loader image
Select Page
වයෝවෘද්ධ මෙහෙණින් වහන්සේ නමකට සුවබර දිවියක් උදාකර දුන් පින්වත් මිතුරෝ (Part 02 කාමරය පිරිසිදු කර අලුත් ඇඳ සවිකිරීම සහ අනෙකුත් ද්‍රව්‍ය පූජා කිරීම)

ඔබට මතක ඇති ආරණ්‍යක වැඩ සිටින වයෝවෘද්ධ මෙහෙණින් වහන්සේනමක් පිළිබඳව මීට පෙර අප සඳහන් කළා. ඔක්කම්පිටිය ප්‍රදේශයේ සිදු කළ ගැබිනි මව්වරුන්ගේ ව්‍යාපෘතියේදී දැනගන්නට ලැබුන තොරතුරක් අනුව අපි උන්වහන්සේ බැහැදකින්න ගියා. මතකද ඔබට අප සඳහන් කළා මේ මෙහෙණින් වහන්සේ සිටින ආරණ්‍යයේ අවම පහසුකම්වත් නොමැති බව. එම ආරණ්‍යයේ නොතිබූ පහසුකම් සපුරාලීමට හැකි නම් ඉතා අගනා බව සිතුණ නිසාම ඒ පිළිබඳව දැනුම් දුන් වහාම ඒ වෙනුවෙන් අපි එක්ක ෆේස්බුක් මිතුරෝ ගොඩක් එකතු උනා.

ලංකාව පුරා දවසින් දවස අළුත් ඉදි කිරීම් අලංකරණය කිරීම් එක්ක පන්සල් අළුත් වැඩියා වෙනවා. එකම දවසේ එකම දාන වේලට දායකයෝ දෙතුන් දෙනා භාර අරන් ඉන්න තරමට දානය පූජා කරන්න දායකයෝ ඕනෑතරම්. එහෙම පන්සල් අතරේ මේ වගේ දුෂ්කර ප්‍රදේශයක අවම පහසුකම්වත් නැති ආරණ්‍ය වල ඉන්න ස්වාමීන් වහන්සේලා මෙහෙණින් වහන්සේලා ගෙවන දුෂ්කර ජීවිත ගැන මොහොතක් අපි සිතා බැලිය යුතු වනවා. දාන වේල් වැඩියෙනුත් ලැබෙන පන්සල් අතරේ එක දාන වේලක්වත් නොලැබෙන මේ වගේ පන්සලුත් තියෙන බව බෞද්ධ ඔබ අප අවබෝධ කරගත යුතුයි. එවන් පූජනීය ස්ථාන වෙත අපට කළ හැකි යමක් වේ නම් එය හැකි පමණින් ඉටු කිරීම බෞද්ධ ඔබේත් මගේත් යුතුකමක්ද වනවා.

ඔක්කම්පිටියෙ තියෙන මේ පුංචි ආරණ්‍යයේ ඉන්න මේ මෙහෙණින් වහන්සේට වයස අවුරුදු අනූවකටත් ආසන්න වෙනවා. කටුමැටි වලින් සාදපු ටකරං සෙවිළි කළ ඇති මේ කුඩා ආරණ්‍යයේ ඇතුළත කිසිම පහසුකමක් නැහැ. මාළිගා වගේ ඉදිවෙන පන්සල් අතරේ මේ ආරණ්‍ය මොනතරම් අසරණ තත්වයකද තියෙන්නෙ කියලා ඇතුළත දකින ඔබට වැටහේවි. දෑස් පෙනුනා නම් ඇවිදින්න හැකි වූවා නම් මේ ඕනෑම දුකක් දරා ගනිමින් මොනයම් හෝ දෙයක් කරන්නට මේ මෙහෙණින් වහන්සේට හැකි වෙන්නට තිබුණා. ඒත් දැන් එසේ කරන්නට හැකියාවක් නැහැ. මෙහි උපස්ථාන කටයුතු වෙනුවෙන් ඉන්න නැන්දාගේ සහයෝගයෙන් මිස තනිව කිසිවක් කරගන්න මේ මෙහෙණින් වහන්සේට පුලුවන් කමක් නැහැ.

ඇතුළට ගිය පසු අපි දැකපු ඒ අඩුපාඩු සියල්ල ඔබේ දායකත්වයෙන් සම්පූර්ණ කරන්න ගත්ත පියවර අති සාර්ථක උනා. මේ මෙහෙණින් වහන්සේ වෙනුවෙන් දායක උන ඔබ සැම නිසා අපි තෝරාගත් සියළුම භාණ්ඩ මෙම ආරණ්‍යට පූජා කරන්න අපිට හැකි උනා. මෑණියන්ට සැතපීමට ඇඳක් හා මෙට්ටයක්ද, භාණ්ඩ තැම්පත් කිරීමට රාක්කයක්ද, දානය සකස් කරගැනීමට අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය පාර්සලයක්ද, ඇඳ ඇතිරිලි, පොරෝන, කොට්ට, කොට්ට උර, තුවා, මදුරු දැලක් ආදියද රාත්‍රී කාලයේදී ආරක්ෂාව පිණිස චාර්ජ් කළ හැකි විදුලි පන්දමක්ද, වතුර පුරවා තැබිය හැකි බකට් එකක් සහ සිවුරු ආදිය දමා තැබිය හැකි බාස්කට් එකක්ද, උණු වතුර බෝතලයක්ද සමඟ රෝද පුටුවක්ද යනාදී සියල්ලම පරිත්‍යාග කරනු ලැබුවා. කිසිදු පහසුකමක් නැතිව තිබුණ මේ ආරණ්‍යට මෙවන් පරිත්‍යාගයක් ලැබීම එහි උපස්ථාන කටයුතු සිදු කරන නැන්දාට බොහෝම සතුට ගෙන දෙන්නක් උනා. ඒ සියල්ල කිසිදින දායක පින්වතුන්ගෙන් ඉල්ලන්නට වත් නොගිය මේ මෙහෙණින් වහන්සේ සහ නැන්දනිය හැකි පමණින් මෙතෙක් කළක් එහි වාසය කලා. දැන් ඔවුන්ගේ සිත් වලට කෙතරම් නම් සතුටක් දැනෙනවා ඇතිද. තිබෙන පන්සල්ම දියුණු කරන්නට උත්සහ කරනවාට වඩා පහසුකම් කියා කියන්නටවත් දෙයක් නැති මෙවැනි පන්සල් දියුණු කිරීම කෙතරම් වටිනවාද යන්න ඔබට වැටහෙනවා ඇති. ඔබ සැම සිදුකළ මේ පරිත්‍යාගය ගැන මෙහෙණින් වහන්සේත් උපස්ථාන කටයුතු සිදුකරන නැන්දාත් බොහෝ සේ සතුටුව ඔබ සැමට පිං දුන්නා ආශිර්වාද කරා. ඒ පිං අයිති ඔයාලා හැමෝටමයි.

මේ උතුම් කටයුත්ත වෙනුවෙන් අප හා එක්ව දායකත්වය දැක්වූ බොහෝ මිතුරන් පිරිසක් සිටිනවා. ඔබ සැම මෙසේ දායක වූයේ උතුම් බුද්ධ ශාසනය රැක ගැනීමෙහිලා පැවිදි දිවි පෙවතකට එළඹ රෝගී තත්ව හමුවේ දුෂ්කර පැවිදි ජීවිතයක් ගෙවන්නට සිදු වූ මෙහෙණින් වහන්සේනමක් හටයි. එවන් උතුම් කුසලයක් සිදු කර ඔබ සැම රැස් කරගත්තාවූ පිනෙහි බලයෙන් මෙයට දායක වූ ඔබ සැමටත් ඔබේ පවුලේ සෑම සියළු දෙනා හටත් නිදුක් නීරෝගී සුවය උදා වේවා…. යම් කාය චිත්ත පීඩාවක් වේ නම් ඒ සියල්ල දියෙහි ඇඳි ඉරක් සේ පහව යේවා… කිසිදු රෝගාබාධයකට ගොදුරු නොවේවා… කරන කියන යම් කටයුත්තක් වේ නම් ඒ සියල්ලක්මද රැකී රක්ෂා කටයුතුද අධ්‍යාපන කටයුතුද සියල්ලක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා…. යම් උතුම් බලාපොරොත්තු ඔබ සැමගේ සිත් තුළ වේ නම් ඒ සියල්ල මුදුන්පත් කර ගැනීමට අවැසි ශක්තිය ධෛර්යය වාසනාව උදා වේවා…. මෙවන් කුසල් තව බොහෝ සේ රැස් කරගනිමින් අවසානයේ උතුම් වූ නිර්වාණාවබෝධය ලැබීමටද මෙම කුසලය හේතු වේවා….

මේ පිංකමට මගේ සහෝදරයා Manoj Prasanna ශ්‍රම දායකත්වය දැක්වූවා.

Location : ඔක්කම්පිටිය, මොණරාගල
Post Date : 2017 September 24
Project Code : 2017-MON-0053
Project Status : Completed
Completed Date 2017 September 24

උදව්කල ෆේස්බුක් මිතුරු මිතුරියෝ : https://m.facebook.com/story.php?story_fbid=1425691077468231&id=100000820578834

මතු සම්බන්ධයි…
ඡායාරූප බලාපොරොත්තු වන්න…

සෙනෙහෙබර වදන් පෙළගැස්ම – Nimasha Sewwandi

An idea by Danesh Maduranga Edirisooriya & Danesh Maduranga Edirisooriya II
Project of SamajaSathkara.lk

වයෝවෘද්ධ මෙහෙණින් වහන්සේ නමකට සුවබර දිවියක් උදාකර දුන් පින්වත් මිතුරෝ (Part 03 මෙහෙණින් වහන්සේගේ ආශිර්වාදය)

වීඩියෝ බලාපොරොත්තු වන්න…

සෙනෙහෙබර වදන් පෙළගැස්ම – Nimasha Sewwandi

An idea by Danesh Maduranga Edirisooriya & Danesh Maduranga Edirisooriya II
Project of SamajaSathkara.lk

විහාරස්ථානයකට විදුලි බලය ලබාදීම – මහියංගනය (දිවා රෑ පිං වැඩෙන පිංකම්)

මේ විහාරස්ථානය පිහිටලා තිබෙන්නේ මහියංගනය, කුරුවිතැන්න ගමේ. ඉතාමත් දුෂ්කර ප්‍රදේශයක්. ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටර් ගණනක් ගම ඇතුලේ තමා මේ පන්සල පිහිටලා තිබෙන්නේ. සෙනෙහසේ චාරිකාවකදි තමයි අපිට මේ ස්වාමීන්වහන්සේ මුණගැහුණේ. දැනට අසල නිවසකින් තමයි විදුලි බලය ලබාගෙන තිබෙන්නේ. උන්වහන්සේ ගමේ අයගෙන් රු.50-100 එකතු කරන්න පටන් අරන් තිබුණා. අපි ස්වාමීන්වහන්සේට පොරොන්දු වුණා සම්පූර්ණ වියදම් දරලා වයරින් කර විදුලි බලය ලබාදෙන්න. මෙම ව්‍යාපෘතියට මුදල් අවශ්‍යතාවයක් නොමැත. ෆේස්බුක් මිතුරියක් ඒ සඳහා උදව් වෙන්න පොරොන්දු වුණා.

Project Light | Electricity for Temples

An idea by Danesh Maduranga Edirisooriya
Project of SamajaSathkara.lk