loader image
Select Page
මසකට දානේ වේල් 5ක් පමණක් ලැබෙන, කන්දක් මුදුනක පිහිටි, අඩුපහසුකම් සහිත මෙහෙණි ආරණ්‍යයට ශීතකරණයක් පූජා කරන්න යන ගමන් | නොවැම්බර් 12

මසකට දානේ වේල් 5ක් පමණක් ලැබෙන, කන්දක් මුදුනක පිහිටි, අඩුපහසුකම් සහිත මෙහෙණි ආරණ්‍යයට ශීතකරණයක් පූජා කරන්න යන ගමන් | නොවැම්බර් 12

ඔයාලට මතකනේ පොතුහැර අල්ගම ගමේ කන්දක් මුදුනක තියෙන මෙහෙණි ආරණ්‍යයකට අපි ශීතකරණයක් පූජා කරන්න ව්‍යාපෘතියක් මීට මාස 2කට කලින් ආරම්භ කලා. අද තමයි මට අවස්ථාව ලැබුණේ ඒ පිංකම කරන්න.

ඊයේ මම කොළඹින් කුරුණෑගලට ශීතකරණය එව්වා වාහනයක දාලා. අද උදේ පාන්දර 5ට මමයි, සමාජසත්කාර.lk Social Innovation Labs හි Front End Developer නිමාෂා නංගි, එයාගේ මල්ලි සහ අම්මා සමඟ අපි කිරිබත්ගොඩින් පිටත් වුණා. ඉන්පසු අපි කුරුණෑගලට ගිහින් තවත් වාහනයකට ශීතකරණය මාරු කරගත්තේ ඔවුන් ගමක් ඇතුලට ට්‍රාන්ස්පෝට් කරන්න අකමැති වුණ නිසයි.

අපි දහවල් 2 පමණ වන විට මෙහෙණි ආරණ්‍යය කිට්ටුවට ආවා. මීටර් 500ක් පමණ පයින් ගිහින් ඉන්පසු පඩි 100කට වැඩි සංඛ්‍යාවක් උඩට නැග්ගේ ආරණ්‍යයට පූජා කරන්න අපේ ෆේස්බුක් යාලුවෝ ලබාදුන්න ද්‍රව්‍යයත් අරන්. ශීතකරණය අපිට අරන් යන්න බැරි නිසා ගමේ මාමලා 3 දෙනෙක් අපිට ඒ සඳහා උදව් කලා. එයාලා ගොඩක් මහන්සි වුණා. අපි උඩට ගිහින් පැයකට වඩා මහන්සි නිවෙනකම් හිටියා. අපිට මැණියෝ දහවල් ආහාරයත් සූදානම් කරලා තිබ්බා. අවුරුදු 4ක පමණ පැරණි මිත්‍රත්වයක් නිසා තමයි අපි මේ පිංකම කලේ. ඒ ෆේස්බුක් ඔස්සේ මුණ ගැසුණු දමයන්ති අක්කා. මේ ආරණ්‍යය ගැන මට ඇය තමයි දැනුම් දුන්නේ. අද තමයි ඇයව මුණ ගැහුණේ ප්‍රථම වතාවට. ඒ ගැනත් හරි සතුටුයි.

මේ උතුම් වූ පිංකමට සම්බන්ධ වූ ඔබ සැමටත්, දැකබලා සතුටු වන ඔබ සැමටත් මේ පිං අනුමෝදන් වෙත්වා…

මතු සම්බන්ධයි…

වැඩි දුරටත්…

මේ මෙහෙණි ආරණ්‍යය තියෙන්නේ පොතුහැර, අල්ගම ගමේ කන්දක් මුදුනක. මාසෙට දානේ වේල් 5ක් වගේ තමා ලැබෙන්නේ. ඒකත් බොහෝ වෙලාවට එළවළු වර්ග. ඉතිං වැඩි දවසක් කල් තියාගන්න බැහැ. වෙළඳසැලක් තියෙන්නෙත් කිලෝමීටර් 3-4ක් දුරින්. ඉතිං එළවළු සහ අනෙකුත් ආහාර කල්තියාගැනීමට ශීතකරණයක් තිබීම ඇත්තෙන්ම වටිනවා. මෑණීවරු මස් මාංස වළඳන්නෙත් නැහැ. මේ ආරණ්‍යයට ශීතකරණයක් පූජා කරන මේ මහත්පල මහානිසංස පිංකම අපි සතියකට උඩදි ආරම්භ කලා. නමුත් අද තමයි මට අවස්ථාව ලැබුණේ ආරණ්‍යයට යන්න.

අපි මුලින්ම ගිහින් පහල ආරණ්‍යයක වැඩ සිටින ලොකු මෑණීයෝ මුණගැසුනා. කකුලේ අස්ථි බිඳවැටීමක් නිසා මෑණීයෝ දැනට වැඩසිටින්නේ පහළ ආරණ්‍යයක. අපි තවත් මෙහෙණින් වහන්සේ නමක් සමඟ කන්දක් මුදුනක පිහිටි මේ අල්ගම කන්ද පුරාණ ගල්ලෙන් විහාරය (මෙහෙණි ආරණ්‍යය) බලන්න ගියා. වාහනය අපි කුඹුරක් මැද කිලෝමීටරයක් පමණ මෙහායින් නවත්වා පයින් තමා ගියේ. පඩිපෙළ 100කට වඩා ගලක් උඩට නගින්න වුණා අඩි 200ක් පමණ. දහවල් 2කට පමණ තමා අපි කන්ද නගින්න ආරම්භ කලේ. මේ විහාරය වළගම්බා රජ දවස ආරම්භ කල එකක්ලු. දැනට මෙහෙණින් වහන්සේලා දෙනමක් වැඩ ඉන්නා අතර තනියට නැන්දා කෙනෙක්ද සිටිනවාලු.

මිනිසුන් මේ ආරණ්‍යයට දානේ නොගෙන එන එක හිතාගන්න පුලුවන්. ඒ තරමටම අපහසුයි මෙයට ලඟා වෙන එක. අනික සමහර අවස්ථාවලදී කෙනෙක්ට තනියම එන්නත් බෑ රිලව්ගෙන් කරදර වෙනවලු.

Location : අල්ගම කන්ද පුරාණ ගල්ලෙන් රජමහා විහාරය, අල්ගම, පොතුහැර

Status : Personally Visited & Verified

Algama Kanda Ancient Cave Temple lies in the District of Kurunegala in the village of Algama. Although this cave temple has not caught the public eye, it has been found that this temple goes back to the time of King Walagamba (89-77 BC) and probably built by him.

The king Walagamba (aka Vattagamini Abaya) spent 14 years in exile hiding from South Indian invaders before he finally manage to chase them away them.

During this time he took refuge in number of caves through out the country hiding from spies and gathering forces to defeat the invaders. After he re instated himself as the rightful king of the country, it is said that he built cave temples in every cave he took refuge during his exile.

Archaeology department has found that this temple shows work during the periods of Walagamba (89-77 BC), Kithsiri Mevan (303-311) and Kandyan periods. About 200 feet above the cave temple is a rock and a tunnel has been in existence between the cave temple and this rock. But with time, it has been sealed off. It is said that this rock has been used as a watch point the king.

A rock inscription in Kothmale Viharaya states Theraputthabaya thero who was one of the 10 worriers of the King Dutugemunu (161-131 BC) lived in this temple after he joined the monkhood. One of the rock caves shows inscriptions written is siam (Thai) language. It is believed that this cave was used by a siamese priest who traveled to Sri Lanka with Upali Maha Thero, who brought upasampada from Siam (now Thailand) to form the Siam Nikkaya during the reign of King Kirti Sri Rajasinghe (1747 – 1781).

Primary Source : Budusarana

Reported by Damayanthi Amarakoon

An idea by Danesh Maduranga Edirisooriya
Project of Samajasathkara.lk

අත්තම්මාට පිං පිණිස මෙහෙණි ආරාමයකට ජල ටැංකියක් පූජා කල AnjaleeThilina Thennakoon අක්කා | Donating a Water Tank

අත්තම්මාට පිං පිණිස මෙහෙණි ආරාමයකට ජල ටැංකියක් පූජා කල AnjaleeThilina Thennakoon අක්කා | Donating a Water Tank

අන්ජලී අක්කාගේ පරලෝ සැපත් (නොවැම්බර් 18) අත්තම්මාට පිං පිණිස අක්කා මගෙන් ඉල්ලා සිටියා පිංකමක් කරන්න කියා. ඉතිං අපි අද දිඹුලාගල, පැලෑටියාව ශ්‍රි සුචින්තාරාම ආරණ්‍යයට ජල ටැංකියක් පූජා කලා. මෙහෙණින් වහන්සේ අපිට කීවා මෙය කිසිම ආධාරයක් ලැබෙන්නේ නැති ඉතා දුෂ්කර ආරාමයක් කියලා.

අපි අත්තම්මා සහ සීයා ගැන මෙහෙණින් වහන්සේට කීවා. මෙහෙණින් වහන්සේ පුණ්‍යානුමෝදනාවක් කලා. මං මේ පිංකමට දායකත්වය දැක්වූයේ ඔයා කියලත් පෙන්වූවා.

ටැංකිය ගෙනියන්න වාහනයක් හොයාගන්න බැරිවුණා. අපි ඉන්පසුව ත්‍රීවීලර් එකක් හයර් කලා.

කදුරුවෙල – මහියංගනය පාරේ දිඹුලාගල, පැලෑටියාව ගමේ තමයි මේ මෙහෙණි ආරාමය පිහිටලා තියෙන්නේ. හැකි අය 0275622756 අංකයෙන් මෑණියන් සමඟ කතාබස් කර උදව්ව කරන්න.

මිණිබිරියක් ලෙස ඔබ මේ සිදුකලා වූ උතුම් පිංකම ගොඩක් අගයනවා අක්කා…

ඔබ මේ කල කුසලයේ ආනුභාවයෙන් ඔබගේ පරලෝ සැපත් අත්තම්මා, ලීලා ලියනගේ මහත්මිය සහ සීයා, ජෝන් ලියනගේ මහතා දුක් ඇති ආත්මයක ඉපදී ඇත්නම් සැපවත් ආත්මයක ඉපදීමටත්, සැපවත් ආත්මයක ඉපදී ඇත්නම් ඒ සැප වඩ වඩාත් වැඩි දියුණු වීමටත්, කෙලවර උතුම් වූ නිර්වාණ සම්පත්තිය අවබෝධ කරගැනීමටත් හේතු වාසනා වේවා…

Project Water | Water for Temples
An idea by Danesh Maduranga Edirisooriya
Project of Samajasathkara.lk

ලොකු අම්මාට පිං පිණිස පන්සලකට ජල ටැංකි 2ක් පූජා කල M. සුජානි අක්කා | Donating Water Tanks (Project 02)

ලොකු අම්මාට පිං පිණිස පන්සලකට ජල ටැංකි 2ක් පූජා කල M. සුජානි අක්කා | Donating Water Tanks (Project 02)

පසුගිය සතියේ සුජානි අක්කගේ ලොකු අම්මා, ඩී. ජී. පත්මිණී මහත්මිය මෙලොවින් සමුගත්තා. ඇයට පිං පිණිස අක්කා මගෙන් ඉල්ලා සිටියා පිංකමක් කරන්න කියා. ඉතිං අපි
මරදන්කඩවල, ඇතිනිවැටුණුවැව ශ්‍රී වර්ධනාරාමය පන්සලට ලීටර් 500 ජල ටැංකි 2ක් පූජා කලා. පන්සලේ විහාරාධිපති ස්වාමීන්වහන්සේ අපිට කීවා පළවෙනි වතාව කියලා මේ කෙනෙක් පිටින් ඇවිත් උදව් කලේ කියලා. ගොඩක් අඩු පහසුකම් සහිත පන්සලක්.

ලොකු අම්මාගේ අභාවය ගැන අපි උන්වහන්සේට කීවා. ඒත් එක්කම අපි ඔයාගේ ඡායාරූපයක් පවා ස්වාමීන්වහන්සේට පෙන්වූවා, ඔයාගේ අවශ්‍යතාවයත් උන්වහන්සේට මතක් කලා. උන්වහන්සේ පුණ්‍යානුමෝදනාවක් කලා.

පරලෝ සැපත් ඩී.ජී. පත්මිණී මහත්මිය දුක් ඇති ආත්මයක ඉපදී ඇත්නම් සැපවත් ආත්මයක ඉපදීමටත්, සැපවත් ආත්මයක ඉපදී ඇත්නම් ඒ සැප වඩ වඩාත් වැඩි දියුණු වීමටත්, කෙලවර උතුම් වූ නිර්වාණ සම්පත්තිය අවබෝධ කරගැනීමටත් හේතු වාසනා වේවා…

Project Water | Water for Temples
An idea by Danesh Maduranga Edirisooriya
Project of Samajasathkara.lk