loader image
Select Page

මොණරාගල දිස්ත්‍රික්කයේ, වැල්ලවාය හඳපානාගල ප්‍රදේශයේ කි.මි. 25ක් පමණ ප්‍රධාන මාර්ගයේ සිට ඇතුලට වන්නට පිහිටි අශෝකාරාම විහාරය ඉතාම දුෂ්කර අඩු පහසුකම් සහිත පන්සලක්. ඒ වාගේම ඓතිහාසික කනබිසවාරාම විහාරස්ථානයත් පුරාණ අඩු පහසුකම් සහිත පන්සලක්. ඉතින් අපි පසුගිය දිනක මේ ප්‍රදේශයේ සිදුකල සෙනෙහසේ චාරිකාවකදී විහාරවාසී ස්වාමින් වහන්සේලා වෙනුවෙන් අවශ්‍යවන වස්ත්‍ර පුජාවක් සිදු කළා.

එහිදී අප විසින් සිවුරක්, අඳනයක්, හා බඳ පටියක් සහිත කට්ටලයක් එක් එක් ස්වාමින් වහන්සේලා වෙනුවෙන් වෙන වෙනම ස්වාමින් වහන්සේලා තුන් නමක් වෙනුවෙන් පුජා කිරීම සිදු කළා. ප්‍රදේශයේ දුෂ්කරතාවය හා එහි වැසියන්ගේ දිළිඳු කම අනුව ඔවුනට ස්වාමින් වහන්සේලා වෙනුවෙන් නිතරම මෙවැනි පිරිකර පුජා කිරීමට හැකියාවක් නැහැ. ඉතින් අප සිදු කල මේ වස්ත්‍ර පුජාව ගොඩාක් ප්‍රයෝජනවත් බව උන් වහන්සේලා සියලු දෙනාම අපට දේශනා කර සිටියා. ඒ වාගේම ගොඩාක් පින් දුන්නා. වස්ත්‍ර පුජා කිරීම දිව සළු පිලි පහල වීමට හේතු වන බව බුද්ධ දේශනාවේ සදහන් වෙනවා. ඉතින් මේ සිදු කල පිංකම නිසා සහබාගි වූ ඔබට ඒ කුසලය අනුමෝදන් වේවා.

මෙම පිරිකර පුජා කිරීමට දායකත්වය දක්වනු ලැබුයේ Chamila Prasanna මිතුරා හා Buddhika Perera මිතුරා විසිනි. චමිල අයියා සහ බුද්ධික අයියා පවුලේ සැමට ආශිර්වාද පතා තමයි මේ පිංකම සිදුකලේ.

ඉතින් ඔබලාට මේ කර ගත්තාවූ කුසලය අනුමෝදන් වේවා. ඔබටත් ඔබ පවුලේ සියලු දෙනාටත් මේ කුසලයේ ආනුභාවයෙන් නිදුක් නිරෝගී සැපවත් ජිවිත අත් වේවා. අවසානයේ නිවන් මාර්ගය සාක්ෂාත් වීමට මේ පින් හේතු වාසනා වේවා. දැකබලා සතුටුවන ඔබ සැමටද මේ පින අනුමෝදන් වෙත්වා..

වදන් පෙළගැස්ම :
Manoj Prasanna (Director/Vice President සමාජසත්කාර.lk)

An idea by Danesh Maduranga Edirisooriya
Project of SamajaSathkara.lk