loader image
Select Page
සර්වඥ ධාතූන් වහන්සේලාගේ ධාතු තැන්පත් කිරීමට කරඬුවක් සැරසීම (Final Day)

සර්වඥ ධාතූන් වහන්සේලාගේ ධාතු තැන්පත් කිරීමට කරඬුවක් සැරසීම (Final Day)

සමාජ සත්කාර කණ්ඩායමේ අපි කවදත් විවිධාකාරයෙන් යුත් පිංකම් සිදු කරනවා. ඔබට මතක ඇති අපි විසින් පසුගිය වසරේ ධාතූන් වහන්සේලා තැම්පත් කරන ලද කරඩුන් වහන්සේ නමක් අඩු ආදායම් සහිත දුෂ්කර ප්‍රදේශයක විහාරස්ථානයකට පූජා කරනු ලැබුවා. මේ වසරේද අපි එලෙසම ධාතූන් වහන්සේලා සහිත කරඩුන් වහන්සේ නමක් පූජා කිරීමට බලාපොරොත්තු වෙනවා. (මෙම පිංකම 2018 වසරේ ආරම්භ කරන ලද්දකි)

අඩි 3 ක් පමණ උසැති රන් සහ රිදී ආලේපිත කරඬු 2ක් අප විසින් මේ ආකාරයට සැරසීම සිදු කරනු ලැබුවා. එය මහත් ඵල මහානිසංස ගෙනද පුණ්‍යකර්මයක් වෙනවා. අපගේ මහන්සියෙන් නිමවුනු කරඬුවක් නිසා හිතට දැනෙන්නේ පුදුමාකාර සතුටක්. මාස කිහිපයක් තිස්සේ දිනෙන් දින එය ක්‍රම ක්‍රමයෙන් මිතුරන්ගේ ශ්‍රම දායකත්වයෙන් අලංකාර වුණා. අද එහි වැඩ සම්පූර්ණයෙන්ම අවසන් කලා.

මධුශංක පුෂ්පකුමාර මල්ලීත්, අජිත් ප්‍රියංකර අයියාත්, ලහිරු නුවන් මල්ලීත් ඔවුන්ට නිදහස් වේලාවන්හීදී පැමිණ මේ කරඬුව සැරසීමට විශාල දායකත්වයක් දැක්වූවා. ඔබ සියලුම දෙනාට බොහොමත්ම පිං.

අපි මෙයින් එක් කරඬුවක් අප්‍රේල් මාසයේදීත්, අනෙක් කරඬුව මැයි වලින් පසුවත් (එය පූජා කිරීමට බලාපොරොත්තු වන පන්සලේ ධාතු මන්දිරය තවම ගොඩනංවමින් පවතී. අවසන් වීමට මාස 2ක් පමණ ගත විය හැක) පූජා කිරීමට බලාපොරොත්තු වනවා.

තවමත් අපට අප්‍රේල් පූජා කරන්නට බලාපොරොත්තු වන කරඬුව සඳහා ධාතූන් වහන්සේලා සොයාගැනීමට අපහසු වූ අතර ඔබ දන්නා තැනක් තිබෙනවානම් කරුණාකර අපට දැනුම් දෙන්න.

අප්‍රේල් මාසයේ පිංකමට පමණක් නන් අයුරින් ඔබට සම්බන්ධ විය හැකි අතර, ඒ සඳහා ඔබගේ කැමැත්තක් ඇත්නම් ෆේස්බුක් පණිවිඩයක් එවන්න.

කරඬුව සැරසීමට ගත් Silver සහ Gold Stones, Glue බොහොමයක් ඉතිරිව පවතින අතර මෙවැනි පිංකමක් සිදු කරන්නට බලාපොරොත්තු වෙන කෙනෙක් වෙත ඒවා නොමිළයේ පරිත්‍යාග කිරීමට කැමතිය. අවශ්‍යයි නම් කතා කරන්න.

Helping Everyone | Everyday | Everywhere
© සමාජසත්කාර.lk | www.Samajasathkara.lk

An idea by Danesh Maduranga Edirisooriya, Danesh Maduranga Edirisooriya II & Danesh Maduranga Edirisooriya III
Project of SamajaSathkara.lk