loader image
Select Page
ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ බැහැ දකින්න ගියා (ප්‍රාර්ථනා Fund Project 05 – Day 02 – රාත්‍රීය)

ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ බැහැ දකින්න ගියා (ප්‍රාර්ථනා Fund Project 05 – Day 02 – රාත්‍රීය)

හෘද රෝගයක් හේතුවෙන් දැඩිලෙස ගිලන්ව සිටින පිංවත් ආරණ්‍යවාසී ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ ඊයේ (අප්‍රේල් 25) සවස ආසිරි ශල්‍ය රෝහලට බයිපාස් සැත්කමක් සිදුකිරීම සඳහා ඇතුලත් කිරීම සිදුකලා. ඊයේ දිනයේ සහ අද සියලුම පූර්ව පරීක්ෂණ සියල්ල සිදුකලා.

සවස කාර්යාල කටයුතු වලින් පසුව මම කැළණිය පන්සලට ගියේ හෙට දිනයේ සැත්කමට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නයි. ඉන්පසු රාත්‍රී 9ට පමණ නැවත මම උන්වහන්සේ බැහැ දකින්න ගියා. මද වේලාවක් උන්වහන්සේගේ සුවදුක් විමසා අපි නතර වී සිටින තැනට නැවත පැමිණියේ හෙට උදෑසන 5ට පමණ උන්වහන්සේගේ ශල්‍යකර්මයට සූදානම් විමට රෝහලට යාමට අවශ්‍ය නිසයි.

පසු සටහන් : සැත්කම සිදු කිරීම ආරම්භ කරන්නේ හෙට (අප්‍රේල් 27) උදෑසන 7.30ට. හෙට සිට නැවත උන්වහන්සේ ICU එකෙන් වාට්ටුවට ඇතුලත් කරන තුරු ඡායාරූප පළනොකරන බව කරුණාවෙන් සළකන්න. දිනකට වරක් අපි උපරිම දින 4ක් යනතෙක් උන්වහන්සේගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව කෙටි විස්තරයක් පළකරන්නම්. සැත්කමෙන් පසුද වෛද්‍යවරයා පැවසුවේ විශබීජ ආදියට නිරාවරණය වීමට හැකියාව ඇති නිසා ස්වාමීන්වහන්සේ බැහැ දැකීමට පැමිණීම එක් අයෙකුට හෝ දෙදෙනෙක්ට සීමා කරන ලෙසයි.

ඔබ වහන්සේගේ සියලු රෝගයන් ද සියලු ශෝකයන් ද සියලු උවදුරු ද, සියලු දුක්‌ දොම්නස්‌ ද දුරුවේවා.

හදවත් සැත්මක සාර්ථක වේවා…

ඔබ වහන්සේගේ සියලු පැතුම් ඉටුවේවා.
දීර්ඝායුෂ ලබා සියවසක්‌ ජීවත්වීමේ වාසනාව
උදාවේවා. තෙරුවණ් සරණයි…

An idea by Danesh Maduranga Edirisooriya
Project of SamajaSathkara.lk

ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේගේ සැත්කමෙන් පසු අවශ්‍ය පිරිකර මිළදී ගැනීම (ප්‍රාර්ථනා Fund Project 05 – Day 02 – දහවල්/සවස)

ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේගේ සැත්කමෙන් පසු අවශ්‍ය පිරිකර මිළදී ගැනීම (ප්‍රාර්ථනා Fund Project 05 – Day 02 – දහවල්/සවස)

හෘද රෝගයක් හේතුවෙන් දැඩිලෙස ගිලන්ව සිටින පිංවත් ආරණ්‍යවාසී ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ ඊයේ සවස ආසිරි ශල්‍ය රෝහලට බයිපාස් සැත්කමක් සිදුකිරීම සඳහා ඇතුලත් කිරීම සිදුකලා. ඊයේ දිනයේ සහ අද සියලුම පූර්ව පරීක්ෂණ සියල්ල සිදුකලා.

සැත්කම සිදු කිරීම ආරම්භ කරන්නේ හෙට (අප්‍රේල් 27) උදෑසන 7.30ට. උන්වහන්සේට සැත්කමෙන් පසු අවශ්‍යවන සිවුරු පිරිකර ආදිය මිළදී ගැනීම අද දහවල් කාලයේ අපි සිදුකලා.

උදෑසන සිට දහවල් 1 පමණ වෙන තෙක් මමත් Gangani Wanigasekara නංගීත්, Gayan Shameera Gunasekara අයියාත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු උන්වහන්සේ ලඟ රැදී සිටියා. ඉන්පසු රෝහලෙන් හෙට දිනයේ ශල්‍යකර්මයෙන් පසු අවශ්‍ය වේයැයි සඳහන් කල කළමණා රැගෙන එන්න අපි තිදෙනා ශ්‍රී සම්බුද්ධ ජයන්ති මන්දිරයට ගියා. උන්වහන්සේ වෙනුවෙන් සිවුරු 3ක්, අඳන 2ක්, තුවායක්, කුඩා බෑගයක් සහ බඳ පටියක් අපි මිළඳී ගත්තා. රෝහලෙන් පැවසුවේ ඒ සියල්ලක්ම ඩෙටොල් මිශ්‍ර ජලයෙන් සෝදා වේලා භාවිතා කල යුතු බවයි. ඉන්පසු ඒ සඳහා සහය ලබාගැනීමට ෆේස්බුක් පෝස්ට් එකක් මම දැම්මා. මගේ ෆේස්බුක් එකේ මිතුරු මිතුරියෝ ගොඩක් ඉදිරිපත් වුණා. ඒ හැමෝටම බොහොමත්ම පිං. ඉන් මා සිටිනා තැනට ආසන්නයේම සිටි Poorni Weerasinghe අක්කගේ සහය ලබාගැනීමට මං ඇයට කතා කලා. ඇය ඒ කාර්යය ශ්‍රද්ධාවෙන් භාරගත්තා. ඒ එක්කම තවත් අවශ්‍ය කළමණා (සෙරෙප්පු, දත්බෙහෙත් ආදිය) කිහිපයක්ද ඇයට පිංකමට සම්බන්ධ වෙන්න නොහැකි වුණ නිසා පූජා කරන්න පොරොන්දු වුණා.

ඉන්පසු මා සවස නැවතත් කාර්යාලයට ගියේ මේ සතියේ මා කාර්යාල කටයුතු සිදුකලේ එක් වරුවක් පමණක් වන බැවිනි.

ඔබ වහන්සේගේ සියලු රෝගයන් ද සියලු ශෝකයන් ද සියලු උවදුරු ද, සියලු දුක්‌ දොම්නස්‌ ද දුරුවේවා.

හදවත් සැත්මක සාර්ථක වේවා…

ඔබ වහන්සේගේ සියලු පැතුම් ඉටුවේවා.
දීර්ඝායුෂ ලබා සියවසක්‌ ජීවත්වීමේ වාසනාව
උදාවේවා. තෙරුවණ් සරණයි…

An idea by Danesh Maduranga Edirisooriya
Project of SamajaSathkara.lk

ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ ආසිරි ශල්‍ය රෝහලට ඇතුලත් කලා (ප්‍රාර්ථනා Fund Project 05 – Day 01 – සවස)

ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ ආසිරි ශල්‍ය රෝහලට ඇතුලත් කලා (ප්‍රාර්ථනා Fund Project 05 – Day 01 – සවස)

හෘද රෝගයක් හේතුවෙන් දැඩිලෙස ගිලන්ව සිටින පිංවත් ආරණ්‍යවාසී ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ අද දහවල් 2ට ආසිරි ශල්‍ය රෝහලට බයිපාස් සැත්කමක් සිදුකිරීම සඳහා ඇතුලත් කිරීම සිදුකලා.

සවස 4.15ට පමණ තමයි උන්වහන්සේට කාමරයක් ලැබුණේ. තවත් පරීක්ෂණ කිහිපයක් සිදුකරන්නට සිදුවෙන බව වාට්ටුව භාර වෛද්‍යවරයා පැවසුවා. එමනිසා තවමත් සැත්කම සිදුකරන දිනයක් දැනුම් දීමක් කලේ නැහැ. පළවෙනි දින 3 ඇතුලත ICU එකෙහි සිටින නිසා උපස්ථානය සඳහා ලඟ සිටීමටවත් බලන්න යන්නවත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.

හෙට දිනයේදී එකම වෙලාවක B+ (බී පොසිටිව්) රුධිරය 4 දෙනෙක්ගෙන් අවශ්‍ය බව වෛද්‍යවරයා පැවසුවා. හෙට දිනයේ උදෑසන 9.30ට ආසිරි ශල්‍ය රෝහලට පැමිණිය හැකි අය කරුණාකර 0703366488 අංකයට මා හට දැනුම් දෙන්න කාරුණික වන්න.

උන්වහන්සේට වැඳ නමස්කාර කර මා කොළඹ නතර වී සිටින ස්ථානයට එන්න පිටත් වුනේ පැයක් හෝ ගිමන් හැර නැවතත් රාත්‍රීයේ උන්වහන්සේ බැහැදැකීමට පැමිණෙන බවට පොරොන්දු වෙමිනි.

ඔබ වහන්සේගේ සියලු රෝගයන් ද සියලු ශෝකයන් ද සියලු උවදුරු ද, සියලු දුක්‌ දොම්නස්‌ ද දුරුවේවා.

හදවත් සැත්මක සාර්ථක වේවා…

ඔබ වහන්සේගේ සියලු පැතුම් ඉටුවේවා.
දීර්ඝායුෂ ලබා සියවසක්‌ ජීවත්වීමේ වාසනාව
උදාවේවා. තෙරුවණ් සරණයි…

An idea by Danesh Maduranga Edirisooriya
Project of SamajaSathkara.lk

ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ ආසිරි ශල්‍ය රෝහලට ඇතුලත් කලා

ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ ආසිරි ශල්‍ය රෝහලට ඇතුලත් කලා

හෘද රෝගයක් හේතුවෙන් දැඩිලෙස ගිලන්ව සිටින පිංවත් ආරණ්‍යවාසී ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ අද දහවල් 2ට ආසිරි ශල්‍ය රෝහලට බයිපාස් සැත්කමක් සිදුකිරීම සඳහා ඇතුලත් කිරීම සිදුකලා.

ඔබ වහන්සේගේ සියලු රෝගයන් ද සියලු ශෝකයන් ද සියලු උවදුරු ද, සියලු දුක්‌ දොම්නස්‌ ද දුරුවේවා.

හදවත් සැත්මක සාර්ථක වේවා…

ඔබ වහන්සේගේ සියලු පැතුම් ඉටුවේවා.
දීර්ඝායුෂ ලබා සියවසක්‌ ජීවත්වීමේ වාසනාව
උදාවේවා. තෙරුවණ් සරණයි…

දැනට දැඩිසේ ගිලන් වි සිටින පිංවත් ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ බැහැ දකින්න ගියා (ප්‍රාර්ථනා Fund Project 05)

දැනට දැඩිසේ ගිලන් වි සිටින පිංවත් ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ බැහැ දකින්න ගියා (ප්‍රාර්ථනා Fund Project 05)

යමෙක් ගිලනුන්ට උපස්ථාන කෙරේද…
ඒය භාග්‍යවතුන්වහන්සේගේ බුද්ධ අනුශාසනය පිලිගැනිමකි.

උන්වහන්සේ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ, මතුගම, ඉද්දගොඩ ගමේ සාමාන්‍ය පවුලක උපන් අයෙකි. ඉන් පසු කළුතර දිස්ත්‍රික්කයේ, පාලින්දනුවර, බදුරලිය , ගුරුලුබැද්ද, ඵෙතිහසික කලුගල ආරණ්‍ය සේනාසනයේ උතුම් පැවිදි දිවියට පත්වුහ.
ඉන් අනතුරුව ගාල්ල දිස්ත්‍රික්කයේ, ඇල්පිටිය, කහදුව වතුරුවිල වනවාස සංඝ මුලස්ථානයේන් උතුම් උපසම්පදාව ලබා,
කලුගල ආරණ්‍ය සේනාසනයේ යෝගාවචර භික්ෂූන් වහන්සේ නමක් වසයෙන් පින්ඩපාතයෙන් යැපෙමින් සිල්ගුණ පුරන ලදි.

⁣ගිලන් වු දා සිට උන්වහන්සේ ගම්පහ, වැලිවේරිය, ඇඹරළුව දකුණ, අමත රතන විවෙික සේනාසනයේ වැඩවසය කරමින් සිටි..

උන්වහන්සේට හදිසි බයිපාස් සැත්කමක් සිදුකිරීමට ඇති අතර මීට දින කිහිපයකට පෙර උන්වහන්සේ මුණගැසීමටත් මත්තෙන් ඒ සඳහා ව්‍යාපෘතියක් ආරම්භ කරනු ලැබුවා. අද තමයි මං උන්වහන්සේ බැහැ දකින්න ආවේ. උන්වහන්සේ ඉන්නේ ඉතා අවධානම් තත්වයක බැවින් හෙට දහවල් අපි උන්වහන්සේව Asiri Surgical රෝහලට ඇතුලත් කිරීමට තීරණය කලා. හෙට සිට දින 7-9 අතර කාලයක් මා උන්වහන්සේ ලඟ හිඳිමින් අවශ්‍ය ඇප උපස්ථාන කරමින් සැත්කමේ ප්‍රගතිය ඔබ හමුවට ගෙන එන්නට බලාපොරොත්තු වෙනවා.

සැත්කමට මුදල් ලබාදෙන්න පොරොන්දු වූ ඔබ හැකි ඉක්මනින් මුදල් තැන්පත් කර දැනුම් දෙන්න.

උන්වහන්සේට ඉක්මනින්ම නිදුක් නිරෝගී සුව ලැබේවා. තෙරුවන් සරනයි …

Introducing ප්‍රාර්ථනා අරමුදල | Prarthana Fund
බරපතල රෝගාබාධ සඳහා ආධාර (Project 05)

Danesh – m.me/Daneshmaduranga
SamajaSathkara – m.me/samajasathkara
Care Hotline : 0703366488
Viber/Imo : 0773366488

SamajaSathkara.lk Foundation (formerly known as B.H. Edirisooriya Community Service Foundation) is a Registered Foundation : Reg No : GA3032

Helping Everyone | Everyday | Everywhere
© සමාජසත්කාර.lk | www.Samajasathkara.lk

මෙය ඩවුන්ලෝඩ් කර/ලෝගෝ වෙනස් කර හෝ අදාල අන්තර්ගතය ඉවත්කර වෙනත් ෆේස්බුක් පිටු, ගෲප් වල හෝ වෙබ් අඩවිවල අප්ලෝඩ් කිරීමෙන් වලකින්න. මෙම පෝස්ට් එකෙහි අයිතිය සමාජසත්කාර.lk සතුවන අතර අවසරයකින් තොරව මෙය භාවිතා කරන්නන් හට නීතිමය පියවර ගැනීමට කටයුතු කරනු ලැබේ.

Editing, reproducing and re-using these images for commercial purposes or otherwise, without permission of Samajasathkara.lk, are strictly prohibited and considered as intended copyrights infringement.

Photograph used for promotional purposes only!

Follow Danesh Maduranga Edirisooriya
Join SamajaSathkara.lk