loader image
Select Page

ඊයේ උදෑසන කොළඹ සිට Walpola Saddhananda ස්වාමීන්වහන්සේ (සමාජසත්කාර.lk අනුශාසක ස්වාමීන්වහන්සේ) සහ Walpola Dhammananda ස්වාමීන්වහන්සේ සහ නුවරඑළිය සිට තවත් හිතවත් ස්වාමීන්වහන්සේ නමක්ද අපි හදන්න බලාපොරොත්තු වෙන පන්සල බලන්න වැඩම කලා… මා සමඟ සමාජසත්කාර.lk හි ව්‍යාපෘති අධ්‍යක්ෂක Manoj Prasanna අයියාද එය අධීක්ෂණයට පැමිණියා.

වල්පොල සද්ධානන්ද ස්වාමීන්වහන්සේ ඇමරිකාවේ සිට වැඩම කලේ මේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර ගමේ අයත් සමඟ සාකච්ඡා කිරීමටයි. දැනට අපි පන්සලක් ගොඩනැගුවත් එහි වැඩ වාසය කරන්න ස්වාමීන්වහන්සේ නමක් නැහැ. මං අපේ අනුශාසක ස්වාමීන්වහන්සේට ආරාධනා කලා ඇමරිකාවේ සිට ලංකාවට වැඩම කර මේ පන්සල භාරගන්නා ලෙසට.

පන්සල ගොඩනැගීම ආරම්භ කිරීමට පෙර නෛතික කටයුතු පිළිබඳව සාකච්ඡා කරගැනීමට අපි ඒ ගම භාරව කටයුතු කරන ඇතාකඩ පන්සලේ ස්වාමීන්වහන්සේ මුණගැහෙන්නද ගියා. වැව් මායිමක පන්සල් භූමිය පිහිටා ඇති නිසා ඉදිරි මාස කිහිපය තුළ වර්ෂාව ඇති වී වැවේ ජල මට්ටම එන ප්‍රමාණය පරීක්ෂා කිරීමටද අප බලාපොරොත්තු වෙනවා.

පන්සල ගොඩනැගීමට පෙර ශාසනාරක්ෂක බළ මණ්ඩළය, ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ගොවි සංවිධාන, ගම අවට විහාරස්ථාන වල නායක ස්වාමීන්වහන්සේලාගෙන්ද අවසර ගත යුතුය.

ඉදිරියේදී ඔබට විස්තර ලබාදෙන්නම්…