loader image
Select Page
වයෝවෘද්ධ මෙහෙණින් වහන්සේ නමකට සුවබර දිවියක් උදාකර දුන් පින්වත් මිතුරෝ (Part 02 කාමරය පිරිසිදු කර අලුත් ඇඳ සවිකිරීම සහ අනෙකුත් ද්‍රව්‍ය පූජා කිරීම)

වයෝවෘද්ධ මෙහෙණින් වහන්සේ නමකට සුවබර දිවියක් උදාකර දුන් පින්වත් මිතුරෝ (Part 02 කාමරය පිරිසිදු කර අලුත් ඇඳ සවිකිරීම සහ අනෙකුත් ද්‍රව්‍ය පූජා කිරීම)

ඔබට මතක ඇති ආරණ්‍යක වැඩ සිටින වයෝවෘද්ධ මෙහෙණින් වහන්සේනමක් පිළිබඳව මීට පෙර අප සඳහන් කළා. ඔක්කම්පිටිය ප්‍රදේශයේ සිදු කළ ගැබිනි මව්වරුන්ගේ ව්‍යාපෘතියේදී දැනගන්නට ලැබුන තොරතුරක් අනුව අපි උන්වහන්සේ බැහැදකින්න ගියා. මතකද ඔබට අප සඳහන් කළා මේ මෙහෙණින් වහන්සේ සිටින ආරණ්‍යයේ අවම පහසුකම්වත් නොමැති බව. එම ආරණ්‍යයේ නොතිබූ පහසුකම් සපුරාලීමට හැකි නම් ඉතා අගනා බව සිතුණ නිසාම ඒ පිළිබඳව දැනුම් දුන් වහාම ඒ වෙනුවෙන් අපි එක්ක ෆේස්බුක් මිතුරෝ ගොඩක් එකතු උනා.

ලංකාව පුරා දවසින් දවස අළුත් ඉදි කිරීම් අලංකරණය කිරීම් එක්ක පන්සල් අළුත් වැඩියා වෙනවා. එකම දවසේ එකම දාන වේලට දායකයෝ දෙතුන් දෙනා භාර අරන් ඉන්න තරමට දානය පූජා කරන්න දායකයෝ ඕනෑතරම්. එහෙම පන්සල් අතරේ මේ වගේ දුෂ්කර ප්‍රදේශයක අවම පහසුකම්වත් නැති ආරණ්‍ය වල ඉන්න ස්වාමීන් වහන්සේලා මෙහෙණින් වහන්සේලා ගෙවන දුෂ්කර ජීවිත ගැන මොහොතක් අපි සිතා බැලිය යුතු වනවා. දාන වේල් වැඩියෙනුත් ලැබෙන පන්සල් අතරේ එක දාන වේලක්වත් නොලැබෙන මේ වගේ පන්සලුත් තියෙන බව බෞද්ධ ඔබ අප අවබෝධ කරගත යුතුයි. එවන් පූජනීය ස්ථාන වෙත අපට කළ හැකි යමක් වේ නම් එය හැකි පමණින් ඉටු කිරීම බෞද්ධ ඔබේත් මගේත් යුතුකමක්ද වනවා.

ඔක්කම්පිටියෙ තියෙන මේ පුංචි ආරණ්‍යයේ ඉන්න මේ මෙහෙණින් වහන්සේට වයස අවුරුදු අනූවකටත් ආසන්න වෙනවා. කටුමැටි වලින් සාදපු ටකරං සෙවිළි කළ ඇති මේ කුඩා ආරණ්‍යයේ ඇතුළත කිසිම පහසුකමක් නැහැ. මාළිගා වගේ ඉදිවෙන පන්සල් අතරේ මේ ආරණ්‍ය මොනතරම් අසරණ තත්වයකද තියෙන්නෙ කියලා ඇතුළත දකින ඔබට වැටහේවි. දෑස් පෙනුනා නම් ඇවිදින්න හැකි වූවා නම් මේ ඕනෑම දුකක් දරා ගනිමින් මොනයම් හෝ දෙයක් කරන්නට මේ මෙහෙණින් වහන්සේට හැකි වෙන්නට තිබුණා. ඒත් දැන් එසේ කරන්නට හැකියාවක් නැහැ. මෙහි උපස්ථාන කටයුතු වෙනුවෙන් ඉන්න නැන්දාගේ සහයෝගයෙන් මිස තනිව කිසිවක් කරගන්න මේ මෙහෙණින් වහන්සේට පුලුවන් කමක් නැහැ.

ඇතුළට ගිය පසු අපි දැකපු ඒ අඩුපාඩු සියල්ල ඔබේ දායකත්වයෙන් සම්පූර්ණ කරන්න ගත්ත පියවර අති සාර්ථක උනා. මේ මෙහෙණින් වහන්සේ වෙනුවෙන් දායක උන ඔබ සැම නිසා අපි තෝරාගත් සියළුම භාණ්ඩ මෙම ආරණ්‍යට පූජා කරන්න අපිට හැකි උනා. මෑණියන්ට සැතපීමට ඇඳක් හා මෙට්ටයක්ද, භාණ්ඩ තැම්පත් කිරීමට රාක්කයක්ද, දානය සකස් කරගැනීමට අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය පාර්සලයක්ද, ඇඳ ඇතිරිලි, පොරෝන, කොට්ට, කොට්ට උර, තුවා, මදුරු දැලක් ආදියද රාත්‍රී කාලයේදී ආරක්ෂාව පිණිස චාර්ජ් කළ හැකි විදුලි පන්දමක්ද, වතුර පුරවා තැබිය හැකි බකට් එකක් සහ සිවුරු ආදිය දමා තැබිය හැකි බාස්කට් එකක්ද, උණු වතුර බෝතලයක්ද සමඟ රෝද පුටුවක්ද යනාදී සියල්ලම පරිත්‍යාග කරනු ලැබුවා. කිසිදු පහසුකමක් නැතිව තිබුණ මේ ආරණ්‍යට මෙවන් පරිත්‍යාගයක් ලැබීම එහි උපස්ථාන කටයුතු සිදු කරන නැන්දාට බොහෝම සතුට ගෙන දෙන්නක් උනා. ඒ සියල්ල කිසිදින දායක පින්වතුන්ගෙන් ඉල්ලන්නට වත් නොගිය මේ මෙහෙණින් වහන්සේ සහ නැන්දනිය හැකි පමණින් මෙතෙක් කළක් එහි වාසය කලා. දැන් ඔවුන්ගේ සිත් වලට කෙතරම් නම් සතුටක් දැනෙනවා ඇතිද. තිබෙන පන්සල්ම දියුණු කරන්නට උත්සහ කරනවාට වඩා පහසුකම් කියා කියන්නටවත් දෙයක් නැති මෙවැනි පන්සල් දියුණු කිරීම කෙතරම් වටිනවාද යන්න ඔබට වැටහෙනවා ඇති. ඔබ සැම සිදුකළ මේ පරිත්‍යාගය ගැන මෙහෙණින් වහන්සේත් උපස්ථාන කටයුතු සිදුකරන නැන්දාත් බොහෝ සේ සතුටුව ඔබ සැමට පිං දුන්නා ආශිර්වාද කරා. ඒ පිං අයිති ඔයාලා හැමෝටමයි.

මේ උතුම් කටයුත්ත වෙනුවෙන් අප හා එක්ව දායකත්වය දැක්වූ බොහෝ මිතුරන් පිරිසක් සිටිනවා. ඔබ සැම මෙසේ දායක වූයේ උතුම් බුද්ධ ශාසනය රැක ගැනීමෙහිලා පැවිදි දිවි පෙවතකට එළඹ රෝගී තත්ව හමුවේ දුෂ්කර පැවිදි ජීවිතයක් ගෙවන්නට සිදු වූ මෙහෙණින් වහන්සේනමක් හටයි. එවන් උතුම් කුසලයක් සිදු කර ඔබ සැම රැස් කරගත්තාවූ පිනෙහි බලයෙන් මෙයට දායක වූ ඔබ සැමටත් ඔබේ පවුලේ සෑම සියළු දෙනා හටත් නිදුක් නීරෝගී සුවය උදා වේවා…. යම් කාය චිත්ත පීඩාවක් වේ නම් ඒ සියල්ල දියෙහි ඇඳි ඉරක් සේ පහව යේවා… කිසිදු රෝගාබාධයකට ගොදුරු නොවේවා… කරන කියන යම් කටයුත්තක් වේ නම් ඒ සියල්ලක්මද රැකී රක්ෂා කටයුතුද අධ්‍යාපන කටයුතුද සියල්ලක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා…. යම් උතුම් බලාපොරොත්තු ඔබ සැමගේ සිත් තුළ වේ නම් ඒ සියල්ල මුදුන්පත් කර ගැනීමට අවැසි ශක්තිය ධෛර්යය වාසනාව උදා වේවා…. මෙවන් කුසල් තව බොහෝ සේ රැස් කරගනිමින් අවසානයේ උතුම් වූ නිර්වාණාවබෝධය ලැබීමටද මෙම කුසලය හේතු වේවා….

මේ පිංකමට මගේ සහෝදරයා Manoj Prasanna ශ්‍රම දායකත්වය දැක්වූවා.

Location : ඔක්කම්පිටිය, මොණරාගල
Post Date : 2017 September 24
Project Code : 2017-MON-0053
Project Status : Completed
Completed Date 2017 September 24

උදව්කල ෆේස්බුක් මිතුරු මිතුරියෝ : https://m.facebook.com/story.php?story_fbid=1425691077468231&id=100000820578834

මතු සම්බන්ධයි…
ඡායාරූප බලාපොරොත්තු වන්න…

සෙනෙහෙබර වදන් පෙළගැස්ම – Nimasha Sewwandi

An idea by Danesh Maduranga Edirisooriya & Danesh Maduranga Edirisooriya II
Project of SamajaSathkara.lk

වයෝවෘද්ධ මෙහෙණින් වහන්සේ නමකට සුපිරිසිදු ජලය පූජා කළ පින්වත් මිතුරෝ – දිවා රෑ පිං වැඩෙන පිංකම් 2017 (Project Water – Water for Temples) Part 03

වයෝවෘද්ධ මෙහෙණින් වහන්සේ නමකට සුපිරිසිදු ජලය පූජා කළ පින්වත් මිතුරෝ – දිවා රෑ පිං වැඩෙන පිංකම් 2017 (Project Water – Water for Temples) Part 03

ඔබට මතක ඇති ආරණ්‍යක වැඩ සිටින වයෝවෘද්ධ මෙහෙණින් වහන්සේනමක් පිළිබඳව මීට පෙර අප සඳහන් කළා. ඔක්කම්පිටිය ප්‍රදේශයේ සිදු කළ ගැබිනි මව්වරුන්ගේ ව්‍යාපෘතියේදී දැනගන්නට ලැබුන තොරතුරක් අනුව අපි උන්වහන්සේ බැහැදකින්න ගියා. මතකද ඔබට අප සඳහන් කළා මේ මෙහෙණින් වහන්සේ සිටින ආරණ්‍යයේ අවම පහසුකම්වත් නොමැති බව. එම ආරණ්‍යයේ නොතිබූ පහසුකම් සපුරාලීමට හැකි නම් ඉතා අගනා බව සිතුණ නිසාම ඒ පිළිබඳව දැනුම් දුන් වහාම ඒ වෙනුවෙන් අපි එක්ක ෆේස්බුක් මිතුරෝ ගොඩක් එකතු උනා. ඒ සියල්ල ලබා දුන් අපට ඉන්පසුව නෙත ගැටුන කරුණක් වූයේ මෙම ආරණ්‍යට භාවිතය වෙනුවෙන් ජලය නොමැති බව විශාල අඩුපාඩුවක් බවයි.

මේ ආරණ්‍ය තියෙන්නේ බොහොම දුෂ්කර මඟක නිසා ජලනල පහසුකම් නැහැ. මෙහෙණින් වහන්සේගේ ඇස් පෙනෙන්නෙත් නැහැ ඇවිදින්නත් බැහැ. ඉතින් පිරිසිදු කිරීම් කටයුතු කරන්න කෙනෙක් වෙනම ළඟ ඉන්න ඕනමයි. අනූ වැනි වියටත් කිට්ටු මේ මෙහෙණින් වහන්සේහට උපස්ථාන කරන්න නැන්දා කෙනෙක් ආරණ්‍යයේ ඉන්නවා. ඒත් අවශ්‍ය පහසුකම් මෙහි නැහැ. එක තැන ඉන්න කෙනෙක්ව ගොඩාක් පිරිසිදුව තියාගන්න ඕන. ඒත් හරිහැටි බොන්නවත් වතුර ටිකක් නැති තැනක එහෙම කෙනෙක් බලාගන්න එක මොනතරම් අපහසු දෙයක්ද කියලා ඔබට වැටහෙනවා ඇති. මෙහෙණින් වහන්සේහට උපස්ථාන කරන්න ඉන්න මේ නැන්දා බොහෝ දුරක් ගිහිනුයි අත්‍යාවශ්‍ය කටයුතු වලට ඕන කරන වතුර අරන් එන්නේ. ඒ වෙනුවෙන් ඇයට ගොඩක් වෙහෙසෙන්නත් සිද්ද වෙනවා. පවුලක් රකිනවා හා සමානව කිසිම ලාභ ප්‍රයෝජනයක් නොතකා මේ මෙහෙණින් වහන්සේ වෙනුවෙන් ඇප කැප වී උපස්ථාන කරන මැය සැබැවින්ම අගය කළ යුතුයි. ඇගේ පිහිට නොලබන්නට මේ වයෝවෘද්ධ මෙහෙණින් වහන්සේ සිටිය හැකි තත්වය ගැන සිතාගන්නවත් බැරි වේවි. දෑස් නොපෙනී ඇවිදින්නට බැරි කෙනෙක් හට තමන්ගේ කිසිදු කටයුත්තක් නිසියාකාරව කරගන්න බැරි බව ඔබට පැහැදිලි කළ යුතු නැහැ. ඉතින් මේ මෙහෙණින් වහන්සේට අත්‍යාවශ්‍යයම වන ජල පහසුකම නළ මාර්ග ඔස්සේ ආරණ්‍යටම ලබා දීමට අප කටයුතු සූදානම් කළා.

මේ වෙනුවෙන් දායකත්වය දක්වපු ෆේස්බුක් මිතුරන්ගේ සහයෝගය හේතුවෙන් මෙම මෙහෙණි ආරණ්‍යට පැය කිහිපයක් ඇතුලත නව ජල නල පද්ධතියක් මෙන්ම ජල ටැංකියක්ද පරිත්‍යාග කරන්නට අවස්ථාව ලැබුණා. ජල ටැංකිය ලබා දීමට එහි ගිය මොහොතේ පටන් නැවත එනතුරුම මේ පුන්‍යකර්මයට දායක වූ හැම කෙනෙක්ටම බොහෝ සේ පිං දුන්නා. කාලයක් පුරාවට බොහෝ දුරක් වතුර හොයාගෙන ගියත් දැන් මේ ආරණ්‍යට ජල පහසුකම ලැබී තියෙනවා. ඒ ගැන මේ මෙහෙණින් වහන්සේගේත් උන්වහන්සේහට උපස්ථාන කරන නැනදගේත් හිත්වල ඇති උන සතුට පිට උනේ අප්‍රමාණ ලෙස පිං දීමෙන්.

ලංකාව පුරා දවසින් දවස අළුත් ඉදි කිරීම් අලංකරණය කිරීම් එක්ක පන්සල් අළුත් වැඩියා වෙනවා. එකම දවසේ එකම දාන වේලට දායකයෝ දෙතුන් දෙනා භාර අරන් ඉන්න තරමට දානය පූජා කරන්න දායකයෝ ඔනෑතරම්. එහෙම පන්සල් අතරේ මේ වගේ දුෂ්කර ප්‍රදේශයක අවම පහසුකම්වත් නැති ආරණ්‍ය වල ඉන්න ස්වාමීන් වහන්සේලා මෙහෙණින් වහන්සේලා ගෙවන දුෂ්කර ජීවිත ගැන මොහොතක් අපි සිතා බැලිය යුතු වනවා. දාන වේල් වැඩියෙනුත් ලැබෙන පන්සල් අතරේ එක දාන වේලක්වත් නොලැබෙන මේ වගේ පන්සලුත් තියෙන බව බෞද්ධ ඔබ අප අවබෝධ කරගත යුතුයි. එවන් පූජනීය ස්ථාන වෙත අපට කළ හැකි යමක් වේ නම් එය හැකි පමණින් ඉටු කිරීම බෞද්ධ ඔබේත් මගේත් යුතුකමක්ද වනවා.

මේ උතුම් කටයුත්ත වෙනුවෙන් අප හා එක්ව දායකත්වය දැක්වූ බොහෝ මිතුරන් පිරිසක් සිටිනවා. ඔබ සැම මෙසේ දායක වූයේ උතුම් බුද්ධ ශාසනය රැක ගැනීමෙහිලා පැවිදි දිවි පෙවතකට එළඹ රෝගී තත්ව හමුවේ දුෂ්කර පැවිදි ජීවිතයක් ගෙවන්නට සිදු වූ මෙහෙණින් වහන්සේනමක් හටයි. එවන් උතුම් කුසලයක් සිදු කර ඔබ සැම රැස් කරගත්තාවූ පිනෙහි බලයෙන් මෙයට දායක වූ ඔබ සැමටත් ඔබේ පවුලේ සෑම සියළු දෙනා හටත් නිදුක් නීරෝගී සුවය උදා වේවා…. රෝගීව සිටින මෙහෙණින් වහන්‍සේ හට පිරිසිදු පානිය ජලය ලබා ගැනීමට දායක වූ පිනෙන් ඔබ සැමට යම් කාය චිත්ත පීඩාවක් වේ නම් ඒ සියල්ල දියෙහි ඇඳි ඉරක් සේ පහව යේවා… කිසිදු රෝගාබාධයකට ගොදුරු නොවේවා… කරන කියන යම් කටයුත්තක් වේ නම් ඒ සියල්ලක්මද රැකී රක්ෂා කටයුතුද අධ්‍යාපන කටයුතුද සියල්ලක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා…. යම් උතුම් බලාපොරොත්තු ඔබ සැමගේ සිත් තුළ වේ නම් ඒ සියල්ල මුදුන්පත් කර ගැනීමට අවැසි ශක්තිය ධෛර්යය වාසනාව උදා වේවා…. මෙවන් කුසල් තව බොහෝ සේ රැස් කරගනිමින් අවසානයේ උතුම් වූ නිර්වාණාවබෝධය ලැබීමටද මෙම කුසලය හේතු වේවා….

මේ පිංකමට මාගේ සොහොයුරා Manoj Prasanna ශ්‍රම දායකත්වය දැක්වූවා.

සෙනෙහෙබර වදන් පෙළගැස්ම – Nimasha Sewwandi

Location : ඔක්කම්පිටිය, මොණරාගල
Post Date : 2017 September 24
Project Code : 2017-MON-0054
Project Status : Completed
Completed Date 2017 September 24

උදව්කල ෆේස්බුක් මිතුරු මිතුරියෝ : https://m.facebook.com/story.php?story_fbid=1425824444121561&id=100000820578834

© සමාජසත්කාර.lk | www.Samajasathkara.lk

Editing, reproducing and re-using these images for commercial purposes or otherwise, without permission of Samajasathkara.lk, are strictly prohibited and considered as intended copyrights infringement.

Photograph used for promotional purposes only!

Project Water – Water for Temples

An idea by Danesh Maduranga Edirisooriya & Danesh Maduranga Edirisooriya II
Project of SamajaSathkara.lk

වයෝවෘද්ධ මෙහෙණින් වහන්සේ නමකට සුවබර දිවියක් උදාකර දුන් පින්වත් මිතුරෝ (Part 03 මෙහෙණින් වහන්සේගේ ආශිර්වාදය)

වයෝවෘද්ධ මෙහෙණින් වහන්සේ නමකට සුවබර දිවියක් උදාකර දුන් පින්වත් මිතුරෝ (Part 03 මෙහෙණින් වහන්සේගේ ආශිර්වාදය)

ඔබට මතක ඇති ආරණ්‍යක වැඩ සිටින වයෝවෘද්ධ මෙහෙණින් වහන්සේනමක් පිළිබඳව මීට පෙර අප සඳහන් කළා. ඔක්කම්පිටිය ප්‍රදේශයේ සිදු කළ ගැබිනි මව්වරුන්ගේ ව්‍යාපෘතියේදී දැනගන්නට ලැබුන තොරතුරක් අනුව අපි උන්වහන්සේ බැහැදකින්න ගියා. මතකද ඔබට අප සඳහන් කළා මේ මෙහෙණින් වහන්සේ සිටින ආරණ්‍යයේ අවම පහසුකම්වත් නොමැති බව. එම ආරණ්‍යයේ නොතිබූ පහසුකම් සපුරාලීමට හැකි නම් ඉතා අගනා බව සිතුණ නිසාම ඒ පිළිබඳව දැනුම් දුන් වහාම ඒ වෙනුවෙන් අපි එක්ක ෆේස්බුක් මිතුරෝ ගොඩක් එකතු උනා.

ලංකාව පුරා දවසින් දවස අළුත් ඉදි කිරීම් අලංකරණය කිරීම් එක්ක පන්සල් අළුත් වැඩියා වෙනවා. එකම දවසේ එකම දාන වේලට දායකයෝ දෙතුන් දෙනා භාර අරන් ඉන්න තරමට දානය පූජා කරන්න දායකයෝ ඕනෑතරම්. එහෙම පන්සල් අතරේ මේ වගේ දුෂ්කර ප්‍රදේශයක අවම පහසුකම්වත් නැති ආරණ්‍ය වල ඉන්න ස්වාමීන් වහන්සේලා මෙහෙණින් වහන්සේලා ගෙවන දුෂ්කර ජීවිත ගැන මොහොතක් අපි සිතා බැලිය යුතු වනවා. දාන වේල් වැඩියෙනුත් ලැබෙන පන්සල් අතරේ එක දාන වේලක්වත් නොලැබෙන මේ වගේ පන්සලුත් තියෙන බව බෞද්ධ ඔබ අප අවබෝධ කරගත යුතුයි. එවන් පූජනීය ස්ථාන වෙත අපට කළ හැකි යමක් වේ නම් එය හැකි පමණින් ඉටු කිරීම බෞද්ධ ඔබේත් මගේත් යුතුකමක්ද වනවා.

ඔක්කම්පිටියෙ තියෙන මේ පුංචි ආරණ්‍යයේ ඉන්න මේ මෙහෙණින් වහන්සේට වයස අවුරුදු අනූවකටත් ආසන්න වෙනවා. කටුමැටි වලින් සාදපු ටකරං සෙවිළි කළ ඇති මේ කුඩා ආරණ්‍යයේ ඇතුළත කිසිම පහසුකමක් නැහැ. මාළිගා වගේ ඉදිවෙන පන්සල් අතරේ මේ ආරණ්‍ය මොනතරම් අසරණ තත්වයකද තියෙන්නෙ කියලා ඇතුළත දකින ඔබට වැටහේවි. දෑස් පෙනුනා නම් ඇවිදින්න හැකි වූවා නම් මේ ඕනෑම දුකක් දරා ගනිමින් මොනයම් හෝ දෙයක් කරන්නට මේ මෙහෙණින් වහන්සේට හැකි වෙන්නට තිබුණා. ඒත් දැන් එසේ කරන්නට හැකියාවක් නැහැ. මෙහි උපස්ථාන කටයුතු වෙනුවෙන් ඉන්න නැන්දාගේ සහයෝගයෙන් මිස තනිව කිසිවක් කරගන්න මේ මෙහෙණින් වහන්සේට පුලුවන් කමක් නැහැ.

ඇතුළට ගිය පසු අපි දැකපු ඒ අඩුපාඩු සියල්ල ඔබේ දායකත්වයෙන් සම්පූර්ණ කරන්න ගත්ත පියවර අති සාර්ථක උනා. මේ මෙහෙණින් වහන්සේ වෙනුවෙන් දායක උන ඔබ සැම නිසා අපි තෝරාගත් සියළුම භාණ්ඩ මෙම ආරණ්‍යට පූජා කරන්න අපිට හැකි උනා. මෑණියන්ට සැතපීමට ඇඳක් හා මෙට්ටයක්ද, භාණ්ඩ තැම්පත් කිරීමට රාක්කයක්ද, දානය සකස් කරගැනීමට අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය පාර්සලයක්ද, ඇඳ ඇතිරිලි, පොරෝන, කොට්ට, කොට්ට උර, තුවා, මදුරු දැලක් ආදියද රාත්‍රී කාලයේදී ආරක්ෂාව පිණිස චාර්ජ් කළ හැකි විදුලි පන්දමක්ද, වතුර පුරවා තැබිය හැකි බකට් එකක් සහ සිවුරු ආදිය දමා තැබිය හැකි බාස්කට් එකක්ද, උණු වතුර බෝතලයක්ද සමඟ රෝද පුටුවක්ද යනාදී සියල්ලම පරිත්‍යාග කරනු ලැබුවා. කිසිදු පහසුකමක් නැතිව තිබුණ මේ ආරණ්‍යට මෙවන් පරිත්‍යාගයක් ලැබීම එහි උපස්ථාන කටයුතු සිදු කරන නැන්දාට බොහෝම සතුට ගෙන දෙන්නක් උනා. ඒ සියල්ල කිසිදින දායක පින්වතුන්ගෙන් ඉල්ලන්නට වත් නොගිය මේ මෙහෙණින් වහන්සේ සහ නැන්දනිය හැකි පමණින් මෙතෙක් කළක් එහි වාසය කලා. දැන් ඔවුන්ගේ සිත් වලට කෙතරම් නම් සතුටක් දැනෙනවා ඇතිද. තිබෙන පන්සල්ම දියුණු කරන්නට උත්සහ කරනවාට වඩා පහසුකම් කියා කියන්නටවත් දෙයක් නැති මෙවැනි පන්සල් දියුණු කිරීම කෙතරම් වටිනවාද යන්න ඔබට වැටහෙනවා ඇති. ඔබ සැම සිදුකළ මේ පරිත්‍යාගය ගැන මෙහෙණින් වහන්සේත් උපස්ථාන කටයුතු සිදුකරන නැන්දාත් බොහෝ සේ සතුටුව ඔබ සැමට පිං දුන්නා ආශිර්වාද කරා. ඒ පිං අයිති ඔයාලා හැමෝටමයි.

මේ උතුම් කටයුත්ත වෙනුවෙන් අප හා එක්ව දායකත්වය දැක්වූ බොහෝ මිතුරන් පිරිසක් සිටිනවා. ඔබ සැම මෙසේ දායක වූයේ උතුම් බුද්ධ ශාසනය රැක ගැනීමෙහිලා පැවිදි දිවි පෙවතකට එළඹ රෝගී තත්ව හමුවේ දුෂ්කර පැවිදි ජීවිතයක් ගෙවන්නට සිදු වූ මෙහෙණින් වහන්සේනමක් හටයි. එවන් උතුම් කුසලයක් සිදු කර ඔබ සැම රැස් කරගත්තාවූ පිනෙහි බලයෙන් මෙයට දායක වූ ඔබ සැමටත් ඔබේ පවුලේ සෑම සියළු දෙනා හටත් නිදුක් නීරෝගී සුවය උදා වේවා…. යම් කාය චිත්ත පීඩාවක් වේ නම් ඒ සියල්ල දියෙහි ඇඳි ඉරක් සේ පහව යේවා… කිසිදු රෝගාබාධයකට ගොදුරු නොවේවා… කරන කියන යම් කටයුත්තක් වේ නම් ඒ සියල්ලක්මද රැකී රක්ෂා කටයුතුද අධ්‍යාපන කටයුතුද සියල්ලක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා…. යම් උතුම් බලාපොරොත්තු ඔබ සැමගේ සිත් තුළ වේ නම් ඒ සියල්ල මුදුන්පත් කර ගැනීමට අවැසි ශක්තිය ධෛර්යය වාසනාව උදා වේවා…. මෙවන් කුසල් තව බොහෝ සේ රැස් කරගනිමින් අවසානයේ උතුම් වූ නිර්වාණාවබෝධය ලැබීමටද මෙම කුසලය හේතු වේවා….

මේ පිංකමට මගේ සහෝදරයා Manoj Prasanna ශ්‍රම දායකත්වය දැක්වූවා.

Location : ඔක්කම්පිටිය, මොණරාගල
Post Date : 2017 September 24
Project Code : 2017-MON-0053
Project Status : Completed
Completed Date 2017 September 24

උදව්කල ෆේස්බුක් මිතුරු මිතුරියෝ : https://m.facebook.com/story.php?story_fbid=1425691077468231&id=100000820578834

මතු සම්බන්ධයි…
වීඩියෝ බලාපොරොත්තු වන්න…

සෙනෙහෙබර වදන් පෙළගැස්ම – Nimasha Sewwandi

An idea by Danesh Maduranga Edirisooriya & Danesh Maduranga Edirisooriya II
Project of SamajaSathkara.lk

මෙහෙණි ආරාමයකට වතුර ටැංකියක් පරිත්‍යාග කෙරූ ෆේස්බුක් මිතුරා – Project Water

මෙහෙණි ආරාමයකට වතුර ටැංකියක් පරිත්‍යාග කෙරූ ෆේස්බුක් මිතුරා – Project Water

දෙහිඅත්තකණ්ඩියේ, සමනල තැන්න පිහිටි මෙම මෙහෙණි ආරාමයට ජල ටැංකියක් පරිත්‍යාග කරමින් උපන්දිනය බොහෝමත්ම අර්ථාන්විත ලෙස සැමරීමට Samitha Senevirathne මිතුරා කටයුතු කළා. උපන්දිනය සැමරීමට සාදයකට වඩා වටින්නේ මෙවන් උතුම් පරිත්‍යාගයන් බව බොහෝම හොඳින් අවබෝධ කොට ගත් ඔහු විසින් මෙසේ ඔහුගේ දායකත්වය දක්වමින් අති දුෂ්කර ප්‍රදේශයක පිහිටි මෙහෙණි ආරාමයට මෙම පරිත්‍යාගය සිදු කළා. මෙහෙණින් වහන්සේලා හට මෙහි වටිනාකම කියා නිම කළ නොහැකි තරම්. දුෂ්කර ප්‍රදේශ වල ඉතාමත් අපහසුවෙන් ජල පහසුකම් සොයා ගන්නා මේ මෙහෙණින් වහන්සේලා මෙම ජීවිතයට හුරු වී සිටියත් ඒ දුෂ්කර බව යම් විටෙක පීඩාවක් බවටත් පත් වනවා. ජල පහසුකම් ලබා ගන්න තරම් දායකත්වයක් මෙම ආරාමයට නොලැබෙන නිසාවෙන්ම කළක පටන්ම මේ දුෂ්කරතාවන් මධ්‍යයේ වූවද ධර්මය ඇසුරු කරමින් මෙහි වෙසෙන්නට සිදු උනා. නමුත් මේ වන විට Samitha Senevirathne පිංවතාගේ නොමසුරු දායකත්වයෙන් මෙම මෙහෙණි ආරාමයට නව ජල ටැංකියක් ලැබුණා. අද පටන් පිරිසිදු පැන් පොදක සිහිළස ලබන්නට මේ මෙහෙණින් වහන්සේලාට හැකි වනවා.

ඔබ ඔබගේ උපන්දිනය වෙනුවෙන් වියදම් කරන මුදල ඔබටම ආයෝජනයක් වීමට නම් ඊට සුදුසුම ක්‍රමය මෙසේ උතුම් වූ වටිනා පරිත්‍යාගයන් සිදු කිරීමයි. එය යම් දිනෙක ඔබේ ජීවිතයට ආශිර්වාදයක්ම වන කිසිදා නිම නොවන ආයෝජනයක් වනවා. මෙසේ ඔක්තෝම්බර් මස 21 වන දිනට යෙදී තිබූ උපන්දිනය වෙනුවෙන් මෙහෙණි ආරාමයකට පිරිසිදු පානීය ජලය ලබා ගැනීම පිණිස ජල ටැංකියක් පරිත්‍යාග කර රැස් කරගත්තාවූ කුසලයේ ආනුභාවයෙන් ඔබට නිදුක් නීරෝගී සුවය ලැබේවා… කිසිදු කාය චිත්ත පීඩාවක් නොම වේවා…. සතුට සැනසුම සෞභාග්‍යය සපිරි අනාගතයක් උදා වේවා…. දීර්ඝායුෂ ලබත්වා…. අවසානයේ උතුම් වූ ධර්මාවබෝධය පිණිසද මෙම කුසලය හේතු වේවා….

ඔබට පින්වන්ත සුබ උපන්දිනයක් වේවා….

සෙනෙහෙබර වදන් පෙළගැස්ම – Nimasha Sewwandi

Birthday Inspire | Celebrate your Birthday with Samajasathkara.lk

Project Water | Water for Temples

An idea by Danesh Maduranga Edirisooriya & Danesh Maduranga Edirisooriya II
Project of SamajaSathkara.lk

මසකට දානේ වේල් 5ක් පමණක් ලැබෙන, කන්දක් මුදුනක පිහිටි, අඩුපහසුකම් සහිත මෙහෙණි ආරණ්‍යය | ක්ෂේත්‍ර චාරිකාව (Join Now)

මසකට දානේ වේල් 5ක් පමණක් ලැබෙන, කන්දක් මුදුනක පිහිටි, අඩුපහසුකම් සහිත මෙහෙණි ආරණ්‍යය | ක්ෂේත්‍ර චාරිකාව (Join Now)

මේ මෙහෙණි ආරණ්‍යය තියෙන්නේ පොතුහැර, අල්ගම ගමේ කන්දක් මුදුනක. මාසෙට දානේ වේල් 5ක් වගේ තමා ලැබෙන්නේ. ඒකත් බොහෝ වෙලාවට එළවළු වර්ග. ඉතිං වැඩි දවසක් කල් තියාගන්න බැහැ. වෙළඳසැලක් තියෙන්නෙත් කිලෝමීටර් 3-4ක් දුරින්. ඉතිං එළවළු සහ අනෙකුත් ආහාර කල්තියාගැනීමට ශීතකරණයක් තිබීම ඇත්තෙන්ම වටිනවා. මෑණීවරු මස් මාංස වළඳන්නෙත් නැහැ. මේ ආරණ්‍යයට ශීතකරණයක් පූජා කරන මේ මහත්පල මහානිසංස පිංකම අපි සතියකට උඩදි ආරම්භ කලා. නමුත් අද තමයි මට අවස්ථාව ලැබුණේ ආරණ්‍යයට යන්න.

අපි මුලින්ම ගිහින් පහල ආරණ්‍යයක වැඩ සිටින ලොකු මෑණීයෝ මුණගැසුනා. කකුලේ අස්ථි බිඳවැටීමක් නිසා මෑණීයෝ දැනට වැඩසිටින්නේ පහළ ආරණ්‍යයක. අපි තවත් මෙහෙණින් වහන්සේ නමක් සමඟ කන්දක් මුදුනක පිහිටි මේ අල්ගම කන්ද පුරාණ ගල්ලෙන් විහාරය (මෙහෙණි ආරණ්‍යය) බලන්න ගියා. වාහනය අපි කුඹුරක් මැද කිලෝමීටරයක් පමණ මෙහායින් නවත්වා පයින් තමා ගියේ. පඩිපෙළ 100කට වඩා ගලක් උඩට නගින්න වුණා අඩි 200ක් පමණ. දහවල් 2කට පමණ තමා අපි කන්ද නගින්න ආරම්භ කලේ. මේ විහාරය වළගම්බා රජ දවස ආරම්භ කල එකක්ලු. දැනට මෙහෙණින් වහන්සේලා දෙනමක් වැඩ ඉන්නා අතර තනියට නැන්දා කෙනෙක්ද සිටිනවාලු.

මිනිසුන් මේ ආරණ්‍යයට දානේ නොගෙන එන එක හිතාගන්න පුලුවන්. ඒ තරමටම අපහසුයි මෙයට ලඟා වෙන එක. අනික සමහර අවස්ථාවලදී කෙනෙක්ට තනියම එන්නත් බෑ රිලව්ගෙන් කරදර වෙනවලු. අද දහවල් මම සජීවීව ෆේස්බුක් ඔස්සේ වීඩියෝ පෙන්වූවේ මේ පන්සලේ තමයි.

අපි තව ටික දවසකින් මේ පන්සලට ශීතකරණයක් අරන් එනවා පූජා කරන්න. නමුත් ලේසි වෙන එකක් නැහැ එය කන්ද මුදුනට ගේන එක. බෑ කියලා දෙයක් නෑනේ. මං උත්සාහ කරනවා.

ඒත් එක්කම 2016-2017 වසර සඳහා දානය භාරගන්නත් ඔබට අවස්ථාව සලසා දෙන්නයි දැන් සූදානම් වෙන්නේ. අපිට දානේ ගිහින් දෙන්න හැමෝටම යන්න අවස්ථාවක් නැහැ. එම නිසා මම හිතුවා මාසෙකට දානේ වේල් ප්‍රමාණයට යන වියදම් දැනට අවුරුද්දක් දක්වා විහාරයේ දායක සභාවේ ගිණුමට බැර කරන්න අවස්ථාව හදන්න. එවිට ඕනෑම රටක සිට ඔබට මේ මහඟු පිංකමට දායක වෙන්න පුලුවන්.

දිනක් සඳහා වියදම : රු.215
සතියක් සඳහා යන වියදම : රු.1,500
මාසයක් සඳහා වියදම : රු.6,000

සති – 48 (මාස 12/දින 365)

උපරිම එක් අයෙක් මාසයක් භාරගන්න පුලුවන්. කමෙන්ට් කර පහත ගිණුමට මුදල් බැරකරන්න කාරුණික වන්න. හැකිනම් පන්සලට ගොස් දානය ලබාදෙන්න ඔබට පුලුවන්.

ගිණුම් හිමියාගේ නම : M/S Ekamuthu Viharastha
ගිණුම් අංකය : 4307642
බැංකුව සහ ශාඛාව : BOC පොතුහැර

ලොකු මෙහෙණින් වහන්සේගේ අංකය : 0783163243

Location : අල්ගම කන්ද පුරාණ ගල්ලෙන් රජමහා විහාරය, අල්ගම, පොතුහැර
Status : Personally Visited & Verified

Algama Kanda Ancient Cave Temple lies in the District of Kurunegala in the village of Algama. Although this cave temple has not caught the public eye, it has been found that this temple goes back to the time of King Walagamba (89-77 BC) and probably built by him.

The king Walagamba (aka Vattagamini Abaya) spent 14 years in exile hiding from South Indian invaders before he finally manage to chase them away them.

During this time he took refuge in number of caves through out the country hiding from spies and gathering forces to defeat the invaders. After he re instated himself as the rightful king of the country, it is said that he built cave temples in every cave he took refuge during his exile.

Archaeology department has found that this temple shows work during the periods of Walagamba (89-77 BC), Kithsiri Mevan (303-311) and Kandyan periods. About 200 feet above the cave temple is a rock and a tunnel has been in existence between the cave temple and this rock. But with time, it has been sealed off. It is said that this rock has been used as a watch point the king.

A rock inscription in Kothmale Viharaya states Theraputthabaya thero who was one of the 10 worriers of the King Dutugemunu (161-131 BC) lived in this temple after he joined the monkhood. One of the rock caves shows inscriptions written is siam (Thai) language. It is believed that this cave was used by a siamese priest who traveled to Sri Lanka with Upali Maha Thero, who brought upasampada from Siam (now Thailand) to form the Siam Nikkaya during the reign of King Kirti Sri Rajasinghe (1747 – 1781).

Primary Source : Budusarana

Reported by Damayanthi Amarakoon

An idea by Danesh Maduranga Edirisooriya
Project of Samajasathkara.lk

ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ ආසිරි ශල්‍ය රෝහලට ඇතුලත් කලා (ප්‍රාර්ථනා Fund Project 05 – Day 01 – සවස)

ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ ආසිරි ශල්‍ය රෝහලට ඇතුලත් කලා (ප්‍රාර්ථනා Fund Project 05 – Day 01 – සවස)

හෘද රෝගයක් හේතුවෙන් දැඩිලෙස ගිලන්ව සිටින පිංවත් ආරණ්‍යවාසී ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ අද දහවල් 2ට ආසිරි ශල්‍ය රෝහලට බයිපාස් සැත්කමක් සිදුකිරීම සඳහා ඇතුලත් කිරීම සිදුකලා.

සවස 4.15ට පමණ තමයි උන්වහන්සේට කාමරයක් ලැබුණේ. තවත් පරීක්ෂණ කිහිපයක් සිදුකරන්නට සිදුවෙන බව වාට්ටුව භාර වෛද්‍යවරයා පැවසුවා. එමනිසා තවමත් සැත්කම සිදුකරන දිනයක් දැනුම් දීමක් කලේ නැහැ. පළවෙනි දින 3 ඇතුලත ICU එකෙහි සිටින නිසා උපස්ථානය සඳහා ලඟ සිටීමටවත් බලන්න යන්නවත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.

හෙට දිනයේදී එකම වෙලාවක B+ (බී පොසිටිව්) රුධිරය 4 දෙනෙක්ගෙන් අවශ්‍ය බව වෛද්‍යවරයා පැවසුවා. හෙට දිනයේ උදෑසන 9.30ට ආසිරි ශල්‍ය රෝහලට පැමිණිය හැකි අය කරුණාකර 0703366488 අංකයට මා හට දැනුම් දෙන්න කාරුණික වන්න.

උන්වහන්සේට වැඳ නමස්කාර කර මා කොළඹ නතර වී සිටින ස්ථානයට එන්න පිටත් වුනේ පැයක් හෝ ගිමන් හැර නැවතත් රාත්‍රීයේ උන්වහන්සේ බැහැදැකීමට පැමිණෙන බවට පොරොන්දු වෙමිනි.

ඔබ වහන්සේගේ සියලු රෝගයන් ද සියලු ශෝකයන් ද සියලු උවදුරු ද, සියලු දුක්‌ දොම්නස්‌ ද දුරුවේවා.

හදවත් සැත්මක සාර්ථක වේවා…

ඔබ වහන්සේගේ සියලු පැතුම් ඉටුවේවා.
දීර්ඝායුෂ ලබා සියවසක්‌ ජීවත්වීමේ වාසනාව
උදාවේවා. තෙරුවණ් සරණයි…

An idea by Danesh Maduranga Edirisooriya
Project of SamajaSathkara.lk