loader image
Select Page
සමාජසත්කාර “ත්‍රිපිටක පූජා 2017” | Tripitaka Pooja (අටමහ කුසල් Plan 2017) – Part 02

සමාජසත්කාර “ත්‍රිපිටක පූජා 2017” | Tripitaka Pooja (අටමහ කුසල් Plan 2017) – Part 02

ලොව උතුම්ම දානයට සම්බන්ධ වුණ ෆේස්බුක් මිතුරු මිතුරියෝ…

අද දින අපි ෆේස්බුක් මිතුරන්ගේ දායකත්වයෙන් අරලගංවිල, කුඩා සීගිරිය, ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයට ත‍්‍රිපිටකය සහ ‍ත්‍රිපිටකය තැන්පත් කිරීමට පොත් කබඩ් එකක් සඟ සතු කර පූජා කරනු ලැබුවා.
මේ පිංකමට ප‍්‍රධාන මූල්‍යමය දායකත්වය දැක්වූයේ Kumosha Abeyweera සහ ඇගේ සොහොයුරිය Gayashi මිතුරියයි. ඇගේ ආදරණීය පුතනුවන් දෙදෙනා වන Senusha Abeyweera සහ Sadev Abeyweera ගේ ජූලි මාසයේ පැවති උපන්දින වෙනුවෙන් ඔවුන්ට ආශිර්වාද පතා තමයි මේ පිංකම සිදුකලේ.

ත්‍රිපිටකය තැන්පත් කිරීමට කබඩ් එක පරිත්‍යාග කිරීමට ෆේස්බුක් මිතුරු මිතුරියන් රාශියක් එකතු වුණා.

ඇත්තෙන්ම ඊයේ දිනයේ වර්ෂාව නිසා පිංකම අපි අදට කල් දැම්මා. නමුත් අද ඊයේට වඩා වර්ෂාව. එම නිසා පූජා කිරීමේ උත්සවශ්‍රීයෙන් සිදු කිරීමට බලාපොරොත්තු වූ වැඩසටහන ඉදිරි දිනකට කල් දැමූ අතර අද දින සංකේතාත්මකව පූජා කිරීම සිදු කරනු ලැබුවා.

මේ පිලිබඳ වැඩිදුර විස්තර, දායක වූ අය පිළිබඳ විස්තර සහ තවත් ඡායාරූප ඔබ වෙතට අපි ඉදිරියේදී ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා…

පන්සලේ ස්වාමීන්වහන්සේ Seewali Podi Hamuduruwo මේ පිංකමේ වටිනාකම ගැන අපට පහදා දුන්නා. සම්බන්ධ වූ සැමට පුණ්‍යානුමෝදනාවක්ද සිදුකලා.

මේ පිංකමේ කුසලානුභාවය සකල ලෝවැසි සියළු සත්වයින් හට අනුමෝදන් වී අවසානයේ අමාමහ නිවන් සාක්‍ෂාත් කරගැනීමට හේතුවාසනා වේවායැයි සතුටු සිතින් යුතුව ප‍්‍රාර්ථනා කරන්නෙමු.

සමාජසත්කාර “ත්‍රිපිටක පූජා 2017”

An idea by Danesh Maduranga Edirisooriya & Danesh Maduranga Edirisooriya II
Project of SamajaSathkara.lk

මෙහෙණි ආරාමයකට වතුර ටැංකියක් පරිත්‍යාග කෙරූ ෆේස්බුක් මිතුරා – Project Water

මෙහෙණි ආරාමයකට වතුර ටැංකියක් පරිත්‍යාග කෙරූ ෆේස්බුක් මිතුරා – Project Water

දෙහිඅත්තකණ්ඩියේ, සමනල තැන්න පිහිටි මෙම මෙහෙණි ආරාමයට ජල ටැංකියක් පරිත්‍යාග කරමින් උපන්දිනය බොහෝමත්ම අර්ථාන්විත ලෙස සැමරීමට Samitha Senevirathne මිතුරා කටයුතු කළා. උපන්දිනය සැමරීමට සාදයකට වඩා වටින්නේ මෙවන් උතුම් පරිත්‍යාගයන් බව බොහෝම හොඳින් අවබෝධ කොට ගත් ඔහු විසින් මෙසේ ඔහුගේ දායකත්වය දක්වමින් අති දුෂ්කර ප්‍රදේශයක පිහිටි මෙහෙණි ආරාමයට මෙම පරිත්‍යාගය සිදු කළා. මෙහෙණින් වහන්සේලා හට මෙහි වටිනාකම කියා නිම කළ නොහැකි තරම්. දුෂ්කර ප්‍රදේශ වල ඉතාමත් අපහසුවෙන් ජල පහසුකම් සොයා ගන්නා මේ මෙහෙණින් වහන්සේලා මෙම ජීවිතයට හුරු වී සිටියත් ඒ දුෂ්කර බව යම් විටෙක පීඩාවක් බවටත් පත් වනවා. ජල පහසුකම් ලබා ගන්න තරම් දායකත්වයක් මෙම ආරාමයට නොලැබෙන නිසාවෙන්ම කළක පටන්ම මේ දුෂ්කරතාවන් මධ්‍යයේ වූවද ධර්මය ඇසුරු කරමින් මෙහි වෙසෙන්නට සිදු උනා. නමුත් මේ වන විට Samitha Senevirathne පිංවතාගේ නොමසුරු දායකත්වයෙන් මෙම මෙහෙණි ආරාමයට නව ජල ටැංකියක් ලැබුණා. අද පටන් පිරිසිදු පැන් පොදක සිහිළස ලබන්නට මේ මෙහෙණින් වහන්සේලාට හැකි වනවා.

ඔබ ඔබගේ උපන්දිනය වෙනුවෙන් වියදම් කරන මුදල ඔබටම ආයෝජනයක් වීමට නම් ඊට සුදුසුම ක්‍රමය මෙසේ උතුම් වූ වටිනා පරිත්‍යාගයන් සිදු කිරීමයි. එය යම් දිනෙක ඔබේ ජීවිතයට ආශිර්වාදයක්ම වන කිසිදා නිම නොවන ආයෝජනයක් වනවා. මෙසේ ඔක්තෝම්බර් මස 21 වන දිනට යෙදී තිබූ උපන්දිනය වෙනුවෙන් මෙහෙණි ආරාමයකට පිරිසිදු පානීය ජලය ලබා ගැනීම පිණිස ජල ටැංකියක් පරිත්‍යාග කර රැස් කරගත්තාවූ කුසලයේ ආනුභාවයෙන් ඔබට නිදුක් නීරෝගී සුවය ලැබේවා… කිසිදු කාය චිත්ත පීඩාවක් නොම වේවා…. සතුට සැනසුම සෞභාග්‍යය සපිරි අනාගතයක් උදා වේවා…. දීර්ඝායුෂ ලබත්වා…. අවසානයේ උතුම් වූ ධර්මාවබෝධය පිණිසද මෙම කුසලය හේතු වේවා….

ඔබට පින්වන්ත සුබ උපන්දිනයක් වේවා….

සෙනෙහෙබර වදන් පෙළගැස්ම – Nimasha Sewwandi

Birthday Inspire | Celebrate your Birthday with Samajasathkara.lk

Project Water | Water for Temples

An idea by Danesh Maduranga Edirisooriya & Danesh Maduranga Edirisooriya II
Project of SamajaSathkara.lk

පියාණන්ට වටිනා උපන්දින තිළිණයක් ලබා දුන් සෙනෙහෙබර බිරිඳ සහ දරුවෝ (Donating a Water Tank)

පියාණන්ට වටිනා උපන්දින තිළිණයක් ලබා දුන් සෙනෙහෙබර බිරිඳ සහ දරුවෝ (Donating a Water Tank)

ඔක්තෝම්බර් 11 වන දිනට යෙදී තිබෙන Mahen Mudalige මහතාගේ උපන්දිනයට ආශිර්වාද එක් කරමින් ඔහුගේ සෙනෙහෙබර බිරිඳ Swarna Mudalige විසින් Asantha, Malin, Mahesh, Hashini සහ Pavanee Nimesha යන දූ දරුවන් එක්ව විහාරස්ථානයකට ජල ටැංකියක් පූජා කරනු ලැබුවා. හඳපානාගල ශ්‍රී අභිනවාරාමය බොහෝ දුෂ්කරතා හමුවේ පවතින විහාරස්ථානයක්. මෙහි වැඩ වෙසෙන ස්වාමීන්වහන්සේලා හට අවශ්‍ය පානීය ජල පහසුකම් නොමැති වීම කලක පටන්ම පැවති මූලික අවශ්‍යතාවක්. නමුත් එය ඉටු කරදීමට තරම් යහපත් ආර්ථික තත්වයක් මේ පන්සලේ දායක පිරිසට හැකියාවක් නැහැ. ඔවුන් පවා බොහෝම දුෂ්කරතාවන් මධ්‍යයේ හැකි අයුරින් විහාරස්ථානය වෙත උපකාර කරනවා. ඉතින් අපිට හැකි වුනා මෙම විහාරස්ථානයට මූලික අවශ්‍යතාවක්ව පවතින මෙම ජල ටැංකිය පූජා කරන්න.

පිපාසය මෙන්ම පිරිසිදු ජල පහසුකමක් නොමැතිකම කෙතරම් බරපතල ගැටළුවක්ද බව ඔබ සැම දන්නවා. එසේම බෞද්ධ පින්වතුන් වශයෙන් අපේ රටේ දුෂ්කරතාවන් වලට ලක් වන විහාරස්ථාන වෙත අවශ්‍ය පහසුකම් ලබා දෙමින් ස්වාමීන්වහන්සේලාගේ සුවපහසුව උදෙසා කටයුතු කිරීම අපගේ වගකීමක්ද වනවා. උතුම් මහා සංඝරත්නය වෙනුවෙන් පුදන යමක් වේද ඉන් අත් වන ආනිසංසය මහත්ඵලයි. උපන්දිනය වෙනුවෙන් මහා සංඝරත්නය උදෙසා මෙවන් අගනා පූජාවක් කරමින් බොහෝමත්ම වටිනා තිළිණයක් පියාණන්ට ලබා දීමට කටයුතු කළ පවුලේ සියළු දෙනාම බොහෝමත්ම අගය කළ යුතුයි.

සෙනෙහෙබර බිරිඳ Swarna Mudalige විසින් Asantha, Malin, Mahesh, Hashini සහ Pavanee යන දූ දරුවන් එක්ව තම දයාබර ස්වාමිපුරුෂයාගේ උපන්දිනය වෙනුවෙන් මෙසේ සිදු කළ පිනෙන් අත්වන කුසලයේ ආශිර්වාදය අද දවසේ උපන්දිනය සමරන Mahen Mudalige මහතා හට අත් වනවා. ඒ ආශිර්වාද බලයෙන් නිදුක් නීරෝගී සුවය උදා වේවා…. දීර්ඝායුෂ ලබත්වා…. යම් කාය චිත්ත පීඩාවක් වේ නම් සියල්ල දුරු වේවා….. රැකී රක්ෂා කටයුතු මෙන්ම කරන්නට සිතන පතන යම් කටයුත්තක් වේ නම් ඒ සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා…. සතුට සැනසුම සෞභාග්‍යය උදා වේවා…. එමෙන්ම ස්වාමිපුරුෂයා වෙනුවෙන් දරුවන්ට ඒකරාශී කරගනිමින් මෙවන් උතුම් කටයුත්තක් සිදු කෙරූ පින්වන්ත මාතාවක් වන Swarna Mudalige මහත්මියටත් Asantha, Malin, Mahesh, Hashini සහ Pavanee යන දූ දරුවන් හටත් මේ සිදුකළ පින්කමේ ආශිර්වාද බලයෙන් නිදුක් නීරෝගී සුවය උදා වේවා…. යම් කාය චිත්ත පීඩාවන් වේ නම් සියල්ල දුරු වේවා…. සිතන පතන යම් කටයුත්තක් වේ නම් ඒ සියල්ලම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා…. අධ්‍යාපන කටයුතු මෙන්ම රැකීරක්ෂා කටයුතුද දිනෙන් දින දියුණුවට පත් වේවා…. සතුට සැනසුම සෞභාග්‍යය උදා වේවා….

දුෂ්කර පෙදෙසක පිහිටි පානිය ජල පහසුකම් නොමැති පුණ්‍යභූමියකට ජල ටැංකියක් පරිත්‍යාග කිරීම (Donating a Water Tank)

දුෂ්කර පෙදෙසක පිහිටි පානිය ජල පහසුකම් නොමැති පුණ්‍යභූමියකට ජල ටැංකියක් පරිත්‍යාග කිරීම (Donating a Water Tank)

ෆේස්බුක් මිතුරියක් වන Chandrika Thilakarathne නැන්දා විසින් යාල අභය භූමිය මායිමේ මහ ආරගම, ඇතිලිවැව පිහිටි පානීය ජල පහසුකම් නොමැති මෙම විහාරස්ථානයකට ජල ලීටර දහසක ධාරිතාවකින් යුත් ජල ටැංකියක් පරිත්‍යාග කරා. වැල්ලවායේ සිට කිලෝමීටර් 35ක් පමණ අති දුෂ්කර පාරක බඩී ලොරියකින් තමයි අපි වතුර ටැංකිය අරන් ගියේ. මෙම පන්සල නිතරම අලින් යන එන ස්ථානයක්. යම් අනතුරුදායක තත්වයක මෙන්ම දුෂ්කරතාවයන් හමුවේද වැඩ වෙසෙන මෙම විහාරස්ථානයේ ස්වාමීන්වහන්සේ හට අප විසින් සිදු කළ මෙම පරිත්‍යාගය බොහෝ සේ වටින බව උන්වහන්සේ බොහෝමත්ම කෘතවේදිව ප්‍රකාශ කළා. උතුම් සංඝරත්නය උදෙසා අවශ්‍ය වන පහසුකම් සොයා බලා ඉටු කරදීම මහත් ඵල මහානිසංස ගෙන දෙන උතුම් පුන්‍යකර්මයන් බවත් උන්වහන්සේ පැවසුවා. ජලය අත්‍යාවශ්‍ය වූවත් මෙම ප්‍රදේශයේ පවතින අලින්ගේ ගැටළු නිසාත් දුෂ්කරතාවයන් නිසාත් බොහෝ දුරක් ජලය සොයාගෙන යාමට සිදු වීම යම් තාක් දුරකට ජීවිත තර්ජනයක්ද වනවා. නමුත් දැන් උන්වහන්සේලා හට පහසුවෙන් ජලය භාවිතයට ගන්න හැකියාව ලැබෙනවා. ඒ ඔබ විසින් සොදු කෙරූ උතුම් පරිත්‍යාගය හේතුවෙනි.

මහා සංඝරත්නයේ පහසුව උදෙසා මෙසේ පානිය ජල පහසුකම් ලබා ගැනීමට ඔබ විසින් සිදු කරා වූ උතුම් පරිත්‍යාගය හේතුවන් ….. නැන්දාටත්, දයාබර ස්වාමිපුරුෂයා වන Rohana Thilakarathne මහතාටත්, සෙනෙහෙබර පුතුන් වන Sanjula Thilakarathne සහ Chandula Thilakarathne යන දෙදෙනාටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා… කිසිදු කාය චිත්ත පීඩාවක් නොම වේවා…. කරන කියන යම් කටයුත්තක් වේ නම් ඒ සියල්ල සිතන පතන අයුරින්ම සිදු වේවා…. රැකියා කටයුතු අධ්‍යාපන කටයුතු වේ නම් සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා…. අවසානයේ උතුම් වූ චතුරාර්‍ය සත්‍ය අවබෝධ වීම පිණිස මේ උතුම් පුණ්‍යකර්මය හේතු වේවා….

පිය සෙනෙහසට නොදෙවෙනි වූ මහප්පාගේ සෙනෙහස වෙනුවෙන් යුතුකම් ඉටුකල Thushani Perera Gallege අක්කා (Donating a Wheelchair – ඔක්කම්පිටිය) – Part 01

පිය සෙනෙහසට නොදෙවෙනි වූ මහප්පාගේ සෙනෙහස වෙනුවෙන් යුතුකම් ඉටුකල Thushani Perera Gallege අක්කා (Donating a Wheelchair – ඔක්කම්පිටිය) – Part 01

මාගේ මුහුණු පොතේ මිතුරියක් වන තුෂානි පෙරේරා අක්කාගේ ආදරණීය මහප්පා, සිරිසේන වීරසිංහ මහතා 2017.09.28 වන දිනට මෙලොවින් සමුගෙන මාස 3ක් වෙනවා. මෙලොව ඉපදෙන සෑම කෙනෙකුටම මරණයට මුහුන දෙන්න වෙනවා. ඉතින් අපේ හිතවතුන් ජීවත් වෙලා ඉද්දී කොයි තරම් දේවල් කරලා සලකන්න පුලුවන් උනත් මරණයෙන් පස්සේ ජීවත් වෙලා ඉන්න අපට කරන්න පුලුවන් එකම දේ ඒ මියගිය කෙනා වෙනුවෙන් පිං පමුනවන්න විතරයි. ඉතින් තුෂානි අක්කත් තමාගේ ආදරණීය මහප්පා වෙනුවෙන් විශේෂ දානයක් දීලා පිං දෙන්න තීරණය කලා. අක්කා ඒ වෙනුවෙන් කලේ ඉතාමත් උතුම් පිනක්.

ඔක්කම්පිටියෙ තියෙන මේ පුංචි ආරණ්‍යයේ ඉන්න මේ මෙහෙණින් වහන්සේට වයස අවුරුදු අනූවකටත් ආසන්න වෙනවා. කටුමැටි වලින් සාදපු ටකරං සෙවිළි කළ ඇති මේ කුඩා ආරණ්‍යයේ ඇතුළත කිසිම පහසුකමක් නැහැ. මාළිගා වගේ ඉදිවෙන පන්සල් අතරේ මේ ආරණ්‍ය මොනතරම් අසරණ තත්වයකද තියෙන්නෙ කියලා ඇතුළත දකින ඔබට වැටහේවි. දෑස් පෙනුනා නම් ඇවිදින්න හැකි වූවා නම් මේ ඕනෑම දුකක් දරා ගනිමින් මොනයම් හෝ දෙයක් කරන්නට මේ මෙහෙණින් වහන්සේට හැකි වෙන්නට තිබුණා. ඒත් දැන් එසේ කරන්නට හැකියාවක් නැහැ. මෙහි උපස්ථාන කටයුතු වෙනුවෙන් ඉන්න නැන්දාගේ සහයෝගයෙන් මිස තනිව කිසිවක් කරගන්න මේ මෙහෙණින් වහන්සේට පුලුවන් කමක් නැහැ. පැන් පහසුවටවත්, වැසිකිළි යන්නවත් එළියට යාමට හැකියාවක් නැහැ. ඉතිං අපි පූජා කල මේ රොද පුටුව නිසා මෑණියන්ව බලාගන්නා නැන්දාට දැන් මෑණියන්ව පහසුවෙන් එහා මෙහා ගෙනියන්න පුලුවන්. මෑණියෝ දුන් පිං අප්‍රමාණයි. පහත වීඩියෝව බලන්න….

පුණ්‍යානුමෝදනා වීඩියෝව : https://m.facebook.com/story.php?story_fbid=1428488277188511&id=100000820578834

තමන්ගේ කෙනෙක් ජීවත්ව සිටියදී පවා නොසලකන කාලයක ඔයා මිය පරලොව ගිය මහප්පා වෙනුවෙන් පිං දෙන්න මෙලෙස පරිත්‍යාගයක් සිදු කලේ ඔයාගේ හිතේ මහප්පා වෙනුවෙන් පවතින අසීමිත ආදරය නිසා බව කිව යුතු නෑ. ඔබ සිදු කලේ දිවා රෑ පිං වැඩෙන පිංකමක්. මේ ලැබුනු පින් ඔයාගේ මිය පරලොව ගිය මහප්පාට අනුමෝදන් වේවා. ඔහුට සැපවත් ජීවිතයක් අත් වී ඇත්නම් ඒ සැප සම්පත් වැඩි වීමටත් දුක්‍ ඇති ආත්මයක් ලැබි ඇත්නම් ඒ දුකින් අත්මිදෙන්නටත් මේ පිං හේතු වාසනා වේවා.

ඉතින් අක්කේ මේ සිදු කලා වූ කුසලයේ ආනුභාවයෙන් ඔබගේ පවුල් දිවියද සතුටින් සමාදානයෙන් ගෙවීමට හැකිවේවා. තව තවත් මෙවැනි අසරණ මිනිසුන්ට උදවු කිරීමට හැකි වේවා. ඔබගේ දෙමාපියන් ඇතුලු සියලු හිත මිත්‍රාදීන් සැමටත් මේ පින් අනුමෝදන් වේවා..

සෙහෙනෙහෙබර වදන් පෙළගැස්ම – Manoj Prasanna & Nimasha Sewwandi

Location : ඔක්කම්පිටිය

වැඩි විස්තර සහ ඡායාරූප බලාපොරොත්තු වන්න…

Project Hope | ජීවිතයට නව බලාපොරොත්තුවක්…
“Keeping the Disabled Happy”

Our goal is to provide a free wheelchair to every child, teen and adult island-wide who needs one, but has no means to acquire one.

විවිධ වූ හේතූන් නිසා එක්තැන් වූ ශ‍්‍රී ලංකාවේ දුෂ්කර ප‍්‍රදේශවල ජීවත්වන අන් අයගේ අවධානයට යොමු නොවන/නොවූ දැඩි ආර්ථික අපහසුතාවලින් පෙළෙන පුද්ගලයින් හට රෝද පුටු, කිහිළි කරු, වතුර මෙට්ට වැනි විකලාංග උපකරණ (Orthopedic Appliance) ලබාදී ඔවුන්ගේ ජීවිතයට නව බලාපොරොත්තුවක්, සතුටක්, සැනසුමක් ලබාදීමට මෙම ව්‍යාපෘතියෙන් අප බලාපොරොත්තු වේ.
උදා : Wheel Chairs, Reclining Wheel Chain, Special Function Wheel Chair, Electric Wheel chairs, Commode Chairs, Rollaters, Walking Aids, Four Arm Walkers, Walkers, Air mattresses, Bed headrest, Cervical collars, Surgical corsets, Philadelphia collars, Arm slings, Crutch pads, Hernia belts, Foot Drop Splints, Crutch Pads, Immobilizer, Knee braces etc.

We only need photographs to publish.

An Idea By Danesh Maduranga Edirisooriya & Danesh Maduranga Edirisooriya II
Project of SamajaSathkara.lk