකලා. එයින් එකක් තමයි ස්වාමීන්වහන්සේ නමක් උදෙසා සිවුරක්, අඳනයක් හා බද පටියක් පූජා කිරීම. වස්ත්‍ර පූජාව මහත් ඵල මහානිසංස පූජාවක් බව උන් වහන්සේ දේශනා කර සිටියා.
දයාබර ස්වාමිපුරුෂයාගේ උපන්දිනය වෙනුවෙන් මෙසේ වටිනා පරිත්‍යාගයන් සිදු කොට ලබා ගන්නා වූ පිනෙන් ඔහුට ආශිර්වාද කිරීම බෙහෙවින්ම අගය කළ යුතුමයි. මෙවන් පින්වන්ත බිරිඳක් ලබන්නට ඔබේ ස්වාමිපුරුෂයාද බොහෝ පින් කර ඇති. මේ රැස් කරගත්තාවූ කුසලයන්ගේ ආනුභාවයෙන් ඔබ දෙපළටම නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා… කරන කියන හැම කටයුත්තක්මද සිතන පතන හැම පැතුමක්මද ඒ අයුරින්ම ඉටු වේවා…. සතුට සැනසුම සෞභාග්‍යය නිරතුරුවම ඔබ දෙපළගේ කැදැල්ල පුරා ඉතිරේවා… භවෙන් භවේ පුරා නිවන් දක්නා තුරා අත්වැලක්ව එකට එක්ව පාරමී දම් පුරන්නට ඔබ දෙපළටම හැකි වේවා…
Happy Birthday / Anniversary !
සෙනෙහෙබර වදන් පෙළගැස්ම – Nimasha Sewwandi
Celebrate your Birthday / Anniversary with Samajasathkara.lk | Birthday / Anniversary for a Cause
An idea by Danesh Maduranga Edirisooriya & Danesh Maduranga Edirisooriya II
Project of SamajaSathkara.lk
by Danesh Edirisooriya | Nov 26, 2017 | සමාජසත්කාර පිංකම්
ලොව උතුම්ම දානයට සම්බන්ධ වුණ ෆේස්බුක් මිතුරු මිතුරියෝ…
අද දින අපි ෆේස්බුක් මිතුරන්ගේ දායකත්වයෙන් අරලගංවිල, කුඩා සීගිරිය, ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයට ත‍්‍රිපිටකය සහ ත්‍රිපිටකය තැන්පත් කිරීමට පොත් කබඩ් එකක් සඟ සතු කර පූජා කරනු ලැබුවා.
මේ පිංකමට ප‍්‍රධාන මූල්‍යමය දායකත්වය දැක්වූයේ Kumosha Abeyweera සහ ඇගේ සොහොයුරිය Gayashi මිතුරියයි. ඇගේ ආදරණීය පුතනුවන් දෙදෙනා වන Senusha Abeyweera සහ Sadev Abeyweera ගේ ජූලි මාසයේ පැවති උපන්දින වෙනුවෙන් ඔවුන්ට ආශිර්වාද පතා තමයි මේ පිංකම සිදුකලේ.
ත්‍රිපිටකය තැන්පත් කිරීමට කබඩ් එක පරිත්‍යාග කිරීමට ෆේස්බුක් මිතුරු මිතුරියන් රාශියක් එකතු වුණා.
වැඩම්මවීම සඳහා මුතුකුඩය මාගේ ආදරණීය බිරිඳ* Nimasha Sewwandi විසින් ඇය විසින්ම නිර්මාණය කර පූජා කරනු ලැබුවා.
ඇත්තෙන්ම ඊයේ දිනයේ වර්ෂාව නිසා පිංකම අපි අදට කල් දැම්මා. නමුත් අද ඊයේට වඩා වර්ෂාව. එම නිසා පූජා කිරීමේ උත්සවශ්‍රීයෙන් සිදු කිරීමට බලාපොරොත්තු වූ වැඩසටහන ඉදිරි දිනකට කල් දැමූ අතර අද දින සංකේතාත්මකව පූජා කිරීම සිදු කරනු ලැබුවා.
මේ පිලිබඳ වැඩිදුර විස්තර, දායක වූ අය පිළිබඳ විස්තර සහ තවත් ඡායාරූප ඔබ වෙතට අපි ඉදිරියේදී ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා…
පන්සලේ ස්වාමීන්වහන්සේ Seewali Podi Hamuduruwo මේ පිංකමේ වටිනාකම ගැන අපට පහදා දුන්නා. සම්බන්ධ වූ සැමට පුණ්‍යානුමෝදනාවක්ද සිදුකලා.
මේ පිංකමේ කුසලානුභාවය සකල ලෝවැසි සියළු සත්වයින් හට අනුමෝදන් වී අවසානයේ අමාමහ නිවන් සාක්‍ෂාත් කරගැනීමට හේතුවාසනා වේවායැයි සතුටු සිතින් යුතුව ප‍්‍රාර්ථනා කරන්නෙමු.
සමාජසත්කාර “ත්‍රිපිටක පූජා 2017”
An idea by Danesh Maduranga Edirisooriya & Danesh Maduranga Edirisooriya II
Project of SamajaSathkara.lk