loader image
Select Page

හෘද රෝගයක් හේතුවෙන් දැඩිලෙස ගිලන්ව සිටින පිංවත් ආරණ්‍යවාසී ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ ඊයේ සවස ආසිරි ශල්‍ය රෝහලට බයිපාස් සැත්කමක් සිදුකිරීම සඳහා ඇතුලත් කිරීම සිදුකලා. ඊයේ දිනයේ සහ අද සියලුම පූර්ව පරීක්ෂණ සියල්ල සිදුකලා.

සැත්කම සිදු කිරීම ආරම්භ කරන්නේ හෙට (අප්‍රේල් 27) උදෑසන 7.30ට. උන්වහන්සේට සැත්කමෙන් පසු අවශ්‍යවන සිවුරු පිරිකර ආදිය මිළදී ගැනීම අද දහවල් කාලයේ අපි සිදුකලා.

උදෑසන සිට දහවල් 1 පමණ වෙන තෙක් මමත් Gangani Wanigasekara නංගීත්, Gayan Shameera Gunasekara අයියාත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු උන්වහන්සේ ලඟ රැදී සිටියා. ඉන්පසු රෝහලෙන් හෙට දිනයේ ශල්‍යකර්මයෙන් පසු අවශ්‍ය වේයැයි සඳහන් කල කළමණා රැගෙන එන්න අපි තිදෙනා ශ්‍රී සම්බුද්ධ ජයන්ති මන්දිරයට ගියා. උන්වහන්සේ වෙනුවෙන් සිවුරු 3ක්, අඳන 2ක්, තුවායක්, කුඩා බෑගයක් සහ බඳ පටියක් අපි මිළඳී ගත්තා. රෝහලෙන් පැවසුවේ ඒ සියල්ලක්ම ඩෙටොල් මිශ්‍ර ජලයෙන් සෝදා වේලා භාවිතා කල යුතු බවයි. ඉන්පසු ඒ සඳහා සහය ලබාගැනීමට ෆේස්බුක් පෝස්ට් එකක් මම දැම්මා. මගේ ෆේස්බුක් එකේ මිතුරු මිතුරියෝ ගොඩක් ඉදිරිපත් වුණා. ඒ හැමෝටම බොහොමත්ම පිං. ඉන් මා සිටිනා තැනට ආසන්නයේම සිටි Poorni Weerasinghe අක්කගේ සහය ලබාගැනීමට මං ඇයට කතා කලා. ඇය ඒ කාර්යය ශ්‍රද්ධාවෙන් භාරගත්තා. ඒ එක්කම තවත් අවශ්‍ය කළමණා (සෙරෙප්පු, දත්බෙහෙත් ආදිය) කිහිපයක්ද ඇයට පිංකමට සම්බන්ධ වෙන්න නොහැකි වුණ නිසා පූජා කරන්න පොරොන්දු වුණා.

ඉන්පසු මා සවස නැවතත් කාර්යාලයට ගියේ මේ සතියේ මා කාර්යාල කටයුතු සිදුකලේ එක් වරුවක් පමණක් වන බැවිනි.

ඔබ වහන්සේගේ සියලු රෝගයන් ද සියලු ශෝකයන් ද සියලු උවදුරු ද, සියලු දුක්‌ දොම්නස්‌ ද දුරුවේවා.

හදවත් සැත්මක සාර්ථක වේවා…

ඔබ වහන්සේගේ සියලු පැතුම් ඉටුවේවා.
දීර්ඝායුෂ ලබා සියවසක්‌ ජීවත්වීමේ වාසනාව
උදාවේවා. තෙරුවණ් සරණයි…

An idea by Danesh Maduranga Edirisooriya
Project of SamajaSathkara.lk