by Danesh Edirisooriya | Nov 15, 2018 | සමාජසත්කාර පිංකම්
අනුරාධපුර මැදවච්චිය, හිරල්ලුගම විජේරත්න ස්වාමීන්වහන්සේ වම් ඇසෙහි කාලයක් තිස්සේ පෙනීමේ අඩුවක් තිබූ අතර පසුව මීට කලකට ඉහතදී උදෑසන අවදිවන විට ඇස් දෙකෙහිම පෙනීම නැතිවී තිබුණා. ඇසෙහි අභ්‍යන්තරයේ සියුම් ස්නායුවක් පිපිරීමෙන් ලේ ගැලීම නිසා මෙම තත්වය හටගෙන ඇතැයි වෛද්‍යවරු ප්‍රකාශ කලා.
උන්වහන්සේට නැවත පෙනීම ලබාදීම සඳහා ඇස් දෙකටම සැත්කම් කිරීමට සිදු වූ අතර ෆේස්බුක් මිතුරන්ගේ උදව්වෙන් අපි ඒ සඳහා දායකත්වය දැක්වූවා.
මැදවච්චිය සිට උන්වහන්සේ ප්‍රථමයෙන්ම කොළඹට වැඩමවූ අතර, ඉන්පසු රාගම සහ හංවැල්ල ප්‍රදේශයේ පන්සල් දෙකක සිට තමා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට වත්තල හේමාස් රෝහල වෙත වැඩම කලේ.
ප්‍රථම දිනයේ අපි උන්වහන්සේ සමඟ රෝහලට ගොස් සැත්කම සඳහා උන්වහන්සේව රෝහලට ඇතුලත් කරනු ලැබුවා. ඉන්පසු සැත්කම අවසන් කර උන්වහන්සේ වාට්ටුවට ඇතුලත් කර අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා ගැනීමද, ඊලඟ සැත්කම පිලිබඳව විස්තරද වෛද්‍යවරුන් සමඟ සාකච්ඡා කලා.
ඉන්පසු නැවත උන්වහන්සේ නතර වී සිටි රාගම විහාරස්ථානයට වැඩම කලේ ඊලඟ දින උදෑසනද වෛද්‍ය පරික්ෂාව සඳහා නැවත රෝහලට වැඩම කරවීමේ බලාපොරොත්තුවෙන්.
දිවා රෑ පිං වැඩෙන පිංකමකට දායක වුණ ඔබ සැමට මේ කුසලය නිර්වාණ අවබෝධය පිණිසම හේතුවාසනා වේවා.
තෙරුවණ් සරණයි !
Project Code : 2018-A-OCT-0028
Project Vision 2 | Financial Aid for Eye Surgeries
අඩු ආදායම්ලාභී, අසරණ පවුල් වල වැඩිහිටියන් සඳහා අක්‍ෂි ශල්‍යකර්ම (Eye Surgeries) වලට අවශ්‍ය මූල්‍යමය ආධාර ලබාදීම.
An Idea by Danesh Maduranga Edirisooriya, Danesh Maduranga Edirisooriya II & Danesh Maduranga Edirisooriya III
Project of SamajaSathkara.lk
by Danesh Edirisooriya | Aug 11, 2015 | සමාජසත්කාර පිංකම්
මීට මාස 2 1/2 ට පමණ පෙර අපි නොච්චියාගම, කොකුන්නෑව පන්සලේ වැඩ වසන රෝගාතුර වූ ස්වාමින්වහන්සේ නමක් වෙනුවෙන් නාන කාමරයක් ගොඩනැගීම ආරම්භ කලා. සති 3ක වගේ කාලයකින් අපිට එහි වැඩ නිම කරන්න පුලුවන් වුනා. දැන් ස්වාමින්වහන්සේව ස්නානය කරවන්න පහසුයි. උණු වතුරත් තියෙනවා. රෝද පුටුව ගන්න පහසුවෙන්න (Disabled Friendly) තමා අපි නාන කාමරය සැලසුම් කලේ…
මීට සති 3ට කලින් මේ නාන කාමරය සඳහා විශේෂ දායකත්වය දැක්වූ මිහිරි අක්කා සහ මහින්ද අයියා ඒ පන්සලට ගිය අවස්ථාවේ තමයි මේ ඡායාරූප ගත්තේ…
ඒ නාන කාමරය ගොඩනගන්න අපි සමාජසත්කාර “ධම්ම පූජා ප්‍රසාදිනී” වැඩසටහනට දායක වුණ හැමෝමවත් සම්බන්ද කරගත්තා…
හැමෝටම පිං.
Filed Visit : Mihiri Samarawardana & Mahinda Pradeep
Project Coordinator : Wimal Mahindarathna
Status : Completed
Location : Kokunnewa, Nochchiyagama
සමාජසත්කාර අටමහා කුසල්
An idea by Danesh Maduranga Edirisooriya
Project of Samajasathkara.lk
by Danesh Edirisooriya | Nov 16, 2015 | සමාජසත්කාර පිංකම්
බෝ මළුවේ මල් සුවඳක පැටලී
අම්මා පෙව් කිරි සුවඳ ගලා එන්නේ
සුපුරුදු උණුහුමකට සිත ඈදී
ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ
දං බෝවිටියා කැලේ මැදින්
එන්න හිතයි නුඹ ලඟට සැනින්…
එතෙර කරන්නම් සතර වරිගයම
සංසාරේ යන මේ ගමනේ..
චුට්ටක් සෙල්ලම් කරලා එන්නද
පුරුදු යහළුවන් හා සැනිනේ…
එහෙම ගියත් ඒ අය පොඩි සාධු
කියා කියන විට වැද වැටිලා..
කොහොම අම්මේ ඔට්ටු දුවන්නේ
වෙල් ඉපනැල්ලේ පැන නටලා…
අද දිනයේ පැවිදි දිවියට ඇතුලත් වුණු පොඩි හාමුදුරුවෝ | ඔළුකරඳ ගුණරතන පොඩි හාමුදුරුවෝ…
සමාජ සත්කාර කණ්ඩායම මගින් මේ දිනවල අට මහා කුසල් සහ ඒ හා සමගාමිව සිදු කරන විවිධ ආගමික වැඩසටහන් පිංකම් රාශියක දායකත්වය ගෙන ක්‍රියාවට නංවනවා. ඒ අතිරින් අද දිනයේද මහත් උතුම් වූ පිංකමකට දායක වන්නට අපට හැකියාව ලැබුනා. ඒ කැකිරාව මරදන්කඩවල පාරේ කරඹවත්ත ප්‍රදේශයේ පිහිටි ශ්‍රී අග්‍රබෝධි විහාරයේ කඨින පිංකම හා සමගාමිව සිදු කරනු ලැබූ පුංචි පුතෙක් සම්බුද්ධ ශාසනය වෙත ඇතුල් කිරීමේ උදාර පින්කමයි.
වර්ෂ 2015 නොවැම්බර් මස 15 වන දින එනම් අද දිනයේදී ගිහි ජීවිතයේදී අසේල දිල්ශාන් නැමති පුංචි පුතා එම විහාරස්ථානයේදී ඕලම්බාවේ රත්නපාල නායක හාමුදුරුවෝ ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහණ කිරීමේ පිංකමක් මගින් ඔළුකරඳ ගුණරතන පොඩි හාමුදුරුවෝ නමින් බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක් ලෙස සම්බුද්ධ ශාසනය වෙත ඇතුලත් වුවා.
ඉතින් මේ පිංකමට සහභාගී වීම සඳහා මමත් අපේ කණ්ඩායමේ දර්ශනත්, ගිහානුත් විහාරස්ථානය වෙත පැමිණුනේ පාන්දර 5.00ට පමණ. අප පැමිණ ටික වෙලාවකට පසු ගම්වැසියන් විසින් විහාරස්ථානය වෙත කඨින චිවරය වැඩම කරවීම සිදු කළා. එහිදී එම කඨින චිවරය මහා සංඝයා වෙත පුජා කිරීමේ කටයුතු වලටද දායක වූ අප අනතුරුව යෙදුනු සුබ මොහොතට අනුව පුංචි පුතා සසුන් ගත කිරීමේ පින්කමේ වැඩකටයුතු වලට සහභාගී වුවා.
මෙහිදී ප්‍රථමව පුංචි පුතාගේ කොණ්ඩය කපා හිස මුදු කිරීම සිදු කෙරුනේ ස්වාමින් වහන්සේලාගේ සුරතින්. පළමු කෙස් රෝද කපා පුංචි පුතා අතට දෙනු දුටු අප නෙතගට කඳුලක් ඉනුවේ අපටද නොදැනීමයි. පසුව හිස මුදු කර අවසන් වූ පසු පුංචි පුතාව නහවා පිරිසිදු කරන ලදී. මේ කර්තව්‍යට අපද දාටත්වය දැක්වුයේ කලාතුරකින් සහභාගී වීමට ලැබෙන උතුම් පින්කමක් වෙත සහභාගී වීමේ භාග්‍ය අපට ලැබුණු නිසාවෙනි. නහවා අවසන් වූ පසු පුංචි පුතාව දායක මහතකු විසින් වඩාගෙන එන දුටු මාගේ හිතට දැනුණු දුක කියා ගත නොහැකි තරම් වේ. අනතුරුව පුංචි පුතා වෙනුවෙන්ම සකසන ලද අලුත් සුදු ඇඳුම් කට්ටලයක් අන්දවා හිසටද සුදු රෙදි කඩක් ගෙන ඉන් ඔටුන්නක් සේ සාදවා පැළඳ විමේන පසු අසේල පුතා කුමාරයෙක් සේ මට දිස් විය. ඔහුගේ තිබු පින් පාට නිසා මහත් වූ ශාන්ත පෙනුමක් පුංචි පුතා කෙරෙන් දිස් විය. සුදු ඇඳුමින් කුමාරයෙක් සේ අන්දවන ලද පුංචි පුතා පසුව මුතුකුඩ යටින් හේවිසි නද මද විහාරස්ථානය කරා කැඳවාගෙන යාම සිදු කෙරුනේ මහා සංඝ රත්නර විසිනි.
විහාර මන්දිරය කරා කැඳවාගෙන එනු ලැබූ පුංචි පුතා මහා සංඝ රත්නය වැඩ විසු ස්ථානයට ඉදිරිපසින් වාඩි කරවා ඔහුව මහන කිරීමට අවශ්‍ය චාරිත්‍ර සිදු කිරීම නායක ස්වාමින් වහන්සේලා විසින් සිදු කරන ලදී. මෙහිදී කිව යුතු ගාථා ඛණ්ඩ නායක ස්වාමින් වහන්සේ කිවූ පසු පුංචි පුතා කිවේ පුදුම අලංකාර හඬකිනි. මෙහිදී සියලුම පැමිණ සිටි සැදැහැවතුන්ගේ නෙත් අග කදුළු පිරෙනු මට දක්නට ලැබුනේ මාගේද කඳුළු පිරි දෙනෙත් තුලිනි. අනතුරුව පුංචි පුතාට මහණ ජිවිතයේ ඇඳීමට අවශ්‍ය වන කුඩා සිවුරක් අඳනයක් ආදිය පුජා කිරීමෙන් පසු ගරුතර මහා සංඝ රත්නය විසින් නැවට අසේල පුංචි පුතාව විහාර මන්දිරයේ සිට විහාරස්ථානය වෙත කැඳවා යන ලදී.
විහාරස්ථානයේ කාමරයකදී ස්වාමින් වහන්සේලා විසින් පුංචි පුතාට සිවුරු පොරවා අවසන් වූ පසු අපේ කුඩා සාමණේර වහන්සේ ප්‍රථම වරට දුටු මාගේ නෙත් මටම අදහා ගත නොහැකි විය. ඒ තරම්ම අපේ අලුත් පොඩි හාමුදුරුවෝ ශාන්ත ලෙස පෙනුන නිසාවෙනි. එම කර්තව්‍ය අවසන් වූ පසු නැවත මුතු කුඩා ඉහලා හේවිසි නද මැද පොඩි හාමුදුරුවන් විහාර මන්දිරය වෙත වැඩම කරවා ගෙන එන ලදී. එලෙස වැඩම කල පොඩි හාමුදුරුවන් තමන් වහන්සේගේ ගුරු හාමුදුරුවන් ඇතුළු නායක ස්වාමින් වහන්සේලා පා නැමද ආශිර්වාද ගත් මොහොතේදිනම් රැස්ව සිටි උපාසිකාවන්ගේ දෙනෙතින් කඳුළු ගලනු දිස් විය. එතැන උන් හැම අම්මා කෙනෙක්ම පුංචි පුතා වෙනුවෙන් කඳුලක් නොවැගුරුවානම් එය විය නොහැකි දෙයකි. මාද බොහොම ආයාසයෙන් සිරක සිටි කඳුළු බින්දු එලියට ගලා ආවේ මාද නොදැනීමය. දර්ශනත් තම දෙඅතින් දෙනෙත් පිස දමනු මට දිස් විය. ඒ කඳුළු ආවේ දුකටද සතුටටද කියා සෙවීමට මා කාලය වය නොකරන ලදී.
පසුව අලුත් පොඩි හාමුදුරුවන් උදෙසා අටපිරිකර හා සෙසු පිරිකර පුජා කිරීමක්ද වැඩම කර සිටි මහා සංඝ රත්නය උදෙසා අටපිරිකර පුජා කිරීමක්ද සිදු කර පින්කමේ වැඩ කටයුතු අවසන් කරන ලදී. මේ අවස්ථාවට මහා සංඝ රත්නයට අමතරව අසේල පුංචි පුතාගේ මිත්තනිය හා අක්කලා තිදෙනාද ගමේ දායක දායිකාවන් රැසක්ද සහභාගී වන ලදී.
අසේල පුංචි පුතේ නුඹ ඉතාම වාසනාවන්තයි. අප කෙරෙන් ඈත් වී ඇති මාර්ගයකට පහසුවෙන් ඔබ ගමන් කර සතර වරිගයම නිවන් දකින්නට පාර පෙන්වමින් නුඹ ජිවිතයද නිවන කරා ලං කර ගැනීමේ මාර්ගයට කුඩා කාලයේදීම යොමු වීමට සිතීමද නුඹගේ ඇති කුසල් ශක්තිය මනාව විදහා දැක්වේ. අදින් ඇරඹුන ඔබේ සාමණේර ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වී රටට වැඩදායි උතුම් හිමි නමක් වීමට අවශ්‍ය මඟ පෑදේවායි එක සිතින් ප්‍රාර්ථනා කරනවා.මේ උතුම් කාර්යය සාර්ථක කර ගන්නට මුලිකත්වය ගත් ස්වාමින් වහන්සේලාටත් දායකත්වය දැක්වූ සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වී උතුම් වූ නිවන කරා ළඟා වීමට ඒ පින් හේතු වාසනා වේවායි ප්‍රර්ථනා කරමි. තෙරුවන් සරණයි.
සටහන – මනෝජ් ප‍්‍රසන්න – අධ්‍යක්‍ෂ (සමාජසත්කාර.lk)
මහණ පිංකමේ ඡායාරූප : https://www.facebook.com/media/set/?set=a.911989708838373.1073742491.100000820578834&type=3
මහණ කිරීමට දිනකට පෙර : https://www.facebook.com/Daneshmaduranga/posts/911696622201015
වැඩිදුරටත් : https://www.facebook.com/Daneshmaduranga/posts/909075362463141
ඡායාරූප සහ වැඩි විස්තර බලාපොරොත්තු වන්න…
Project සසුනට එළියක් | කුල දරුවන් පැවිදි කිරීමේ පිංකම (අදියර 01 – කැකිරාව)
Project “සසුනට එළියක්” – ව්‍යාපෘතිය පිළිබද වැඩිදුරටත්…
අප තිලෝගුරු අමා මෑණි බුදු රජාණන් වහන්සේගේ ගිහි කාලයේදී සතරපෙර නිමිති දැක ගිහි ගෙය හැර යාමට තීරණය කරන ලද සේක. උන් වහන්සේ මහල්ලෙක්, ලෙඩෙක් මළමිනියක් දැක කම්පා වූ අතර පැවිදි රුවක් දැකීමෙන් සතුටට පත් වූ සේක. ඉතින් මගේ මිතුරුනි ගිහිගෙය හැර ගොස් පැවිදි වී විමුක්ති මාර්ගය සොයා යන්නට බෝසතාණන් වහන්සේ තීරණය කල සේක. ඇසල පුන් පොහෝ දිනක ගිහි සැප හැර දමා විමුක්ති මාර්ගය සොයන්නට වූ උන් වහන්සේ වෙසක් පුන් පොහෝ දිනකදී උතුම් වූ බුද්ධත්වයට පත් වූ සේක. උන් වහන්සේගේ ශාසනයේ ප්‍රථම භික්ෂුන් වහන්සේලා බවට පත් වුයේ පස්වග මහනුන්ය.
මා ඔබට ධර්මය කියා දෙන්නට හැදුවා නොව මා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන පින්කමක් ගැන ඔබව දැනුවත් කිරීම සදහා මුලාරම්භයක් ගත්තා පමණි. නැතිනම් හොදින් ඔබට ධර්ම කරුණු පිළිබද වැටහිමක් ඇති බවද දනිමි. හරි දැන් කියන්නම්කො සරලව වුවත් මම ධර්ම කරුණකින් ම කිරීමට බලාපොරොත්තු වන පින්කමක් ගැන ඔබව දැනුවත් කිරීමට හේතුව.
ගෞතම බුද්ධ ශාසනයේ සැරියුත් මුගලන් පරම්පරාවෙන් පැවත එන භික්ෂු පරපුර අද දක්වාම සුරැකි පවතී.එය අප ලද භාග්‍යකි. මන්ද යත් අපගේ බුද්ධ ශාසනය රැකගෙන මෙතෙක් කාලයක් අපටද ධර්මය කියා දෙමින් අප යහමගට ගන්නා ආර්ය මහා සංඝ රත්නය කෙරෙහි අපගේ ඇත්තේ මහත් ගෞරවදරයකි.අතීතයේදී රට බේරා ගැනීමට යුධ පෙරමුණට උන් වහන්සේලා වැඩම කලේ රටේ රජුන්ට ආශීර්වාදය පතා පිරිත් දේශනා කිරීමටයි. දුටුගැමුණු රජුන් සටනට පිවිසීමේදී එලෙස උන් වහසේලා ආශීර්වාද කිරීම නිදසුනක් ලෙස පෙන්වා දිය හැකිය.එවන් වූ මහා සංඝ රත්නය ගමක ගුරුවරයා ,වෙදදුරා , නැකත්කරුවා, මෙන්ම දුකේදී සැපේදී එක ලෙසම මිනිසුන්ට පිහිට වූ එකම ශක්තිය බවට පත් විය.
නමුත් අද ශෝචනීය කරුණකට අපට මුහුණ පෑමට සිදුව ඇත, එනම් ඉදිරි අනාගතය සදහා ප්‍රමාණවත් සඝ පරපුරක් නොමැති වීම හා කුල දරුවන් පැවිදි වීමේ ප්‍රවනතාවය අඩු වී යාමයි. තවද උපවැදී වන තරුණ භික්ෂුන් වහන්සේලා නිසාද අප සංඝ පරම්පරාව අඩු අගයකට පත් වී ඇත. බෞද්ධයන් ලෙස අපගේ පරම වගකීම හා යුතුකම වන්නේ දිවිහිමියෙන් අපගේ සඝ පරපුර රැක ගැනීමයි. ඒ සදහා හැකි අයුරින් අපට දිය හැකි දායකත්වය ලබා දීමට සමාජ සත්කාර කණ්ඩායම අවධානය යොමු කර ඇත.
වර්තමානයේ දෙමාපියන් බලන්නේ තමගේ දරුවා වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවරයෙක්, ගණකාධිකාරීවරයෙක් වැනි රැකියාවකට යොමු කිරීමටයි. ඉතාම අතලොස්සක පිරිසක් තම දරුවෙක් ශාසනය වෙත පූජා කරයි. නැතිනම් හතර කේන්දරේ පාලු වූ දරුවෙක් පැවිදි කරයි. කෙසේ හෝ ශාසනය වෙත දරුවෙක් පූජා කිරීමට ඇති යොමු වීම ඉතාම අල්ප වේ. තම දරුවට ඇති ආදරය මෙහිදී විශේෂයෙන් බලපායි.ඕනෙම දෙමපියෙක්ට තම දරුවා මැණිකක් වගේ. කොපමණ අග හිග කම් තිබ්බත් පවුලට දරුවෙක් බරක් කියල හිතන්නේ නැ. අර කතාවටත් කියනවනේ උණහපුලු අම්මට උගේ පැටියා මැණිකක් කියලා.
ඉතින් මම මෙහෙම දෙයක් කල්පනා කලා. අපි සෙනෙහසේ චාරිකා යන ගම් වලදී මෙලෙස අපේ රටේ ඇති වී ඇති තත්වය පිලිබදව ජනතාව දැනුවත් කරන්න. මේ සදහා ගමේ පන්සලේ නායක හාමුදුරුවන් අනිවාර්යෙන් සහභාගී කරව ගන්නවා. එහිදී අපි ඔවුන්ව දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා සසුනට දරුවෙක් පූජා කිරීමේ ඇති වැදගත්කම හා එහි ඇති ආනිසංස පිලිබදව. සතර වරිගයේම නෑදෑයන් නිවන් දැකීමට හේතු වන මෙම පින්කමේ වටිනාකම පහදලා දෙන්න. එතකොට හැම පව්ලකින්ම නැතත් දරුවන් දෙතුන් දෙනෙක් ඉන්න පවුලකින් හරි එක දරුවෙක් සසුන වෙත පූජා කරන්න ඔවුන්ගේ හිත් යොමු කරයිනේ. සසුන වෙත දරුවෙක් දුන්න කියන්නේ දුක් වෙන්න දෙයක් නෙවෙයි රජකම හා සමාන තත්වයකට තම දරුවා පත් කර එයින් තමන් මෙන්ම එම දරුවාද සසර කෙටි කර ගැනීමට මාර්ගය සොයා ගන්න බව පැහැදිලි කර දිය හැකිය.තවද භික්ෂුන් වහන්සේලා නොමෙති කම නිසා පන්සල් වැසි යාම, එනිසා සමාජයට සිදු කිරීමට හැකි යහපත් සේවාවන් නොමැති වීම , අන්‍යාගමික සිද්ධස්ථාන වැඩි වීමෙන් බෞද්ධාගමට එල්ල වී ඇති බලපෑම, අනාගත පරපුරේ දරුවන්ට බුද්ධ ශාශනයක් පවත්වා ගැනීමට නම් අප විසින් මේ කාලයේදී සුළු හෝ කැප කිරීමක් සිදු කිරීමට අවශ්‍ය අප පේනවා දීම ආදිය පිලිබදව දැනුවත් කල හැකිය. මට සිතෙන ආකාරයට මෙහි ඇති වැදගත්කම හා අවශ්‍යතාවය ඔවුන්ට පැහැදිලි කිරීමෙන් සුළු පිරිසක් හෝ අවධානය යොමු කරයි කියල හිතනවා.
මෙලෙස තම දරුවන් ශාසනය වෙත පූජා කිරීමට ඉදිරිපත්වුවහොත් එම දරුවන්ගේ පැවිදි පිංකම , සාමනේර වහන්සේලාගේ අධ්‍යාපනය හා සම්බන්ධ වියදම් කොටසක් හෝ දැරීම, එම දරුවන් අයත් පවුල් දුප්පත් අසරණ පවුල් නම් ඔවුන්ට උදව් කිරීම ආදිය සමාජ සත්කාර කණ්ඩායමේ අප හට සිදු කරන්න පුළුවන්.මෙලෙස සඝ පරපුරට සාමනේර භික්ෂුන් වහන්සේලා කිහිප නමක් හෝ එක් කිරීමට හැකි වුවහොත් ඔබත් මමත් මෙතෙක් කර ගත්ත වූ ලොකුම කුසල කර්මයක් වෙනවා. හතර වරිගයම නිවන් දකින්න හේතු වන මේ පැවිදි කිරීමේ පින්කම් හා සම්බන්ද වීමට පින් කෙමති ඔබට බැතිබර සිතින් ආරාධනා කරනවා
තෙරුවන් සරණයි! ගෞතම බුද්ධ ශාසනය චිරාත් කාලයක් වැජබේවා !!!
Special Thank to Darshana Isuranga Dasanayake
Viraj Cinematography -0776141758 (Gihan Viraj)
An Idea by Danesh Maduranga Edirisooriya
Project of SamajaSathkara.lk
by Danesh Edirisooriya | May 1, 2015 | සමාජසත්කාර පිංකම්
සම්බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිදුවූ මේ අසිරිමත් මාසයේ එය සමරනු වස් අපගේ සමාජසත්කාර කණ්ඩායමේ පළමුවන සමාජසත්කාරය වනුයේද සාමනේර භික්ෂූන් වහන්සේලාගේ පරිභෝජනය වෙනුවෙන් ඇඳන් සහ අනෙකුත් උපකරණ පරිත්‍යාග කීරීමයි.
මෙම මාසය පුරාම මාගේ බලාපොරොත්තුව වනුයේ බුද්ධ ශාසනය හා සම්බන්ධවූ සමාජසත්කාර මෙහෙවරක් ඉටු කිරීමයි. එහිදී මේ මාසය පුරාවටම මා ශ‍්‍රී ලංකාවේ දුෂ්කර ප‍්‍රදේශයන් වල සංචාරය කරමින් වැඩසටහන් කිරීමට බලාපොරොත්තුවේ.
පහත සඳහන් වැඩසටහන් උදාහරණ ලෙස හැඳින්විය හැක. ඔබට එම වැඩසටහන් වලටද සම්බන්ධ විය හැකි අතර තව ඔබගේ අදහස්ද ප‍්‍රකාශ කල හැක.
1. ශ්වේත වස්ත‍්‍ර පූජා – සිල් සමාදන් වන මව්වරුන්, පියවරුන් 25 දෙනෙක් සඳහා සිල්රෙදි පූජා කිරීම
2. බෞද්ධ අත්පොත් බෙදාදීම – අඩුආදායම් අසරණ ලාභී පවුල් 25 සඳහා සරල බසින් ලියැවුන බෞද්ධ පොත්පත් බෙදා දීම
3. Digital දන්සල – පිරිත් සහිත සීඩී 50-100ත් අතර ප‍්‍රමාණයක් බෙදාදීම.
4. බුද්ධ ප‍්‍රතිමා බෙදාදීම – ආගමික වතාවත්වලට හුරු කිරීම සඳහා අඩු ආදාම්ලාභී නිවාස 25ට කුඩා බුද්ධ ප‍්‍රතිමා ලබාදීම
5. විශාල බුද්ධ ප‍්‍රතිමාවක් පරිත්‍යාගය – ශ‍්‍රී ලංකාවේ දුෂ්කර ප‍්‍රදේශයක පන්සලකට අඩි 5ක් උසැති බුද්ධ ප‍්‍රතිමාවක් පරිත්‍යාගය
6. ආලෝක පූජා – පහන් දහසකින් පන්සලක් ආලෝකමත් කිරීම
7. Project Water – අපිරිසිදු ජලය පරිභෝජනය කරන පන්සලකට වතුර ෆිල්ටරයක් ලබාදීම
8. පන්සල් 25ක් සඳහා පිරිසිදු කිරීමේ උපකරණ කට්ටල් ලබාදීම
9. භික්‍ෂූන් වහන්සේලා 25 දෙනෙක් උදෙසා සිවුරු සහ අඳන පුජා කිරීම
10. රේරුකානේ චන්දවිමල ස්වාමීන්වහන්සේගේ පොත් කට්ටල 3ක් අඩුපහසුකම් සහිත පන්සල් 3ට පරිත්‍යාග කිරීම
11. ති‍්‍රිපිටක පොත් කට්ටලයක් අඩුපහසුකම් සහිත පන්සලකට පූජාකිරීම
12. අඩු ආදායම්ළාභී දහම්පාසල් දරුවන් 25 දෙනෙක් සඳහා දහම්පාසල් ඇඳුම් ලබාදීම
13. එක් පන්සලකට දානය පිළිගැන්වීමේ භාජන කට්ටලයක් පූජා කිරීම
අපි ඔබගේ අදහස් වලටද ඉඩක් ලබාදෙන අතර ඔබ විසින් යෝජනා කරන ව්‍යාපෘතිද හැකි අයුරින් දියත් කිරීමට බලාපොරොත්තු වේ. ඔබගේ අදහස කමෙන්ට් කරන්න.
An Idea by Danesh Maduranga Edirisooriya & Rajith Tennekone
Project of SamajaSathkara.lk
by Danesh Edirisooriya | May 11, 2017 | සමාජසත්කාර පිංකම්
බොහෝ කලක පටන් සමාජසත්කාර හා එක්ව කටයුතු කරන මාගේම සොයුරියක් වැනි වූ ඉතා සමීප මෙන්ම සමාජසත්කාර ව්‍යාපෘති රැසකට සම්බන්ධ වූ මිතුරියකගේ ස්වාමිපුරුෂයාහට නිරෝගී සුවය පතා මා විසින් ඇගේ ඉල්ලිමකින් තොරවම හදෙහි බැඳි මිත්‍රත්වය වෙනුවෙන් දින හතක් පුරාවට සිදු කරන්නට අදිටන් කරගත්තාවූ පින්කම් පෙළෙහි සයවැන්න මෙයයි.
සයවන පිංකම ලෙස අපි ස්වාමින් වහන්සේ නමක් උදෙස වස්ත්‍ර පූජාවක් සිදු කලා. ඒ හපුතලේගම ශ්‍රී බිම්බාරාම විහාරාධිපති ගරු හපුතලේගම බුද්ධානන්ද ස්වාමින් වහන්සේ උදෙසායි. උන්වහන්සේට සිවුරක්, අඳනයක් හා බද පටියක් පූජා කිරීම සිදු කෙරුනා.
වස්ත්‍ර පූජාව මහත් ඵල මහානිසංස පූජාවක් බව උන් වහන්සේ දේශනා කර සිටියා. අප විසින් මේ වස්ත්‍ර පූජා කිරීමට හේතුව පැවසු පසු උන් වහන්සේ මාගේ මිතුරියගේ ආදරණීය ස්වාමි පුරුෂයාට එම පින් අනුමෝදන් වී ඉක්මන් සුවය ප්‍රාර්තනා කර සිටියා.
ඇගේ ස්වාමිපුරුෂයා දැනට 90%ක් පමණ සුව වී ඇති බව අද උදෑසන ඇය පැවසුවා. පෙර සිදු කළාවූ සියළුම පින්කම්හි ආශිර්වාදයෙන් තරමක් සුවය ලබා සිටින ඔබේ ස්වාමිපුරුෂයාගේ සෞඛ්‍යය තත්වය ඉතා ඉක්මනින් යහපත් අතට හැරී නිරෝගී සුවය ලැබේවා…. සියලු කාය චිත්ත පීඩාවන් දුරු වේවා…. සිදු කරන්නට යෙදුනාවූ සියලූම පින්කම්හි බලයෙන් සියලු කරදර දුක් පීඩා දුරු වී නැවතත් සතුට සැනසුම උදා වේවා….
සමාජසත්කාර හා එක්ව මේතාක් ඔබ විසින් සිදු කළා වූ සියලුම පින්කම්හි ආශිර්වාදයද අප විසින් සිදු කරන්නාවූ පින්කම්හි ආශිර්වාදයද නොඅඩුවම ඔබටත් ඔබේ ස්වාමිපුරුෂයාටත් ලැබේවා… නොබෝ දිනකින්ම ඔබේ ස්වාමිපුරුෂයාගේ සෞඛ්‍යය තත්වය යහපත් වී ඔබේ කැදැල්ලේ නැවතත් සතුට සැනසුම පිරී ඉතිරේවා… දෙදෙනාටම එක්ව තව තවත් පින්දහම් සිදු කරගැනීමට වාසනාව උදාවේවා….
මේ ඔබ සියලුම දෙනාගේ ආශිර්වාදය ඇයට මෙන්ම ඇයගේ ස්වාමිපුරුෂයාට අවශ්‍ය මොහොතයි…
සෙනෙහබර වදන් පෙළගැස්ම :
Nimasha Sewwandi (Public Relations Officer / Front End Developer, Technical Assistant – Samajasathkara.lk Social Innovations Lab)
Manoj Prasanna (Vice President, Director – Samajasathkara.lk)
An idea by Danesh Maduranga Edirisooriya
Project of SamajaSathkara.lk
by Danesh Edirisooriya | Apr 26, 2017 | සමාජසත්කාර පිංකම්
හෘද රෝගයක් හේතුවෙන් දැඩිලෙස ගිලන්ව සිටින පිංවත් ආරණ්‍යවාසී ඉද්දගොඩ පියරතන ස්වාමීන්වහන්සේ ඊයේ සවස ආසිරි ශල්‍ය රෝහලට බයිපාස් සැත්කමක් සිදුකිරීම සඳහා ඇතුලත් කිරීම සිදුකලා. ඊයේ දිනයේ සහ අද සියලුම පූර්ව පරීක්ෂණ සියල්ල සිදුකලා.
සැත්කම සිදු කිරීම ආරම්භ කරන්නේ හෙට (අප්‍රේල් 27) උදෑසන 7.30ට. උන්වහන්සේට සැත්කමෙන් පසු අවශ්‍යවන සිවුරු පිරිකර ආදිය මිළදී ගැනීම අද දහවල් කාලයේ අපි සිදුකලා.
උදෑසන සිට දහවල් 1 පමණ වෙන තෙක් මමත් Gangani Wanigasekara නංගීත්, Gayan Shameera Gunasekara අයියාත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු උන්වහන්සේ ලඟ රැදී සිටියා. ඉන්පසු රෝහලෙන් හෙට දිනයේ ශල්‍යකර්මයෙන් පසු අවශ්‍ය වේයැයි සඳහන් කල කළමණා රැගෙන එන්න අපි තිදෙනා ශ්‍රී සම්බුද්ධ ජයන්ති මන්දිරයට ගියා. උන්වහන්සේ වෙනුවෙන් සිවුරු 3ක්, අඳන 2ක්, තුවායක්, කුඩා බෑගයක් සහ බඳ පටියක් අපි මිළඳී ගත්තා. රෝහලෙන් පැවසුවේ ඒ සියල්ලක්ම ඩෙටොල් මිශ්‍ර ජලයෙන් සෝදා වේලා භාවිතා කල යුතු බවයි. ඉන්පසු ඒ සඳහා සහය ලබාගැනීමට ෆේස්බුක් පෝස්ට් එකක් මම දැම්මා. මගේ ෆේස්බුක් එකේ මිතුරු මිතුරියෝ ගොඩක් ඉදිරිපත් වුණා. ඒ හැමෝටම බොහොමත්ම පිං. ඉන් මා සිටිනා තැනට ආසන්නයේම සිටි Poorni Weerasinghe අක්කගේ සහය ලබාගැනීමට මං ඇයට කතා කලා. ඇය ඒ කාර්යය ශ්‍රද්ධාවෙන් භාරගත්තා. ඒ එක්කම තවත් අවශ්‍ය කළමණා (සෙරෙප්පු, දත්බෙහෙත් ආදිය) කිහිපයක්ද ඇයට පිංකමට සම්බන්ධ වෙන්න නොහැකි වුණ නිසා පූජා කරන්න පොරොන්දු වුණා.
ඉන්පසු මා සවස නැවතත් කාර්යාලයට ගියේ මේ සතියේ මා කාර්යාල කටයුතු සිදුකලේ එක් වරුවක් පමණක් වන බැවිනි.
ඔබ වහන්සේගේ සියලු රෝගයන් ද සියලු ශෝකයන් ද සියලු උවදුරු ද, සියලු දුක් දොම්නස් ද දුරුවේවා.
හදවත් සැත්මක සාර්ථක වේවා…
ඔබ වහන්සේගේ සියලු පැතුම් ඉටුවේවා.
දීර්ඝායුෂ ලබා සියවසක් ජීවත්වීමේ වාසනාව
උදාවේවා. තෙරුවණ් සරණයි…
An idea by Danesh Maduranga Edirisooriya
Project of SamajaSathkara.lk