loader image
Select Page
මසකට දානේ වේල් 5ක් පමණක් ලැබෙන, කන්දක් මුදුනක පිහිටි, අඩුපහසුකම් සහිත මෙහෙණි ආරණ්‍යයට ශීතකරණයක් පූජා කල ෆේස්බුක් මිතුරු මිතුරියෝ | නොවැම්බර් 12 (දිවා රෑ පිං වැඩෙන පිංකම් 2016)

ඔයාලට මතකනේ පොතුහැර අල්ගම ගමේ කන්දක් මුදුනක තියෙන මෙහෙණි ආරණ්‍යයකට අපි ශීතකරණයක් පූජා කරන්න ව්‍යාපෘතියක් මීට මාස 2කට කලින් ආරම්භ කලා. පසුගිය නොවැම්බර් 12 වෙනිදා තමයි මට අවස්ථාව ලැබුණේ ඒ පිංකම කරන්න.

නොවැම්බර් 11 වෙනිදා මම කොළඹින් කුරුණෑගලට ශීතකරණය එව්වා වාහනයක දාලා. පහුවෙනිදා උදේ පාන්දර 5ට මමයි, සමාජසත්කාර.lk Social Innovation Labs හි Front End Developer නිමාෂා නංගි, එයාගේ මල්ලි සහ අම්මා සමඟ අපි කිරිබත්ගොඩින් පිටත් වුණා. ඉන්පසු අපි කුරුණෑගලට ගිහින් තවත් වාහනයකට ශීතකරණය මාරු කරගත්තේ ඔවුන් ගමක් ඇතුලට ට්‍රාන්ස්පෝට් කරන්න අකමැති වුණ නිසයි.

අපි දහවල් 2 පමණ වන විට මෙහෙණි ආරණ්‍යය කිට්ටුවට ආවා. මීටර් 500ක් පමණ පයින් ගිහින් ඉන්පසු පඩි 100කට වැඩි සංඛ්‍යාවක් උඩට නැග්ගේ ආරණ්‍යයට පූජා කරන්න අපේ ෆේස්බුක් යාලුවෝ ලබාදුන්න ද්‍රව්‍යයත් අරන්. ශීතකරණය අපිට අරන් යන්න බැරි නිසා ගමේ මාමලා 3 දෙනෙක් අපිට ඒ සඳහා උදව් කලා. එයාලා ගොඩක් මහන්සි වුණා. අපි උඩට ගිහින් පැයකට වඩා මහන්සි නිවෙනකම් හිටියා. අපිට මැණියෝ දහවල් ආහාරයත් සූදානම් කරලා තිබ්බා. අවුරුදු 4ක පමණ පැරණි මිත්‍රත්වයක් නිසා තමයි අපි මේ පිංකම කලේ. ඒ ෆේස්බුක් ඔස්සේ මුණ ගැසුණු දමයන්ති අක්කා. මේ ආරණ්‍යය ගැන මට ඇය තමයි දැනුම් දුන්නේ. අද තමයි ඇයව මුණ ගැහුණේ ප්‍රථම වතාවට. ඒ ගැනත් හරි සතුටුයි.

අපි මේ ශීතකරණය පූජා කල පසු මෙහෙණින් වහන්සේලා අපව පංචසීලයේ පිහිටවා සම්බන්ධ වූ සැමට පුණ්‍යානුමෝදනා කලා. මෙය දිවා රෑ පිං වැඩෙන පිංකමක් කියලා මෙහෙණින් වහන්සේ අපට අනුශාසනා කලා.

මේ මෙහෙණි ආරණ්‍යය තියෙන්නේ කන්දක් මුදුනක. මාසෙට දානේ වේල් 5ක් වගේ තමා ලැබෙන්නේ. ඒකත් බොහෝ වෙලාවට එළවළු වර්ග. ඉතිං වැඩි දවසක් කල් තියාගන්න බැහැ. වෙළඳසැලක් තියෙන්නෙත් කිලෝමීටර් 3-4ක් දුරින්. ඉතිං එළවළු සහ අනෙකුත් ආහාර කල්තියාගැනීමට ශීතකරණයක් තිබීම ඇත්තෙන්ම වටිනවා. මෑණීවරු මස් මාංස වළඳන්නෙත් නැහැ. මගේ ෆේස්බුක් මිතුරු මිතුරියෝ නිසා තවදුරටත් ඒ ප්‍රශ්නය නැහැ. අපේ එකමුතුවෙන් එයට විසඳුමක් ලබාදෙන්න පුලුවන් වුනා.

මේ උතුම් වූ පිංකමට සම්බන්ධ වූ ඔබ සැමටත්, දැකබලා සතුටු වන ඔබ සැමටත් මේ පිං අනුමෝදන් වෙත්වා… මේ කුසලය නිර්වාණ සම්පත්තියටම හේතු වාසනා වේවා.

ශීතකරණය ආරණ්‍යයට ගෙනගිය ආකාරය : https://m.facebook.com/story.php?story_fbid=1128984757138866&id=100000820578834

මතු සම්බන්ධයි…

වැඩි දුරටත්…

මේ මෙහෙණි ආරණ්‍යය තියෙන්නේ පොතුහැර, අල්ගම ගමේ කන්දක් මුදුනක.

අපි මුලින්ම ගිහින් පහල ආරණ්‍යයක වැඩ සිටින ලොකු මෑණීයෝ මුණගැසුනා. කකුලේ අස්ථි බිඳවැටීමක් නිසා මෑණීයෝ දැනට වැඩසිටින්නේ පහළ ආරණ්‍යයක. අපි තවත් මෙහෙණින් වහන්සේ නමක් සමඟ කන්දක් මුදුනක පිහිටි මේ අල්ගම කන්ද පුරාණ ගල්ලෙන් විහාරය (මෙහෙණි ආරණ්‍යය) බලන්න ගියා. වාහනය අපි කුඹුරක් මැද කිලෝමීටරයක් පමණ මෙහායින් නවත්වා පයින් තමා ගියේ. පඩිපෙළ 100කට වඩා ගලක් උඩට නගින්න වුණා අඩි 200ක් පමණ. දහවල් 2කට පමණ තමා අපි කන්ද නගින්න ආරම්භ කලේ. මේ විහාරය වළගම්බා රජ දවස ආරම්භ කල එකක්ලු. දැනට මෙහෙණින් වහන්සේලා දෙනමක් වැඩ ඉන්නා අතර තනියට නැන්දා කෙනෙක්ද සිටිනවාලු.

මිනිසුන් මේ ආරණ්‍යයට දානේ නොගෙන එන එක හිතාගන්න පුලුවන්. ඒ තරමටම අපහසුයි මෙයට ලඟා වෙන එක. අනික සමහර අවස්ථාවලදී කෙනෙක්ට තනියම එන්නත් බෑ රිලව්ගෙන් කරදර වෙනවලු.

Location : අල්ගම කන්ද පුරාණ ගල්ලෙන් රජමහා විහාරය, අල්ගම, පොතුහැර

Status : Personally Visited & Verified

Algama Kanda Ancient Cave Temple lies in the District of Kurunegala in the village of Algama. Although this cave temple has not caught the public eye, it has been found that this temple goes back to the time of King Walagamba (89-77 BC) and probably built by him.

The king Walagamba (aka Vattagamini Abaya) spent 14 years in exile hiding from South Indian invaders before he finally manage to chase them away them.

During this time he took refuge in number of caves through out the country hiding from spies and gathering forces to defeat the invaders. After he re instated himself as the rightful king of the country, it is said that he built cave temples in every cave he took refuge during his exile.

Archaeology department has found that this temple shows work during the periods of Walagamba (89-77 BC), Kithsiri Mevan (303-311) and Kandyan periods. About 200 feet above the cave temple is a rock and a tunnel has been in existence between the cave temple and this rock. But with time, it has been sealed off. It is said that this rock has been used as a watch point the king.

A rock inscription in Kothmale Viharaya states Theraputthabaya thero who was one of the 10 worriers of the King Dutugemunu (161-131 BC) lived in this temple after he joined the monkhood. One of the rock caves shows inscriptions written is siam (Thai) language. It is believed that this cave was used by a siamese priest who traveled to Sri Lanka with Upali Maha Thero, who brought upasampada from Siam (now Thailand) to form the Siam Nikkaya during the reign of King Kirti Sri Rajasinghe (1747 – 1781).

Primary Source : Budusarana

Reported by Damayanthi Amarakoon

An idea by Danesh Maduranga Edirisooriya
Project of Samajasathkara.lk

අත්තම්මාට පිං පිණිස මෙහෙණි ආරාමයකට ජල ටැංකියක් පූජා කල AnjaleeThilina Thennakoon අක්කා | Donating a Water Tank

අන්ජලී අක්කාගේ පරලෝ සැපත් (නොවැම්බර් 18) අත්තම්මාට පිං පිණිස අක්කා මගෙන් ඉල්ලා සිටියා පිංකමක් කරන්න කියා. ඉතිං අපි අද දිඹුලාගල, පැලෑටියාව ශ්‍රි සුචින්තාරාම ආරණ්‍යයට ජල ටැංකියක් පූජා කලා. මෙහෙණින් වහන්සේ අපිට කීවා මෙය කිසිම ආධාරයක් ලැබෙන්නේ නැති ඉතා දුෂ්කර ආරාමයක් කියලා.

අපි අත්තම්මා සහ සීයා ගැන මෙහෙණින් වහන්සේට කීවා. මෙහෙණින් වහන්සේ පුණ්‍යානුමෝදනාවක් කලා. මං මේ පිංකමට දායකත්වය දැක්වූයේ ඔයා කියලත් පෙන්වූවා.

ටැංකිය ගෙනියන්න වාහනයක් හොයාගන්න බැරිවුණා. අපි ඉන්පසුව ත්‍රීවීලර් එකක් හයර් කලා.

කදුරුවෙල – මහියංගනය පාරේ දිඹුලාගල, පැලෑටියාව ගමේ තමයි මේ මෙහෙණි ආරාමය පිහිටලා තියෙන්නේ. හැකි අය 0275622756 අංකයෙන් මෑණියන් සමඟ කතාබස් කර උදව්ව කරන්න.

මිණිබිරියක් ලෙස ඔබ මේ සිදුකලා වූ උතුම් පිංකම ගොඩක් අගයනවා අක්කා…

ඔබ මේ කල කුසලයේ ආනුභාවයෙන් ඔබගේ පරලෝ සැපත් අත්තම්මා, ලීලා ලියනගේ මහත්මිය සහ සීයා, ජෝන් ලියනගේ මහතා දුක් ඇති ආත්මයක ඉපදී ඇත්නම් සැපවත් ආත්මයක ඉපදීමටත්, සැපවත් ආත්මයක ඉපදී ඇත්නම් ඒ සැප වඩ වඩාත් වැඩි දියුණු වීමටත්, කෙලවර උතුම් වූ නිර්වාණ සම්පත්තිය අවබෝධ කරගැනීමටත් හේතු වාසනා වේවා…

Project Water | Water for Temples
An idea by Danesh Maduranga Edirisooriya
Project of Samajasathkara.lk

වියළි ආහාර පරිත්‍යාග කර පරලෝ සැපත් සහෝදරයාට සහ ඥාතීන්ට පිං අනුමෝදන් කල ෆේස්බුක් මිතුරා (Donating Dry Rations)

මාගේ ෆේස්බුක් මිතුරෙක් වන Tharindu Sathsara මල්ලීගේ මීට වසර 10කට පෙර පරළෝ සැපත් ඔහුගේ ආදරණීය මල්ලී සහ අනෙකුත් ඥාතීන්ද සිහිපත් කරමින් අසරණ පවුලකට සහ මෙහෙණින් වහන්සේ නමකට වියළි ආහාර පරිත්‍යාග/පූජා කලා.

මේ සැවොම ඔබගේ පරිත්‍යාගයෙන් කුසගින්න නිවා ගන්නා සේම මේ උතුම් වූ පරිත්‍යාගය හේතුකොටගෙන රැස් වන්නාවූ කුසලය ඔබ සහෝදරයා සහ අනෙකුත් සියලුම දෙනාහට හට අනුමෝදන් වේවා….

මිය පරලොව යන්නට යෙදුනාවූ ඒ සහෝදරයා සහ අනෙකුත් අය මේ පින් අත්වීමෙන් යම් සැපවත් ආත්මභාවයක් ලබා ඇත්නම් ඒ සැප තව තවත් වැඩි දියුණු වේවා… යම් දුක් ඇති ආත්මභාවයක් ලබා ඇත්නම් වහා ඉන් මිදී සැපවත් ආත්මභාවයක් ලැබීමට මේ පින් හේතු වේවා…

එමෙන්ම තම සහෝදරයා වෙනුවෙන් මෙවන් පරිත්‍යාගයක් සිදු කෙරූ තරිඳු මල්ලීටත් මේ සිදුකළා වූ කුසලයේ ආනිසංසයෙන් නිදුක් නීරෝගි සුවය උදා වේවා… සතුට සැනසුම සෞභාග්‍යය නිරන්තරයෙන්ම රැඳේවා…. සිතන පතන යම් පැතුමක් වේ නම් ඒ සියල්ල ඒ අයුරින්ම ඉටු වේවා…. කරන කියන සෑම දෙයක්මද රැකීරක්ෂා කටයුතුද ව්‍යාපාරය හෝ අධ්‍යාපන කටයුතු වේ නම් ඒ සියල්ලක්මද සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා…

මේ පිංකම සඳහා සමාජසත්කාර කණ්ඩායමේ Nilanthi Edirisooriya, මාගේ සහෝදරිය ශ්‍රම දායකත්වය දැක්වූවා. ඔබටද බොහොමත්ම පිං.

Donor : Tharindu Sathsara
Project ID : 2019-JAN-0009

ඔබටත් මෙවැනි පිංකමක් කරන්න අවශ්‍යයි නම් මේ ලින්ක් එකට ගොස් ව්‍යාපෘතියක් තෝරාගන්න : https://justdonate.lk/fundraisers/samajasathkara/projectsforspecialday/

An idea by Danesh Maduranga Edirisooriya, Danesh Maduranga Edirisooriya II & Danesh Maduranga Edirisooriya III
Project of SamajaSathkara.lk

වයෝවෘද්ධ මෙහෙණින් වහන්සේ නමකට සුපිරිසිදු ජලය පූජා කළ පින්වත් මිතුරෝ – දිවා රෑ පිං වැඩෙන පිංකම් 2017 (Project Water – Water for Temples) Part 02

ඔබට මතක ඇති ආරණ්‍යක වැඩ සිටින වයෝවෘද්ධ මෙහෙණින් වහන්සේනමක් පිළිබඳව මීට පෙර අප සඳහන් කළා. ඔක්කම්පිටිය ප්‍රදේශයේ සිදු කළ ගැබිනි මව්වරුන්ගේ ව්‍යාපෘතියේදී දැනගන්නට ලැබුන තොරතුරක් අනුව අපි උන්වහන්සේ බැහැදකින්න ගියා. මතකද ඔබට අප සඳහන් කළා මේ මෙහෙණින් වහන්සේ සිටින ආරණ්‍යයේ අවම පහසුකම්වත් නොමැති බව. එම ආරණ්‍යයේ නොතිබූ පහසුකම් සපුරාලීමට හැකි නම් ඉතා අගනා බව සිතුණ නිසාම ඒ පිළිබඳව දැනුම් දුන් වහාම ඒ වෙනුවෙන් අපි එක්ක ෆේස්බුක් මිතුරෝ ගොඩක් එකතු උනා. ඒ සියල්ල ලබා දුන් අපට ඉන්පසුව නෙත ගැටුන කරුණක් වූයේ මෙම ආරණ්‍යට භාවිතය වෙනුවෙන් ජලය නොමැති බව විශාල අඩුපාඩුවක් බවයි.

මේ ආරණ්‍ය තියෙන්නේ බොහොම දුෂ්කර මඟක නිසා ජලනල පහසුකම් නැහැ. මෙහෙණින් වහන්සේගේ ඇස් පෙනෙන්නෙත් නැහැ ඇවිදින්නත් බැහැ. ඉතින් පිරිසිදු කිරීම් කටයුතු කරන්න කෙනෙක් වෙනම ළඟ ඉන්න ඕනමයි. අනූ වැනි වියටත් කිට්ටු මේ මෙහෙණින් වහන්සේහට උපස්ථාන කරන්න නැන්දා කෙනෙක් ආරණ්‍යයේ ඉන්නවා. ඒත් අවශ්‍ය පහසුකම් මෙහි නැහැ. එක තැන ඉන්න කෙනෙක්ව ගොඩාක් පිරිසිදුව තියාගන්න ඕන. ඒත් හරිහැටි බොන්නවත් වතුර ටිකක් නැති තැනක එහෙම කෙනෙක් බලාගන්න එක මොනතරම් අපහසු දෙයක්ද කියලා ඔබට වැටහෙනවා ඇති. මෙහෙණින් වහන්සේහට උපස්ථාන කරන්න ඉන්න මේ නැන්දා බොහෝ දුරක් ගිහිනුයි අත්‍යාවශ්‍ය කටයුතු වලට ඕන කරන වතුර අරන් එන්නේ. ඒ වෙනුවෙන් ඇයට ගොඩක් වෙහෙසෙන්නත් සිද්ද වෙනවා. පවුලක් රකිනවා හා සමානව කිසිම ලාභ ප්‍රයෝජනයක් නොතකා මේ මෙහෙණින් වහන්සේ වෙනුවෙන් ඇප කැප වී උපස්ථාන කරන මැය සැබැවින්ම අගය කළ යුතුයි. ඇගේ පිහිට නොලබන්නට මේ වයෝවෘද්ධ මෙහෙණින් වහන්සේ සිටිය හැකි තත්වය ගැන සිතාගන්නවත් බැරි වේවි. දෑස් නොපෙනී ඇවිදින්නට බැරි කෙනෙක් හට තමන්ගේ කිසිදු කටයුත්තක් නිසියාකාරව කරගන්න බැරි බව ඔබට පැහැදිලි කළ යුතු නැහැ. ඉතින් මේ මෙහෙණින් වහන්සේට අත්‍යාවශ්‍යයම වන ජල පහසුකම නළ මාර්ග ඔස්සේ ආරණ්‍යටම ලබා දීමට අප කටයුතු සූදානම් කළා.

මේ වෙනුවෙන් දායකත්වය දක්වපු ෆේස්බුක් මිතුරන්ගේ සහයෝගය හේතුවෙන් මෙම මෙහෙණි ආරණ්‍යට පැය කිහිපයක් ඇතුලත නව ජල නල පද්ධතියක් මෙන්ම ජල ටැංකියක්ද පරිත්‍යාග කරන්නට අවස්ථාව ලැබුණා. ජල ටැංකිය ලබා දීමට එහි ගිය මොහොතේ පටන් නැවත එනතුරුම මේ පුන්‍යකර්මයට දායක වූ හැම කෙනෙක්ටම බොහෝ සේ පිං දුන්නා. කාලයක් පුරාවට බොහෝ දුරක් වතුර හොයාගෙන ගියත් දැන් මේ ආරණ්‍යට ජල පහසුකම ලැබී තියෙනවා. ඒ ගැන මේ මෙහෙණින් වහන්සේගේත් උන්වහන්සේහට උපස්ථාන කරන නැනදගේත් හිත්වල ඇති උන සතුට පිට උනේ අප්‍රමාණ ලෙස පිං දීමෙන්.

ලංකාව පුරා දවසින් දවස අළුත් ඉදි කිරීම් අලංකරණය කිරීම් එක්ක පන්සල් අළුත් වැඩියා වෙනවා. එකම දවසේ එකම දාන වේලට දායකයෝ දෙතුන් දෙනා භාර අරන් ඉන්න තරමට දානය පූජා කරන්න දායකයෝ ඔනෑතරම්. එහෙම පන්සල් අතරේ මේ වගේ දුෂ්කර ප්‍රදේශයක අවම පහසුකම්වත් නැති ආරණ්‍ය වල ඉන්න ස්වාමීන් වහන්සේලා මෙහෙණින් වහන්සේලා ගෙවන දුෂ්කර ජීවිත ගැන මොහොතක් අපි සිතා බැලිය යුතු වනවා. දාන වේල් වැඩියෙනුත් ලැබෙන පන්සල් අතරේ එක දාන වේලක්වත් නොලැබෙන මේ වගේ පන්සලුත් තියෙන බව බෞද්ධ ඔබ අප අවබෝධ කරගත යුතුයි. එවන් පූජනීය ස්ථාන වෙත අපට කළ හැකි යමක් වේ නම් එය හැකි පමණින් ඉටු කිරීම බෞද්ධ ඔබේත් මගේත් යුතුකමක්ද වනවා.

මේ උතුම් කටයුත්ත වෙනුවෙන් අප හා එක්ව දායකත්වය දැක්වූ බොහෝ මිතුරන් පිරිසක් සිටිනවා. ඔබ සැම මෙසේ දායක වූයේ උතුම් බුද්ධ ශාසනය රැක ගැනීමෙහිලා පැවිදි දිවි පෙවතකට එළඹ රෝගී තත්ව හමුවේ දුෂ්කර පැවිදි ජීවිතයක් ගෙවන්නට සිදු වූ මෙහෙණින් වහන්සේනමක් හටයි. එවන් උතුම් කුසලයක් සිදු කර ඔබ සැම රැස් කරගත්තාවූ පිනෙහි බලයෙන් මෙයට දායක වූ ඔබ සැමටත් ඔබේ පවුලේ සෑම සියළු දෙනා හටත් නිදුක් නීරෝගී සුවය උදා වේවා…. රෝගීව සිටින මෙහෙණින් වහන්‍සේ හට පිරිසිදු පානිය ජලය ලබා ගැනීමට දායක වූ පිනෙන් ඔබ සැමට යම් කාය චිත්ත පීඩාවක් වේ නම් ඒ සියල්ල දියෙහි ඇඳි ඉරක් සේ පහව යේවා… කිසිදු රෝගාබාධයකට ගොදුරු නොවේවා… කරන කියන යම් කටයුත්තක් වේ නම් ඒ සියල්ලක්මද රැකී රක්ෂා කටයුතුද අධ්‍යාපන කටයුතුද සියල්ලක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා…. යම් උතුම් බලාපොරොත්තු ඔබ සැමගේ සිත් තුළ වේ නම් ඒ සියල්ල මුදුන්පත් කර ගැනීමට අවැසි ශක්තිය ධෛර්යය වාසනාව උදා වේවා…. මෙවන් කුසල් තව බොහෝ සේ රැස් කරගනිමින් අවසානයේ උතුම් වූ නිර්වාණාවබෝධය ලැබීමටද මෙම කුසලය හේතු වේවා….

මේ පිංකමට මාගේ සොහොයුරා Manoj Prasanna ශ්‍රම දායකත්වය දැක්වූවා.

සෙනෙහෙබර වදන් පෙළගැස්ම – Nimasha Sewwandi

Location : ඔක්කම්පිටිය, මොණරාගල
Post Date : 2017 September 24
Project Code : 2017-MON-0054
Project Status : Completed
Completed Date 2017 September 24

උදව්කල ෆේස්බුක් මිතුරු මිතුරියෝ : https://m.facebook.com/story.php?story_fbid=1425824444121561&id=100000820578834

© සමාජසත්කාර.lk | www.Samajasathkara.lk

Editing, reproducing and re-using these images for commercial purposes or otherwise, without permission of Samajasathkara.lk, are strictly prohibited and considered as intended copyrights infringement.

Photograph used for promotional purposes only!

Project Water – Water for Temples

An idea by Danesh Maduranga Edirisooriya & Danesh Maduranga Edirisooriya II
Project of SamajaSathkara.lk

වයෝවෘද්ධ මෙහෙණින් වහන්සේ නමකට සුපිරිසිදු ජලය පූජා කළ පින්වත් මිතුරෝ – දිවා රෑ පිං වැඩෙන පිංකම් 2017 (Project Water – Water for Temples) Part 01

මසකට දානේ වේල් 5ක් පමණක් ලැබෙන, කන්දක් මුදුනක පිහිටි, අඩුපහසුකම් සහිත මෙහෙණි ආරණ්‍යයට ශීතකරණයක් පූජා කරන්න යන ගමන් | නොවැම්බර් 12

ඔයාලට මතකනේ පොතුහැර අල්ගම ගමේ කන්දක් මුදුනක තියෙන මෙහෙණි ආරණ්‍යයකට අපි ශීතකරණයක් පූජා කරන්න ව්‍යාපෘතියක් මීට මාස 2කට කලින් ආරම්භ කලා. අද තමයි මට අවස්ථාව ලැබුණේ ඒ පිංකම කරන්න.

ඊයේ මම කොළඹින් කුරුණෑගලට ශීතකරණය එව්වා වාහනයක දාලා. අද උදේ පාන්දර 5ට මමයි, සමාජසත්කාර.lk Social Innovation Labs හි Front End Developer නිමාෂා නංගි, එයාගේ මල්ලි සහ අම්මා සමඟ අපි කිරිබත්ගොඩින් පිටත් වුණා. ඉන්පසු අපි කුරුණෑගලට ගිහින් තවත් වාහනයකට ශීතකරණය මාරු කරගත්තේ ඔවුන් ගමක් ඇතුලට ට්‍රාන්ස්පෝට් කරන්න අකමැති වුණ නිසයි.

අපි දහවල් 2 පමණ වන විට මෙහෙණි ආරණ්‍යය කිට්ටුවට ආවා. මීටර් 500ක් පමණ පයින් ගිහින් ඉන්පසු පඩි 100කට වැඩි සංඛ්‍යාවක් උඩට නැග්ගේ ආරණ්‍යයට පූජා කරන්න අපේ ෆේස්බුක් යාලුවෝ ලබාදුන්න ද්‍රව්‍යයත් අරන්. ශීතකරණය අපිට අරන් යන්න බැරි නිසා ගමේ මාමලා 3 දෙනෙක් අපිට ඒ සඳහා උදව් කලා. එයාලා ගොඩක් මහන්සි වුණා. අපි උඩට ගිහින් පැයකට වඩා මහන්සි නිවෙනකම් හිටියා. අපිට මැණියෝ දහවල් ආහාරයත් සූදානම් කරලා තිබ්බා. අවුරුදු 4ක පමණ පැරණි මිත්‍රත්වයක් නිසා තමයි අපි මේ පිංකම කලේ. ඒ ෆේස්බුක් ඔස්සේ මුණ ගැසුණු දමයන්ති අක්කා. මේ ආරණ්‍යය ගැන මට ඇය තමයි දැනුම් දුන්නේ. අද තමයි ඇයව මුණ ගැහුණේ ප්‍රථම වතාවට. ඒ ගැනත් හරි සතුටුයි.

මේ උතුම් වූ පිංකමට සම්බන්ධ වූ ඔබ සැමටත්, දැකබලා සතුටු වන ඔබ සැමටත් මේ පිං අනුමෝදන් වෙත්වා…

මතු සම්බන්ධයි…

වැඩි දුරටත්…

මේ මෙහෙණි ආරණ්‍යය තියෙන්නේ පොතුහැර, අල්ගම ගමේ කන්දක් මුදුනක. මාසෙට දානේ වේල් 5ක් වගේ තමා ලැබෙන්නේ. ඒකත් බොහෝ වෙලාවට එළවළු වර්ග. ඉතිං වැඩි දවසක් කල් තියාගන්න බැහැ. වෙළඳසැලක් තියෙන්නෙත් කිලෝමීටර් 3-4ක් දුරින්. ඉතිං එළවළු සහ අනෙකුත් ආහාර කල්තියාගැනීමට ශීතකරණයක් තිබීම ඇත්තෙන්ම වටිනවා. මෑණීවරු මස් මාංස වළඳන්නෙත් නැහැ. මේ ආරණ්‍යයට ශීතකරණයක් පූජා කරන මේ මහත්පල මහානිසංස පිංකම අපි සතියකට උඩදි ආරම්භ කලා. නමුත් අද තමයි මට අවස්ථාව ලැබුණේ ආරණ්‍යයට යන්න.