loader image
Select Page

මේ විහාරස්ථානය පිහිටලා තිබෙන්නේ මහියංගනය, කුරුවිතැන්න ගමේ. ඉතාමත් දුෂ්කර ප්‍රදේශයක්. ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටර් ගණනක් ගම ඇතුලේ තමා මේ පන්සල පිහිටලා තිබෙන්නේ. සෙනෙහසේ චාරිකාවකදි තමයි අපිට මේ ස්වාමීන්වහන්සේ මුණගැහුණේ. දැනට අසල නිවසකින් තමයි විදුලි බලය ලබාගෙන තිබෙන්නේ. උන්වහන්සේ ගමේ අයගෙන් රු.50-100 එකතු කරන්න පටන් අරන් තිබුණා. අපි ස්වාමීන්වහන්සේට පොරොන්දු වුණා සම්පූර්ණ වියදම් දරලා වයරින් කර විදුලි බලය ලබාදෙන්න. මෙම ව්‍යාපෘතියට මුදල් අවශ්‍යතාවයක් නොමැත. ෆේස්බුක් මිතුරියක් ඒ සඳහා උදව් වෙන්න පොරොන්දු වුණා.

Project Light | Electricity for Temples

An idea by Danesh Maduranga Edirisooriya
Project of SamajaSathkara.lk