loader image
Select Page
මසකට දානේ වේල් 5ක් පමණක් ලැබෙන, කන්දක් මුදුනක පිහිටි, අඩුපහසුකම් සහිත මෙහෙණි ආරණ්‍යයට වියළි ආහාර පූජාකල ෆේස්බුක් මිතුරෝ | නොවැම්බර් 12

මසකට දානේ වේල් 5ක් පමණක් ලැබෙන, කන්දක් මුදුනක පිහිටි, අඩුපහසුකම් සහිත මෙහෙණි ආරණ්‍යයට වියළි ආහාර පූජාකල ෆේස්බුක් මිතුරෝ | නොවැම්බර් 12

ඔයාලට මතකනේ පොතුහැර අල්ගම ගමේ කන්දක් මුදුනක තියෙන මෙහෙණි ආරණ්‍යය. අපි ඒ ආරණ්‍යයට ශීතකරණයක් පූජා කරන්න යනවා කියලා මම ෆේස්බුක් එකේ පෝස්ට් එකක් දැම්මමහම මගේ ෆේස්බුක් මිතුරෙක් වන Anura D Keerthisinghe මිතුරා ඉල්ලා සිටියා වියළි ආහාර පාර්සලයක් පරිත්‍යාග කරන්න කියලා. ඒ වගේම අපි කුරුණෑගල යන අතරමගදී Deeply Deep කියන මිතුරාත් හදිසියේම ඉල්ලා සිටියා නෙස්ටමෝල්ට් පැකට් කිහිපයක් පූජා කරන්න කියලා.

අපි දහවල් 2 පමණ වන විට මෙහෙණි ආරණ්‍යය කිට්ටුවට ආවා. මීටර් 500ක් පමණ පයින් ගිහින් ඉන්පසු පඩි 100කට වැඩි සංඛ්‍යාවක් උඩට නැග්ගේ ඒ බඩු මලුත් ඔක්කොම අරගෙන.

අපි ඒ වියළි ආහාර පාර්සල් පූජා කරලා ඔයාලගේ ඡායාරූපත් මෙහෙණින් වහන්සේලාට පෙන්නුවා ඔයාලා තමයි දායකත්වය දැක්වූයේ කියලා. ඔබලා මේ පූජා කල වියළි ආහාර නිසා මෙහෙණින් වහන්සේලාට සති කිහිපයක් යනකම් නැවත අපහසුවෙන් නගරයට වැඩම කර වෙළඳ සැලකින් වියලි ආහාර මිළදීගන්න අවශ්‍යතාවයක් නැහැ.

මේ ගමනට මා සමඟ නිමාෂා නංගි, එයාගේ මල්ලී සහ අම්මා සමඟ ෆේස්බුක් මිතුරියක් වන මේ මෙහෙණි ආරණ්‍යය ගැන මට දැනුම් දුන් දමයන්ති අක්කත් සම්බන්ධ වුණා. ඔයාලා හැමෝටමත් පිං.

මේ උතුම් වූ පිංකමට සම්බන්ධ වූ ඔබ සැමටත්, දැකබලා සතුටු වන ඔබ සැමටත් මේ පිං අනුමෝදන් වෙත්වා… නිර්වාණ සම්පත්තිටම මේ කුසලය හේතු වාසනා වේවා.

මතු සම්බන්ධයි…

වැඩි දුරටත්…

මේ මෙහෙණි ආරණ්‍යය තියෙන්නේ පොතුහැර, අල්ගම ගමේ කන්දක් මුදුනක. මාසෙට දානේ වේල් 5ක් වගේ තමා ලැබෙන්නේ. ඒකත් බොහෝ වෙලාවට එළවළු වර්ග. ඉතිං වැඩි දවසක් කල් තියාගන්න බැහැ. වෙළඳසැලක් තියෙන්නෙත් කිලෝමීටර් 3-4ක් දුරින්. ඉතිං එළවළු සහ අනෙකුත් ආහාර කල්තියාගැනීමට ශීතකරණයක් තිබීම ඇත්තෙන්ම වටිනවා. මෑණීවරු මස් මාංස වළඳන්නෙත් නැහැ. මේ ආරණ්‍යයට ශීතකරණයක් පූජා කරන මේ මහත්පල මහානිසංස පිංකම අපි සතියකට උඩදි ආරම්භ කලා. නමුත් අද තමයි මට අවස්ථාව ලැබුණේ ආරණ්‍යයට යන්න.

අපි මුලින්ම ගිහින් පහල ආරණ්‍යයක වැඩ සිටින ලොකු මෑණීයෝ මුණගැසුනා. කකුලේ අස්ථි බිඳවැටීමක් නිසා මෑණීයෝ දැනට වැඩසිටින්නේ පහළ ආරණ්‍යයක. අපි තවත් මෙහෙණින් වහන්සේ නමක් සමඟ කන්දක් මුදුනක පිහිටි මේ අල්ගම කන්ද පුරාණ ගල්ලෙන් විහාරය (මෙහෙණි ආරණ්‍යය) බලන්න ගියා. වාහනය අපි කුඹුරක් මැද කිලෝමීටරයක් පමණ මෙහායින් නවත්වා පයින් තමා ගියේ. පඩිපෙළ 100කට වඩා ගලක් උඩට නගින්න වුණා අඩි 200ක් පමණ. දහවල් 2කට පමණ තමා අපි කන්ද නගින්න ආරම්භ කලේ. මේ විහාරය වළගම්බා රජ දවස ආරම්භ කල එකක්ලු. දැනට මෙහෙණින් වහන්සේලා දෙනමක් වැඩ ඉන්නා අතර තනියට නැන්දා කෙනෙක්ද සිටිනවාලු.

මිනිසුන් මේ ආරණ්‍යයට දානේ නොගෙන එන එක හිතාගන්න පුලුවන්. ඒ තරමටම අපහසුයි මෙයට ලඟා වෙන එක. අනික සමහර අවස්ථාවලදී කෙනෙක්ට තනියම එන්නත් බෑ රිලව්ගෙන් කරදර වෙනවලු.

Location : අල්ගම කන්ද පුරාණ ගල්ලෙන් රජමහා විහාරය, අල්ගම, පොතුහැර

Status : Personally Visited & Verified

Algama Kanda Ancient Cave Temple lies in the District of Kurunegala in the village of Algama. Although this cave temple has not caught the public eye, it has been found that this temple goes back to the time of King Walagamba (89-77 BC) and probably built by him.

The king Walagamba (aka Vattagamini Abaya) spent 14 years in exile hiding from South Indian invaders before he finally manage to chase them away them.

During this time he took refuge in number of caves through out the country hiding from spies and gathering forces to defeat the invaders. After he re instated himself as the rightful king of the country, it is said that he built cave temples in every cave he took refuge during his exile.

Archaeology department has found that this temple shows work during the periods of Walagamba (89-77 BC), Kithsiri Mevan (303-311) and Kandyan periods. About 200 feet above the cave temple is a rock and a tunnel has been in existence between the cave temple and this rock. But with time, it has been sealed off. It is said that this rock has been used as a watch point the king.

A rock inscription in Kothmale Viharaya states Theraputthabaya thero who was one of the 10 worriers of the King Dutugemunu (161-131 BC) lived in this temple after he joined the monkhood. One of the rock caves shows inscriptions written is siam (Thai) language. It is believed that this cave was used by a siamese priest who traveled to Sri Lanka with Upali Maha Thero, who brought upasampada from Siam (now Thailand) to form the Siam Nikkaya during the reign of King Kirti Sri Rajasinghe (1747 – 1781).

Primary Source : Budusarana

Reported by Damayanthi Amarakoon

An idea by Danesh Maduranga Edirisooriya
Project of Samajasathkara.lk

මෙහෙණි ආරණ්‍යයට පූජා කල ශීතකරණයේ තැන්පත් කිරීමට එළවළු සහ අනෙකුත් ද්‍රව්‍ය පූජා කල ගයාෂි ෆේස්බුක් මිතුරිය | නොවැම්බර් 12

මෙහෙණි ආරණ්‍යයට පූජා කල ශීතකරණයේ තැන්පත් කිරීමට එළවළු සහ අනෙකුත් ද්‍රව්‍ය පූජා කල ගයාෂි ෆේස්බුක් මිතුරිය | නොවැම්බර් 12

අපි පසුගිය දිනක අල්ගම කන්ද මෙහෙණි ආරණ්‍යයට ශීතකරණයක් පූජා කලානේ. ආරණ්‍යය යන අතර ගයාෂි මිතුරිය මට කතාකලා. මගෙන් ඉල්ලා සිටියා අපි පූජා කරන ශීතකරණය පිරෙන්න අවශ්‍ය කරන හැම දෙයක්ම අරන් පූජා කරන්න කියලා. ඉතිං නිමාෂා නංගියි, මමයි කුරුණෑගල Keels Super එකෙන් අවශ්‍ය කරන එළවලු, කිරි, යෝගට්, මාමයිට්, පළතුරු යුෂ, ඇස්ට්‍රා, චීස්, ජෑම් ආදී සියලුම දේ මිළදී ගත්තා.

ඒ හැම දෙයක්ම අපි මෑණියන්ට පූජා කලා. මෑණියන් වහන්සේ ඔබට පිං දුන්නා. ඔබ මේ කලාවූ කුසලය නිර්වාණ සම්පත්තියටම හේතු වාසනා වේවා.

වැඩි දුරටත්…

මේ මෙහෙණි ආරණ්‍යය තියෙන්නේ පොතුහැර, අල්ගම ගමේ කන්දක් මුදුනක. මාසෙට දානේ වේල් 5ක් වගේ තමා ලැබෙන්නේ. ඒකත් බොහෝ වෙලාවට එළවළු වර්ග. ඉතිං වැඩි දවසක් කල් තියාගන්න බැහැ. වෙළඳසැලක් තියෙන්නෙත් කිලෝමීටර් 3-4ක් දුරින්. ඉතිං එළවළු සහ අනෙකුත් ආහාර කල්තියාගැනීමට ශීතකරණයක් තිබීම ඇත්තෙන්ම වටිනවා. මෑණීවරු මස් මාංස වළඳන්නෙත් නැහැ. මේ ආරණ්‍යයට ශීතකරණයක් පූජා කරන මේ මහත්පල මහානිසංස පිංකම අපි සතියකට උඩදි ආරම්භ කලා. නමුත් අද තමයි මට අවස්ථාව ලැබුණේ ආරණ්‍යයට යන්න.

අපි මුලින්ම ගිහින් පහල ආරණ්‍යයක වැඩ සිටින ලොකු මෑණීයෝ මුණගැසුනා. කකුලේ අස්ථි බිඳවැටීමක් නිසා මෑණීයෝ දැනට වැඩසිටින්නේ පහළ ආරණ්‍යයක. අපි තවත් මෙහෙණින් වහන්සේ නමක් සමඟ කන්දක් මුදුනක පිහිටි මේ අල්ගම කන්ද පුරාණ ගල්ලෙන් විහාරය (මෙහෙණි ආරණ්‍යය) බලන්න ගියා. වාහනය අපි කුඹුරක් මැද කිලෝමීටරයක් පමණ මෙහායින් නවත්වා පයින් තමා ගියේ. පඩිපෙළ 100කට වඩා ගලක් උඩට නගින්න වුණා අඩි 200ක් පමණ. දහවල් 2කට පමණ තමා අපි කන්ද නගින්න ආරම්භ කලේ. මේ විහාරය වළගම්බා රජ දවස ආරම්භ කල එකක්ලු. දැනට මෙහෙණින් වහන්සේලා දෙනමක් වැඩ ඉන්නා අතර තනියට නැන්දා කෙනෙක්ද සිටිනවාලු.

මිනිසුන් මේ ආරණ්‍යයට දානේ නොගෙන එන එක හිතාගන්න පුලුවන්. ඒ තරමටම අපහසුයි මෙයට ලඟා වෙන එක. අනික සමහර අවස්ථාවලදී කෙනෙක්ට තනියම එන්නත් බෑ රිලව්ගෙන් කරදර වෙනවලු.

Location : අල්ගම කන්ද පුරාණ ගල්ලෙන් රජමහා විහාරය, අල්ගම, පොතුහැර

Status : Personally Visited & Verified

Algama Kanda Ancient Cave Temple lies in the District of Kurunegala in the village of Algama. Although this cave temple has not caught the public eye, it has been found that this temple goes back to the time of King Walagamba (89-77 BC) and probably built by him.

The king Walagamba (aka Vattagamini Abaya) spent 14 years in exile hiding from South Indian invaders before he finally manage to chase them away them.

During this time he took refuge in number of caves through out the country hiding from spies and gathering forces to defeat the invaders. After he re instated himself as the rightful king of the country, it is said that he built cave temples in every cave he took refuge during his exile.

Archaeology department has found that this temple shows work during the periods of Walagamba (89-77 BC), Kithsiri Mevan (303-311) and Kandyan periods. About 200 feet above the cave temple is a rock and a tunnel has been in existence between the cave temple and this rock. But with time, it has been sealed off. It is said that this rock has been used as a watch point the king.

A rock inscription in Kothmale Viharaya states Theraputthabaya thero who was one of the 10 worriers of the King Dutugemunu (161-131 BC) lived in this temple after he joined the monkhood. One of the rock caves shows inscriptions written is siam (Thai) language. It is believed that this cave was used by a siamese priest who traveled to Sri Lanka with Upali Maha Thero, who brought upasampada from Siam (now Thailand) to form the Siam Nikkaya during the reign of King Kirti Sri Rajasinghe (1747 – 1781).

Primary Source : Budusarana

Reported by Damayanthi Amarakoon

An idea by Danesh Maduranga Edirisooriya
Project of Samajasathkara.lk

Distributing අටපිරිකර On the Go – කැබිතිගොල්ලෑව

Distributing අටපිරිකර On the Go – කැබිතිගොල්ලෑව

අපි ජීවිතේට අටපිරිකරක් පූජා කරගන්න හැකියාව නැති ආච්චි අම්මලාට අද අටපිරිකර ලබාදුන්නා. පුදුම විදිහට සතුටුවුනා. ජීවිතේට අටපිරිකරක් පූජා කරලා නැතිලු. ආච්චි අම්මා කීවා අද එයාගේ වාසනාව, පින නිසාලු කොහෙවත් යන්න වුනේ නැත්තේ.
අපි කීවා ලබන ආත්මේ මේ වගේ දුක් විඳින්නේ නැති වෙන්න මේ අටපිරිකර පූජා කරන්න කියලා.
ගෙවල් වල වැඩ කරලලු ජීවත් වෙන්නේ. අපි ගියේ 11ට විතර. උදේට කාලත් නැහැලු. මම අටපිරිකරක් දුන්නා ආච්චිට. අපේ ටීම් එකේ Dewsha Thilakarathna මිතුරිය ෆේස්බුක් එකේ තවත් මිතුරෙක් ලබාදුන්න රු.1,000ක මුදලක් මේ ආච්චි අම්මට ලබාදුන්නා. ගොඩක් පිං දුන්නා.
ඉවසිල්ලක් නෑ කිව්වා පන්සලට යනකම්….

Distributing අටපිරිකර On the Go
An idea by Danesh Maduranga Edirisooriya
Project of SamajaSathkara.lk

Project Water | ශ්‍රාවස්තිපුර බෝධිරුක්ඛාරාමයට වතුර ටැංකියක් පූජා කිරීම

Project Water | ශ්‍රාවස්තිපුර බෝධිරුක්ඛාරාමයට වතුර ටැංකියක් පූජා කිරීම

Chamila Jeewani Adhikari අක්කා විසින් අද දිනයේදී පන්සලට වතුර ටැංකියක් පූජා කලා. පන්සලට ජලය ලැබෙන්නේ දවසක් හැර දවසක්. ඉතිං ජලය එක් රැස් කර තබාගන්න එය ඇත්තෙන්ම වටිනා දෙයක්. රාජාංගනේ සද්ධාරතන ස්වාමීන්වහන්සේ දායක වූ ඔබට බෙහෙවින් පිං දුන්නා. එහි වටිනාකම ගැන පහදලා දුන්නා.
ඔබට බොහොම පිං අක්කා… මේ කුසලය නිර්වාණයටද හේතු වාසනා වේවා… තෙරුවණ් සරණයි අක්කා…

Anuradhapura District – ශ්‍රාවස්තිපුර

Project Water | Donating a Water Tank

An idea by Danesh Maduranga Edirisooriya
Project of SamajaSathkara.lk

ත්‍රිපිටක පූජා 2017 (සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම්වේ…)

ත්‍රිපිටක පූජා 2017 (සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම්වේ…)

2017 සැප්තැම්බර් මාසයේදී අට මහා කුසල් වලින් එකක් වන මේ උතුම් වූ ධර්ම දාන පිංකම (ත්‍රිපිටක පූජා) අප සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා.

සැ.යු : මේ පිංකම සඳහා මුදල් අවශ්‍ය නොවන බව කරුණාවෙන් සළකන්න.

Project ධර්ම දාන | අටමහා කුසල් Plan 2017

An idea by Danesh Maduranga Edirisooriya & Danesh Maduranga Edirisooriya II
Project of SamajaSathkara.lk

පිය සෙනෙහසට නොදෙවෙනි වූ මහප්පාගේ සෙනෙහස වෙනුවෙන් යුතුකම් ඉටුකල Thushani Perera Gallege අක්කා (Donating a Wheelchair – ඔක්කම්පිටිය) – Part 02

පිය සෙනෙහසට නොදෙවෙනි වූ මහප්පාගේ සෙනෙහස වෙනුවෙන් යුතුකම් ඉටුකල Thushani Perera Gallege අක්කා (Donating a Wheelchair – ඔක්කම්පිටිය) – Part 02

මාගේ මුහුණු පොතේ මිතුරියක් වන තුෂානි පෙරේරා අක්කාගේ ආදරණීය මහප්පා, සිරිසේන වීරසිංහ මහතා 2017.09.28 වන දිනට මෙලොවින් සමුගෙන මාස 3ක් වෙනවා. මෙලොව ඉපදෙන සෑම කෙනෙකුටම මරණයට මුහුන දෙන්න වෙනවා. ඉතින් අපේ හිතවතුන් ජීවත් වෙලා ඉද්දී කොයි තරම් දේවල් කරලා සලකන්න පුලුවන් උනත් මරණයෙන් පස්සේ ජීවත් වෙලා ඉන්න අපට කරන්න පුලුවන් එකම දේ ඒ මියගිය කෙනා වෙනුවෙන් පිං පමුනවන්න විතරයි. ඉතින් තුෂානි අක්කත් තමාගේ ආදරණීය මහප්පා වෙනුවෙන් විශේෂ දානයක් දීලා පිං දෙන්න තීරණය කලා. අක්කා ඒ වෙනුවෙන් කලේ ඉතාමත් උතුම් පිනක්.

ඔක්කම්පිටියෙ තියෙන මේ පුංචි ආරණ්‍යයේ ඉන්න මේ මෙහෙණින් වහන්සේට වයස අවුරුදු අනූවකටත් ආසන්න වෙනවා. කටුමැටි වලින් සාදපු ටකරං සෙවිළි කළ ඇති මේ කුඩා ආරණ්‍යයේ ඇතුළත කිසිම පහසුකමක් නැහැ. මාළිගා වගේ ඉදිවෙන පන්සල් අතරේ මේ ආරණ්‍ය මොනතරම් අසරණ තත්වයකද තියෙන්නෙ කියලා ඇතුළත දකින ඔබට වැටහේවි. දෑස් පෙනුනා නම් ඇවිදින්න හැකි වූවා නම් මේ ඕනෑම දුකක් දරා ගනිමින් මොනයම් හෝ දෙයක් කරන්නට මේ මෙහෙණින් වහන්සේට හැකි වෙන්නට තිබුණා. ඒත් දැන් එසේ කරන්නට හැකියාවක් නැහැ. මෙහි උපස්ථාන කටයුතු වෙනුවෙන් ඉන්න නැන්දාගේ සහයෝගයෙන් මිස තනිව කිසිවක් කරගන්න මේ මෙහෙණින් වහන්සේට පුලුවන් කමක් නැහැ. පැන් පහසුවටවත්, වැසිකිළි යන්නවත් එළියට යාමට හැකියාවක් නැහැ. ඉතිං අපි පූජා කල මේ රොද පුටුව නිසා මෑණියන්ව බලාගන්නා නැන්දාට දැන් මෑණියන්ව පහසුවෙන් එහා මෙහා ගෙනියන්න පුලුවන්. මෑණියෝ දුන් පිං අප්‍රමාණයි. පහත වීඩියෝව බලන්න….

පුණ්‍යානුමෝදනා වීඩියෝව : https://m.facebook.com/story.php?story_fbid=1428488277188511&id=100000820578834

තමන්ගේ කෙනෙක් ජීවත්ව සිටියදී පවා නොසලකන කාලයක ඔයා මිය පරලොව ගිය මහප්පා වෙනුවෙන් පිං දෙන්න මෙලෙස පරිත්‍යාගයක් සිදු කලේ ඔයාගේ හිතේ මහප්පා වෙනුවෙන් පවතින අසීමිත ආදරය නිසා බව කිව යුතු නෑ. ඔබ සිදු කලේ දිවා රෑ පිං වැඩෙන පිංකමක්. මේ ලැබුනු පින් ඔයාගේ මිය පරලොව ගිය මහප්පාට අනුමෝදන් වේවා. ඔහුට සැපවත් ජීවිතයක් අත් වී ඇත්නම් ඒ සැප සම්පත් වැඩි වීමටත් දුක්‍ ඇති ආත්මයක් ලැබි ඇත්නම් ඒ දුකින් අත්මිදෙන්නටත් මේ පිං හේතු වාසනා වේවා.

ඉතින් අක්කේ මේ සිදු කලා වූ කුසලයේ ආනුභාවයෙන් ඔබගේ පවුල් දිවියද සතුටින් සමාදානයෙන් ගෙවීමට හැකිවේවා. තව තවත් මෙවැනි අසරණ මිනිසුන්ට උදවු කිරීමට හැකි වේවා. ඔබගේ දෙමාපියන් ඇතුලු සියලු හිත මිත්‍රාදීන් සැමටත් මේ පින් අනුමෝදන් වේවා..

සෙහෙනෙහෙබර වදන් පෙළගැස්ම – Manoj Prasanna & Nimasha Sewwandi

Location : ඔක්කම්පිටිය

වැඩි විස්තර සහ ඡායාරූප බලාපොරොත්තු වන්න…

Project Hope | ජීවිතයට නව බලාපොරොත්තුවක්…
“Keeping the Disabled Happy”

Our goal is to provide a free wheelchair to every child, teen and adult island-wide who needs one, but has no means to acquire one.

විවිධ වූ හේතූන් නිසා එක්තැන් වූ ශ‍්‍රී ලංකාවේ දුෂ්කර ප‍්‍රදේශවල ජීවත්වන අන් අයගේ අවධානයට යොමු නොවන/නොවූ දැඩි ආර්ථික අපහසුතාවලින් පෙළෙන පුද්ගලයින් හට රෝද පුටු, කිහිළි කරු, වතුර මෙට්ට වැනි විකලාංග උපකරණ (Orthopedic Appliance) ලබාදී ඔවුන්ගේ ජීවිතයට නව බලාපොරොත්තුවක්, සතුටක්, සැනසුමක් ලබාදීමට මෙම ව්‍යාපෘතියෙන් අප බලාපොරොත්තු වේ.
උදා : Wheel Chairs, Reclining Wheel Chain, Special Function Wheel Chair, Electric Wheel chairs, Commode Chairs, Rollaters, Walking Aids, Four Arm Walkers, Walkers, Air mattresses, Bed headrest, Cervical collars, Surgical corsets, Philadelphia collars, Arm slings, Crutch pads, Hernia belts, Foot Drop Splints, Crutch Pads, Immobilizer, Knee braces etc.

We only need photographs to publish.

An Idea By Danesh Maduranga Edirisooriya & Danesh Maduranga Edirisooriya II
Project of SamajaSathkara.lk