loader image
Select Page

බුදුදහම හා නූතන විද්‍යාව යන වචන දෙක තුලම ඇත්තේ මිනිසාගේ බුද්ධිය වෙත කතා කිරීමකි.. පුරාණ දේවවාදී චින්තනයන් වෙතින් බැට කෑ මිනිසාට යම් සරණක් වූ ප්‍රබල සාධකයන් දෙකක් ලෙස බුදු දහම හා විද්‍යාව සැලකිය හැකිය. හේතුව මෙකී ප්‍රස්තුතයන් ද්විත්වය තුලම පුද්ගල ස්වච්ඡන්දතාව සදහා වැඩි ඉඩකඩක් වෙන්ව පවතී. බුදු දහම වනාහී හුදෙක් ආගමක් හෝ දර්ශනයක් ලෙස අවබෝධ කර ගැනීම අතිශයින්ම වැරදිය. දර්ශනයක හා ආගමක් සතු සියලු ලක්ෂණයන් බුදු සමය තුල ගැබ්ව පවතින නිසාත් හුදෙක් දර්ශනයකින් ඔබ්බට ගිය විෂය පරාසයක් ඔස්සේ බුදු සමය විකාශය වී ඇති නිසාත් මෙකරුණ සනාථ වන බව මා හට සිතේ.. හුදෙක් බුදු දහම යනු අන්‍ය ආගමික සමයාන්තරයන් හා සසදා බලන කල සුවිශේෂී නිවහල් ඉගැන්වීමකි.