loader image
Select Page
කපෝතක ජාතකය – බෝසත් පරෙවියාගේ කථාව

කපෝතක ජාතකය – බෝසත් පරෙවියාගේ කථාව

කෑමට ඇති අධික ලොල් බව නිසා බොහෝ දෙනෙක් ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා. අඩු ආයුෂයෙන් මැරෙන අවස්ථා තියෙනවා. සමහරුන් සොරකමට පෙළඹෙනවා. හොරෙන් කනවා. අධික ලොල් බව හේතුවෙන් මෙවැනි බොහෝ කරදරවලට බඳුන් වෙනවා. මෙයත් එබඳු කථාවක්.

අපගේ භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනයේ වැඩසිටින කාලයේ ආහාරයට අධික ලොල් බවින් යුතු භික්ෂුවක් සිටියා. මොහුගේ මේ අසාමාන්‍ය වූ ගිජුකම කැපී පෙනුනා. එතකොට භික්ෂූන් වහන්සේලා මොහුව භාග්‍යවතුන් වහන්සේ ළඟට කැඳවාගෙන ගියා. මේ භික්ෂුව ආහාරයට දක්වන දැඩි ගිජුකම ගැන සැල කළා. භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂුවගෙන් ඒ බව ඇසුවා.

“හැබෑ ද භික්ෂුව ඔබ ඔය කියන තරම් ම ආහාරයට ගිජු ද…? භික්ෂුව… ඔබ පෙර ආත්මෙකත් ඔහොම තමයි. ආහාරයට අධික ගිජුකම නිසා මරණයට පත්වෙන්ට සිදු වුණා…. නුවණැත්තා නිසා තමන්ට ඉන්ට ලැබුණු තැනත් නැති වුණා.”

එතකොට භික්ෂූන් වහන්සේලා ඒ භික්ෂුවගේ අතීත කථාව අසන්ට කැමති වුණා. එය කියාදෙන මෙන් භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. භාග්‍යවතුන් වහන්සේ මේ ජාතකය වදාළා.

“පින්වත් මහණෙනි, ගොඩාක් ඉස්සර කාලෙක බරණැස් පුරයේ බ්‍රහ්මදත්ත නම් නමින් රජ්ජුරු කෙනෙක් වාසය කළා. ඒ කාලේ බෝධිසත්වයන් පරෙවි යෝනියේ උපන්නා. ඒ දවස්වල බරණැස් නුවර මිනිස්සු පින් සලකාගෙන තැන් තැන්වල දහයියා පුරවපු කූඩු හදලා කුරුල්ලන් උදෙසා එල්ලුවා. බරණැස් සිටුවරයාගේ අරක්කැමියාත් තමන්ගේ කුස්සියේ දහයියා දමාපු කූඩුවක් එල්ලලා තිබ්බා. බෝසත් පරෙවියා එතැනයි වාසය කළේ. පරෙවියා උදෙන් ම ගොදුරු සොයාගන්ට පිටත් වෙනවා. සවස් වෙද්දී කූඩුවට එනවා.

එක දවසක් කපුටෙක් ඔය කුස්සිය ළඟින් ඉගිල යද්දී පිසින ලද මස් මාංශවල සුවඳ දැනුනා. ඒ ගැන දැඩි ආශාවක් හටගත්තා. ළඟ ම අත්තක වැසුවා.

“ම්… හොඳ මනාප සුවඳක් නොවැ… මාත් මොකා…ක් හරි උපායකින් මස් මාංශ කන්ට ඕනෑ…” කියලා හිතමින් ඉන්නකොට ඒ සවස් යාමේ බෝසත් පරෙවියා කුස්සිය ඇතුළට පියඹා යනවා දැක්කා. පහුවදා පරෙවියා ගොදුරු පිණිස කුස්සියෙන් පිටතට පියඹා ගියා. එතකොට කපුටත් පරෙවියා පස්සෙන් පියාඹන්ට පටන් ගත්තා.

“හා… හා… කපුටෝ… මේ මොකෝ…? මොකෝ… මගේ පස්සෙන් එන්නේ….”

“අනේ.. ස්වාමී… නුඹවහන්සේගේ ක්‍රියාකලාපය ගැන මං ගොඩාක් පැහැදුනා. මං කැමතියි තමුන්නාන්සේට උවටැන් කරන්ට.”

“මිත්‍රය… ඔබ ගොදුරට ගන්නේ වෙන දේවල්… මං ගොදුරට ගන්නේ වෙන දේවල්… ඒ නිසා ඔය උපස්ථාන හරියන්නේ නෑ…”

“අනේ ස්වාමී…. නුඹ වහන්සේ ගොදුරු සොයා යද්දී මාත් මගේ ගොදුරු සොයාගෙන යන්නම්. ඊට පස්සේ නුඹ වහන්සේ සමඟ ම යන්නම්.”

“හොඳයි… එහෙනම් අප්‍රමාදී ව කටයුතු කරන්ට” කියලා පරෙවියා ගොදුරු සොයාගෙන ගිහින් බීජ වර්ග අනුභව කළා. කපුටා වෙනම ගිහින් ලොකු ගොම පිඬක් ඩැගැගත්තා. එහි පිරී සිටිය පණුවන් කා කුස පුරවා ගත්තා. කපුටා බෝසත් පරෙවියා ළඟට ඇවිත් අවවාද කරන්ට පටන් ගත්තා.

“ස්වාමී…. ආහාර හොයන්ට ගොහින් සෑහෙන වෙලාවක් ගියා නොවැ…. ඔහොම ගොඩාක් කන එක තමුන්නාන්සේට හොඳ නෑ…” කියලා පරෙවියා කුස්සිය ඇතුළට පියඹා යද්දී කපුටත් ඒ පස්සෙන් ම ගියා. අරක්කැමියා මේක දැක්කා.

“හා… හා…. අපේ පරෙවියාට යාළුවෙක් ලැබිලා වගෙයි” කියලා කපුටා වෙනුවෙනුත් කූඩුවක් එල්ලුවා. එදා පටන් දෙන්නාම කුස්සියේ වාසය කළා.

දවසක් සිටුතුමාට බොහෝ මස් මාංශ ලැබුණා. එදා අරක්කැමියා කුස්සියේ තැන් තැන්වල ඒවා එල්ලුවා. කපුටාට මස් දැකලා ඉවසුම් නෑ…

සර්වඥ ධාතූන් වහන්සේලාගේ ධාතු තැන්පත් කිරීමට කරඬුවක් සැරසීම (Final Day)

සර්වඥ ධාතූන් වහන්සේලාගේ ධාතු තැන්පත් කිරීමට කරඬුවක් සැරසීම (Final Day)

සමාජ සත්කාර කණ්ඩායමේ අපි කවදත් විවිධාකාරයෙන් යුත් පිංකම් සිදු කරනවා. ඔබට මතක ඇති අපි විසින් පසුගිය වසරේ ධාතූන් වහන්සේලා තැම්පත් කරන ලද කරඩුන් වහන්සේ නමක් අඩු ආදායම් සහිත දුෂ්කර ප්‍රදේශයක විහාරස්ථානයකට පූජා කරනු ලැබුවා. මේ වසරේද අපි එලෙසම ධාතූන් වහන්සේලා සහිත කරඩුන් වහන්සේ නමක් පූජා කිරීමට බලාපොරොත්තු වෙනවා. (මෙම පිංකම 2018 වසරේ ආරම්භ කරන ලද්දකි)

අඩි 3 ක් පමණ උසැති රන් සහ රිදී ආලේපිත කරඬු 2ක් අප විසින් මේ ආකාරයට සැරසීම සිදු කරනු ලැබුවා. එය මහත් ඵල මහානිසංස ගෙනද පුණ්‍යකර්මයක් වෙනවා. අපගේ මහන්සියෙන් නිමවුනු කරඬුවක් නිසා හිතට දැනෙන්නේ පුදුමාකාර සතුටක්. මාස කිහිපයක් තිස්සේ දිනෙන් දින එය ක්‍රම ක්‍රමයෙන් මිතුරන්ගේ ශ්‍රම දායකත්වයෙන් අලංකාර වුණා. අද එහි වැඩ සම්පූර්ණයෙන්ම අවසන් කලා.

මධුශංක පුෂ්පකුමාර මල්ලීත්, අජිත් ප්‍රියංකර අයියාත්, ලහිරු නුවන් මල්ලීත් ඔවුන්ට නිදහස් වේලාවන්හීදී පැමිණ මේ කරඬුව සැරසීමට විශාල දායකත්වයක් දැක්වූවා. ඔබ සියලුම දෙනාට බොහොමත්ම පිං.

අපි මෙයින් එක් කරඬුවක් අප්‍රේල් මාසයේදීත්, අනෙක් කරඬුව මැයි වලින් පසුවත් (එය පූජා කිරීමට බලාපොරොත්තු වන පන්සලේ ධාතු මන්දිරය තවම ගොඩනංවමින් පවතී. අවසන් වීමට මාස 2ක් පමණ ගත විය හැක) පූජා කිරීමට බලාපොරොත්තු වනවා.

තවමත් අපට අප්‍රේල් පූජා කරන්නට බලාපොරොත්තු වන කරඬුව සඳහා ධාතූන් වහන්සේලා සොයාගැනීමට අපහසු වූ අතර ඔබ දන්නා තැනක් තිබෙනවානම් කරුණාකර අපට දැනුම් දෙන්න.

අප්‍රේල් මාසයේ පිංකමට පමණක් නන් අයුරින් ඔබට සම්බන්ධ විය හැකි අතර, ඒ සඳහා ඔබගේ කැමැත්තක් ඇත්නම් ෆේස්බුක් පණිවිඩයක් එවන්න.

කරඬුව සැරසීමට ගත් Silver සහ Gold Stones, Glue බොහොමයක් ඉතිරිව පවතින අතර මෙවැනි පිංකමක් සිදු කරන්නට බලාපොරොත්තු වෙන කෙනෙක් වෙත ඒවා නොමිළයේ පරිත්‍යාග කිරීමට කැමතිය. අවශ්‍යයි නම් කතා කරන්න.

Helping Everyone | Everyday | Everywhere
© සමාජසත්කාර.lk | www.Samajasathkara.lk

An idea by Danesh Maduranga Edirisooriya, Danesh Maduranga Edirisooriya II & Danesh Maduranga Edirisooriya III
Project of SamajaSathkara.lk

අටමහා කුසලයක් සිදුකරගත් ෆේස්බුක් මිතුරෝ – මදුරන්කුලිය අඩුපහසුකම් සහිත විහාරස්ථානයකට වැසිකිළියක් ගොඩනැගීම (වැසිකිළිය සඟ සතුකොට පූජා කිරීම – Visit 04)

අටමහා කුසලයක් සිදුකරගත් ෆේස්බුක් මිතුරෝ – මදුරන්කුලිය අඩුපහසුකම් සහිත විහාරස්ථානයකට වැසිකිළියක් ගොඩනැගීම (වැසිකිළිය සඟ සතුකොට පූජා කිරීම – Visit 04)

අටමහා කුසල් යන නමින් විශේෂ පින්කම් අටක් පිළිබඳව බුදු දහමේ ඉගැන්වේ.
එම අටමහා කුසල් දැක්වෙන ගාථාව මෙසේය.
“කඨිනං ච පරික්ඛාරං – වාස දානංච උත්තමං
බුද්ධප්පමුඛසංඝස්ස – දානං ධම්මස්ස ලේඛනං
ඛෙත්ත දානංච සංඝස්ස – පටිමා කරණං පි ච
කරණං වච්ච කුටියා – අට්ඨ පුඤ්ඤානි වුච්චරේ”

මෙහි දැක්වෙන අටමහා කුසල් මෙසේය.

1.කඨින සිවුරක් පූජා කිරීම
2.අටපිරිකර පූජාකිරීම
3.ආවාස ගෙයක් තනවා සඟසතුකර පූජා කිරීම
4.බුදුපාමොක් මහ සඟනට සඟ සතු කර දන්දීම.
5.බුද්ධ ධර්මය ලිවීම හා ලියවීම දහම් පොත්පත් මුද්‍රණය කරදීම බෙදා හැරීම.
6.සඟ සතු කර හෝ බුද්ධ පූජා වශයෙන් කෙත් වතු පිදීම
7.බුදු පිළිම සෑදවීම, චෛත්‍ය විහාරගෙවල් මුලසුන් ආදිය සෑදවීම
8.වැසිකිළි තනවා සඟසතු කර පිදීම.
යන මේ පිංකම් අට අටමහා කුසල් නම්වේ.

මේ පිංකම් අට අනෙක් පිංකම් වලට වඩා සුවිශේෂී වන්නේ විශේෂ හේතුවක් ඇති බැවිනි. අකුසල් සිත් යටපත් කර කුසල් සිත් උපදවා ගෙන මෙම අටමහා කුසල් කරන අය හට සසර තමා විසින් මව මැරීම ආදී පංචානන්තරීය අකුසල් සිදුකර නොමැති අයට වෙනත් යම් යම් අකුසල් දැන හෝ නොදැන කර තිබුණහොත් ඒවා තාවකාලිකව යටපත් කොට අකුසලයේ විපාකය විඳීන්නට නොදී අටමහා කුසලයක් ඉදිරිපත්වී එයින් සැප විපාක ලබාදීමට සමත් වන බව දහමෙහි දැක්වේ.

අටමහා කුසල් අතර අටවන මහා කුසලය වශයෙන් සඳහන් වෙන්නේ වැසිකිළි සාදවා මහ සඟනට සඟසතු කොට පූජා කිරීම හෝ පොදු ජනතාවගේ ප්‍රයෝජනයට අවස්ථාව උදාකිරීම මෙම පිංකමට දායක විය හැකිය.
ශිෂ්ට සම්පන්න ජන සමාජයක් තුළ වැසිකිළි භාවිතා කිරීම අවශ්‍යම කාරණයකි. එවිට බාහිර පරිසරය දූෂණය නොවේ. ලෙඩරෝග බෝවීම වැළකේ. නීරෝගී ජන සමාජයක් බිහි කිරීමට මෙම කරුණුද විශේෂ හේතුවකි.

මේ පුත්තලම, මදුරන්කුලිය, වේලාසිය දකුණ පන්සල. අති දුෂ්කර පන්සලක්. මේ ප්‍රදේශයට කාලෙකින් වර්ෂාවවත් නැහැ. ස්වාමීන්වහන්සේලාට පරිහරණයට හරිහමන් වැසිකිළියක්වත් නැහැ. ඉතිං අපි තීරණය කලා මේ පන්සලට වැසිකිළියක් සාදවා පූජා කරන්න. ඒ සඳහා අවශ්‍ය කටයුතු සති කිහිපයකට උඩදී ආරම්භ කලා.

මේ පිංකමට දායකත්වය දැක්වූයේ Kaveenda Gayan සහ Gayan TK යන ෆේස්බුක් මිතුරන් දෙදෙනා.

මදුරන්කුලිය නගරයේ සිට කිලෝමීටර් කිහිපයක් ගම ඇතුලට වෙන්න අති දුෂ්කර මාර්ගයක ගිය පසුයි මේ පන්සල මුණගැහෙන්නේ. බුදු මැදුරක්වත්, ඝන්ඨාර කුළුණක්වත්, අටවිසි බෝධි ප්‍රාකාරයක්වත්, හරි හමන් වැසිකිළියක්වත් මේ පන්සලට නැහැ. කොළඹ එක් ධානපතියෙක් විසින් චෛත්‍යයක් සාදවා පූජා කර ඇති අතර ස්වාමීන්වහන්සේ දැනට සිටින්නේ කුඩා ආවාස ගෙයකය.

කිලෝමීටර් 300කට ආසන්න දුරක් ගෙවාගෙන තමයි අපි මේ පන්සල සොයාගෙන ආවේ. දැඩි හිරු රෂ්මිය නිසා දහවල් කාලයේ පන්සල් භූමියේ සිටීම ඉතාමත් අපහසුයි. මෙය ගොඩනගන්න කටයුතු කරන බාසුන්නැහැලා ගිණි කාෂ්ටක අව්වේ තමයි වැඩකටයුතු සිදුකලේ.

සමාජසත්කාර කණ්ඩායම දින කිහිපයක් නතර වී මේ සඳහා දායකත්වය දැක්වූ අතර වැඩ අවසන් වන තෙක් සිව් වරක් නිරීක්ෂණ චාරිකා පැමිණියා.

සති කිහිපයක මහන්සියක ප්‍රථිපලයක් ලෙස අපගේ අනෙක් නිර්මාණ/ගොඩනැගීම් ලෙසටම අලංකාර එමෙන්ම චාම් ලෙස වැසිකිළිය ගොඩනැගීමට අපට හැකිවුණා.

මේ පිංකම සම්බන්ධයෙන් පන්සලේ විහාරාධිපති ස්වාමීන්වහන්සේ බෙහෙවින්ම පිං දුන්නා. කාවින්ද අයියාටත්, ගයාන් අයියාටත් මේ සිදුකලා වූ කුසලයෙන් අප්‍රමාණ පිං ලැබෙන බව ප්‍රකාශ කර සිටියා. ඒ වගේම පන්සලේ ආරම්භ කල වැඩක් ප්‍රථම වරට හරියාකාරව ඉක්මනින් අවසන් වූ බව උන්වහන්සේ සතුටින් දන්වා සිටියා.

මේ සිදු කළා වූ කුසලය මිතුරන් වූ ඔබ දෙපළට ආශිර්වාදයක් වේවා… මේ රැස් කරගත්තා වූ කුසලයේ ආනිසංසයෙන් නිදුක් නීරෝගී ලාභය ලැබේවා… ඔබලා විවාහ වී සිටීනම් ඔබලා දෙදෙනාගේම පුංචි කැදැලිවල සතුට සෙනෙහස නිබඳව රැඳේවා…. ඔබලාගේ සියලු සිතුම් පැතුම් ඉටු වී කරන කියන කටයුතු සියල්ලක්ම සාර්ථක වේවා… දරුවන් සිටීනම් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ද ජීවිතය ද සාර්ථක වේවා… පවුලේ සෑම සියලු දෙනාටම නීරෝගි සුවය සතුට සැනසුම වාසනාව නිරන්තරයෙන්ම උදා වේවා…. ඔබ දෙපළ නමින් මියගිය සියලුම නෑදැයින්ටත් මේ පිං අනුමෝදන් වෙත්වා. කෙළවර උතුම් වූ නිර්වාණ සම්පත්තිය අවබෝධයටම මේ කුසලය හේතුවාසනා වේවා.

මේ පිංකම ආරම්භ කල දිනයේ සිට ශ්‍රම දායකත්වය දැක්වූ සමාජසත්කාර කණ්ඩායමේ Chathura Prasanga මල්ලිටත්, ලහිරු මල්ලිටත්, මහේෂ් අයියාටත්, සම්බන්ධිකරණ කටයුතු සිදුකල සඳුන් අයියාටත් බොහොමත්ම පිං.

Project Code : 2019-FEB-0067
Donors : Kaveenda Gayan / Gayan TK

ප.ලි : අප මීට පෙර වෙනත් අඩුපහසුකම් සහිත පන්සලක වැසිකිළියක් ගොඩනැගීමට ආරම්භ කලත් එම විහාරස්ථානය සම්බන්ධ කරගැනීමේ අපහසුව නිසා එය නවතා දමන ලදි.

An idea by Danesh Maduranga Edirisooriya, Danesh Maduranga Edirisooriya II & Danesh Maduranga Edirisooriya III
Project of SamajaSathkara.lk

වියළි ආහාර පරිත්‍යාග කර පරලෝ සැපත් සහෝදරයාට සහ ඥාතීන්ට පිං අනුමෝදන් කල ෆේස්බුක් මිතුරා (Donating Dry Rations)

වියළි ආහාර පරිත්‍යාග කර පරලෝ සැපත් සහෝදරයාට සහ ඥාතීන්ට පිං අනුමෝදන් කල ෆේස්බුක් මිතුරා (Donating Dry Rations)

මාගේ ෆේස්බුක් මිතුරෙක් වන Tharindu Sathsara මල්ලීගේ මීට වසර 10කට පෙර පරළෝ සැපත් ඔහුගේ ආදරණීය මල්ලී සහ අනෙකුත් ඥාතීන්ද සිහිපත් කරමින් අසරණ පවුලකට සහ මෙහෙණින් වහන්සේ නමකට වියළි ආහාර පරිත්‍යාග/පූජා කලා.

මේ සැවොම ඔබගේ පරිත්‍යාගයෙන් කුසගින්න නිවා ගන්නා සේම මේ උතුම් වූ පරිත්‍යාගය හේතුකොටගෙන රැස් වන්නාවූ කුසලය ඔබ සහෝදරයා සහ අනෙකුත් සියලුම දෙනාහට හට අනුමෝදන් වේවා….

මිය පරලොව යන්නට යෙදුනාවූ ඒ සහෝදරයා සහ අනෙකුත් අය මේ පින් අත්වීමෙන් යම් සැපවත් ආත්මභාවයක් ලබා ඇත්නම් ඒ සැප තව තවත් වැඩි දියුණු වේවා… යම් දුක් ඇති ආත්මභාවයක් ලබා ඇත්නම් වහා ඉන් මිදී සැපවත් ආත්මභාවයක් ලැබීමට මේ පින් හේතු වේවා…

එමෙන්ම තම සහෝදරයා වෙනුවෙන් මෙවන් පරිත්‍යාගයක් සිදු කෙරූ තරිඳු මල්ලීටත් මේ සිදුකළා වූ කුසලයේ ආනිසංසයෙන් නිදුක් නීරෝගි සුවය උදා වේවා… සතුට සැනසුම සෞභාග්‍යය නිරන්තරයෙන්ම රැඳේවා…. සිතන පතන යම් පැතුමක් වේ නම් ඒ සියල්ල ඒ අයුරින්ම ඉටු වේවා…. කරන කියන සෑම දෙයක්මද රැකීරක්ෂා කටයුතුද ව්‍යාපාරය හෝ අධ්‍යාපන කටයුතු වේ නම් ඒ සියල්ලක්මද සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා…

මේ පිංකම සඳහා සමාජසත්කාර කණ්ඩායමේ Nilanthi Edirisooriya, මාගේ සහෝදරිය ශ්‍රම දායකත්වය දැක්වූවා. ඔබටද බොහොමත්ම පිං.

Donor : Tharindu Sathsara
Project ID : 2019-JAN-0009

ඔබටත් මෙවැනි පිංකමක් කරන්න අවශ්‍යයි නම් මේ ලින්ක් එකට ගොස් ව්‍යාපෘතියක් තෝරාගන්න : https://justdonate.lk/fundraisers/samajasathkara/projectsforspecialday/

An idea by Danesh Maduranga Edirisooriya, Danesh Maduranga Edirisooriya II & Danesh Maduranga Edirisooriya III
Project of SamajaSathkara.lk

ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් සිදු කල පූජ්‍ය මැදවච්චිය, හිරල්ලුගම විජේරත්න ස්වාමීන්වහන්සේගේ අක්ෂි සැත්කම [පළමු සැත්කම] – (Day 02)

ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් සිදු කල පූජ්‍ය මැදවච්චිය, හිරල්ලුගම විජේරත්න ස්වාමීන්වහන්සේගේ අක්ෂි සැත්කම [පළමු සැත්කම] – (Day 02)

සැත්කමින් පසු දෙවෙනි දිනයේ උදෑසන 7ට නැවත ස්වාමීන්වහන්සේ රෝහලට වැඩම කරවූවා. ඉන්පසු වෛද්‍යවරුන් අවශ්‍ය බෙහෙත් ලබාදුන් අතර ඊළඟ සැත්කමට සතියකින් පැමිණෙන ලෙස දැනුම් දුන්නා.

අපි ඉන්පසුව උන්වහන්සේව හංවැල්ල පන්සලකට වැඩම කරවූයේ ඊලඟ සැත්කම කරන තෙක් විවේක සුවයෙන් ගතකල යුතු නිසාය. උන්වහන්සේ මේ සැත්කමට දායකත්වය දැක්වූ සැමට පිං දුන්නා.

දිවා රෑ පිං වැඩෙන මේ පිංකමකට දායක වුණ ඔබ සැමට මේ කුසලය නිර්වාණ අවබෝධය පිණිසම හේතුවාසනා වේවා.

වැඩි දුරටත්….

අනුරාධපුර මැදවච්චිය, හිරල්ලුගම විජේරත්න ස්වාමීන්වහන්සේ වම් ඇසෙහි කාලයක් තිස්සේ පෙනීමේ අඩුවක් තිබූ අතර පසුව මීට කලකට ඉහතදී උදෑසන අවදිවන විට ඇස් දෙකෙහිම පෙනීම නැතිවී තිබුණා. ඇසෙහි අභ්‍යන්තරයේ සියුම් ස්නායුවක් පිපිරීමෙන් ලේ ගැලීම නිසා මෙම තත්වය හටගෙන ඇතැයි වෛද්‍යවරු ප්‍රකාශ කලා.

උන්වහන්සේට නැවත පෙනීම ලබාදීම සඳහා ඇස් දෙකටම සැත්කම් කිරීමට සිදු වූ අතර ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් අපි ඒ සඳහා දායකත්වය දැක්වූවා.

මැදවච්චිය සිට උන්වහන්සේ ප්‍රථමයෙන්ම කොළඹට වැඩමවූ අතර, ඉන්පසු රාගම සහ හංවැල්ල ප්‍රදේශයේ පන්සල් දෙකක සිට තමා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට වත්තල හේමාස් රෝහල වෙත වැඩම කලේ.

ප්‍රථම දිනයේ අපි උන්වහන්සේ සමඟ රෝහලට ගොස් සැත්කම සඳහා උන්වහන්සේව රෝහලට ඇතුලත් කරනු ලැබුවා. ඉන්පසු සැත්කම අවසන් කර උන්වහන්සේ වාට්ටුවට ඇතුලත් කර අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා ගැනීමද, ඊලඟ සැත්කම පිලිබඳව විස්තරද වෛද්‍යවරුන් සමඟ සාකච්ඡා කලා.

ඉන්පසු නැවත උන්වහන්සේ නතර වී සිටි රාගම විහාරස්ථානයට වැඩම කලේ ඊලඟ දින උදෑසනද වෛද්‍ය පරික්ෂාව සඳහා නැවත රෝහලට වැඩම කරවීමේ බලාපොරොත්තුවෙන්.

දිවා රෑ පිං වැඩෙන පිංකමකට දායක වුණ ඔබ සැමට මේ කුසලය නිර්වාණ අවබෝධය පිණිසම හේතුවාසනා වේවා.

තෙරුවණ් සරණයි !

Project Code : 2018-A-OCT-0028

Project Vision 2 | Financial Aid for Eye Surgeries

අඩු ආදායම්ලාභී, අසරණ පවුල් වල වැඩිහිටියන් සඳහා අක්‍ෂි ශල්‍යකර්ම (Eye Surgeries) වලට අවශ්‍ය මූල්‍යමය ආධාර ලබාදීම.

An Idea by Danesh Maduranga Edirisooriya, Danesh Maduranga Edirisooriya II & Danesh Maduranga Edirisooriya III
Project of SamajaSathkara.lk