loader image
Select Page
දඹදිව වන්දනාව

දඹදිව වන්දනාව

උතුම් වූ අප සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ පාද ස්පර්ශය ලැබූ ඒ දඹදිව වන්දනාමාන කරමින් අද අපි කුෂිනාරානුවර පිහිටි පිරිනිවන් මංචකය, ආදාහන චෛත්‍ය වන්දනාමාන කරන්නට වූවා. එහිදී අප විසින් සම්බුදු රජාණන්වහන්සේගේ පිරිනිවන් මංචකය උදෙසා සිවුරු පිරිකර, විසිතුරු නෙලුම් මල්, ඕලු මල්, කොඩි, පිච්ච මල් කොට්ට ආදිය පූජා කරනු ලැබුවා. අනතුරුව මහත් වූ භක්තියෙන් ඒ උත්තම මුණි සිරිපා වන්දනා මාන කර ගත්තා.

මා විසින් සිදු කර ගත්තා වූ මේ කුසලයන් සියලු දෙනා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනා පහන් සිතින් යුතුව චිත්තප්‍රීතියට පත් වේවා. තෙරුවන් සරණයි.

Follow Danesh Maduranga Edirisooriya

Ashi De Zilva මිතුරියගේ උපන්දිනය වෙනුවෙන් පිරිකර පූජා (Part 02)

Ashi De Zilva මිතුරියගේ උපන්දිනය වෙනුවෙන් පිරිකර පූජා (Part 02)

අප්‍රේල් දෙවෙනි දින තිබු ආශි ෆේස්බුක් මිතුරියගේ උපන්දිනය වෙනුවෙන් ඇය මාවෙත ලබා දුන් සිවුරු පිරිකරක්, කුඩයක්, බඳ පටියක් සහ කරඬුන් වහන්සේලා තැන්පත් කිරීමට භාවිතා කරන නෙළුම් මලක් මා විසින් බදුල්ල, රොක් හිල්හි ශ්‍රී ධම්මාරාම විහාරස්ථානයේ නායක ස්වාමීන්වහන්සේට පූජා කලා. ඒත් සමඟම තවත් සිවුරු පිරිකරක්, කුඩයක් සහ බඳ පටියක් පන්සලේ විහාරවාසී ස්වාමීන්වහන්සේ නමකට පන්සලට පැමිණ සිටි අසරණ ආච්චී කෙනෙක් මඟින් පූජා කෙරෙව්වා. ආච්චීට උතුම් පිංකමකට සහභාගී වෙන්න ලැබුනේ ඔබගේ කරුණාව නිසයි. ඔබට බොහොම පිං….

වැඩි විස්තර සහ ඡායාරූප බලාපොරොත්තු වන්න…

An idea by Danesh Maduranga Edirisooriya
Project of SamajaSathkara.lk

විවාහ සංවත්සරය සහ සැමියාගේ උපන්දිනය අර්ථවත් ලෙස සැමරූ ආදර්ශමත් බිරිඳක් – සිවුරු පූජා කිරීම (Part 02)

විවාහ සංවත්සරය සහ සැමියාගේ උපන්දිනය අර්ථවත් ලෙස සැමරූ ආදර්ශමත් බිරිඳක් – සිවුරු පූජා කිරීම (Part 02)

ෆේස්බුක් හරහා හමු වූ Chamila අක්කා විසින් ඇගේ ආදරණීය සැමියා වන Randil අයියාගේ උපන්දිනය සහ ඔවුන් දෙපළගේ විවාහ සංවත්සරය බොහෝමත්ම අර්ථාන්විත ලෙස සැමරුවා. සොඳුරු සැමරුම් දෙකම වෙනුවෙන් පිංකම් කිහිපයක් සිදුකලා. එයින් එකක් තමයි ස්වාමීන්වහන්සේ නමක් උදෙසා සිවුරක්, අඳනයක් හා බද පටියක් පූජා කිරීම. වස්ත්‍ර පූජාව මහත් ඵල මහානිසංස පූජාවක් බව උන් වහන්සේ දේශනා කර සිටියා.

දයාබර ස්වාමිපුරුෂයාගේ උපන්දිනය වෙනුවෙන් මෙසේ වටිනා පරිත්‍යාගයන් සිදු කොට ලබා ගන්නා වූ පිනෙන් ඔහුට ආශිර්වාද කිරීම බෙහෙවින්ම අගය කළ යුතුමයි. මෙවන් පින්වන්ත බිරිඳක් ලබන්නට ඔබේ ස්වාමිපුරුෂයාද බොහෝ පින් කර ඇති. මේ රැස් කරගත්තාවූ කුසලයන්ගේ ආනුභාවයෙන් ඔබ දෙපළටම නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා… කරන කියන හැම කටයුත්තක්මද සිතන පතන හැම පැතුමක්මද ඒ අයුරින්ම ඉටු වේවා…. සතුට සැනසුම සෞභාග්‍යය නිරතුරුවම ඔබ දෙපළගේ කැදැල්ල පුරා ඉතිරේවා… භවෙන් භවේ පුරා නිවන් දක්නා තුරා අත්වැලක්ව එකට එක්ව පාරමී දම් පුරන්නට ඔබ දෙපළටම හැකි වේවා…

Happy Birthday / Anniversary !

සෙනෙහෙබර වදන් පෙළගැස්ම – Nimasha Sewwandi

Celebrate your Birthday / Anniversary with Samajasathkara.lk | Birthday / Anniversary for a Cause

An idea by Danesh Maduranga Edirisooriya & Danesh Maduranga Edirisooriya II
Project of SamajaSathkara.lk

අඩුපහසුකම් සහිත විහාරස්ථාන දෙකක ස්වාමීන්වහන්සේලාට සිවුරු පිරිකර පූජා කල ෆේස්බුක් මිතුරෝ

අඩුපහසුකම් සහිත විහාරස්ථාන දෙකක ස්වාමීන්වහන්සේලාට සිවුරු පිරිකර පූජා කල ෆේස්බුක් මිතුරෝ

මොණරාගල දිස්ත්‍රික්කයේ, වැල්ලවාය හඳපානාගල ප්‍රදේශයේ කි.මි. 25ක් පමණ ප්‍රධාන මාර්ගයේ සිට ඇතුලට වන්නට පිහිටි අශෝකාරාම විහාරය ඉතාම දුෂ්කර අඩු පහසුකම් සහිත පන්සලක්. ඒ වාගේම ඓතිහාසික කනබිසවාරාම විහාරස්ථානයත් පුරාණ අඩු පහසුකම් සහිත පන්සලක්. ඉතින් අපි පසුගිය දිනක මේ ප්‍රදේශයේ සිදුකල සෙනෙහසේ චාරිකාවකදී විහාරවාසී ස්වාමින් වහන්සේලා වෙනුවෙන් අවශ්‍යවන වස්ත්‍ර පුජාවක් සිදු කළා.

එහිදී අප විසින් සිවුරක්, අඳනයක්, හා බඳ පටියක් සහිත කට්ටලයක් එක් එක් ස්වාමින් වහන්සේලා වෙනුවෙන් වෙන වෙනම ස්වාමින් වහන්සේලා තුන් නමක් වෙනුවෙන් පුජා කිරීම සිදු කළා. ප්‍රදේශයේ දුෂ්කරතාවය හා එහි වැසියන්ගේ දිළිඳු කම අනුව ඔවුනට ස්වාමින් වහන්සේලා වෙනුවෙන් නිතරම මෙවැනි පිරිකර පුජා කිරීමට හැකියාවක් නැහැ. ඉතින් අප සිදු කල මේ වස්ත්‍ර පුජාව ගොඩාක් ප්‍රයෝජනවත් බව උන් වහන්සේලා සියලු දෙනාම අපට දේශනා කර සිටියා. ඒ වාගේම ගොඩාක් පින් දුන්නා. වස්ත්‍ර පුජා කිරීම දිව සළු පිලි පහල වීමට හේතු වන බව බුද්ධ දේශනාවේ සදහන් වෙනවා. ඉතින් මේ සිදු කල පිංකම නිසා සහබාගි වූ ඔබට ඒ කුසලය අනුමෝදන් වේවා.

මෙම පිරිකර පුජා කිරීමට දායකත්වය දක්වනු ලැබුයේ Chamila Prasanna මිතුරා හා Buddhika Perera මිතුරා විසිනි. චමිල අයියා සහ බුද්ධික අයියා පවුලේ සැමට ආශිර්වාද පතා තමයි මේ පිංකම සිදුකලේ.

ඉතින් ඔබලාට මේ කර ගත්තාවූ කුසලය අනුමෝදන් වේවා. ඔබටත් ඔබ පවුලේ සියලු දෙනාටත් මේ කුසලයේ ආනුභාවයෙන් නිදුක් නිරෝගී සැපවත් ජිවිත අත් වේවා. අවසානයේ නිවන් මාර්ගය සාක්ෂාත් වීමට මේ පින් හේතු වාසනා වේවා. දැකබලා සතුටුවන ඔබ සැමටද මේ පින අනුමෝදන් වෙත්වා..

වදන් පෙළගැස්ම :
Manoj Prasanna (Director/Vice President සමාජසත්කාර.lk)

An idea by Danesh Maduranga Edirisooriya
Project of SamajaSathkara.lk

ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් පරප්පුදූව ආරණ්‍ය සේනාසනයට ලීටර් 500ක ජල ටැංකියක් පූජා කිරීම | Project Water

ෆේස්බුක් මිතුරන්ගේ එකතුවෙන් පරප්පුදූව ආරණ්‍ය සේනාසනයට ලීටර් 500ක ජල ටැංකියක් පූජා කිරීම | Project Water

ගාල්ල, දොඩම්දූව පිහිටි මේ ආරණ්‍ය සේනාසනයේ වැඩ ඉන්න භාවනායෝගී භික්ෂූන්වහන්සේලාට පානීය ජලය එක් රැස්කර තබාගැනීම සඳහා අද අපි ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් Slon PE+ 500l Water Tank එකක් පූජා කලා. ලඟක කොහෙවත් ටැංකි ගන්න තිබුණේ නැහැ. ඉන්පසු හික්කඩුවෙන් අපි ලෑන්ඩ් මාස්ටර් එකක තමා ටැංකිය ගෙනවේ. දූපතට අරන් ගියේ බෝට්ටුවෙන්. එතැන් පටන් ආරණ්‍යයට දිනේෂ් එය ඔසවගෙන ගියා. ස්වාමීන්වහන්සේ බොහොමත්ම පිං දුන්නා මේ පුණ්‍යකර්මය පිළිබඳව.
දායකත්වය දැක්වූ සැමටම මේ කුසල කර්මය නිර්වාණ සම්පත්තියටම හේතු වාසනා වේවා…
Hemal Matarage අයියත්, Dinesh Kumaraත් අද මේ පිංකමට ශ්‍රමයෙන් දායක වුණා…. ඔබ දෙපලටත් බොහොම පිං.

වැඩි විස්තර, දායකයින්ගේ විස්තර සහ ඡායාරූප බලාපොරොත්තු වන්න.

Project Water | Water for Temples

An idea by Danesh Maduranga Edirisooriya
Project of SamajaSathkara.lk

ලොකු අම්මාට පිං පිණිස පන්සලකට ජල ටැංකි 2ක් පූජා කල M. සුජානි අක්කා | Donating Water Tanks (Project 02)

ලොකු අම්මාට පිං පිණිස පන්සලකට ජල ටැංකි 2ක් පූජා කල M. සුජානි අක්කා | Donating Water Tanks (Project 02)

පසුගිය සතියේ සුජානි අක්කගේ ලොකු අම්මා, ඩී. ජී. පත්මිණී මහත්මිය මෙලොවින් සමුගත්තා. ඇයට පිං පිණිස අක්කා මගෙන් ඉල්ලා සිටියා පිංකමක් කරන්න කියා. ඉතිං අපි
මරදන්කඩවල, ඇතිනිවැටුණුවැව ශ්‍රී වර්ධනාරාමය පන්සලට ලීටර් 500 ජල ටැංකි 2ක් පූජා කලා. පන්සලේ විහාරාධිපති ස්වාමීන්වහන්සේ අපිට කීවා පළවෙනි වතාව කියලා මේ කෙනෙක් පිටින් ඇවිත් උදව් කලේ කියලා. ගොඩක් අඩු පහසුකම් සහිත පන්සලක්.

ලොකු අම්මාගේ අභාවය ගැන අපි උන්වහන්සේට කීවා. ඒත් එක්කම අපි ඔයාගේ ඡායාරූපයක් පවා ස්වාමීන්වහන්සේට පෙන්වූවා, ඔයාගේ අවශ්‍යතාවයත් උන්වහන්සේට මතක් කලා. උන්වහන්සේ පුණ්‍යානුමෝදනාවක් කලා.

පරලෝ සැපත් ඩී.ජී. පත්මිණී මහත්මිය දුක් ඇති ආත්මයක ඉපදී ඇත්නම් සැපවත් ආත්මයක ඉපදීමටත්, සැපවත් ආත්මයක ඉපදී ඇත්නම් ඒ සැප වඩ වඩාත් වැඩි දියුණු වීමටත්, කෙලවර උතුම් වූ නිර්වාණ සම්පත්තිය අවබෝධ කරගැනීමටත් හේතු වාසනා වේවා…

Project Water | Water for Temples
An idea by Danesh Maduranga Edirisooriya
Project of Samajasathkara.lk