loader image
Select Page

සම්බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිදුවූ මේ අසිරිමත් මාසයේ එය සමරනු වස් අපගේ සමාජසත්කාර කණ්ඩායමේ පළමුවන සමාජසත්කාරය වනුයේද සාමනේර භික්ෂූන් වහන්සේලාගේ පරිභෝජනය වෙනුවෙන් ඇඳන් සහ අනෙකුත් උපකරණ පරිත්‍යාග කීරීමයි.
මෙම මාසය පුරාම මාගේ බලාපොරොත්තුව වනුයේ බුද්ධ ශාසනය හා සම්බන්ධවූ සමාජසත්කාර මෙහෙවරක් ඉටු කිරීමයි. එහිදී මේ මාසය පුරාවටම මා ශ‍්‍රී ලංකාවේ දුෂ්කර ප‍්‍රදේශයන් වල සංචාරය කරමින් වැඩසටහන් කිරීමට බලාපොරොත්තුවේ.
පහත සඳහන් වැඩසටහන් උදාහරණ ලෙස හැඳින්විය හැක. ඔබට එම වැඩසටහන් වලටද සම්බන්ධ විය හැකි අතර තව ඔබගේ අදහස්ද ප‍්‍රකාශ කල හැක.
1. ශ්වේත වස්ත‍්‍ර පූජා – සිල් සමාදන් වන මව්වරුන්, පියවරුන් 25 දෙනෙක් සඳහා සිල්රෙදි පූජා කිරීම
2. බෞද්ධ අත්පොත් බෙදාදීම – අඩුආදායම් අසරණ ලාභී පවුල් 25 සඳහා සරල බසින් ලියැවුන බෞද්ධ පොත්පත් බෙදා දීම
3. Digital දන්සල – පිරිත් සහිත සීඩී 50-100ත් අතර ප‍්‍රමාණයක් බෙදාදීම.
4. බුද්ධ ප‍්‍රතිමා බෙදාදීම – ආගමික වතාවත්වලට හුරු කිරීම සඳහා අඩු ආදාම්ලාභී නිවාස 25ට කුඩා බුද්ධ ප‍්‍රතිමා ලබාදීම
5. විශාල බුද්ධ ප‍්‍රතිමාවක් පරිත්‍යාගය – ශ‍්‍රී ලංකාවේ දුෂ්කර ප‍්‍රදේශයක පන්සලකට අඩි 5ක් උසැති බුද්ධ ප‍්‍රතිමාවක් පරිත්‍යාගය
6. ආලෝක පූජා – පහන් දහසකින් පන්සලක් ආලෝකමත් කිරීම
7. Project Water – අපිරිසිදු ජලය පරිභෝජනය කරන පන්සලකට වතුර ෆිල්ටරයක් ලබාදීම
8. පන්සල් 25ක් සඳහා පිරිසිදු කිරීමේ උපකරණ කට්ටල් ලබාදීම
9. භික්‍ෂූන් වහන්සේලා 25 දෙනෙක් උදෙසා සිවුරු සහ අඳන පුජා කිරීම
10. රේරුකානේ චන්දවිමල ස්වාමීන්වහන්සේගේ පොත් කට්ටල 3ක් අඩුපහසුකම් සහිත පන්සල් 3ට පරිත්‍යාග කිරීම
11. ති‍්‍රිපිටක පොත් කට්ටලයක් අඩුපහසුකම් සහිත පන්සලකට පූජාකිරීම
12. අඩු ආදායම්ළාභී දහම්පාසල් දරුවන් 25 දෙනෙක් සඳහා දහම්පාසල් ඇඳුම් ලබාදීම
13. එක් පන්සලකට දානය පිළිගැන්වීමේ භාජන කට්ටලයක් පූජා කිරීම

අපි ඔබගේ අදහස් වලටද ඉඩක් ලබාදෙන අතර ඔබ විසින් යෝජනා කරන ව්‍යාපෘතිද හැකි අයුරින් දියත් කිරීමට බලාපොරොත්තු වේ. ඔබගේ අදහස කමෙන්ට් කරන්න.

An Idea by Danesh Maduranga Edirisooriya & Rajith Tennekone
Project of SamajaSathkara.lk